හිතේ හැටි­යට ඩොල්ෆින් බලන්න කල්පිටි මුහුදු සවා­රි­යක් | සිළුමිණ

හිතේ හැටි­යට ඩොල්ෆින් බලන්න කල්පිටි මුහුදු සවා­රි­යක්

 

මා මේ මොහොතේ රැඳී සිටින්නේ ජීවි­තය පිළි­බ­ඳව බොහෝ දේ සිත­න්නට හැකි ස්ථාන­ය­කය. ඒ මහා සමු­දු­රයි. සයුර අබි­යස රැදී සිටින කල ජීවි­තයේ උගත් බොහෝ පාඩම් එකින් එක ඇදී මැකි යන්නේ එසැ­නින්ය. ඒකා­කා­රී­ත්ව­යෙන් අත් මිදෙන්න, නවමු සිතු­විලිවලින් සිත පුරවා ගන්න සේම අලුත් අත්දැ­කීම් ජීවි­ත­යට සමීප කර ගන්නත් මිනි­සුන් දක්වන්නේ ලොල් බවකි. සොබා­ද­හම හා බැඳුණු අපූර්ව සිදු වීමක් මේ දින­වල කල්පි­ටිය සහ මිරිස්ස ආශ්‍රිත මහා සමු­දුරේ සිදු­වන බව පරි­ස­රය පිළි­බ­ඳ උන­න්දු­වක් දක්ව­න්නන්ට නම් නොර­හ­සකි.

මන්ද යත් මේ උදා වී ඇත්තේ කල්පි­ටිය සහ මිරිස්ස සමු­දුරු කලා­පයේ සැරි­ස­රන මුහුදු ක්ෂීර­පා­යින්ගේ වසත් සම­යයි. එනම් හිතේ හැටි­යට ඩොල්ෆින් සහ තල්ම­ස්සුන් දැක බලා ගන්න කදිම කාලය උදා වී ඇත. ශ්‍රී ලංකා මුහුදු සිමාව තුළ වාර්තා වන මුහුදු ක්ෂිර­පා­යින් අතරේ තල්ම­සුන්ට සහ ඩොල්ෆින් මසුන්ට හිමි වන්නේ විශේෂ ස්ථාන­යකි. මෙබදු සත්ත්ව විශේ­ෂ­යන් ප්‍රධාන වශ­යෙන්ම සංචා­රක ව්‍යාපා­රය සමඟ සෘජු­වම බැඳී පවති. අප රට තුළ වාර්තා වන තල් මසුන් අතරේ සුලබ දැකු­මක් සහිත නිල් තල් මසා, වරල් තල්මසා, මොල්ලි තල්මසා, මින්කි තල්මසා, සෙයි තල්මසා සහ මන්ද තල් මසා ප්‍රධාන වේ. ඩොල්ෆින් විශේ­ෂ­යන් ගත් කල දගර මුල්ලා ප්‍රධාන වන අතර තිත් මුල්ලා, බෝතල් නාසැති මුල්ලා, කබර මුල්ලා, ඔර්කා නැති­නම් කිලර් වේල් ශ්‍රී ලංකාව ආශ්‍රි­තව නිරී­ක්ෂ­ණය කළ හැකිය. මුහුද නිසල වන සමය වන නොවැ­ම්බර් සහ අප්‍රේල් අතර සමය මිරිස්ස සහ කල්පි­ටිය ඇසුරේ පෙර සඳ­හන් කළ සතුන් නැර­ඹීමේ අටි­යෙන් දෙස් විදෙස් සංචා­ර­ක­යින් බහු­ලව ගැව­සෙති.

