2020 අභි­යෝ­ග­යට මුහුණ දීමට මහ බැංකුව සූදා­නම් | සිළුමිණ

2020 අභි­යෝ­ග­යට මුහුණ දීමට මහ බැංකුව සූදා­නම්

 

ප රට වර්ත­මා­නයේ මුහුණ දී ඇති ආර්ථික අභි­යෝග හමුවේ විශාල කාර්ය­භා­ර­යක් පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකු­ව­ටය. විශේ­ෂ­යෙන්ම අඩු ආර්ථික වර්ධ­නය, ඇතැම් ප්‍රදේ­ශ­වල ජන­යාට සීමා වූ ඉහළ දරි­ද්‍ර­තාව දිගින් දිගම පැව­තීම, ඵල­දායී සම්ප­ත්වල ඌන උප­යෝ­ජ­නය, අප­න­යන වර්ධ­නය සහ විවි­ධාං­ගී­ක­ර­ණය ප්‍රමා­ණ­වත් නොවීම, ණය නොවන ප්‍රාග්ධන ලැබී­ම්වල හිඟ­තාව, විශාල පොලී අනු­පා­තික කාල­ප­රි­ච්ඡේද සම්බන්ධ ගැටලු සහ ඉහළ රාජ්‍ය මූල්‍ය හිඟ­යන් හා රාජ්‍ය ණය මට්ටම් ආර්ථි­කය හමු වේ පෙරට ආ දැඩි අභි­යෝ­ග­යන්ය. මේ අභි­යෝ­ග­ව­ලට මුහුණ දීමට ශ්‍රී ලංකා මහ බැංකුව ‘2020 පෙර දැක්ම’ යටතේ සූදා­නම්ව සිටී. ඒ යටතේ 2020 සහ ඉදි­රිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රති­පත්ති සකස් කර ඇත.

ඒ අනුව ඉහළ ආර්ථික වර්ධ­න­යක ප්‍රති­ලාභ සමා­ජය පුරා සාධා­ර­ණව බෙදා­හැ­රීම සහ අව­ස්ථාව උදා කිරීම කළ යුතු වේ. එවැනි ප්‍රති­ඵ­ල­යක් සඳහා නවමු අද­හස් ඇසු­රෙන් සැකසූ ප්‍රති­පත්ති අවශ්‍ය වන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව සූදා­න­මින් සිටින්නේ එම කාර්ය­යන් සඵල කර­ගැ­නී­ම­ටයි.

ඒ යටතේ මේ වසරේ සිට පෞද්ග­ලික අංශය වෙත වූ ණය වර්ධ­නය වේග­වත් වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන අතර අක්‍රිය ණය ඉලක්ක කර­ග­නි­මින් සහන පැකේ­ජ­යක් ක්‍රියා­ත්මක කිරී­ම­ටද කට­යුතු යොදා ඇත. ඒ පැකේ­ජය යටතේ සහන අපේක්ෂා කර­න්නන්ට ණය සම්බන්ධ නෛතික පිය­වර ගැනීම යම් කාල­ය­කට අත්හි­ටු­වනු ඇත. ඒ අනුව නැඟී එන ව්‍යව­සා­ය­ක­ය­න්ටද අත­හිත දීමට නිය­මි­තය.

ඒ අනුව නව ව්‍යාපා­ර­ව­ලට අවශ්‍ය ප්‍රාග්ධ­නය සැප­යී­මට බාධා පමු­ණු­වන ‘අව­දා­නම දැරී­මට අකැ­මැති‘ මාන­සි­ක­ත්වය බිඳී­මට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම ඉදිරි කට­යුතු සාර්ථ­කව පව­ත්වා­ගැ­නීම සඳහා මහ බැංකුව නව බැංකු පන­තක් කෙටු­ම්පත් කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව නව පනත 2021 වස­රේදී බලා­ත්මක කිරී­මට අපේක්ෂා කෙරේ. යෝජිත පනතේ ප්‍රධාන අංග අත­රට බල­ප­ත්‍ර­ලාභී වාණිජ බැංකු සහ බල­ප­ත්‍ර­ලාභී විශේ­ෂිත බැංකු සඳහා එකම ආකා­රයේ බැංකු බල­ප­ත්‍ර­යක් හඳුන්වා දීමත්, බැංකු­වල විශා­ල­ත්වය හා ඒවා­යෙහි මෙහෙ­යු­ම්වල ස්වභා­වය යනා­දි­යට අනු­කූ­ලව බැංකු නියා­ම­න­යන්හි සමා­නු­පා­ති­ක­ත්වය ඇති කිරී­මත් අන්ත­ර්ග­තය.

