උඩ ඇඳුම ගලවා කෝලා බේරා­ගත් ඕස්ට්‍රේ­ලි­යාව ඔටු­වන්ට වෙඩි තබා නිරුවත් වෙයි | සිළුමිණ

උඩ ඇඳුම ගලවා කෝලා බේරා­ගත් ඕස්ට්‍රේ­ලි­යාව ඔටු­වන්ට වෙඩි තබා නිරුවත් වෙයි

ස්ට්‍රේ­ලි­යාවේ වෙසෙන විවිධ වර්ගයේ සතුන් බිලි­යන 1.2 ක පමණ සතුන් මිය­ගිය එරට ළැව්ගින්න හෙක්ටාර මිලි­යන 8ක වන ගහ­නය පුළුස්සා විනාශ කර දමා තිබේ. මේ හේතු­වෙන් එර­ටට බලපා ඇති උෂ්ණා­ධික නියං සහිත කාල­ගු­ණය හේතු­වෙන් ඕස්ට්‍රේ­ලි­යා­නු­වන්ට මුහු­ණ­දී­මට සිදුව ඇත්තේ වෙනස්ම ප්‍රශ්න වැල­කට ය. හැකි උප­රිම අයු­රින් සතුන් බේරා­ගැ­නීමේ මෙහෙ­යු­ම්වල නිරත වුවත් ඕස්ට්‍රේ­ලි­යා­වෙන් පසු­ගි­යදා ලද නර­කම ආරං­චි­යෙන් ලොවම සසල වූවාට සැක නැත. ඒ එරට වෙසෙන ඔටු­වන් දස දහ­සක් මරා­දැ­මී­මට රජය ගත් තීන්දු­වයි. එරට ආදි­වාසි ඇබො­ර්ජි­න්ව­රුන්ගේ නිල අව­ස­රය ද පසු­ගිය 07 වැනිදා ලැබී තිබූ බැවින් එතැන් සිට ගෙවෙන දින 5ක් තුළ මෙම ඔටු සංහා­රය අව­සන් කිරී­මට සැල­සුම් කර තිබුණි.

ඔටු­වන් දස­ද­හ­සක් මරා­දැ­මිය යුතු බවට ඕස්ට්‍රේ­ලි­යානු රජය තීර­ණ­ය­කට එළැ­ඹෙන්නේ මතුවූ උෂ්ණා­ධික තත්ත්ව­යත් සමඟ මෙතෙක් පාල­නය කර­ගත නොහැකි වූ ඔටු­වන් රංචු පිටින් නග­ර­යට වැදී ජල ටැංකි, ටැප් ආදි­යෙන් පවා විශාල වශ­යෙන් ජලය පානය කිරීම නිසාය. පානීය ජල අර්බු­ද­ය­කට මුහුණ දී සිටින ඕස්ට්‍රේ­ලි­යා­නු­වන්ට මේ ඔටු­වන් රංචු පිටින් නග­ර­යට වැදීම ඇති­කර ඇත්තේ සුළු­පටු කර­ද­ර­යක් නොවේ. සොබා­ද­හම ඔටු­වන් නිර්මා­ණය කර ඇත්තේ වර­කට විශාල ජලය ප්‍රමා­ණ­යක් සිරු­රට ගැනී­මෙන් පසුව දිගු කාල­යක් ජලය නොමැ­තිව සිටි­මින් වෙහෙස විය හැකි සත්ව­යකු ලෙසයි.

සොබා­ද­හමේ මේ නීතිය ඔටු­වන් බිහිවූ දේශ­යට මෙතෙක් ගැටලු සහ­ගත වූ අවස්ථා අස­න්නට ලැබී නොමැත. මන්ද යත් උන්ගේ ජීවන විලා­ශය අනුව ගැළ­පෙන රටක ඔටු­වන්ට ඉප­දී­මට සොබා­ද­හමේ තීර­ණය නිසයි. නමුත් ඕස්ට්‍රේ­ලි­යා­වට ඔටු­වන් ගැට­ලු­වක් වූයේ ඇයි? ඒ ඔවුන්ගේ දේශය නොවේ. මිනි­සුන් විසින් මීට වසර 200කට පමණ පෙර ඔටු­වන් ඕස්ට්‍රේ­ලි­යාව වෙත නැව් මඟින් ගෙන්වා ගත්තේ මිනිස් ජන­පද පිහි­ටු­වීම සඳහා භාණ්ඩ ප්‍රවා­හ­නය වෙනු­වෙන් භාවිත කිරී­ම­ටයි. බල­හ­ත්කා­ර­යෙන් ගෙන්වා ගත් මේ සත්ව­යන් අද ඕස්ට්‍රේ­ලි­යා­වට බරක් වී ඇත්තේ සොබා­ද­හමේ නීති­යට පට­හැනි වූ නිසාද යන්න සිතා­බැ­ලිය යුතුය.

