99X Technology සමා­ග­මට NCE අප­න­යන සම්මාන 2ක් | සිළුමිණ

99X Technology සමා­ග­මට NCE අප­න­යන සම්මාන 2ක්

මෘදු­කාංග නිෂ්පා­දන විශේ­ෂඥ සමා­ග­මක් වන 99X Technologyසමා­ගම, 2019 ජාතික අප­න­ය­න­ක­රු­වන්ගේ මණ්ඩ­ලයේ (National Chamber of Exporters’ - NCE සම්මාන උළෙ­ලේදී සම්මාන 2 කින් පිදුම් ලැබී­මට සමත් විය. එහිදී තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියා­වලි බැහැ­ර­දීම් (ICT/BPO) කාණ්ඩයේ රන් සම්මා­න­යක් දිනා­ගැ­නී­මට සමා­ගම සමත් වූ අතර සේවා කාණ්ඩයේ අගය එකතු කළ අප­න­ය­න­කරු ලෙස විශේෂ සම්මා­න­යක්ද පිරි­න­මන ලදි. මේ පිළි­බ­ඳව අද­හස් දක්ව­මින් 99X 99X Technology සමා­ගමේ ප්‍රධාන විධා­යක නිල­ධාරී මනෝ සේක­රම් මහතා මෙසේ පැවසී ය. “රටක් ලෙස අප නිර්මා­ණ­ශීලී, අගය එකතු කළ අප­න­යන ආර්ථි­ක­යක් වෙත යොමු­වීම ඉතා­මත් වැද­ගත්. ඒ ඔස්සේ නව දැක්මක් සමග ලෝකය එකම වෙළ­ඳ­පො­ළක් ලෙස වට­හා­ග­නි­මින්, අපගේ සේවා­වන්ට නිසි වටි­නා­කම් හිමි­ක­ර­ගැ­නී­මට කට­යුතු කිරීම අව­ශ්‍යයි. මෙම සම්මාන මගින් ශ්‍රී ලංකාවේ අප­න­යන ක්ෂේත්‍රයේ සුවි­ශේෂී ප්‍රග­ති­යක් වාර්තා කළ අප­න­ය­න­ක­රු­වන් තව­දු­ර­ටත් දිරි­ගැ­න්වීම සිදු­ව­නවා.

Comments