දින 50ක් ඇතු­ළත කළ මහ වැඩ රැසක් | සිළුමිණ

දින 50ක් ඇතු­ළත කළ මහ වැඩ රැසක්

 

2019 නොවැ­ම්බර් 16 දා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී විජ­ය­ග්‍ර­හ­ණ­යෙන් බල­යට පත් වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මාගේ වැඩ­පි­ළි­වෙළ යටතේ වත්මන් රජය පසු­ගිය දින 50 තුළ ර‍ටේ සියලු දෙනා­ටත් රටේ ආර්ථි­ක­ය­ටත් විදේශ සබ­ඳ­තා­ව­ල­ටත් සෙත සල­සන වැඩ­ක­ට­යුතු රැසක් ඉටු කර ඇත.

 

ඒ යටතේ ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව සුර­කි­මින් ඕනෑම දියුණු රටක් සමඟ සිට­ගත හැකි ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟීමේ ක්‍රියා­දා­මය දැන් අරඹා ඇත.

ඒ අනුව දේශීය අභි­මා­නය හා ස්වෛරී­භා­වය සුර­කි­මින් ඕනෑම රටක් සමඟ සමව ගනු­දෙනු කළ හැකි ගෞර­වා­න්විත පාල­න­යක් ස්ථාප­නය කරන බවට අට වෙනි පාර්ලි­මේ­න්තුවේ සිව්වන සභා­වා­රය විවෘත කර­මින් සහ “සෞභා­ග්‍යයේ දැක්ම” ප්‍රති­පත්ති ප්‍රකා­ශය සභා­ගත කර­මින් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා ප්‍රකාශ කළේය.

ඒ වෙනු­වෙන් රටේ හැම­ටම හිත­කර තීන්දු තීරණ රැස­කට පසු­ගිය දින 50 තුළ එළඹ තිබේ.

විශේ­ෂ­යෙන් ශ්‍රී ලංකාවේ සංව­ර්ධන ක්‍රියා­දා­ම­යට සහ ලෝක ඉල්ලු­මට ගැළ­පෙන ශ්‍රම බළ­කා­යක් බිහි කිරීමේ අර­මු­ණින් තීන්දු තීරණ රැසක් ගෙන ඇති අතර, පාසල් මට්ටමේ සිටම ඒවා සැල­සුම් කර තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ඉන් වැද­ගත් පිය­ව­රක් වන්නේ පාසල් දහ­සක් ජාතික පාසල් ලෙස සංව­ර්ධ­නය කිරී­මයි. උසස් පෙළ සමත් සියලු සිසුන්ට සර­සවි වරම් සහ­තික කිරීම අධ්‍යා­ප­න­යෙන් පිරි­පුන් පර­පු­රක් රටට දායාද කිරීමේ අර­මු­ණින් ගත් වැද­ගත් තීන්දු­වකි. උසස් අධ්‍යා­ප­නය සඳහා සුදු­සු­කම් නොල­බන තරුණ තරු­ණි­යන් වෘත්තීය පුහු­ණුව සමඟ ඉංග්‍රීසි භාෂාව හා තොර­තුරු තාක්ෂ­ණය මුසු කර­ගත් සුහුරු තාක්ෂ­ණ­වේ­දීන් බවට පත්කි­රීමේ කඩි­නම් වැඩ­පි­ළි­වෙ­ළක් ද ක්‍රියා­ත්මක කර තිබේ.

ඉතා දිළිඳු පවු­ල්වල කිසිදු සුදු­සු­ක­මක් නොලත් රතුණ තරු­ණි­යන්ට කාර්ය සාධන බළ­කා­යක් යටතේ රැකියා ලක්ෂ­යක් බිහි­ක­ර­මින් ආර්ථික වශ­යෙන් නගා සිටු­වීමේ වැඩ­පි­ළි­වෙළ ජන­වාරි 15 දා සිට ක්‍රියා­වට නැංවී­මට නිය­මි­තය.

