හොරා කෑවත් දුක නැති අළුපුහුලේ අපූරු ගු ණ | සිළුමිණ

හොරා කෑවත් දුක නැති අළුපුහුලේ අපූරු ගු ණ

ගැමුණු සාලිය පෙරේරා  මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක කොළඹ මහා නගර සභාවේ  ආහාර ස්වස්ථතා සහ ප්‍රව­ර්ධන ඒක­කය

විද්‍යා­ත්ම­කව Benincasa hispida ලෙසත් ඉංග්‍රී­සි­යෙන් Wax Gourd සහ ash gourd ලෙසත් හඳු­න්වනු ලබන අළුපුහුල්, ලංකාවේ එදා ජන­තාව අතර බෙහෙ­වින්ම ජන­ප්‍රිය ආහා­ර­යක්ව පැවති බවට සාක්ෂි ඇත. ජන­ශ්‍රැ­ති­ව­ලට අනුව සැරි­යුත් මහ රහ­තන් වහන්සේ ආදා­හ­නය කළ සොහො­නෙන් අළුපුහුල් හට ගත් බවට කථා­වක් වෙයි. වංශ කථා­ව­ලට අනුව අනු­රා­ධ­පුර යුගයේ රාජ අනු­ග්‍ර­හ­යෙන් වගා කළ ආහාර අතර අළුපුහුල් ද තිබී ඇත. ආයු­ර්වේ­ද­යට අනුව පුහු­ල්ව­ලට සුවි­ශේෂි තැනක් හිමිව ඇති අතර, අළු පුහුල් මූලික කොට ගත් ආයු­ර්වේද ඖෂධ වර්ග කිහි­ප­යක්ම ඇත. සියලු රෝග නිවා­ර­ණය කරන, කිසිදු අගු­ණ­යක් නැති ආහා­ර­යක් ලෙස අළුපුහුල් ගැමි­යන් අතර ජන­ප්‍රි­යව පැවති අතර, අළුපුහුල් ගෙඩිය පම­ණක් නොව පුහුල් වැලේ දළු කොළ ද පැරැ­න්නන් ආහා­ර­යට ගෙන තිබෙන බව දැන ගන්නට ඇත.

එහෙත් වර්ත­මා­නයේ දී අළුපුහුල් අපේ රටේ බොහෝ දෙනෙ­කුට මතක් වන්නේ, අලු­තින් නි‍ෙව­සක් හෝ ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කරන්න ලෑස්ති වෙන විට ය.

ඒ, ගොඩ­නැ­ගිල්ල ඉස්ස­ර­හින් එල්ලා ගැනී­මට මිස කෑමට ගැනී­මට නොවෙයි. හූනි­ය­මක්, කොඩිවිණ­යක් කපන්න ලක ලැහැස්ති වෙන ඇත්තෝ ද අළුපුහුල් ගෙඩි­යක් කල් ඇති­වම ගෙනත් තබා ගනිති. ඇතැම් නග­ර­වල තිබෙන ගුප්ත ශාස්ත්‍ර කට­යු­තු­ව­ලට අවශ්‍ය අඩුම කුඩුම විකු­ණන කඩ­වල අළු පුහුල් ජය­ටම විකි­ණෙති. ඒ හැර එළ­වළු කඩ­ව­ල්වල කලා­තු­ර­කින් හෝ පුහුල් අලෙවි කළ ද ඒවා මාස ගණන් වේළි වේළි කඩ බක්කි වල තිබෙනු දැක ගත හැකිය. මාකට් එකේ එළ­වළු ගිනි ගණන් කිය කියා මැසි­විලි නගන ඇත්තෝ කැරට්, ලීක්ස්, බෝංචි, අල, ලූනු රත්තරං ගෙනි­ය­නවා සේ ගෙව­ල්ව­ලට රැගෙන යති.

බොහෝ දෙනෙක් නිකම් දුන්නත් අළු පුහුල් නොකති. ඉබේ හැදු­නොත් මිසක කිසි­වකු එළ­ව­ළු­වක් ලෙස හෝ වාණිජ වගා­වක් ලෙස අළු පුහුල් වගා කර­නවා දැක ගන්නට ද නැත. ඇතැම් ගොවීන්ට අළු පුහුල් යනු ආර්ථික වාසි­යක් නැති තුට්ටු දෙකේ වගා­වක් වෙයි. එහෙත් වෙළෙ­ද­පොළ බල­වේග විසින් මෙහෙ­ය­වන බට­හිර විද්‍යාව විසින් අපෙන් වසන් කළ අළු පුහුල් සතු විශිෂ්ට ආහා­ර­මය සහ ඖෂ­ධීය ගුණ­යන් විද්‍යාව විසින්ම එළි පෙහෙළි කොට දෙන්නේ මෙසේය.