 

තැන්පතු රක්ෂ­ණය හා අධී­ක්ෂ­ණය

එමෙන්ම විදේශ බැංකු ශාඛා ශ්‍රී ලංකාව තුළ උප­ස­මා­ගම් ලෙස ලියා­ප­දිංචි කිරීම සහ ඒවාට බාහිර අහි­ත­කර බල­පෑ­ම්ව­ලින් සිදු වන බල­පෑ­මෙන් මුදා­ලීම (ring–fence), බැංකු ශාඛා සහ ‍අනෙකුත් බැංකු ඒකක පිහි­ටු­වීම සඳහා අනු­මැ­තිය ලබා­ගැ­නීමේ ක්‍රියා­ප­ටි­පා­ටිය විධි­මත් කිරීම, පාරි­භෝ­ගික ආර­ක්ෂාව, තැන්පතු රක්ෂ­ණය හා බැංකු­වල යහ­පා­ල­නය ශක්ති­මත් කිරීම, අක් වෙරළ බැංකු ඒක­කයේ සහ දේශීය බැංකු ඒක­කයේ මෙහෙ­යුම් එකම ව්‍යාපා­ර­යක් බවට ඒකා­බද්ධ කිරීම සහ නිරා­ක­ර­ණය‍, බලා­ත්මක කිරීම හා අධී­ක්ෂණ කට­යුතු ඇතු­ළත් වේ. තවද, නව බැංකු පනත මඟින් කොළඹ අන්ත­ර්ජා­තික මූල්‍ය මධ්‍ය­ස්ථා­නයේ ස්ථාපිත කිරී­මට නිය­මිත බැංකු සඳහා රෙගු­ලා­සිද ඊට ඇතු­ළත් වේ.

ශක්ති­මත් හා සක්‍රීය බැංකු අංශ­යක් ඇති කිරීමේ අද­හ­සින්, මේ වසර අව­සා­නය වන විට බැංකු සඳහා වැඩි දියුණු කරන ලද අවම ප්‍රාග්ධන අව­ශ්‍යතා සපුරා ලීම සඳහා ප්‍රාග්ධ­නය යෙද­වී­මත් සමඟ ප්‍රාග්ධන අනු­පාත වැඩි දියුණු වනු ඇතැ­යිද මහ බැංකුව අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා­මාර්ග ගනි­මින් සිටී.

බැංකු අංශය නියා­ම­නය කරන ආය­ත­නය වශ­යෙන්, බාහිර කම්පන සඳහා බැංකු­වල ඔරොත්තු දීමේ හැකි­යාව හා අර්බු­ද­ව­ලට සූදා­නම් වීම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට කළ යුතු හෙයින් බැංකු­ව­ලට සිදු වන අහි­ත­කර බල­පෑම සහ එම­ඟින් මූල්‍ය පද්ධ­ති­යට සිදු විය හැකි පැති­ර­යෑමේ බල­පෑම අවම කිරීම සඳහා බැංකු විසින් ප්‍රති­සා­ධන සැල­සුම් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රියා මාර්ග ගෙන ඇත. එම ගිණු­ම්ක­රණ ප්‍රමිති හා බැංකු පනතේ විධාන සමා­ලෝ­ච­නය කිරීම හා සංශෝ­ධ­නය කිරීම අවශ්‍ය පරිදි සිදු කිරී­මට නිය­මි­තය.

