අන්ත­ර්ජා­ලයෙන් නොදුටු කොට­වෙ­හෙරේ දැරි­යගේ කඳුළු කතාව | සිළුමිණ

අන්ත­ර්ජා­ලයෙන් නොදුටු කොට­වෙ­හෙරේ දැරි­යගේ කඳුළු කතාව

 

ව වසර උදාවී තෙදි­නක් ගෙවී­ගිය දින අන්ත­ර්ජා­ලයේ පළවූ වීඩියෝ දසුන් පෙළක් නෙත ගැටුණු සැවොම 'අනේ අපොයි' කිය­මින් සංවේදී වන්නට වූහ. ඒ හැඩි-දැඩි කාන්තා­වන් දෙදෙ­නෙකු විසින් දැරි­ය­කට අත්පා ගැට­ගසා බිම දාගෙන අමා­නු­ෂික ලෙස පහර දෙන ආකා­ර­යයි. ක්‍රිකට් පිත්තක්ද අතැ­තිව එක් කාන්තා­වක් එම දැරි­යට පහර දෙද්දී අනෙක් කාන්තාව ඇගේ කොණ්ඩ­යෙන් අදි­මින් පහර දුන්නෙ උම­තු­වෙන් මෙනි.

 

එම වීඩියෝ දසුන් පෙළ එදින රාත්‍රියේ එක්තරා විද්‍යුත් නාළි­කා­වක පුව­තක් ලෙස පළ­වී­මත් සමඟ ඒ ගැන වග­කි­ව­යුතු පාර්ශ්ව බොහො­ම­යක අව­ධා­නය යොමු විය.

එදින රාත්‍රි­යේම වාර්තා වූයේ එම සිදු­වීම කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ නික­වැ­ර­ටිය පොලිස් කොට්ඨා­සයේ කොට­වෙ­හෙර පොලිස් වසමේ අංක 254 ග්‍රාම වසමේ දිග­ත්තෑව ගම්මා­නයේ නිවෙ­සක් තුල සිදුව ඇති බවයි. දැරි­යට පහ­ර­දීමේ වීඩියෝ දසුන නෙත ගැටුණු කුරු­ණෑ­ගල දිසා බාර නියෝජ්‍ය පොලි­ස්පති බුද්ධික සිරි­ව­ර්ධන මහතා ඒ බව නික­වැ­ර­ටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි උපුල් චන්දන මහ­තාට එසැ­ණින් දැනුම් දුන්නේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා විසින් නික­වැ­ර­ටිය කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති එම්. එච්. චන්ද්‍ර­සිරි මහතා සහ කොට­වෙ­හෙර පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක කහ­ඳ­වල මහතා ඇතුළු විම­ර්ශන කණ්ඩා­යම් දෙකක් එක්ව අදාළ නිවෙස පරී­ක්ෂා­කොට එක් කාන්තා­වක් අත්අ­ඩං­ගු­වට ගැනිණි. අන­තු­රුව දැරි­යට පහර දුන් අනෙත් කාන්තා­වද ඊට යාබද නිවෙ­සක සිටි­යදී අත්අ­ඩං­ගු­වට පත් වූවාය. දැරි­යද වෙනත් නිවෙ­සක සිටි­යදී පොලිස් බාර­යට ගෙන රෝහ­ල්ගත කෙරිණි.

අමා­නු­ෂික පහර දීමට ලක්ව තිබුණේ 13 හැවි­රිදි බාල වය­ස්කාර දැරි­යකි. දැරි­යට පහර දුන්ඇගේ පුංචි අම්මා යැයි කියන කාන්තාව ගැබි­නි­යකි. අනෙක් කාන්තාව දැරි­යගේ පුංචි අම්මාගේ සොහො­යු­රිය යැයි කියනු ලැබේ. මේ කාන්තා­වන් දෙදෙනා විසින් දැරි­යට පහර දීමේ කතා­න්ද­රය පෙළ ගැසෙන්නෙ මෙලෙ­සිනි.

දැරි­යගේ මව මීට කල­කට පෙර වෙනත් විවා­හ­යක් කර­ගෙන ඇත. දැරි­යගේ පියා හිටපු ග්‍රාමා­ර­ක්ෂක භටයෙකි. ඔහු දෙවැනි බිරිය ලෙස 37 හැවි­රිදි නිල්මිනි රත්න­කු­මාරි සමඟ විවාහ වී ඇත. දැරිය සිය පියා සමඟ ජීවත් වූ අතර ඔහුගෙ දෙවැනි විවා­හ­යත් සමඟ දැරි­යට නොසිතු කර­දර වලට මුහුණ පාන්නට සිදුව ඇත.