ඉදිරි කාල­සී­මාව තුළ හෙද පාඨ­මාලා හදා­රන අය සහ ගුරු පුහු­ණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යෑමට සැල­සුම් සකස් කෙරෙ­මින් පවතී.

අධ්‍යා­ප­නය පිළි­බඳ කාර්ය­සා­ධන බළ­කා­යක් පිහි­ටුවා අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යෝජනා සැල­සුම් සහ­ග­තව හා විනි­විද භාව­ය­කින් යුතුව සිදු කිරී­මට පිය­වර ගෙන තිබේ.

ජාතික ආර­ක්ෂක විද්‍යා­ය­ත­න­යක් ස්ථාප­නය ‍කොට ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ඉහළ මට්ටමේ පාඨ­මාලා සකස් කිරී­මට කෙටු­ම්පත් සකසා ඇත.

රටේ දියු­ණු­වට බල­පාන වැද­ගත්ම අංශ­යක් වන්නේ රාජ්‍ය සේව­යයි. විධි­මත්, කාර්ය­ක්ෂම සහ සඵ­ල­දායී රාජ්‍ය සේව­යක් උදෙසා ජනා­ධි­ප­ති­තුමා තීන්දු තීරණ රැසක් ගත්තේය.

පොදු ජන ජීවි­ත­යට ඉතා සමීප සේවා සප­යන ආය­තන කිහි­ප­යක ජනා­ධි­ප­ති­තුමා නිරී­ක්ෂණ චාරි­කා­වල නිරත වූයේ ඒව‍ායේ කට­යුතු විධි­මත් කිරීමේ අර­මු­ණිනි.

රාජ්‍ය ‍ආයත­න­ව­ලට ප්‍රධා­නීන් පත් කිරීමේ දී විශේෂ විද්වත් කණ්ඩා­ය­ම­කින් යුත් කමි­ටුවේ නිර්දේශ ලබා­ගැ­නීම. රාජ්‍ය ආය­ත­න­වල ජනා­ධි­ප­ති­ව­ර­යාගේ හා විෂය භාර අමා­ත්‍ය­රු­වන්ගේ ඡායා­රූප ප්‍රද­ර්ශ­නය වෙනු­වට රාජ්‍ය ලාංඡ­නය ප්‍රද­ර්ශ­නය කිරීම, රාජ්‍ය ආය­තන ප්‍රධා­නීන්ගේ වැටුප් සංශෝ­ධ­නය, ලක්ෂ 20ක් වූ ටෙලි­කොම් සභා­පති වැටුප ලක්ෂ දෙක හමා­රක් දක්වා අඩු කිරීම ජනා­ධි­ප­ති­තු­මාගේ වැද­ගත් තීරණ අතර වේ. රාජ්‍ය ආය­තන ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය පූර්ණ විනි­වි­ද­භා­ව­යෙන් සිදු කිරී­මට උප­දෙස් දීම, රාජ්‍ය ආය­ත­න­වල අන­වශ්‍ය සියලු උත්සව නතර කීරී­මට උප­දෙස් දීම, සේවය බඳවා ගැනී­මේදී සිය­ලුම දිස්ත්‍රික්ක සමව ආව­ර­ණය වන පරිදි සුදු­ස්සන් තේරා පත්වීම් ලබා­දී­මට සැල­සුම් කිරීම රාජ්‍ය සේවය වෙනු­වෙන් ගත් වැද­ගත් තීන්දු තීරණ අතර වේ.

දේශීය කෘෂි­ක­ර්මා­න්තය දියුණු කර­මින් අපේ උරු­මය සහ අන­න්‍ය­තාව මත ගොඩ­නැ­ගෙන ආර්ථික ප්‍රති­ප­ත්ති­ය­කට ජනා­ධි­ප­ති­තුමා මුල් තැන දී තිබේ.

ඒ යටතේ කුරුඳු, ගම්මි­රිස්, රට­කජු, බඩ ඉරිඟු, ඉගුරු කහ, පුවක් ආදිය පිට­ර­ටින් ගෙන්වීම නතර කරනු ලැබීය. ප්‍රති­අ­ප­න­ය­නය නතර කළේය.