තාක්ෂ­ණික අව­දා­න­ම්ව­ලට ඔ‍රොත්තු දීම සඳහා අන්ත­ර්ජා­තික ප්‍රමි­තීන්ට හා ප්‍රශස්ත පරි­ච­යන්ට අනු­ග­තව තොර­තුරු තාක්ෂ­ණය සහ බැංකු­වල ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් නියා­මන සහ අධී­ක්ෂණ රාමු­වට වෙන­ස්කම් හඳුන්වා දීම­ටද මහ බැංකුව විසින් කට­යුතු යොදා ඇත. එම­ඟින් අව­දා­නම් කළ­ම­නා­ක­ර­ණය වැඩි­දි­යුණු කෙරේ.

2019 වසර තුළදී, නව තාක්ෂ­ණික ක්‍රම ක්‍රියා­ත්මක කිරීම කෙරෙහි මහ බැංකුව ඉහළ අව­ධා­න­යක් යොමු කර ඇති අතර, වර්ධ­නය වන මූල්‍ය අව­ශ්‍යතා සඳහා අවශ්‍ය ලෙස කාර්ය­ක්ෂම සහ ස්ථාවර ගෙවීම් සහ පිය­වීම් පද්ධති වැඩි­දි­යුණු කිරීම සඳ­හාද ගෙවීම් හා පිය­වීම් යටි­තල පහ­සු­කම් ශක්ති­මත් කිරීම සඳ­හාද අඛ­ණ්ඩව ක්‍රියා­මාර්ග ගන්නා ලදී.

විශේ­ෂ­යෙන්ම 2019 වසරේ ජූනි මාස­යේදී විකු­ණු­ම්පළ ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යන්ත්‍ර­ණය (Common Point of Sale Switch) සජීව මෙහෙ­යුම් කට­යුතු ආරම්භ කරන ලදී. ජාතික ගෙවීම් කවු­න්සි­ලය 2020–2022 සඳහා වන පෙර­දැක්ම අව­සන් කරන ලදී. බ්ලොක් චේන් (Block chain) තාක්ෂ­ණය පිළි­බඳ අධ්‍ය­ය­නය කිරී­මට ක්‍රියා­කාරී කමි­ටු­වක් පත් කිරී­මද මෙහිදී සිදු විය. එහි තවත් පිය­ව­රක් වනුයේ ‘Lanka QR’ නමින් ජාතික QR කේත නාමා­ව­ලිය නිකුත් කිරී­මයි. පාරි­භෝ­ගි­ක­යන්ට පහ­සු­කම් සැල­සීම සඳහා වෙළෙ­ඳාම් සිදු කරන පාර්ශ්ව­යන්ගේ ගනු­දෙනු පිය­වීම් කාර්ය­ක්ෂම ලෙස නිර­වුල් කිරීම සඳ­හාත් මූල්‍ය ආය­තන තුන­කට ගෙවීම් කාඩ්පත් සම්බ­න්ධ­යෙන් සේවා සප­ය­න්නන් ලෙස කට­යුතු කිරීම සඳහා බල­පත්‍ර නිකුත් කළ අතර, නව ගෙවීම් යන්ත්‍රණ සම්බ­න්ධ­යෙන් මූල්‍ය ආය­තන විසින් ඉදි­රි­පත් කළ යෝජනා කිහි­ප­ය­කට අනු­මැ­තිය දී ඇත.

 

රාජ්‍ය ණය කළ­ම­නා­ක­ර­ණය

රාජ්‍ය ණය කළ­ම­නා­ක­ර­ණය යටතේ රජය වෙනු­වෙන් ණය නිකුත් කිරීම, කළ­ම­නා­ක­ර­ණය හා සේවා­ක­ර­ණය, රාජ්‍ය ණය සුරැ­කු­ම්පත් සඳහා මධ්‍යම තැන්පතු පව­ත්වා­ගැ­නීම හා රාජ්‍ය ණය සුරැ­කු­ම්පත් වෙළෙ­ඳ­පොළ වැඩි­දි­යුණු කිරීම පිණිස මැදි­කා­ලී­නව රාජ්‍ය ණයෙහි තිර­සර බව තහ­වුරු කිරීම තව දුර­ටත් සිදු කෙරේ. ඒ අත­රම, විච­ක්ෂ­ණ­ශීලි අව­දා­නම් ණය කළ­ම­නා­ක­රණ උපා­ය­මා­ර්ගයේ අව­ධා­නය, සමස්ත ණයෙහි කොට­සක් ලෙස විදේශ ව්‍යව­හාර මුද­ලින් පවත්නා ණය ප්‍රමා­ණය සීමා කිරීම, විදේශ ව්‍යව­හාර මුද­ලින් පවත්නා ණය කල­බෙහි කල්පි­රීම සඳහා ගත වන සාමාන්‍ය කාලය වැඩි කිරීම සහ වස­රක් තුළ සිදු වන ණය කල්පි­රීම් සීමා කිරීම කෙරෙහි යොමුව පවතී‍.