මාරා­න්තික වකු­ගඩු රෝග­ව­ලින් දිවි ගලවාගන්න මේ පාරෙන් එන්න

පර්යේ­ෂ­ණා­ත්මක තත්ත්ව­යන් තුළ අළු පුහුල් යුෂ ලබා දෙන ලද මීයන්ගේ මූත්‍ර ප්‍රමා­ණයේ වැඩි­වී­මක් පෙන්නුම් කර තිබෙන අතර, මූත්‍ර සංයු­තියේ ද සැල­කිය යුතු ධනා­ත්මක වෙන­සක් නිරී­ක්ෂ­ණය කොට ඇත. මූලික වශ­යෙන් සෝඩි­යම් සහ ක්ලෝර­යිඞ් බැහැර කිරීමේ සැල­කිය යුතු වැඩි වීමක් සහ පොටෑ­සි­යම් බැහැර කිරීමේ අඩු වීමක් නිරී­ක්ෂ­ණය වී ඇත.

මූත්‍ර වාහිනී පද්ධ­තිය ආශ්‍රි­තව ගල් ඇති­වීම සඳහා බල­පාන හයි­ප­ර්ඔ­ක්ස­ලූ­රියා (Hyperoxaluria) තත්ත්වය සඳහා පිළි­යම් යෙදී­මට ද අළු පුහුල් යුෂ සහ ඇට භාවිත කළ හැකි බවට පර්යේ­ෂණ මඟින් යෝජනා කර ඇත. පර්යේ­ෂ­ණ­ව­ලට අනුව දින 35 ක් පමණ කාල­යක් තිස්සේ අළු පුහුල් ලබා­දුන් මීයන්ගේ වකු­ග­ඩු­වල ඔක්ස­ලේට්, ප්‍රෝටීන් සහ කැල්සි­යම් රඳවා ගැනීමේ මට්ටම් සැල­කිය යුතු ලෙස අඩු කරන බව පෙනී ගොස් ඇත. අළු පුහු­ල්වල පෝෂණ සංයු­තිය සලකා බැලීමේ දී එහි පොටෑ­සි­යම් නොමැති තරම් ය. පොටෑ­සි­යම් බහුල ආහාර හද­වත් රෝගීන්ට ඉතා­මත් වැද­ගත් වුව ද, වකු­ගඩු රෝගීන්ට අහි­ත­කර වෙයි. මෙම කාර­ණාව නිසා­වෙන් ද අළු පුහුල් වකු­ගඩු රෝගීන්ට කදිම ආහා­ර­යක් වෙයි.

නෙෆ්‍රො­ටො­ක්සිටි (Nephrotoxicity) යනු විෂ සහිත බැර ලෝහ, රසා­ය­නික ද්‍රව්‍ය හා සම­හර ඖෂධ වර්ග නිසා වකු­ගඩු වල විෂ එක­තු­වීම නිසා­වෙන් ඇති­වන සංකූ­ලතා තත්ත්ව­යකි. මෙම තත්ත්වය කල් යාමේදී වකු­ගඩු අක­ර්මන්‍ය වීම සිදු­විය හැකිය. පැර­සි­ට­මෝල් සහ ඇතැම් පිළිකා නාශක ඖෂ­ධ­වල බල­පෑම නිසා­වෙන් මෙම තත්ත්ව­යට පත්වුණු වකු­ගඩු සුව අතට හැර­වී­මට අළු පුහුල් යුෂ­යට හැකි වන බව පර්යේ­ෂණ මඟින් පෙනී ගොස් ඇත. එමෙන්ම රස­දිය විස නිසා­වෙන් නරක් වූ වකු­ගඩු යථා තත්ත්ව­යට පත් කිරීම සඳහා ද අළු පුහුල් යුෂ­යට හැකි බව, මීයන් ආශ්‍රි­තව සිදු කර තිබෙන පර්යේ­ෂ­ණ­ව­ලින් පෙන්නුම් කර ඇත. https://www.researchgate.net/publication/287930073-Nephroprotective-acti...