රුපි­යල් මිලි­යන 300 නොඉ­ක්ම­වන සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර විසින් ලබා­ගෙන ඇති ණය ආපසු අය කර ගැනී­‍ෙම්දී ඇප­යට තබා ඇති දේපළ වෙන්දේ­සිය වහාම අත්හි­ටු­වන ලෙස උප­දෙස් දීම. සරුං­ගල්, පහන් කූඩු වැනි නිෂ්පා­දන පිට­ර­ටින් ආන­ය­නය පාල­නය කිරී­මට නීති සැක­සීම, රාජ්‍ය ආයෝ­ජන, ජාතික සංව­ර්ධන සැල­සුම්, ප්‍රස­ම්පා­දන ව්‍යාපෘති විශ්ලේ­ෂණ සහ කළ­ම­නා­ක­රණ අංශ කාර්ය­ක්ෂම කිරී­මට ජාතික ප්‍රති­පත්ති හා ක්‍රම­ස­ම්පා­දන කාර්යාං­ශ­යක් පිහි­ටු­වී­මද කරනු ලැබීය.

කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධ­නය සඳහා ගරු ජනා­ධි­ප­ති­තු­මාගේ සහ­භා­ගී­ත්ව­යෙන් අන්තර් අමා­ත්‍යාංශ කාර්ය­සා­ධන බළ­කා­යක් ස්ථාප­නය කිරීම කළ අතර දේශීය කර්මාන්ත සහ ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ අමු­ද්‍රව්‍ය මිල පාල­නය ඉලක්ක කර­ග­නි­මින් වැලි, පස් හා මැටි ප්‍රවා­හ­නය සඳහා වූ බල­පත්‍ර ක්‍රමය අහෝසි කරන ලදි. සාම්ප්‍ර­දා­යික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත කර්මා­න්ත­ක­රු­වන්‍ට අමු­ද්‍රව්‍ය ලබා­ගැ­නී­මේදී සිදු වූ අප­හ­සුතා වැළැ­ක්වී­මට අදාළ සං‍ශෝධන හඳුන්වා දීම, මස­කට රු. මිලි­යන 21ක කුලි­යක් ගෙවූ කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පෞද්ග­ලික ගොඩ­නැ­ගි­ල්ලෙන් ඉවත් කොට ගොවි­ජන මන්දි­ර­යට රැගෙන යෑම, තිරිඟු පිටි ඒකා­ධි­කා­රය නිසා පීඩා­වට පත් ජන­තා­වට සහ­න­යක් ලෙස සෙසු ආන­ය­න­ක­රු­ව­න්ටද තිරිඟු පිටි ගෙන්වී­මට ඉඩ ප්‍රස්තාව සැල­සී­මද පසු­ගිය දින 50දි සිදු කළේය.

ඒ සම­ඟම වැට් බදු උප­යන විට බදු අඩු කරනු ලැබූ අතර සියලු බැංකු තැන්පතු සඳහා වන රඳ­වා­ගැ­නීමේ බද්ද ද පොලිය ලක්ෂ දෙක­හ­මාර දක්වාවූ ප්‍රමා­ණ­යට අඩු කරනු ලැබීය.

ඉදිරි කන්නයේ සිට අස්වනු මිලදී ගැනීම විද්‍යා­නු­කූල ක්‍රම­වේ­ද­ය­කට සිදු කරන අතර දිව­යින පුරා වී ගබඩා පහ­සු­කම් පුළුල් කිරීම සහ විනා­ශවී යාමට ඉඩ හැර ඇති ගබඩා ප්‍රති­සං­ස්ක­ර­ණය සිදු කෙරේ.

රටට සහ ජන­තා­වට හිතැති රාජ්‍ය පාල­න­යක් වෙනු­වෙන් ද ජන­පති ලබා­දුන් ආදර්ශ බොහෝය.