දේශීය වෙළෙ­ඳ­පොළ තුළ භාණ්ඩා­ගාර බැඳු­ම්කර නිකුත් කිරීම මඟින් අර­මු­දල් රැස් කිරීම සහ වග­කීම් කළ­ම­නා­ක­රණ රාමුව තුළ අවශ්‍ය ආර­ක්ෂණ ගොඩ­නැ­ඟීම මහ බැංකුව මඟින් දැන­ට­මත් ආරම්භ කර ඇති අතර එළ­ඹෙන ණය සේවා­ක­රණ වග­කීම් සම්බ­න්ධ­යෙන් මෙම මෙහෙ­යුම් 2020 වර්ෂ­යේදී සහ ඉන් අන­තු­රුව අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක කරනු ඇත.

අන්ත­ර්ජා­තික ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ නිකුතු පද­නම විවි­ධාං­ගී­ක­ර­ණය කිරීමේ අර­මු­ණින් විකල්ප බැඳු­ම්කර වෙළෙ­ඳ­පො­ළ­ව­ලින් අර­මු­දල් රැස් කිරී­මට ඇති ඉඩ ප්‍රස්තා සලකා බලා ඇත.

ශ්‍රී ලංකාවේ මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම මැඬ පැවැ­ත්වීමේ කාර්ය­භා­ර­යන් ඉදි­රි­ය­ටත් ශක්ති­මත් කිරීම සඳහා මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීමේ ජාතික ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව එක් එක් පාර්ශ්ව­ක­රු­වන්ට විශේ­ෂිත වූ ප්‍රති­පත්ති ගොඩ­නැ­ගීම සඳහා ඔවුන් සමඟ සම්බන්ධ වී කට­යුතු කිරී­මට මහ බැංකුව අද­හස් කර ඇත. ඒ යටතේ මුදල් විශු­ද්ධි­ක­ර­ණය සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම පිළි­බඳ ජාතික අව­දා­නම් තක්සේ­රුව (NRA) 2020 වස­රේදී අදාළ සියලු පාර්ශ්ව­ක­රු­වන්ගේ සහ­යෝ­ග­යෙන් සිදු කෙරෙනු ඇත. මූල්‍ය ගනු­දෙනු වාර්තා කිරීමේ පනත, මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ පනත සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීමේ සම්මුති පන­තට තව­දු­ර­ටත් සංශෝ­ධන හඳු­න්වා­දී­මට නිය­මි­තය.

 

රැකියා අවස්ථා නිර්මා­ණය

රටේ විවිධ ප්‍රදේ­ශ­වල ආර්ථික සංව­ර්ධ­නයේ පව­තින විෂ­මතා තුරන් කිරීම සඳහා රට තුළ ඵල­දායි රැකියා අවස්ථා නිර්මා­ණය කිරී­මෙන් දරි­ද්‍ර­තාව අවම කිරී­මට රජය මඟින් ක්‍රියා­ත්මක කරනු ලබන වැඩ­ස­ට­හ­න්ව­ලට සහාය වීම සඳහා අනෙ­කුත් අදාළ ආය­තන සමඟ සමී­පව කට­යුතු කිරී­මට මහ බැංකුව අපේක්ෂා කරයි. දැනට පව­තින බල­තල ප්‍රකා­රව ප්‍රදේ­ශීය සංව­ර්ධ­නය සඳහා කළ හැකි මෙහෙ­යුම් සහ­භා­ගි­ත්වය සීමිත මට්ට­මක පව­තින නමුත් සහ­න­දායි ණය මෙහෙ­යුම් ප්‍රව­ර්ධ­නය කිරී­මෙන් ඒ ක්ෂේත්‍රය කෙරෙහි දාය­ක­ත්වය පුළුල් කර ඇත.

