ප්‍රශ්න මැදට පනින නායකයෝ | සිළුමිණ

ප්‍රශ්න මැදට පනින නායකයෝ

දිනය - 2020.01.09

වේලාව - උදෑ­සන 10.20

ස්ථානය - කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය

ඒ වන විටත් එහි සිටි වෛද්‍ය­වරු තිදෙනා කාර්ය­බ­හු­ලව රෝගීන් පරික්ෂා කර­මින් සිටි­යේය.

එ් ස්ථාන­යට සාමාන්‍ය කෙනකු ලෙස පැමිණි විශේෂ පුද්ග­ල­යකු එක­ව­රම වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් අසා සිටියේ

“කොහො­මද රාජ­කා­රිය?

හොඳින් කර­ගෙන යන­වාද?

මොන­වද ඔබ­ලාට තිබෙන අඩු­පාඩු?

වෛද්‍ය­ව­රයා තිගැස්සී ගියේය. ඔහු­ගෙන් එලෙස විමසා සිටියේ ශ්‍රී ලංකාවේ හත්වන විධා­යක ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙලෙස තමන් ඉදි­රියේ සිටිනු ඇතැයි එහි සිටි වෛද්‍ය­ව­රුන් කිසි­සේත් නොසි­ත­න්නට ඇත. ඔහු එ් ස්ථාන­යට පැමි­ණෙන බව දැන සිටියේ ජනා­ධි­ප­ති­ව­රයා සහ ඔහුගේ රිය­දුරු මෙන් ම ආර­ක්ෂා­වට පැමි­ණෙන ආර­ක්ෂක නිල­ධා­රීන් කිහි­ප­දෙනා පමණි.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ දැනට පව­තින ගැටලු සම්බ­න්ධව වෛද්‍ය­වරු මෙන් ම එහි කාර්ය මණ්ඩ­ලය අතර ඉතා සුහද කතා­බ­හක නිරත වූ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එහිදී සාකච්ඡා කරනු ලැබූ කරු­ණු­ව­ලදී අනා­ව­ර­ණය වූ ගැටලු වලට හැකි ඉක්ම­ණින් විස­ඳුම් ලබා­දීම සඳහා කඩි­නම් පිය­වර ගන්නා බව රෝහලේ කාර්ය මණ්ඩ­ල­යට පොරොන්දු විය.

වෛද්‍ය­වරු සහ එහි කාර්ය මණ්ඩ­ලය හමු­වී­මෙන් පසු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජාතික රෝහල තුළ සිදු කළ හදිසි නිරී­ක්ෂණ චාරි­කා­වේදී රෝහල් භූමියේ රැඳී සිටි සාමාන්‍ය ජනයා මෙන් ම රෝගීව ප්‍රති­කාර ලබා­ග­න්නට පැමිණි පිරිස අත­රට යෑම ද විශේ­ෂ­ත්ව­යකි.

“ඔබලා මොක­ටද ආවේ” ජනා­ධි­ප­ති­ව­රයා මෙසේ විමසා සිටියේ රෝහ­ලට පැමිණ සිටි පුද්ග­ල­යන් කිහි­ප­දෙ­න­කු­ගෙනි.

එහිදී කිහි­ප­දෙ­නෙකු රෝගීන් බැලීම සඳ­හාත් තවත් කිහි­ප­දෙ­නෙකු බෙහෙත් ලබා ගැනීම සඳ­හාත් පැමිණි බව සඳ­හන් කළේය.

ඒ අතර සිටි පුද්ග­ල­යකු

“ජනා­ධි­ප­ති­තු­මනි අයි.සී.යූ. වල බෙහෙත් සහ බඩු නෑ” කීවේය.

තවත් අයකු

“ජනා­ධි­ප­ති­තු­මනි සකර් කැතීටර් (සෙම ඇදීම සඳහා යොදා ගන්නා උප­ක­රණ) නෑ” යැයි කීවේය.

ඒ ආකා­ර­යට ජන­තාව සිය ගැටලු ජනා­ධි­ප­ති­ව­රයා වෙත ඉදි­රි­පත් කළහ. එ් පහ­සු­කම් ඔවු­නට හැකි ඉක්ම­ණින් ලබා දෙන ලෙස ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී අදාළ අංශ වෙත උප­දෙස් ලබා දුන්නේ ය.

