දේශීය ආදා­යම් ඉති­හා­සයේ වැඩිම බදු ආදා­යම ගිය වසරේ | සිළුමිණ

දේශීය ආදා­යම් ඉති­හා­සයේ වැඩිම බදු ආදා­යම ගිය වසරේ

 

මිලි­යන 21ක් වූ මෙරට ජන­තා­වගේ සමාජ ආර්ථික සංව­ර්ධ­නය උදෙසා සහ විශේ­ෂ­යෙන් සුබ­සා­ධ­නය සැල­සීම සඳහා රජ­යට අවශ්‍ය අර­මු­දල් සප­යා­ගනු ලබන්නේ බදු ආදා­ය­මෙනි. එලෙස රටේ සංව­ර්ධ­න­යත් ජන­තා­වගේ දියු­ණු­වත් සැල­සී­මට ඉව­හල් වන ආදා­යම් එකතු කර­ගැ­නීම රජයේ බදු ප්‍රති­ප­ත්තිය වුව එහිදී ආදා­යම් උත්පා­ද­න­යට මිස ජන­තාව තළා පෙළා දැමී­මට රජය කිසි විටෙ­කත් ක්‍රියා නොක­රයි.

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබී ඇති බල­තල පාවි­ච්චි­යට ගෙන පෞද්ග­ලික අර­මුණු ඉටු කර­ගැ­නී­මට කට­යුතු නොකි­රී­මට සියලු දෙනා වග බලා ගනි­මින් සිටියි. ඒ අනුව වසර 2019 තම දෙපා­ර්ත­මේ­න්තු­වට සුවි­ශේෂී වස­රක් විය. රුපි­යල් බිලි­යන 785ක් තරම් වූ වැඩිම බදු ආදා­ය­මක් ලබා­ග­නි­මින් තම දෙපා­ර්ත­මේ­න්තුව ඉති­හා­සයේ වැඩිම බදු ආදා­යම් ඉපැයූ වර්ෂය ලෙස පසු­ගිය වසර සනි­ටු­හන් කළේය.

වසර 2019දී රු. බිලි­යන 799ක බදු ආදා­ය­මක් අය කර­ගැ­නී­මට ඉලක්ක කර තිබිණි. එම ඉල­ක්ක­යෙන් 98.5%ක් සපුරා ගැනී­මට සමත් වී තිබේ.

වසර 2018ට සාපේ­ක්ෂව වසර 2019දී දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව විසින් ආදා­යම් එකතු කිරීම 122%කින් වර්ධ­නය කර­ගෙන ඇත.

වසර 2018දී එම දෙපා­ර්ත­මේ­න්තුව ඉපැයූ ආදා­යම රු. බිලි­යන 650ක් විය. එය 2019 දී රු. බිලි­යන 785ක් ලෙස රු. බිලි­යන 135කින් ඉහළ දමා­ගැ­නී­මට සමත් වීම සතු­ටට කරු­ණකි. වසර 2019 අප්‍රේල් 21 වැනි දා සිදුවූ පාස්කු ප්‍රහා­ර­යෙන් මෙරට සංචා­රක සුළු හා මධ්‍ය පරි­මාණ ස්වයං‍රැ­කියා අප­න­යන ඇතුළු අංශ ගණ­නා­වක ආර්ථික ක්‍රියා­කා­ර­කම් පසු­බෑ­ම­කට ලක් විය. එවන් තත්ත්ව­යක් තුළ පවා මේ අන්ද­මට ආදා­යම් ඉලක්ක ළඟා කර ගැනී­මට හැකි වීම සතු­ටට කරු­ණකි.

වසර 2018ට සාපේ­ක්ෂව වසර 2019දී ආදා­යම් බද්ද 160%ක ප්‍රති­ශ­ත­ය­කින් වර්ධ­නය කර­ගෙන ඇත. ඊට අම­ත­රව උප­යන විට ගෙවීමේ බද්ද 119%කින් සහ රඳවා ගැනීමේ බද්ද 109%කින් වර්ධ­නය කර­ගෙන ඇත.