මේ වසරේ ඉදිරි කාලය තුළ මහ බැංකුව මේ ක්‍රියා­කා­ර­කම් වෙත වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් අඛ­ණ්ඩව කට­යුතු කරනු ඇත. එසේම 2020 වසර මුල් භාගයේ දී ප්‍රථම මූල්‍ය අන්ත­ර්ග­ත­භා­වය සඳහා වූ ජාතික උපා­ය­මා­ර්ගය (National Financial Inclusion Strategy) ක්‍රියා­ත්මක කිරී­මට අපේක්ෂා කෙරේ. විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සහ කුස­ලතා සංව­ර්ධ­නය, හැකියා ගොඩ­නැං­වීම හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධ­නය සම්බ­න්ධව වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම මඟින් මහ බැංකුව ක්‍රියා­ත්මක කරන ණය යෝජනා ක්‍රම සම්බ­න්ධ­යෙන් මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරී­මට සහ මූල්‍ය සාක්ෂ­ර­තාව වැඩි­දි­යුණු කිරී­මට ප්‍රයත්න ගනු ලැබේ. අන්ත­ර්ජා­තික මූල්‍ය සංස්ථාවේ (IFC) තාක්ෂ­ණික සහාය ඇතිව 2020 වස‍රේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට මූල්‍ය සාක්ෂ­රතා සමී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­ම­ටද අපේ­ක්ෂි­තය.

මේ වසර අව­සන් වන විට පෞද්ග­ලික අංශය වෙත සප­යන ලද ණයෙහි වර්ධ­නය 12% සිට 13% දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් එය ආර්ථික වශ­යෙන් ඵල­දායි කර­ගැන්ම සඳහා අපේ­ක්ෂිත ණය වර්ධ­නය හේතු­වෙන් 2020 වසර අව­සන් වන විට පුළුල් මුදල් සැප­යුමේ වර්ධ­නය 14%ක් පමණ මට්ට­මක් කරා යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

එසේම වග­වී­මෙන් යුතු මුදල් ප්‍රති­පත්ති රාමු­වක් හරහා උද්ධ­ම­නය 4% හා 6% අතර පරා­ස­යක පව­ත්වා­ගැ­නීම සඳහා වූ කාර්යය ඉදි­රි­ය­ටත් පව­ත්වා­ගෙන යෑමට මහ බැංකුව අදි­ටන් කර සිටී.

කාල­යක් මුළුල්ලේ පව­තින සංව­ර්ධන අභි­යෝ­ග­ව­ලට සිරි­ලන පරිදි ප්‍රති­පත්ති සැල­සුම් කිරීම සඳහා විකල්ප ක්‍රම­වේ­ද­යක් හඳු­නා­ගැ­නී­මට මහ බැංකු කාර්ය මණ්ඩ­ලය දිරි­මත් කෙරෙනු ඇත. ඉදිරි දැක්ම­කින් යුතු දර්ශක සහ සමී­ක්ෂ­ණ­වල විෂ­ය­ප­ථය සහ ආව­ර­ණය තව­දු­ර­ටත් පුළුල් කෙරෙනු ඇත. මේ ක්‍රියා­මාර්ග අතර උද්ධ­මන අපේක්ෂා පිළි­බඳ සමී­ක්ෂ­ණයේ (IES) ආව­ර­ණය කොළඹ දිස්ත්‍රි­ක්කය ඉක්මවා ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත කිරී­මට සැල­සුම් ඇතු­ළත් වේ. මෙම­ඟින් ප්‍රති­පත්ති සම්පා­ද­නය සඳහා වඩා ඵල­දායී තොර­තුරු රැස් කර­ගැ­නී­මට යෝජි­තය.