හලා­වත සිට මන්නා­රම අතර දිව යන මුහුදු තීරය අතර පිහිටා ඇති කල්පි­ටිය මෙබදු ක්ෂිර­පායි සත්ත­ව­යින් නැර­ඹී­මට ප්‍රකට මුහුදු කලා­ප­යකි. තල්ම­සුන් සහ ඩොල්ෆින් බදු මුහුදු ක්ෂීර­පායි සත්ත්ව­යින්ගේ කදිම බොජුන් හල් බවට මෙබදු මුහුදු සීමා­වන් පත් වන්නේ රට අභ්‍ය­න්ත­රයේ සිට ගලා ගෙන එන ජල ප්‍රභ­ව­යන් මෙබදු කලා­ප­යන් ආශ්‍රි­තව මුහු­දට වැටී­මය. කල්පි­ටිය ඇසු­රෙන් කලා ඔය සහ මා ඔයත්, මිරිස්ස ඇසු­රෙන් ගිං ගඟ, නිල්වලා ගඟ සහ වලවේ ගඟත් මහ සුමු­දුර වෙත ගලා බසියි. ගොඩ බිමේ සිට කිලෝ­මී­ටර් 01 – 03ත් අතර නොගැ­ඹුරු මුහුදු සීමාව අව­සන් වෙත්ම පටන් ගන්නේ ගැඹුරු මුහු­දය.

“සමු­දුරේ මිතුරා” සේ ලෝ පුරා ප්‍රකට ඩොල්ෆින් සත්ත්ව­යි­න්ගේත්, “මිහි­මත දැවැ­න්ත­යින්” සේ ප්‍රකට නිල් තල්ම­සු­න්ගේත් ජීවන තොර­තුරු විවි­ධ­ත්ව­යෙන් සේම, අපූ­ර්ව­ත්ව­යෙන්ද අණූ­නය. කල්පි­ටියේ මේ දින­වල දැකිය හැකි ඩොල්ෆින් සත්ත්ව­යින් මවනා චම­ත්කා­රය තුළ සැගව ගත් ඔවුන්ගේ ජිවන තොර­තු­රුද මන­රම්ය. වරෙ­කට එක් පැට­වෙක් බිහි කරනා ඩොල්ෆින් ගැහැණු සත්ත්ව­යින් විසින් තම පැට­වාට කිරි දෙමින් වසර 01 – 03 ත් අතර කාල­යක් පෝෂ­ණය කරයි. වසර 03 සපි­රෙත්ම පැට­වුන්ගේ උඩු සහ යටි හනු වළ දත් 48 වර්ධ­නය වීම සිදු­වී­මෙන් ඉනි­ක්බිති පැටවා සෙසු ආහාර සදහා පෙළඹේ. වසර 05 කට ආසන්න කාල­යක් මවගේ රැක­ව­ර­ණයේ පසු වන පැටවා වසර 08 ක් පමණ වන විටදී ලිංගි­කව පරි­ණත බවට පත් වේ. ඩොල්ෆින් සත්ත්ව­යෙ­කුගේ ආයු කාලය වසර 40 – 50 ත් අතර වන අතර මෙකී ජීවිත කාල­යම විසල් වු රැල ලෙස ගත කිරි­මට ප්‍රිය බැවින් සත්ත්ව ලොව සමා­ජ­ශී­ලීම සත්වයා ලෙසද නම් දරා සිටියි.

