CBL සමා­ගම සම්මාන දිනයි | සිළුමිණ

CBL සමා­ගම සම්මාන දිනයි

මෙරට බිස්කට් වෙළ­ඳ­පොළේ ප්‍රමු­ඛයා වන මන්චි බිස්කට් නිෂ්පා­ද­නය කරන සිලෝන් බිස්කට්ස් (CBL) සමා­ගම නොක­ඩවා දෙවන වර­ටත් තායි­වා­නයේ තායි­පේහි පසු­ගි­යදා පැවති ආසි­යානු අලෙ­වි­ක­රණ විශි­ෂ්ටතා සම්මාන ප්‍රදා­නෝ­ත්ස­ව­යේදී ’2019 වසරේ ආසි­යානු අලෙ­වි­ක­රණ සමා­ගම’ යන සම්මා­නය දිනා ගැනී­මට සම­ත්විය.

ආසි­යානු කළා­පයේ අලෙ­වි­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් ප්‍රමු­ඛ­තම පරි­පා­ලන මණ්ඩ­ල­යක් වන Asia Marketing Federation (AMF) විසින් මෙම සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය සංවි­ධා­නය කර තිබුණි.

මෙම ජය­ග්‍ර­හ­ණය තුළින් ආය­ත­න­යක් ලෙස සිලෝන් බිස්කට්ස් සමා­ග­මට ඉතා­මත් ඉහළ පිළි­ගැ­නී­මක් හිමිවී තිබෙන අතර එය ආය­ත­න­යක් ලෙස මෙන්ම රටක් ලෙස ඉතා­මත් වැද­ගත් වේ. පව­තින අලෙ­වි­ක­රණ ප්‍රව­ණ­තා­ව­යන් සහ සීමා­වන් අභි­බ­ව­මින් නව්‍ය වූ අලෙ­වි­ක­රණ ප්‍රව­ණ­තා­ව­යන් සංව­ර්ධ­නය කිරී­මට දායක වූ සමා­ගම් ඇග­යී­මට ලක්ක­ර­මින් එම සමා­ගම් ගෞර­වා­ද­ර­යට ලක් කිරීම වෙනු­වෙන් මෙම සම්මාන ප්‍රදා­නය කරනු ලබයි.

Comments