රටේ මිනි­සුන් නීරෝගි කරන්න අපේ පර්යේෂකයකු හැදූ ‘මගේ බත් පිඟාන’ | සිළුමිණ

රටේ මිනි­සුන් නීරෝගි කරන්න අපේ පර්යේෂකයකු හැදූ ‘මගේ බත් පිඟාන’

ජාතික විද්‍යා පද­නම විසින් සංවි­ධා­නය කරනු ලබන සම්මාන උලෙළ - 2018 පසු­ගිය සතියේ කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා භූමියේ ලැවෙ­න්ඩර් ශාලා­වේදී පැවැ­ත්විණි. මෙහිදී ලෝක විද්‍යා ඇක­ඩ­මිය (TWAS) ජාතික විද්‍යා පද­නමේ තරුණ විද්‍යාඥ සම්මා­නය හිමි වූයේ කොළඹ විශ්වවිද්‍යා­ලයේ වෛද්‍ය පීඨයේ සාය­නික පෝෂ­ණ­වේදී විශේ­ෂඥ ‍ෛවද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය වෛද්‍ය රනිල් ජය­ව­ර්ධ­නට ය. මෙම සම්මා­නය ජීව විද්‍යාව, රසා­යන විද්‍යාව, ගණි­තය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේ­ෂණ කට­යුතු විශිෂ්ට මට්ට­මක පව­ත්වා­ගෙන යන තරුණ විද්‍යා­ඥ­යන් සඳහා පිරි­නැ­මෙ­න්නකි.

වෛද්‍ය රනිල් ජය­ව­ර්ධ­නට ලෝක විද්‍යා ඇක­ඩ­මිය (TWAS) ජාතික විද්‍යා පද­නමේ සම්මා­නය හිමි වූයේ ‘මගේ බත් පිඟාන’ යනු­වෙන් ඉදි­රි­පත් කළ ආහාර වට්ටෝ­රු­ව­ටයි. එය ඔහු සකස් කළේ ශ්‍රී ලංකාවේ ආහාර රටා­වන් පිළි­බ­ඳව අධ්‍ය­ය­නය කිරී­මෙන් අන­තු­රු­වයි.

“දැන් ලංකාවේ ජන­ග­හ­න­යෙන් බොහෝ දෙනෙක් ප‍ීඩා විඳින්නේ බෝ නොවන රෝග­ව­ලින්. අධි රුධිර පීඩ­නය, දිය­වැ­ඩි­යාව, කොලෙ­ස්ට­රෝල් යන රෝග­ව­ලට ගොදුරු වන අය අද වේග­යෙන් ඉහළ යනවා. ලංකාවේ වැඩි­හිටි ජන­ග­හ­න­යෙන් 20%කට අධි රුධිර පීඩ­නය. 21%ක් පූර්ව දිය­වැ­ඩි­යාව හා දිය­වැ­ඩි­යා­වට ගොදුරු වෙලා. මෙයට බල­පාන ප්‍රධාන හේතුව අපේ අහි­ත­කර ආහාර රටාව.‍ ලංකාවේ ගොඩාක් දෙනා පිටි කෑම­ව­ලින් බඩ පුරවා ගන්න පුරුදු වී සිටි­නවා.

එළ­වළු සහ මස් මාළු කන්නේ අඩු­වෙන්. බත්, ආප්ප, ඉඳි­ආප්ප, පාන්, රොටී, පිට්ටු මේ හැම ‍කෑමක් ම පිෂ්ටය සහිත ආහාර. කොස්, අල, බතල වුණත් පිෂ්ටය වැඩි ආහාර. අනික අපි රොටී, ආප්ප කනවා නම් ලුණු­මි­රිස් වගේ දෙයක් එක්ක කන්නේ.

ඉඳි­ආප්ප කනවා නම් පොල් සම්බෝල සමඟ හොඳි එක්ක කන්නේ. ඒ කෑම එක්ක අපි එළ­වළු, මස් හෝ මාළු කන්නේ නැහැ. අපි සම්ප‍ූ­ර්ණ­යෙන් ම බඩ පුරවා ගන්නේ පිටි කෑම­ව­ලින්. අපේ ‍රටේ හෘදය රෝග, දිය­වැ­ඩි­යාව ඉහළ යන්නේ පිටි කෑම නිසා. ඒ නිසා පිටි කෑම අඩු­වෙන් කාලා පෝෂ­ණය ලබා­ගන්න ක්‍රම­වේ­ද­යක් සකස් කිරීමේ අව­ශ්‍ය­තාව දැනුණා” යනු­වෙන් පව­ස­මින් සාක­ච්ඡා­වට පිවි­සියේ විශේ­ෂඥ වෛද්‍ය රනිල් ජය­ව­ර්ධන ය.