මේ තරම් විශාල පිරි­සක් රෝහල වෙත පැමි­ණෙන්නේ ඇයි දැයි මෙහිදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා එහි සිටි ජන­තා­ව­ගෙන් විමසා සිටි අතර, ඔවුන් ප්‍රකාශ කර සිටියේ තමන් පැමි­ණෙන්නේ කොළ­ඹින් බැහැර දුර ප්‍රදේ­ශ­වල සිට බවය; එයට හේතුව තමන් ජීවත් වන ප්‍රදේ­ශයේ රෝහ­ල්වල බෙහෙත් හිඟ­යක් ඇති නිසා බවත් එසේ නැති බෙහෙත් ගැනී­මට නම් ජාතික රෝහල වෙත පැමි­ණිය යුතු බවත් ය.

ඒ අතර රෝහල් භූමිය තුළ විශාල පිරි­සක් සිට­ගෙන සිටි අයුරු දුටු ජනා­ධි­ප­ති­ව­රයා අදාළ බල­ධා­රින්ට උප­දෙස් ලබා දෙමින් සඳ­හන් කළේ තාප්ප ඉවත් කර මේ ප්‍රදේ­ශය විවෘත ප්‍රදේ­ශ­යක් ලෙස සකස් කර ජන­තා­වට අසුන් ගැනීම සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන ලෙසයි.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දැක බලා ගැනීම සඳහා ද එ් ස්ථාන­යට විශාල පිරි­සක් එක්රොක් වූහ.

කඩි­නම් මෙන් ම මිත්‍ර­ශීලී රාජ්‍ය සේවා­වක් ජන­තා­වට ලබා­දීම සඳහා ජනා­ධි­පති ගෝඨා­භය රාජක්ෂ මහතා මේ ආකා­ර­යට රාජ්‍ය ආය­ත­න­ව­ලට හදි­සියේ පැමි‍ණි ප්‍රථම අව­ස්ථාව මෙය නොවන අතර, ඊළඟ මොහොතේ කුමන රාජ්‍ය ආය­ත­න­ය­කට හෝ කුමන ස්ථාන­ය­කට පැමි­ණෙනු ඇතැයි ද කිසි­වකු නොදන්නා අතර එය ඔහු පම­ණක් දැන සිටීම ද විශේ­ෂ­ත්ව­යකි.

මීට ඉහ­තදී මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තු­වට සහ මෝටර් රථ දෙපා­ර්ත­මේ­න්තු­වට ද ගොස් ජනා­ධි­ප­ති­ව­රයා එහි ක්‍රියා­කා­රී­ත්වය සොයා බැලු­වේය.

මෙලෙස ජනා­ධි­ප­ති­ව­රයා රාජ්‍ය ආය­ත­න­ව­ලට නොදන්වා හදි­සියේ යෑම නිසා එහි පැමි­ණෙන ජන­තා­වට විශේෂ සහ­න­යක් ලැබී තිබේ. රාජ්‍ය සේවාවේ ඇතැම් සේවා ලබා ගැනීම සඳහා මුදල් විය­දම් කිරී­මට සාමාන්‍ය ජන­තා­වට සිදු වූ අතර එසේත් නැත්නම් අල්ලස් ලබා දිය යුතු අතර මේ වන විට එය නතර වී ඇති බව වාර්තා වේ.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ක්‍රියා කර­මින් සිටින්නේ ඉතාම ප්‍රායෝ­ගි­කව ය. ඔහු අවශ්‍ය තැනට අවශ්‍ය දේ මෙන් ම ඍජු තීරණ ගනි­මින් සිටියි. මේ එවැනි තවත් සිදු­වී­මකි.

කොළඹ ලේක්හ­වුස් ආය­ත­නය ඉදි­රි­පි­ටින් එසේත් නැත්නම් ලෝටස් මාර්ගය හරහා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය වෙත උද්ඝෝ­ෂණ, විරෝ­ධතා පාමින් පැමි­ණෙන ‍නොයෙක් වෘත්තීය සමිති සංගම්, ශිෂ්‍ය සංග­ම්ව­ලට කඳුළු ගෑස් ප්‍රහාර, පොලිස් ප්‍රහාර එල්ල වනු අප දැක ඇත්තෙමු.

ඉකුත් 2020.01.09 වැනි බ්‍රහ­ස්ප­තින්දා ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් සර­සවි ශිෂ්‍ය­යන් උද්ඝෝ­ෂණ පව­ත්ව­මින් විරෝ­ධතා පා ගම­න­කින් ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය දෙසට පැමි­ණියේ ය.