වසර 2020 දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ රාජ­කාරී කට­යුතු ආරම්භ කර­මින් පැවැති උත්සව සභාව අමතා අද­හස් දැක්වූ නඳුන් ගුරුගේ මහතා මෙසේද සඳ­හන් කළේය.

2019 වර්ෂය ගෙවා දමා 2020 නව වර්ෂය ආරම්භ වන මේ මොහො­තින් ඔබව රාජ­කා­රි­මය වශ­යෙන් අම­තන්නේ ඉතා සතු­ටින් බව කිව යුතුයි. අති­ශය දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­යක් ගෙවා දම­මින් දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත්, රට­ටත්, ඔබ අප සියලු දෙනා­ටත් 2020 වර්ෂය නැවුම් අලුත් බලා­පො­රොත්තු රැගෙන අප පැමිණ තිබෙ­නවා.

ඒ සැම­ගේම බලා­පො­රොත්තු ඉටු කර­ගැ­නීම පිළි­බඳ අප ගැඹු­රෙන් සිතා කට­යුතු කළ යුතු වෙනවා. දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව කියන්නේ රටේ ඉහ­ළම ආදා­යම් ලබන ජන­තාව සමඟ පුර­වැ­සි­යන් සමඟ සමී­පව කට­යුතු කරන ඔවුන් වෙත සේවා ලබා­දෙන ආය­ත­න­යක්. අප එසේ ලබා­දෙන සේවාවේ ගුණා­ත්මක බව අනුව ඔවුන් රජය වෙත ගෙවන බදු මුදල් තීර­ණය වෙන්න පුළු­වන්.

දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්ය­සා­ධන මට්ටම රඳා පව­තින්නේ මෙන්න මේ ආදා­යම් ඉප­යීම මත කියන එක අපි කවු­රුත් දන්න දෙයක්. අපි සේවය ලබා­දෙන්නේ රජයේ බදු ප්‍රති­ප­ත්තිය රට තුළ ක්‍රියා­ත්මක කිරී­මෙන්. එත­කොට රජ­යන්, ප්‍රති­පත්ති සම්පා­ද­ක­ය­නුත්, බදු උප­දේ­ශ­ක­යන්, බදු ගෙවන ජන­තා­වත් මේ පිළි­බඳ උන­න්දු­වෙන් විම­සි­ල්ලෙන් බලා සිටි­නවා. අපට මේ අණ­ප­නත් දේශීය ආදා­යම් පනත, එකතු කළ අගය මත බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, ජාතිය ගොඩ­නැ­ඟීමේ බදු පනත ක්‍රියා­ත්මක කිරීමේ බල­තල දීල තියෙන්නේ එම­ඟි­නුත් ආදා­යම් උත්පා­ද­න­යට මිස බදු ගෙවන ජන­තාව තළා පෙළා දැමී­මට ‍ඔවුන්ව පීඩ­න­යට භාජ­නය කිරී­මට ඔවුන් අප­හ­සු­තා­වට පත් කිරී­මට නොවෙයි. එම බලය පාවිච්චි කරලා පෞද්ග­ලික අර­මුණු ඉටු කර­ගැ­නී­මට නොවෙයි. ඒ බව රජයේ නිල­ධා­රීන් ලෙස අප සියලු දෙනා මේ නව වසර ආරම්භ වන මොහොතේ තදින් සිහි­තබා ගත යුතු වෙනවා.

මෙය කාර්යා­ලයේ ගේට්ටුව අසල සේවයේ යෙදී සිටින ආර­ක්ෂක නිල­ධා­රි­යාගේ සිට කොම­සා­රිස් ජන­රාල් වන මා දක්වාම එකසේ වලං­ගුව පව­තින බව අප සිහි­පත් කළ යුතු වෙනවා. ඒ අනුව මෙම වර්ෂයේ මුලින්ම මා සඳ­හන් කරන්නේ සිය­ලුම නිල­ධා­රීන්ගේ රාජ­කාරී විනය නිවැ­රදි කර­ගැ­නීම ආචාර ධර්ම අනුව කට­යුතු කිරීම, කිසිම නිල­ධා­රි­යෙ­කුට විරු­ද්ධව මහ­ජන පැමි­ණි­ල්ලක් නොලැ­බෙන අයු­රින් කට­යුතු කිරීම වැද­ගත් බවයි.