කාල­යක්ම මේ දැරිය හැදී­වැඩි ඇත්තේ පරි­වාස බාර­යේය. ඒ දැරි­යගේ මව සහ පියා අතර වූ පවුල් ආර­වුල් හේතු­වෙනි. පරි­වාස බාරයේ සිටි දැරිය නිවෙ­සට ගෙන්වා­ගෙන ඇත්තේ ආච්චි අම්මා විසිනි. එසේ පැමි­ණී­මෙන් පසු ආච්චි සමඟ විසූ දැරිය, පසුව ආච්චි සම­ඟද විසී­මට නොහැකි බව පියාට පවසා ඇත. ඒ අනුව මීට මාස­ය­කට පමණ පෙරදී පහ­ර­කෑ­මට ලක්වූ නිවෙ­සට පැමිණ ඇති බවකි.

එම නිවෙ­සට පැමිණි දැරිය එදින සිටම පුංචි අම්මා­ගෙන් දස වධ විඳ ඇති බව පැවැසේ. ඒ බව දැරි­යගේ පියා දැන සිටි­යත් ඔහු ඊට කිසිදු ලෙස­කින් මැදි­හත් වී නැත. එසේ දැරි­යට පහර දුන් අවස්ථා ගණ­නා­ව­ක­දීම දැරි­යගේ ආච්චි අම්මා නික­වැ­ර­ටිය, කොට­වෙ­හෙර පොලිස් ස්ථාන­යන්හි ළමා හා කාන්තා කාර්යාං­ශ­ව­ලට පැමි­ණිලි කළත් වැඩක් වී නැත්තෙ එම නිල­ධා­රි­නි­යන් ඊට නිසි පිය­වර නොගැ­නීම නිසායි.

මේ අතර දැරිය මීරි­ගම ප්‍රදේ­ශයේ 17 හැවි­රිදි මධුක දිල්ෂාන් නමැති තරු­ණයා සමඟ ප්‍රේම සබ­ඳ­තා­වක්ද පවත්වා තිබු­ණාය. නිසි ලෙස දෙමා­පිය රැක­ව­ර­ණය, සෙනෙ­හස අහිමි වීම බාල වය­ස්කාර දැරිය එවන් ප්‍රේම­ය­කට මුල පිරී­මට හේතු වූවාට සැක නැත.

දැරිය සහ දිල්ෂාන්ගේ පෙම් පල­හි­ලව්ව ඇගේ පියා ද දැන සිට ඇත. දැරි­යගේ පෙම්වතා වන දිල්ෂාන් නිවෙ­ස­ටද යන එන බව වැඩි­හි­ටියෝ දැන සිටි­යහ.

අදාළ පහර දීමට දින කීප­ය­කට පෙර දිය­ණිය, පෙම්වතා සමඟ මීරි­ගම පෙම්ව­තාගේ නිවෙ­සට පැමිණ පසුව ඔහු සමඟ ආණ­ම­ඩුවේ පෙම්ව­තාගේ යහ­ළු­ව­කුගේ නිවෙ­ස­ටද ගොස් දින කීප­යක් සිටි බවට පෙම්වතා පොලි­සි­යට පවසා ඇත.

මේ අතර දැරිය නිවෙසේ නොමැති බව පුංචි අම්මා විසින් දැරි­යගේ පියාට දන්වා ඇත. පියා තම දිය­ණි­යගේ පෙම්ව­තාට කතා කොට විමසූ විට ඔහු පවසා ඇත්තේ ඔවුන් ආණ­ම­ඩුවේ මිතු­රෙ­කුගේ නිවෙසේ සිටින බවය.

මෙය අසා පිවසා පසා ඇත්තේ දිය­ණිය නිවෙ­සට කැඳ­වා­ගෙන එන ලෙසය. ඒ අනුව තරු­ණයා දැරිය නිවෙ­සට ඇර­ලවා ඇත.

එසේ පැමිණ දින කීප­යක් නිවෙසේ සිටි දැරි­යට පුංචි අම්මා දස වධ දී ඇත්තෙ කෑම-බීමද නොදෙ­මින් බව ආච්චි අම්මා පොලි­සි­යට කියා තිබු­ණාය.