තම රැළේ සාමා­ජි­ක­යෙක් යම් අන­තු­ර­කට, රෝග­ය­කට හෝ ගොදුරු වුයේ නම් ඒ සත්ත්ව­යාගේ ආර­ක්ෂා­වට සහ පිහි­ටට පැමි­ණෙ­න්නේද රැළේ සාමා­ජි­ක­යි­න්මය. විසල් වු රැළ ලෙස වාසය කරනා මෙම සත්ත්ව­යින් අතරේ පවුල නමැති සංක­ල්පය විදහා දැක්වෙන හැසි­රීම් රටා­වන් අප­ම­ණ­වත් නිරී­ක්ෂ­ණය කළ හැකිය. විසල් වු රැළ ලෙස ගැව­සෙන ඩොල්ෆින් සමු­දුරු තලයේ පිහිනා යන අතරේ කදිම සියු­රු­වම් හඩක් සවන් පත් අතරේ පතිත වන්නේ නිතැ­තින්ය. ගොඩ­බි­මට ආසන්න ගැඹුරු මුහුදේ සීය, දෙසීය ආදි ලෙස රංචු මුණ ගැසු­ණත් ඉන් ඔබ ගැඹුරු මුහුදේ දාහ, දෙදාහා වැනි වු විශාල රැළ ලෙසින් ඩොල්ෆින් නිරී­ක්ෂ­ණය කළ හැකිය. එවැනි අව­ස්ථා­වන් හීදී රැළේ සාමා­ජි­ක­යින් අතරේ සන්නි­වේ­දන කාර්යය සිදු වන්නේ පෙර සඳ­හන් කළ සියු­රු­වම් නාද­යෙනි. එබැ­වින් මෙම සත්ත්ව­යින්ගේ හැසි­රීම් රටා පිළි­බද කතා කිරි­මේදි මෙම ක්‍රියා­ව­ලිය “සිග්නේ­චර් විසිල්” ලෙසින්ද ව්‍යව­හා­ර­යේදි භාවිතා වේ.

මිනි­සුන් හා සමැව උණු­සුම් වු රුධි­රය දරනා සත්ත්ව­යින් ලෙස ප්‍රකට ඩොල්ෆින්ට ජීවිත කාලය ගත කිරී­මට සිදුව ඇත්තේ සිතල ජල­යේය. සීතල සහ උණු­සුම් දිය­වැල් ගහණ විසල් වු සමු­දුරු දියඹේ ගැඹුරු දියේත්, නොගැ­ඹුරු දියේත් පිහිනා යමින් ක්‍රියා­ශී­ලීව හැසි­රෙන මෙම සත්ත්ව­යින් ශරී­රයේ උශ්ණ­ත්වය නිය­ති­යක් ලෙස පවත්වා ගැනීම සඳහා විවිධ වු අනු­ව­ර්ත­න­යන් පෙන්නුම් කරයි. ඩොල්ෆි­න්ගේද ශරීර අභ්‍ය­න්ත­රය බොහෝ සෙයින් මිනි­සාගේ ශරීර අභ්‍ය­න්ත­රය හා සමාන වේ. වායු ගෝල­යෙන් එක් වරෙ­කදී දිය මතු පිටට පැමිණ උරා ගන්නා හොඳ හුස්ම­කින් (ඔක්සි­ජන් බිද­කින්) ඩොල්ෆින්ට ජලය යට දීර්ඝ කාල­යක් ගත කළ හැකිය. එයට හේතුව වන්නේ මිනිසා මෙන් රුධි­රයේ ඇති හිමෝ­ග්ලෝ­බින් සෛල තුළ පම­ණක් නොව මයෝ­ග්ලෝ­බීන් සෛල තුළත් ඔක්සි­ජන් ගබඩා කර තබා ගැනීමේ හැකි­යාව ඩොල්ෆින් සතුව ඇති බැවින්ය. ගැඹුරු ජලය තුළ කිමි­දෙ­න්නන් ලෙස ප්‍රකට ඩොල්ෆින්ට හිමිව ඇත්තේ දුර්වල වු දෘෂ්ඨි පථ­යකි. එනි­සා­වෙන් ගැඹුරු මුහු­දේදී ඉදි­රියේ ඇති දේ අව­බෝ­ධ­කර ගැනීම සඳහා බයි­සෝන නමැති රේඩාර් ක්‍රම­වේ­දය භාවි­ත­යට ගනියි. නාස­යෙන් නිකුත් කරන රේඩාර් තරං­ග­යක් ඉදි­රියේ ඇති යම් වස්තු­වක වැදී යළිත් මුඛය ආශ්‍ර­යෙන් ප්‍රති­ග­හ­ණය කර ගනියි. එය කෙත­රම් නම් සංවේදී වු ක්‍රියා­වලියක්ද යත් මෙම තරංග ආධා­ර­යෙන් ඉදි­රි­යෙන් ඇති වස්තුවේ ස්වභා­වය තිර­ණය කිරිමේ හැකි­යාව ඩොල්ෆින් සත්ත්ව­යින් සතුවේ.