2020 ජන­වාරි 01 වන දිනෙන් ආරම්භ වන වසර 5 තුළදී රටේ සමස්ත ආය­තන පද්ධ­තිය ක්‍රියා­ත්මක විය යුතු වන්නේ ප්‍රධාන කරුණු ගණ­නා­වක් මුල් කර­ගෙන බව ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­යෙන් එළි­දක්වා තිබෙ­නවා. අප කවු­රුත් දන්නා පරිදි 'රට හදන සෞභා­ග්‍යයේ දැක්ම' ලෙස හඳු­න්වන්නේ එයයි. ඒ අනුව ඵල­දායි පුර­වැ­සි­යෙක්, සතු­ටින් ජීවත් වන පවු­ලක්, ගුණ­ග­රුක, වින­ය­ග­රුක සාධා­රණ සමා­ජ­යක් සහ සෞභා­ග්‍ය­මත් දේශ­යක් වශ­යෙන් කොටස් 4ක් යටතේ දක්වා තිබෙ­නවා. මේ යටතේ තමයි අප මුලින්ම දිවු­රුම ප්‍රති­ඥා­වක් ලබා­දෙ­මින් රාජ­කාරි ආරම්භ කළා. අපි ඒ අනුව අපගේ ආකල්ප වෙනස් කර­ගත යුතු වෙනවා. අපි ඒ සඳහා කැප වීමෙන් වැඩ කළ යුතු වෙනවා. අප සියලු දෙනාම තම සේවා සහ රාජ­කාරී විනය විත­රක් නොවෙයි පෞද්ග­ලික වින­යත් නිවැ­ර­දිව පව­ත්වා­ගැ­නී­මට දැඩිව කැප විය යුතු වන බව මා ඉතා දැඩිව අව­ධා­ර­ණය කර­නවා.

ඒ අනුව යමින් ආක­ල්ප­මය වෙන­සක් සහි­තව අපි 2020 වර්ෂ­යට සූදා­නම් වෙමු. දෙපා­ර්ත­මේ­න්තුව තුළ තව­මත් විස­ඳා­ගත යුතු ප්‍රශ්න රාශි­යක් තියෙ­නවා. ඒවා විස­ඳීම සඳහා හැකි සෑම පිය­ව­රක්ම අපි ගනි­මින් සිටි­නවා. දෙපා­ර්ත­මේන්තු ව්‍යුහය තුළ අපට ස්වාධී­නව ඇතැම් තීරණ ගන්න අමා­රුයි. අමා­ත්‍යාං­ශය කැබි­නට් මණ්ඩ­ලය වෙත පවා­ගෙන යන්න වෙනවා. 2019 වර්ෂ­යේදී දෙපා­ර්ත­මේ­න්තුවේ තිබූ ජ්‍යෙෂ්ඨ­ත්වය පිළි­බඳ ප්‍රශ්න, උස­ස්වීම් පිළි­බඳ ප්‍රශ්න, RAMIS ප්‍රශ්න සහ විනය සම්බන්ධ ගැටලු සියල්ල ද විසඳූ බව ප්‍රකාශ කළ යුතුයි. ඒ සම­ඟම 2019 වර්ෂයේ ආදා­යම් ඉල­ක්ක­යෙන් 99%ක් ළඟා කර­ගැ­නී­මට දායක වූ ඔබ සැම­ටත් මාගේ ස්තූතිය පුද කර සිටි­නවා. ඒ වගේම අපගේ අංශ කිහි­ප­යක් වැඩි පහ­සු­ක­ම්ව­ලින් යුතු නාරා­හේ­න්පිට මෙහෙ­වර පියස ගොඩ­නැ­ගි­ල්ලට යනවා. ඒ වගේම දෙපා­ර්ත­මේ­න්තු­වට ස්ථිර ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි කිරීමේ කට­යුතු ආරම්භ කිරී­ම­ටත් 2020 වර්ෂ­යේදී මා බලා­පො­රොත්තු වෙනවා.

Comments