පසු­ගිය 31 වැනිදා අදාළ වීඩියෝ දසුන් පෙළේ සඳ­හන් පහර දීම සිදුවූ දින ලෙස සැලවේ. එදින දැරි­යගේ පෙම්ව­තාද නිවෙ­සට පැමිණ ඇත. ඒ මොහොතේ දැරි­යට පුංචි අම්මා සහ ඇගේ සොහො­යු­රි­යක වන 35 හැවි­රිදි ග්‍රාම නිල­ධා­රි­නිය එක්ව අමා­නු­ෂික ලෙස පහර දෙන ආකා­රය වීඩි­යෝ­ගත කර තිබුණේ දැරි­යගේ පෙම්වතා විසිනි. තරු­ණයා එසේ වීඩි­යෝ­ගත කරද්දී එම වීඩියෝ දසුනේ වදන් පෙළක් ඇසෙන්නෙ මේ ගැන පොලි­සි­යට කියලා වැඩක් නැහැ. පොලි­සියේ කිහිප දෙනෙක්ම මගේ හිත­ව­තුන් යැයි පව­ස­මින් තර්ජ­න­යක්ද කරන ආකා­ර­යයි. එසේ පව­සන්නෙ ග්‍රාම නිල­ධා­රි­නිය බව­ටද සැලවේ.

එම ග්‍රාම නිල­ධා­රි­නිය කොට­වෙ­හෙර ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට අයත් මොන­න්කු­ලම 265 වසමේ ග්‍රාම නිල­ධා­රි­නය ලෙස සේවය කර තිබු­ණාය.

පහ­ර­දීම සිදුවූ දින දෙක­කට පෙර එම ග්‍රාම නිල­ධා­රි­නිය විශේෂ ළමා හිමි­කම් පිළි­බඳ වැඩ­මු­ළු­ව­ක­ටද සහ­භා­ගිවී ඇත. ළමුන් පිළි­බඳ විශේෂ දැනු­මක් ලබා දින දෙක­කින් මෙලෙස හැසි­රීම පිළි­බ­ඳව ඇයට එරෙ­හිව ගම්වා­සීහු දැඩි විරෝ­ධ­යක් පළ කළහ.

දැරි­යට පහර දීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත් පුංචි අම්මා වන ගැබිනි කාන්තාව සහ ග්‍රාම නිල­ධා­රි­නි­යක වන ඇගේ සොයු­රිය ද දැරි­යට පහර දෙන බව හොඳින්ම දැන සිටි ඇගේ පියා රෝෂාන්ද මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­ණා­ගා­ර­ගත කිරී­මට නික­වැ­ර­ටිය ‍මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි මහ­ත්මිය නියෝග කළාය.

බාල වය­ස්කාර දැරි­යක් අප­හ­ර­ණය කිරීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට පත් දැරි­යගේ පෙම්වතා යැයි කියනු ලබන දිල්ෂාන් නැමැත්තා පසුව ඇප මත මුදා හැරිණි.

අමා­නු­ෂික පහර දීමට ලක්වූ දැරිය මේ වන විටත් කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටී.

පසු­ගි­යදා ග්‍රාම නිල­ධා­රි­නි­යගේ වැඩ තහ­නම් කළ අතර ඇගේ නිවෙස සහ කාර්යා­ල­යද පොලි­සිය පරීක්ෂා කර තිබුණේ ඇය තම රාජ­කා­රිය හරහා ගම්වා­සී­න්ගෙන් අයුතු ප්‍රයෝ­ජ­න­ගෙන තිබේ­දැයි සොයා බැලී­ම­ටයි. ඉකුත් දින­ව­ලදී ද දැරි­යට සිදුවූ පහ­ර­දීම් පිළි­බ­ඳව පොලි­සි­යට පැමි­ණිලි කිරී­මට ගිය දැරි­යගේ මිත්ත­ණිය පව­සන්නෙ මෙවන් කතා­වකි.

“මේ කෙල්ල පුංචි කාලෙ­දි­මයි එයාගේ අම්මා වෙන කසා­ද­යක් කර­ගෙන ගියේ. ඊට පස්සෙ දරුවා හිටියේ පරි­වාස බාරයේ. 2017දී දැරිය පරි­වා­සෙන් නිද­හස් කර­ගන්න මට ලොකු වෙහෙ­සක් ගන්න සිදු වුණා.