ශ්‍රී ලංකාව පුරාම මේ වන විට දරුණු ලෙස වකු­ගඩු රෝග පැති­රෙ­මින් තිබෙන අතර, බොහෝ පිරි­සක් මිය ගොස් ය. ආහාර සහ පානීය ජලය ඔස්සේ ශරීර ගත­වන වස විස මේ සඳහා බල­පාන බව පෙනී ගොස් ඇත. අළු පුහුල් සතු වකු­ගඩු ආරක්ෂා කිරීමේ ගුණය පිළි­බ­ඳව සිදු කෙරී තිබෙන පර්යේ­ෂ­ණා­ත්මක තොර­තුරු අධ්‍ය­ය­නය කිරී­මේදී පෙනී යන්නේ, වකු­ගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පව­තින ප්‍රදේ­ශ­වල ජන­තාව අතර ලබු, පුහුල් වැනි වකු­ගඩු සුර­කින ආහාර ප්‍රච­ලිත කර­න­වා­නම්, දැනට පිට­ර­ටින් ගෙන්වනු ලබන බට­හිර ඖෂධ සහ වෛද්‍ය උප­ක­රණ වෙනු­වෙන් විය­දම් කරන රුපි­යල් කෝටි ගණ­නක මුදල් කන්ද­රා­වක් ලෙහෙ­සි­යෙන්ම ඉති­රි­කර ගත හැකි වනු ඇති බව ය.

ආමා­ශ­යික තුවාල, පිළිකා සුව අතට

හයි­පො­ක්ලෝ­හ­යි­ඩ්‍රියා (Hypochlorhydria) යනු ආමා­ශයේ හයි­ඩ්‍රො­ක්ලෝ­රික් අම්ලය නිප­ද­වීම සිදු නොවීම හෝ අඩු මට්ට­ම­මින් නිප­ද­වීම නිසා ඇති වන සංකූ­ලතා තත්ත්ව­යක් වෙයි. මේ සඳහා විවිධ වෛද්‍ය­මය හේතු සම්බන්ධ වේ.

මෙම තත්ත්වය ආමා­ශයේ තුවාල සහ පිළිකා ඇති වීම සඳහා සහ නීර­ක්තිය, පෝෂණ ඌණතා සඳහා ද හේතු­වන තත්ත්ව­යක් වන අතර, ගැස්ට්‍ර­යි­ටිස් රෝගය සඳහා හේතු වන පයි­ලෝරි බැක්ටී­රි­යාව වර්ධ­නය වීමට ද හේතු වෙයි. අළු පුහුල් යුෂය සහ ඇට ආමා­ශයේ තුවාල ඇති­වීම වළ­ක්වන බවත්, දැන­ට­මත් තිබෙන ආමාශ තුවාල සුව කිරීම සහ ආමා­ශ­යික අභ්‍ය­න්තර බිත්ති ප්‍රදා­හ­යෙන් වළක්වා ගැනීම සඳහා සාර්ථ­කව යොදා ගත හැකි බව පර්යේ­ෂ­ණ­ව­ලින් පෙනී ගොස් ඇත. මෙම හයි­පො­ක්ලෝ­හ­යි­ඩ්‍රියා තත්ත්වය පාල­නය කිරීම සඳහා ද භාවිත කළ හැකි බවට සොයා ගෙන ඇත. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3312726/

අළුපුහුල් යුෂය මඟින් ආමා­ශයේ ආම්ලික ස්වභා­වය අඩු කරන බව සොයා ගෙන ඇත. මත්පැන් සහ වෙනත් විෂ­වීමේ තත්ත්ව­ය­න්වල දී ගැමි­යන් අළු­පු­හුල් යුෂ පානය කර­න්නට දෙයි. අළු­පු­හුල් මදය තම්බා හකුරු සමඟ කෑමෙන් ආමා­ශ­යික තුවාල සුව කර ගත හැකි බව පැරැ­න්නන් දැන සිට ඇත.

මොළයේ ක්‍රියා­කා­රි­ත්වය ඉහ­ළට

අළුපුහුල් මඟින් මොළයේ සහ ස්නායු පද්ධ­තියේ ක්‍රියා­කා­රි­ත්වය සැල­කිය යුතු ලෙස දියුණු කරන බව සොයා ගෙන ඇත. කාංසාව(Anxiety) නමැති මාන­සික රෝග තත්ත්ව­යෙන් පෙළෙන රෝගීන්ගේ මාන­සික තත්ත්වය යහ­පත් අතට ගෙන ඒම සඳහා පුහුල් යුෂය භාවිත කළ හැකි බව සොයා ගෙන තිබේ.