ඔහු තව­දු­ර­ටත් පෙන්වා දෙන්නේ දෛනික කැලරි අව­ශ්‍ය­තා­වෙන් 72%ක් පමණ පිෂ්ටය සහිත ආහාර මගින් ලබා ගැනීම නිසාත් ප්‍රෝටීන් ආහාර මගින් ලබා ගන්නා කැලරි ප්‍රමා­ණය 10%ක් පමණ වන නිසාත් බෝ නොවන රෝග­ව­ලට ගොදුරු වීමට හේතු වී ඇති බවය. එමෙන් ම එක් පුද්ග­ල­යකු එක් ‍ආහාර වේල­කින් කිලෝ කැලරි 600කට වඩා වැඩි ප්‍රමා­ණ­ය­කින් ශක්තිය ලබා­ගන්නා බව තහ­වුරු වී ඇත. ඒ අනුව සාමා­න්‍ය­යෙන් දව­ස­කට ලබා­ගන්නා කිලෝ කැලරි ප්‍රමා­ණය 1500 ඉක්ම­වයි. මෙය ශරී­රයේ දෛනික ශක්ති අව­ශ්‍ය­තාව ඉක්මවා යෑමකි. වැඩි ශක්ති ප්‍රමා­ණ­යක් දහ­නය නොවී මිනිස් සිරුරේ තැන්පත්වී තිබීම නිසා බෝ නොවන රෝග වැල­ඳීමේ හැකි­යාව වැඩිවේ. පිටි සහිත ආහාර වෙනු­වට එළ­වළු සහ පල­තුරු ආහා­ර­ව­ලට එකතු කළ යුතු වන්නේ එම නිසා ය.

ඒ අනුව ක්ෂණික ප්‍රති­ඵල ළඟා­කර ගත හැකි විවිධ ආහාර සැල­සුම් යෝජනා කිරී­මට සාය­නික පෝෂ­ණ­වේදී විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන්ට සිදු විය.

නිද­සුන් වශ­යෙන් ඉතා අඩු කැලරි ආහාර සැල­සුම සහ ඌන ශක්ති ආහාර සැල­සුම දැක්විය හැකි ය‍. ඉතා අඩු කැලරි ආහාර සැල­සුම භාවි­ත­යට ගැනෙන්නේ ශල්‍ය­ක­ර්ම­ව­ලට පෙර සිරුරේ බර අඩු කිරීම හෝ පාල­නය කළ නොහැකි දිය­වැ­ඩි­යාව හා මඳ සරු­භා­වය වැනි ප්‍රති­කා­ර­ව­ලට සූදා­නම් වීම වැනි විශේෂ අව­ස්ථා­ව­ලදී ය. එහිදී සාමාන්‍ය ආහාර වෙනු­වට ආදේ­ශක ආහාර එකතු කෙරේ.

ඌන ශක්ති ආහාර සැල­සුම් ක්‍රම­යේදී ශරී­ර­යට ලබා­ගන්නා කැලරි ප්‍රමා­ණය සිරුර දහ­නය කරන ශක්ති ප්‍රමා­ණ­යට වඩා අඩු කළ යුතු නිසා දේශීය ආහා­ර­වල අඩංගු කැලරි ප්‍රමා­ණය ගණ­නය කළ යුතු ය. එහෙත් ශ්‍රී ලාංකේය මිශ්‍ර ආහාර වට්ටෝ­රු­වල සංයු­තිය පිළි­බඳ සම්පූර්ණ දත්ත ගබ­ඩා­වක් නැති නිසා එය අප­හසු කාර­ණා­වකි.

ඌන ශක්ති ආහාර සැල­සුම් ක්‍රමය ලංකා­වට යෝග්‍ය නොවන්නේ එබැ­විනි.