වර්ත­මා­නය වන විට සමු­ද්‍රීය ක්ෂිර­පා­යින් සංර­ක්ෂ­ණය කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතුව ඇතැයි ලෝක­වාසි පරි­ස­ර­වේ­දින් එක්ව හඩක් නගන්නේ සුමු­දුරු දූෂ­ණය කෙරෙහි අනිසි මානව ක්‍රියා­කා­ර­කම් බෙහෙ­වින්ම හේතුවි ඇති නිසා­වෙනි.

මුහුදු ක්ෂිර­පා­යින් නැර­ඹීම සඳහා සංචා­ර­ක­යින් රැගෙන යන සිය­ලුම යාත්‍රා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිංචි කර නිසි බල­ප­ත්‍ර­යක් ලබා ගත යුතුය. එය වාර්ෂි­කව අලුත් කරවා ගත යුතුය. මුහුදු ක්ෂිර­පා­යින් නැර­ඹීමේ බල­ප­ත්‍රයේ කොන්දේසි අතර මුහුදු ක්ෂිර­පා­යින් දුටුවේ නම් මීටර් 400 සිට වේගය අඩු කර මීටර් 100 සිට එන්ජිම නවතා මුහුදු ක්ෂිර­පා­යින් නැර­ඹිය යුතුය.

සතුන්ගේ ඉදි­රි­යෙන් හෝ පසු පසින් සතුන් ගමන් කරන දිශාව, ගමන් මාවතේ පසු­පස සිට මෙහෙය වීම නොකළ යුතුය. සතුන් ආක­ර්ෂ­ණය කර ගැනී­මට කෘතිම ආහාර, ආලෝක, ශබ්ද තරංග හෝ වෙනත් උප­ක්‍රම භාවිතා නොකළ යුතුය. මෙම සත්ත්ව­යි­න්ගේත්, එම සත්ත්ව­යින් නැර­ඹීම සදහා පැමි­ණෙ­න්න­න්ගේත් ආර­ක්ෂාව සද­හාත්, සතුන්ගේ ස්වාභා­වික හැසි­රීම් රටා­වන්ට බාධා­වක් එල්ල නොවන පරිදි ඔවුන් නිරී­ක්ෂ­ණය කිරී­ම­ටත්, යාත්‍රා­වන් ධාව­නය කළ යුතු වේග සිමා­වන් සහ සතුන් වෙත ළගා විය යුතු දුර සීමා­වන් පනවා ඇති බැවින් ඒවා නිසි පරිදි පිළි­පැ­දී­මට සංචා­ර­ක­යින් සිහි­තබා ගත යුතුය.

තල්ම­සකු ගැව­සෙන විට දී එම සත්ත්ව­යාට උප­රිම දුර මීටර් 100ක් දක්වාත්, ඩොල්ෆින් සත්ත්ව­යෙ­කුට උප­රිම දුර මිටර් 50ක් දක්වාත් ළගා විය හැකිය. මෙවැනි සත්ත්ව­යින් මුහුදේ පිහිනා යන අව­ස්ථා­වන් වළදී සත්ත්ව­යින් සමා­න්ත­රව පිහිනා යාමට සංචා­ර­ක­යින් තුළ ඇත්තේ ප්‍රිය­තා­ව­යක් වුවත්, එබදු අනු­වණ ක්‍රිය වළට පෙල­ඹීම අන­තු­ර­කට අත­වැ­නී­මක් වන්නා­සේම දඬු­වම් ලැබිය හැකි වර­දක් බවත් සිහි­පත් කළ යුතුය.

Comments