කලින් පැවති ආණ්ඩු විවේ­ච­නය නොකර නව රජයේ වැඩ­පි­ළි­වෙළ කාර්ය­ක්ෂම ඉදි­රි­යට ගෙන යාම, රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආය­තන බවට පත් කිරීම, ජනා­ධි­පති කාර්ය මණ්ඩ­ලය හා පරි­වාර රථ සීමා කිරීම සහ ජනා­ධි­පති නිල නිවෙස ලෙස තමන්ගේ පදිංචි නිවෙ­සම තෝරා­ගැ­නීම ඒ අතර ප්‍රධාන වේ.

භාර­කාර ආණ්ඩුවේ කැබි­නට් මණ්ඩ­ලය 16කට සීමා කර­මින් අනා­ගත ආණ්ඩුවේ ඇමති මණ්ඩ­ලය සීමා කිරීම ද ඉතා වැද­ගත්ය. මහ­ජන මුද­ලින් සංව­ර්ධ­නය කෙරෙන මාර්ග සඳහා දේශ­පා­ල­න­ඥ­යන්ගේ රුව සහිත නාම පුවරු වෙනු­වට මාර්ගයේ නම සහි­තව රාජ්‍ය ලාංඡ­නය ප්‍රද­ර්ශ­නය කිරී­මට උප­දෙස් දීම, ධුර කාලය තුළ පාර්ලි­මේන්තු සැසි­වාර ආරම්භ කිරී­මේදී සිදු වන මුදල් නාස්තිය වළ­ක්වා­ල­මින් හමුදා උත්ත­මා­චාර වැනි දේ අව­ලංගු කිරී­මත් සිදු කරන ලදි.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මාගේ පොදු­ජන යහ­පත වෙනු­වෙන් වැද­ගත් තීන්දු-තීරණ රැස­කට එළඹ තිබේ.

පළමු වතා­වට නිවෙ­සක් මිල දී ගැනී­මේදී සහන පොලි­යක් සහිත දිගු­කා­ලීන ණය ප්‍රදා­නය, අනු­කූ­ලතා සහ­ති­කය (COC) එක් දින­කදී නිකුත් කිරීම, නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදි කිරී­මේදී නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැල­සුම් එක් දින­කදී අනු­මත කිරීම ඒ අතර ප්‍රමුඛ තීරණ අතර වේ. ඊට අම­ත­රව මාර්ග තද­බ­ද­යට වික­ල්ප­යක් ලෙස කි.මි. 10000ක අන්තර්-විකල්ප මාර්ග ජාල­යක් සකස් කිරී­මට කෙටු­ම්පත් සැක­සීම, දුර­ක­ථන ගාස්තු මත අය කර තිබූ බද්ද 25%කින් පහත දැමීම, 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම ද සිදු කළේ පසු­ගිය දින 50 ඇතු­ළ­තය.

ආපදා අව­ස්ථා­වල සහන සැල­සී­මට බාධා වන චක්‍ර­ලේඛ සංශෝ­ධ­නය කිරී­මට උප­දෙස් දීමත් රක්ෂි­ත­වල වාසය කරන පිරිස් සුදුසු ස්ථාන­වල පදිංචි කිරී­මට පිය­වර ගැනී­මත් සැහැල්ලු වාහන සඳහා රියැ­දුරු බල­පත්‍ර නිකුත් කිරී­මේදී අක්ෂි පරී­ක්ෂාව පම­ණක් සිදු කිරී­මත් සඳහා උප­දෙස් දීමද ජනා­ධි­ප­ති­තුමා සිදු­ක­රන ලදි.

දිව­යින පුරා කුඩා නගර අලං­කා­ර­වත් ලෙස නවී­ක­ර­ණය කොට සංව­ර්ධ­නය කිරී­මට පිය­වර ගැනී­මත් ජන­වාරි 01 සිට මාධ්‍ය­වල ප්‍රචා­රය වන ගීත සඳහා අදාළ ගායක ගායි­කා­වන් කර්තෘ­භාග ගෙවීම ආරම්භ කිරී­මත් පසු­ගිය දින 50 තුළ සිදු වූ ජන­හි­ත­කාමී කට­යුතු අතර ප්‍රධාන වේ.