බර අඩු කර ගැනීම සඳහා සංස්කෘ­තික වශ­යෙන් යෝග්‍ය ආහාර පාලන ක්‍රමෝ­පා­යක් හඳුන්වා දීමේ අව­ශ්‍ය­තාව මතු වූයේ එම නිසා ය. ආද­ර්ශක ආහාර පතක් ලෙස ‘මගේ බත් පිඟාන’ නමින් අලුත් ආහාර පාලන ක්‍රමෝ­පා­යක් විශේ­ෂඥ වෛද්‍ය රනිල් ජය­ව­ර්ධන හඳුන්වා දුන්නේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි.

‘මගේ බත් පිඟාන’ ට අනුව පිඟා­නෙන් ¼ක් පිෂ්ටය සහිත ආහා­ර­ව­ලින් ද ¼ක් මස්, මාළු, බිත්තර, සෝයා මීට් වැනි ප්‍රෝටීන් ආහා­ර­ව­ලින් ද ½ක් පිටි රහිත එකි­නෙ­කට වෙනස් එළ­වළු වර්ග තුන­කින් ද සම­න්විත විය යුතු ය.

මෙයින් තම පිඟා­නට බෙදා ගන්නා ආහාර ප්‍රමා­ණය පාල­නය කෙරේ. බර වැඩි­වීම පාල­නය කෙරේ. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හිමිවේ. සුළු ආහාර ප්‍රමා­ණ­ය­කින් පහ­සු­වෙන් ශක්ති­මත් බව ලැබේ.

“මේ ක්‍රමය සාය­නික පරී­ක්ෂ­ණ­ය­කින් තහ­වුරු කර තිබෙන්නේ. මම පරී­ක්ෂ­ණ­යට තෝරා ගත්තේ කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග ඒක­කයේ රෝගීන් 120 දෙන­කුව. එයින් 60 දෙන­කුට ‘මගේ බත් පිඟාන’ ක්‍රම­යට මාස 3 ක් කෑම දුන්නා. ඉතිරි 60 දෙනාට හෘද රෝග සාය­න­යෙන් උප­දෙස් දෙන ආකා­ර­යට තෙල් අඩු ලුණු අඩු ආහාර ඔවුන් ගන්නා පිළි­වෙ­ළ­ටම ගන්න කිව්වා. මාස තුන­කට පසුව ඔවුන්ගේ බර මැනලා බැලු­වාම ‘මගේ බත් පිඟාන’ට අනුව ආහාර ගත් අයගේ බර සැල­කිය යුතු මට්ට­මට අඩු වී තිබුණා. සිරුරේ බර වගේ ම ඉණ වටා ප්‍රමා­ණය, ශරී­රයේ අඩංගු සීනි ප්‍රමා­ණය අඩු වුණා. මේ රෝගීන්ගේ කොලෙ­ස්ට­රෝල් මට්ටම අපි මැන බැලුවේ නැත්තේ ඔවුන් හෘද රෝගීන් නිසා කොහො­ම­ටත් ඔවුන්ගේ කොලෙ­ස්ට‍රෝල් පාල­නය වීමට සාය­න­යෙන් ඖෂධ ලබා­දෙන නිසයි. මේ අනුව ‘මගේ බත් පිඟාන’ සිරුරේ බර අඩු කර ගැනී­ම­ටත් බෝ නොවන රෝග අඩු කර ගැනී­ම­ටත් බල­පාන ආකා­රය අපි පරී­ක්ෂ­ණ­ය­කින් ඔප්පු කළා” යනු­වෙන් සාය­නික පෝෂ­ණ­වේදී විශේ­ෂඥ වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය වෛද්‍ය රනිල් ජය­ව­ර්ධන පැහැ­දිලි කළේ ය.

‘මගේ බත් පිඟාන’ ක්‍රමය උප­යෝගි කර ගත හැක්කේ බත්, නූඩ්ල්ස්, පැස්ටා හා මැක­රෝනි වැනි ආහා­ර­ව­ලට පමණි. මෙය ඉඳි­ආප්ප, ‍ආප්ප, රොටී, පිට්ටු වැනි ආහාර සඳහා යොදා­ගත නොහැක්කේ එම ආහාර සමඟ එළ­වළු ආහා­ර­යට ගැනීමේ පුරු­ද්දක් අපට නැති නිසා ය.