මහ­පොළ සහ ශිෂ්‍යා­ධාර වැඩි කිරී‍මේ ඇතුළු ඉල්ලීම් හයක් අර­මුණු කර ගනි­මින් මේ උද්ඝෝ­ෂණ ව්‍යාපා­රය දිය­ත්කර තිබුණි.

ඔවුහු පෙළ­පා­ළි­යෙන් පැමිණ ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය ඉදි­රි­පිට රැස්වූහ.

මේ පිළි­බ­ඳව කරුණු සැල­වී­මත් සමඟ ජනා­ධි­ප­ති­ව­රයා එ් සිසුන්ට කිසිඳු බාධා­ව­කින් තොරව ජනා­ධි­පති කාර්යා­ලය අබි­ය­සට පැමි­ණී­මට අව­ස්ථාව සල­සන ලෙස සියලු ආර­ක්ෂක අංශ­ව­ලට උප­දෙස් ලබා දුන්නේ ය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ ජනා­ධි­පති ලේක­ම්ව­රයා ඒ මොහාතේ රාජ­කාරි කට­යු­ත්තක් සඳහා එ් ස්ථාන­යෙන් පිටව ගොස් තිබුණි.

මේ සඳහා ජනා­ධි­ප­ති­ව­රයා විසින් ජනා­ධි­පති අති­රේක ලේක­ම්ව­ර­යකු මෙන් ම උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු සමඟ ශිෂ්‍ය නියෝ­ජි­ත­යන්ට සාක­ච්ඡා­වක් ලබා දීමට පිය­වර ගනු ලැබීය.

අන­තු­රුව එ් ශිෂ්‍ය නියෝ­ජිත පිරිස ලේකම් කාර්යා­ල­යට කැඳවා ඔවුන්ට තේ පැන් සංග්‍ර­හ­යක් ද ලබාදී ඒ ගැට­ලු­වට කඩි­නම් විස­ඳුම් ලබා­දී­මට කට­යුතු කර තිබූ අතර, ශිෂ්‍ය සංගම් නියෝ­ජි­ත­යන් ජනා­ධි­ප­ති­ව­ර­යාට ස්තුති කර ඉන් පිටත්ව ගොස් තිබුණි.

සිසුන්ට මේ ආකා­ර­යේම සංග්‍ර­හ­යක් ඊට පෙර සතියේ ද ලබා දුන්නේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාය. මහ­පොළ ශිෂ්‍යා­ධා­රය වැඩි කරන ලෙස උද්ඝෝ­ෂ­ණය කර­මින් මහා සිසු පෙළ­පා­ළි­යක් වෝඩ් පෙදෙස අමා­ත්‍යං­ශය දෙසට පැමි­ණෙන වග කල් තියාම දැන ගත් පොලි­සිය එය පාල­නය කිරී­මට අවශ්‍ය පිය­වර ගත්තේය. එහෙත් අමා­ත්‍ය­ව­රයා පොලි­සි­යට පවසා තිබුණේ ඔවුන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර එල්ල නොක­රන ලෙසය. වෙනදා අමා­ත්‍යංශ ගේට්ටු­වෙන් සිසුන් දෙතුන් දෙන­කුට සාකච්ඡා සඳහා අමා­ත්‍යංශ පරි­ශ්‍ර­යට පැමි­ණෙනු වෙනු­වට සිය­ලුම සිසුන්ට ඇතු­ළට පැමි­ණී­මට ඉඩ­කඩ සැල­සීය. අමා­ත්‍ය­ව­රයා ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

මේ වන විට මහ­පොළ අර­මු­දල අව­භා­විත වීම සම්බ­න්ධ­යෙන් තමා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කර ඇති බව ද සිසුන්ට දැන්වූ අමා­ත්‍ය­ව­රයා ශිෂ්‍ය­යන්ට යෝජනා කළේ යළිත් මහ­පොළ ලොත­රැ­යිය අරඹා මහ­නු­ව­රට පෙළ­පා­ළි­ය­කින් ගොස් ටිකට් විකුණා අර­මු­දල තර කරමු කියාය.

ඒ නිසා එම ශිෂ්‍ය උද්ඝෝ­ෂ­ණය සිසුන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර ගසන බ්‍රේකින් නිවුස් එකක් වීම වැළ­කුණා යයි අමා­ත්‍ය­ව­රයා මාධ්‍ය­වේ­දීන්ට කීවේය.

Comments