ඉන්දි­යාව, චීනය සේම ලෝකයේ බල­වත් රාජ්‍ය­යන්ට අප කෙරෙහි විශ්වා­සය තබා අ‍පගේ අන­න්‍ය­තා­වට ගරු කර­මින් අපේ රටේ ආයෝ­ජන කිරී­මට ආරා­ධනා කිරීම ද දින 50 තුළ සිදු වූ ඉතා වැද­ගත් තීරණ අතර වේ.

පළාත් නවයේ ආර­ක්ෂාව සම්බන්ධ විශේෂ වග­කීම හමු­දා­වට භාර කර­මින් ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කිරී­මත් පරි­සර පවි­ත්‍ර­තාව පොලී­සියේ ‍සහ සෙසු කණ්ඩා­ය­ම්වල අව­ධා­න­යට ලක් කිරීම සඳහා වන ක්ෂණික වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­වට නැංවී­මත් ජාතික හා ජනතා හිත­කාමී කට­යුතු ලෙස හඳුන්වා දිය හැකිය.

පාතා­ලය හා මත්ද්‍රව්‍ය වැට­ලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළ­කා­යට බලය දීමද රට­ටම සෙතකි.

ස්වාධීන ආර්ථික ප්‍රති­ප­ත්ති­යක් කරා යන ගම­නට දිරි­යක් ලෙස වැඩ­ස­ට­හන් රැසක් පසු­ගිය කාලයේ සිදු­විය. සියලු දිස්ත්‍රි­ක්ක­යන්හි ඇති ආයෝ­ජන අවස්ථා හඳු­නා­ගෙන ඒ සඳහා අව­සර දීම රජය මඟින් සිදු­කර විදෙස් ආයෝ­ජ­ක­යන් ආක­ර්ශ­නය කර ගැනීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සීම. එම්සීසී ගිවි­සුම පිළි­බඳ සවි­ස්ත­රා­ත්මක අධ්‍ය­ය­න­යක් සිදු­කොට නිර්දේශ ඉදි­රි­පත් කිරී­මට විද්වත් කමි­ටු­වක් පත් කිරීම ද රටට එරෙ­හිව ක්‍රියා­ත්මක වන රාජ්‍ය නොවන සංවි­ධාන දහ­ස­කට අධික සංඛ්‍යා­වක් නියා­ම­න­යට පිය­වර ගැනීම ඒ අතර ප්‍රමුඛ කට­යු­තුය.

මේ සියලු කට­යුතු මඟින් රටට සුබ අනා­ග­ත­යක් මෙන්ම ජන­තා­වට හොඳින් ජීව­ත්වී­මට හැකි ආර්ථි­ක­යක් සහිත රටක් බිහි­වනු ඇත.

මේ දින 50 තුළ සිදු­කළ සියලු කට­යුතු මඟින් අනි­වා­ර්ය­යෙන්ම රටට සෞභාග්‍ය උදා­වනු නිය­තය. මෙලෙස ඉටු කළ වැඩ­ක­ට­යුතු හා සමාජ හිත­කාමී පිය­වර අතර මැති­ව­ර­ණ­යේදී පොරොන්දු වූ ඒවා මෙන්ම පොරොන්දු නොවූ නමුත් ජනතා හිත­කාමී කට­යුතු ද වෙයි.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නාය­ක­ත්වය ඇතුව මහින්ද රාජ­පක්ෂ අග්‍රා­මාත්‍ය තුමාගේ පූර්ණ සහාය හා අනු­ග්‍රා­හය ඇතිව සිදු වූ මේ වැඩ­පි­ළි­වෙළ නිසා රටේ සෑම සියලු දෙනා­ටම ඇතිවූ සෙත අගය කළ යුතුය.

 

Comments