පස්සෙ දරු­වගේ ආර­ක්ෂා­වට ගෙද­රට උළු­වහු ජනෙල් පවා හදලා දැම්මා. එහෙම ගෙදර ගෙනැත් ඉඳිද්දි තමයි දරු­වගේ තාත්තා ගෙදර නැති වෙලා­වට පුංචි අම්මයි එයාගේ නංගියි මේ විදි­හට දස වධ දෙන්නෙ. මේ විදි­හට සතෙ­කු­ට­වත් ගහ­නවා මං දැකලා නෑ.

මේ පුංචි අම්මා එයාට ලැබෙන්න හිටිය දරුවා ගැන­වත් හිතුවේ නෑ. මීට පෙරත් දරු­වට පහර දුන්නා. මම ඒ අව­ස්ථා­වල පොලි­සි­යට පැමි­ණිලි කළාට පොලි­සි­යෙන් උව­ම­නා­වෙන් පැමි­ණි­ල්ල­වත් ලියා­ගත්තෙ නෑ. පොලි­සිය ළමයා වෙනු­වෙන් සාධා­ර­ණය ඉටු­කළේ නෑ.

ළමා කාර්යාංශ නිල­ධා­රි­තු­මිය කීවේ මේක තවත් එක සිද්ධි­යක් නිසා ඒ ගැන කල­බල වෙන්න ඕන නෑ කියලා.

දැරි­යට මීට පෙරද පහර දුන් අව­ස්ථා­ව­ලදී පොලි­සි­යට පැමි­ණිලි කළත් ඊට නිසි ක්‍රියා­මාර්ග නොගැ­නීම හේතු­වෙන් කොට­වෙ­හෙර සහ නික­වැ­ර­ටිය පොලිස් ස්ථාන­වල ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානා­ධි­ප­ති­නි­යන් දෙදෙ­නාගේ සේවය අත්හි­ටු­වී­ම­ටද නික­වැ­ර­ටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි උපුල් චන්දන මහතා කට­යුතු කෙරිණි.

දැරි­යට අමා­නු­ෂික පහර දීම පිළි­බ­ඳව ජාතික ළමා­ර­ක්ෂක අධි­කා­රි­යෙන්ද විශේෂ විම­ර්ශ­න­යක් මේ වන විට ආරම්භ කර තිබේ. මෙකී සිදු­වීම ගැන මාධ්‍ය මඟින් අනා­ව­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් මාධ්‍ය­යට කෘත­ඥ­තාව පළ කරන ළමා­ර­ක්ෂක අධි­කා­රියේ සභා­පති මහා­චාර්ය මුදිත විදා­න­ප­ති­රණ මහතා පව­සන්නෙ,

“පහ­ර­කෑ­මට ලක්වූ දැරිය ගැන අප විශේෂ අව­ධා­න­යක් යොමු කර­නවා. මෙවැනි සිදු­වීම් නැව­තත් සිදු නොවිය යුතුයි. අපි දරු­වන්ගේ ආර­ක්ෂා­වට සහ ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන අවස්ථා වැළැ­ක්වීමේ කට­යුතු සම්බන්ධ විශේ­ෂ­යෙන් විම­ර්ශ­නය කර­නවා. රටේ කොතැ­නක හෝ දරු­වන්ට වධ­හිං­සන සිදු­වෙ­න­වා­නම් අපගේ 1929 ළමා උප­කා­රක සේවා­වට දැනුම් දෙන්න.“

සමා­ජය පිළි­බඳ දැනුම් තේරුම් නැති මල් කැකුළු වන් දරු­වන්ට දස වධ දෙන අම­නු­ස්ස­යන්ට එරෙ­හිව නැඟී සිටීම සෑම පුර­වැ­සි­ය­කු­ගේම යුතු­ක­මකි. එසේ නොමැ­තිව දෙයක් වූ පසු කෑමොර දීමෙන් පලක් නොමැති බවකි. එසේම වග­කි­ව­යු­ත්තන්ද දරු­වන්ට එරෙ­හිව සිදු­වන අක­ට­යු­තු­කම් කෙරෙහි දැඩි අව­ධා­න­යක් යොමු කිරීම අත්‍ය­ව­ශ්‍යම කරු­ණක් බව අව­ධා­ර­ණය කරමු.

 

ඡායා­රූප සහ පසු­බිම් තොර­තුරු එම්. එම්. ක්‍රිෂාන්

Comments