එමෙන්ම අප­ස්මා­රය පාල­නය කිරීම සඳ­හාත්, අප­ස්මාර රෝගීන්ගේ කම්පන තත්ත්ව­යන් පාල­නය කිරීම සඳහා සහ කම්පන තත්ත්ව­ය­න්වල දී එම කාල සීමාව අඩු කර ගැනී­මට ද අළු පුහුල් භාවිත කළ හැකි බවත් සොයා ගෙන තිබේ. මාන­සික අව­පී­ඩ­නය (Depressant) සඳහා ලබා දෙන (Imipramine) වැනි බට­හිර ඖෂධ සමග සසදා බැලූ පර්යේ­ෂ­ණ­වල දී අළු පුහුල් යුෂය මගින් එම ආබාධ තත්ත්ව­යන් සදහා සාර්ථ­කව ප්‍රති­කාර කළ හැකි බවට පෙනී ගොස් ඇත. එමෙන්ම, පුහුල් යුෂය තවත් ස්නායූ ආශ්‍රිත රෝග­යක් වන ඇල්ෂ­යි­මර් රෝගීන්ගේ රෝග තත්ත්ව­යන් පාල­නය කිරීම සඳහා ද භාවිත කළ හැකි බවට පෙනී ගොස් තිබේ. තවද මෝර්ෆීන් වැනි දරුණු මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇම්බැ­හි­වීම වළක්වා ගැනීම සඳ­හාත්, ඇල්කො­හොල් සහ මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැ­හි­වූ­වන් එම මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටීමේ දී ඇති­වන සංකූ­ලතා (Drug and alcohol withdrawal symptoms) අවම කර ගැනීම සඳ­හාත් පුහුල් භාවිත කළ හැකි බව සතුන් ආශ්‍රි­තව සිදු කර තිබෙන පර්යේ­ෂ­ණ­වල දී පෙනී ගොස් ඇත.

හදිසි අන­තුරු සහ කම්පන හේතු­වෙන් මොළ­යට සිදු­ වන හානි හේතු­වෙන් හෝ මත්ද්‍රව්‍ය භාවි­තය, ඇතැම් ඖෂධ සහ වෙනත් මාන­සික රෝග තත්ත්ව­යන් නිසා­වෙන් සිදු­වන මත­කය අහිමි වීම, ඇම්නී­සියා (Amnesia) යනු­වෙන් හඳු­න්වයි. මෙම තත්ත්වය සුව කිරීමේ හැකි­යා­වක් අළු පුහුල් සාර­යට තිබෙන බව සොයා ගෙන තිබෙ­නවා. අළු පුහුල් සම්බ­ණ්ධ­යෙන් සිදු කෙරී තිබෙන අධ්‍ය­ය­න­ව­ලට අනුව මෙහි අන්ත­ර්ගත ප්‍රති­ඔ­ක්ෂි­කා­රක ක්‍රියා­කාරි රසා­ය­නික සංඝ­ටක, මාන­සික අව­පී­ඩ­නය, කාංසාව, ආත­තිය වැනි තත්ත්ව­ව­ලින් මිදීම සදහා අතුරු ආබාධ නොමැති, ස්වභා­වික මනස ප්‍රබෝ­ධ­ම­වත්ව තබන ඖෂ­ධ­යක් ලෙස (Nootropics) භාවිත කළ හැකි බව, විද්‍යා­ඥ­යින් ප්‍රකාශ කරති. http://rjptonline.org/HTMLPaper.aspx?Journal=Research%20Journal%20of%20P...

පිළිකා වර්ධ­නය සහ පැති­රීම පාල­නය කරයි

මූලික ෆයි­බ්‍රො­බ්ලාස්ට් වර්ධන සාධ­කය (Basic fibroblast growth factor / bFGF) යනු, විවිධ පිළිකා වල දක්නට ලැබෙන ප්‍රබල ඇන්ජි­යෝ­ජෙ­නික් (නව රුධිර නාල ජන­නය කරන) සාධ­ක­යකි. අළු පුහුල් ඇට­වල ඖෂ­ධීය ගුණය පිළි­බද සොයා බැලූ ඇතැම් පර්යේ­ෂ­ණ­වල ප්‍රති­ප­ල­ව­ලින් පෙනී ගොස් ඇත්තේ, අළු පුහුල් ඇට මඟින් පෙර කී බී.එෆ්.ජී.එෆ්. ප්‍රේරිත නව පිළිකා සෛල සහ රුධිර නාල සෑදීම අඩු කර ගත හැකි බවයි. පිළිකා රෝගීන්ට ලබා දෙන බොහෝ ඖෂ­ධ­වල තිබෙන බර­ප­ත­ලම අතුරු ආබා­ධ­යක් වන්නේ එම ඖෂධ මගින් ශරී­රයේ පිළිකා නොවන නීරෝගී සෛල­ව­ල­ටද හානි කිරී­මයි. අළු පුහුල් බීජ සාරය මගින් මිනිස් නීරෝගී සෛල මත විස බවක් නොපෙ­න්වීම මෙහි ඇති සුවි­ශේෂි ලක්ෂ­ණ­යක් වෙයි. http://rjptonline.org/HTMLPaper.aspx?Journal=Research%20Journal%20of%20P...