එමෙන් ම එළ­වළු පිස ගැනී­මේදී පොල්ව­ලට වැඩි වතුර ප්‍රමා­ණ­යක් එකතු කර පොල් කිරි දියර ගති­යෙන් සකස් කර ගැනීම වැද­ගත් ය. කොළ මැල්ලුම් පිළි­යෙල කර ගැනී­මේදී ද තලා ගත් පොල් හෝ වරක් මිරිකා ගත් පොල් මැල්ලු­මට එක්කර ගත යුතු ය. මාළු පිස ගැනී­මේදී මිරි­සට පිස ගැනී­මෙන් හෝ ඇඹුල් තියල් ලෙස සකස් කර ගැනී­මෙන් සෞඛ්‍ය සම්පන්න ලෙස ‘මගේ බත් පිඟාන’ ප්‍රයෝ­ජ­න­යට ගත හැකි ය.

‘මගේ බත් පිඟාන’ ආහාර පිළි­යෙල කර­ගන්නා ආකා­රය පිළි­බ­ඳව විශේ­ෂඥ වෛද්‍ය රනිල් ජය­ව­ර්ධන විසින් පොතක් පළ කර තිබේ.

‘මගේ බත් පිඟාන’ ට අනුව පිඟා­නෙන් ½ ක් ම පුරවා ගත යුත්තේ එළ­ව­ළු­ව­ලිනි. එළ­ව­ළු­වල ඇති විශේෂ ගුණ සහ ලෙඩ ‍රෝගව­ලින් වැළකී සිටී‍ෙම් හැකි­යාව ගැන අප මඳක් අව­ධා­නය යොමු කළ යුතු වන්නේ එබැ­විනි. එළ­වළු සහ පල­තු­රු­වල ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණය අඩංගු ය. මෙම ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණය නිසා ශරී­රයේ සෑම අව­ය­ව­ය­කම මුක්ත ඛණ්ඩ ඉවත් වී, ඒවා නිරෝගී ලෙස ක්‍රියා කිරී­මට පටන් ගනී. එම අව­යව තමන්ට නිය­මිත කාර්ය­යන් නිසි පරිදි ඉටු කරයි.

මේ අනුව අග්න්‍යා­ශය නිරෝ­ගීව ක්‍රියා කර­මින් දිය­වැ­ඩි­යාව පාල­නය කිරී­මට අවශ්‍ය ඉන්සි­යු­ලින් නිප­ද­වයි. අක්මාව ප්‍රෝටීන සංශ්ලේ­ෂ­ණය, විෂ­හ­ර­ණය, හෝමෝන සම­තු­ලිත කිරීම වැනි එයට නිය­මිත වූ කාර්ය­යන් ඉටු කරයි.

ආහාර මාර්ග පද්ධ­තිය, මොළය, ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය, හෘදය වස්තුව ඇතුළු සිය­ලුම ඉන්ද්‍රි­ය­යන් තම තමන්ගේ කාර්ය­යන් ක්‍රියා­ශී­ලීව සිදු කරයි. ඊට අම­ත­රව ශරී­රයේ විෂ වර්ග ඉවත් කිරීමේ හැකි­යා­වක් ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණය සතු ය.

ආහාර මාර්ගයේ දී සහ අක්මාව තුළදී විෂ වර්ග න‍ිෂේ­ධ­නය කෙරේ. ඊට හේතු වන්නේ අක්මාව, වකු­ගඩු සහ වසා පද්ධති වැනි අව­යව ඉතා හොඳින් නිරෝ­ගීව ක්‍රියා කිරී­මයි.

මෙම ප්‍රති­ඔ­ක්සි­කා­රක ගුණ­යට අම­ත­රව රෝග නිවා­ර­ණය කරන ස්වාභා­වික රසා­ය­නික සංඝ­ටක සිය ගණ­නක් එළ­ව­ළු­වල අඩංගු වී ඇත. උදා­හ­ර­ණ­යක් ලෙස මුරුං­ගා­වල විට­මින් ඒ, සී, පොටෑ­සි­යම්, මැග්නී­සි­යම්, යකඩ, ඇම­යිනෝ අම්ල වැනි පෝෂණ සංඝ­ටක රාශි­යක් අඩංගු බැවින් මුරුංගා පිළිකා නාශක, පෝෂණ ගුණ­යෙන් අනූන එළ­ව­ළු­වක් වශ­යෙන් දැක්විය හැකි ය. එළ­වළු අපේ ආහා­ර­යට වැඩි­පුර එකතු කරගැනීම ඉතා වැද­ගත් වන්නේ එම­නිසා ය.

Comments