 

ඵල­දායි තොර­තුරු රැස් කර­ගැ­නීම

ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාව­තක් කරා ගමන් ගැනී­මේදී, ආර්ථික වර්ධ­නය තව­දු­ර­ටත් ඉහළ මට්ට­මක රඳ­වා­ගැ­නී­මට හිත­කර පද­න­මක් ඇති කරන මිල ස්ථායි­තාව පව­ත්වා­ගෙන යෑම සඳහා මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රති­පත්ති අතර සමීප සම්බ­න්ධී­ක­ර­ණ­යක් අත්‍ය­වශ්‍ය වන බැවින් නිෂ්පා­දන ආර්ථි­කයේ තිර­සාර දියු­ණු­වක් සහ­තික කිරීම සහ ඵල­දායී සේවා නියුක්ති අවස්ථා උත්පා­ද­නය සඳහා මහ බැංකුව, රජය සහ වෙනත් රාජ්‍ය අධි­කා­රීන් සමඟ සමී­පව කට­යුතු කිරී­මට යෝජි­තය.

අතී­ත­යේදී මෙන්, මිල ස්ථායි­තාව මෙන්ම සාර්ව ආර්ථික ස්ථායි­තාව ස්ථිරව පව­ත්වා­ගැ­නීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකා­ග්‍ර­තාව වැඩි­දි­යුණු කිරී­මට මහ බැංකුව රාජ්‍ය මූල්‍ය අධි­කා­රීන් සමඟ ඉදි­රි­යේ­දීත් අඛ­ණ්ඩව කට­යුතු කරන අතර, අවශ්‍ය ප්‍රති­සං­ස්ක­රණ මඟින් බදු පද­නම පුළුල් කිරී­මත්, බදු පරි­පා­ල­නය සහ අනු­කූ­ල­තාව වැඩි­දි­යුණු කිරී­මත් සිදු වනු ඇත. අත්‍ය­වශ්‍ය ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරී­මෙන් රජය සතු වෙළෙඳ ව්‍යව­සා­ය­යන් ශක්ති­මත් කිරී­මෙන් රජයේ ආදා­යම් ඉහළ නැංවී­මට සහ එවැනි ආය­තන පව­ත්වා­ගෙන යෑම සඳහා වන රාජ්‍ය මූල්‍ය පීඩ­නය අඩු කර­ගැ­නී­මට හැකි වන හෙයින් රජය සතු ව්‍යාපාර ආය­තන කළ­ම­නා­ක­ර­ණ­යට විධි­මත් ක්‍රියා­ව­ලි­යක් සඳහා වෘත්ති­ක­යන් පත් කිරී­මත්, එවැනි ආය­ත­වල මෙහෙ­යුම් කාර්ය­ක්ෂ­ම­තාව වැඩි­දි­යුණු කිරී­මට අඛ­ණ්ඩව කට­යුතු කිරී­මත් සිදු කෙරේ.

මුදල් ප්‍රති­පත්ති සම්ප්‍රේ­ෂණ ක්‍රියා­ව­ලිය කාර්ය­ක්ෂම කිරීමේ අව­ශ්‍ය­තාව නිසා පවත්නා පද­නම් පොලී අනු­පා­ති­ක­වල ඌනතා හේතු­වෙන් මුදලේ සැබෑ පිරි­වැය පිළි­බිඹු කරන යෝග්‍ය පද­නම් පොලී අනු­පා­ති­ක­යන් බැංකු අංශය සඳහා ස්ථාපිත කිරී­මට කට­යුතු කෙරෙනු ඇත.

ප්‍රති­පත්ති සන්නි­වේ­ද­නය වඩාත් කාර්ය­ක්ෂ­මව මෙන්ම ඵල­දායි ලෙස ඉදි­රි­යට ගෙන යෑම පිණිස සන්නි­වේ­දන තාක්ෂ­ණය භාවා­තය කෙරෙ­හිද මහ බැංකුවේ අව­ධා­නය යොමුව ඇත.

මේ වසරේ මුදල් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යට පත් කරනු ලබන දින මේ වන විටත් මහ බැංකුව විසින් ප්‍රකා­ශ­යට පත් කර තිබේ. ඒ අනුව ජන­වාරි මස 30, මාර්තු 5, අප්‍රේල් 9, මැයි 21, ජූලි 9, අගෝස්තු 20, ඔක්තෝ­බර් 8 හා නොවැ­ම්බර් 26 දින­වල මුදල් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යට පත් කරනු ඇත.

Comments