ඇදුම, හතිය සහ ශ්වසන රෝග පාල­නය කරයි

ඇදුම, හතිය වැනි ස්වසන අසා­ත්මි­කතා රෝග සඳහා හේතු වන හිස්ට­මීන් නිෂේ­ධ­නය කිරීමේ හැකි­යාව පෙන්නුම් කරන ට්‍රයි­ට­ර්පීන්ස් (Triterpenes) වර්ග දෙකක් පුහුල් සාර­යෙන් වෙන් කර ගැනී­මට විද්‍යා­ඥ­යින්ට හැකි වී ඇත.

මෙයට අම­ත­රව අළු පුහුල් ඇට සහ ගෙඩියේ මදය සතුව සෞඛ්‍ය ප්‍රති­ලාභ රාශි­යක් තිබෙන බව සොයා ගෙන ඇත. ඒ අත­රින් මෙය සතු ව්‍යාධි­ජ­නක බැක්ටී­රියා විනාශ කිරීමේ ගුණ­යත්, පටි පණු­වන් වැනි පණු රෝග මර්දනය කිරී­මට ඇති හැකි­යා­වත්, අතී­සා­රය, පාච­නය වැනි රෝග මර්ද­නය සහ පාල­නය කිරී­මට ඇති හැකි­යා­වත් සුවි­ශේෂි වෙයි.

අළු පුහුල්, මධ්‍යම තරමේ පෝෂණ ගුණ­යක් ද සහිත ආහා­ර­යක් වන අතර, අළු පුහුල් ආහා­ර­යට ගැනී­මෙන් හිත­කර තන්තු, විට­මින් බී, සී සහ වැද­ගත් ඛනිජ ලවන වර්ග කිහි­ප­යක්ම ශරී­ර­යට ලැබෙයි. අළු පුහුල් ග්රෑම් සිය­යක ඇත්තේ කැලරි 13 ක් වැනි අඩු කැලරි ප්‍රමා­ණ­යක් බැවින්, බර අඩු කර ගැනී­මට වෙහෙ­සෙන උද­විය සඳහා ද ඉතා­මත් යෝග්‍ය ආහා­ර­යක් වෙයි. වෑංජන ලෙස අළු පුහුල් සුප­වේ­දී­මය ක්‍රම ශිල්ප රාශි­ය­ක­ටම සකස් කර ගත හැකිය. සාමා­න්‍ය­යෙන් කැකිරි, පිපිඤ්ඤා පිසින ක්‍රම­ව­ලට සකස් කර ගත හැකි අතර, අච්චාරු, චට්නි දැමීම සහ විවිධ රස කැවිලි සකස් කර ගැනීම සඳහා ද අළු පුහුල් භාවිත කළ හැකිය. මෙහි තිබෙන තවත් සුවි­ශේෂි ලක්ෂ­ණ­යක් වන්නේ අළු පුහුල් ගෙඩි ශීත­ක­රණ හෝ වෙනත් විශේෂ ක්‍රම භාවි­ත­ය­කින් තොරව, අවු­රු­ද්දක් පමණ කල් තබා ගැනී­මට හැකි වීම ය. මෙය ආහාර සුර­ක්ෂි­ත­තා­වය පිළි­බඳ සැල­කි­ලිමත් වීමේ දී ඉතා වැද­ගත් ලක්ෂ­ණ­යක් වෙයි. තව ද අළු පුහුල් වනාහි වස විස භාවි­ත­ය­කින් තොරව වගා කෙරෙන බෝග­යක් ද වන බැවින් වස විස සතුරා ජය ගැනීම සදහා ද භාවිත කළ හැකි මාහැගි ආහා­ර­යක් වෙයි.

“පුහුල් හොරා කරෙන් දැනේ” යනු අප හොඳින් දන්නා කියමනිකි. ඒ කතා­වට අනුව නම්, එකළ හොරා කෑමට තරම් වටි­නා­ක­මක් සහ සොර­කම් කළ පුහුල උපාය උප­ක්‍රම යොදා සොයා ගැනී­මට තරම් වටි­නා­ක­මක් “අළු පුහුල්” වලට තිබී ඇත. එහෙත් හොරා කෑමට නොව, නිකන් දුන්නත් කෑමට ගැනී­මට තරම් වටි­නා­ක­මක් මේ වන විට අළු පුහු­ල්ව­ලට ලැබී නොමැති වීම කන­ගා­ටු­වට කාර­ණා­වකි.

 

Comments