ඔටු­වන් ඕස්ට්‍රේ­ලි­යා­වට ගෙන්වී­මට කට­යුතු කෙරෙන්නේ එරට ජන­පද සෑදී­මට පටන් ගන්නා 19 වැනි සිය­වසේ දී පමණ ය. දකුණු සහ මධ්‍යම ඕස්ට්‍රේ­ලි­යා­වට ඔටු­වන් ගෙන ආ යුතු බවට අද­හස මතු­වන්නේ 1822 දී ඩෙන්මාර්ක-ප්‍රංශ භූ විද්‍යා­ඥ­යකු මෙන්ම මාධ්‍ය­වේ­දි­යකු ද වූ කොන්රාඩ් මෝල්ට් බ්‍රාන් විසින් විශ්වීය භූගෝ­ලය නමැති සට­හ­න­කිනි. ඔටු­වන්ට වැලි සහිත කාන්තා­රයේ දිගු කාල­යක් ජලය නොමැ­තිව වුවද යා හැකි දේශ ගවේ­ෂ­ණ­යට භාවිත කළ හැකි සතකු බව ඇතුළු තවත් සතුන් ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් ද අද­හස් එහි පළවී ඇත. මේ අනුව 1839 දකුණු ඕස්ට්‍රේ­ලි­යාවේ දෙවැනි ආණ්ඩු­කාර ධුරය දැරූ ජෝර්ජ් ගැව්ලර් පව­සන්නේ ඔටු­වන් එර­ටට ආන­ය­නය කළ යුතු බවයි. ඒ අනුව 1840 දී පළමු ඔටුවා ඕස්ට්‍රේ­ලි­යා­වට නැව් මඟින් ගෙන්වා ගන්නේ කැනෙරි දූප­ත්ව­ලිනි. පිලිප් සහෝ­ද­ර­යන් විසින් ගෙන්වූ ඔටු­වන් සමූ­හ­යෙන් නැව් ගමන අත­ර­තුර සෙසු සියල්ලෝ මිය­ගොස් තිබූ අතර ඉතිරි වූ එකම ඔටුවා ඕස්ට්‍රේ­ලි­යා­වට පය තැබී­මට හැකි­විය. එම ඔටුවා 'හැරී' ලෙස නම් කරන ලදී. ඒ අනුව ඕස්ට්‍රේ­ලි­යා­වට සංක්‍ර­ම­ණය වූ පළමු ඔටුවා හැරී ය. හැරී සමඟ දකුණු ඕස්ට්‍රේ­ලි­යාවේ භූ ගවේ­ෂ­ණයේ නිරත වූයේ එව­කට ජෝන්ස් අයි­න්වෝත් හොරොක්ස් විසිනි. ගවේ­ෂ­ණයේ යෙදෙන අත­ර­තුර මිය­යා­මට හේතුව ලෙස ඔහු පිළි­බඳ ඉති­හා­සයේ සට­හන් වන්නේ තමා­ගේම ඔටු­වා­ගෙන් පහර කෑ අයකු ලෙසයි.

ඉන්ප­සුව ප්‍රධාන ලෙසම ගවේ­ෂ­ණය සඳහා යොදා­ගැ­නී­මට ඕස්ට්‍රේ­ලි­යාව වෙත ඔටු­වන් ගෙන්වා ගෙන තිබුණේ 1860 දීය. ඒ ඉන්දි­යාවේ බ්‍රිටිෂ් ඉන්දියා ලෙස කලක් හැදි­න්වුණු කර­ච්චි­වල සිටයි. ඔටු­වන් 24 දෙනකු එලෙස ගෙන්වා තිබූ නමුත් එම කණ්ඩා­යම අසා­ර්ථක වූයේ ඕස්ට්‍රේ­ලි­යා­වට ආ පසු මෙම ඔටු­ව­න්ගෙන් කිසිදු ඵලක් නොවූ බව එකල සට­හ­න්වල දැක්වේ. මෙම ඔටු­වන් තම රටේදී වැඩ කරන ආකා­රය හා සසඳා බැලී­මේදී ඕස්ට්‍රේ­ලි­යා­වට ගෙන ආ පසුව සිටිනා ආකා­ර­යෙන් කිසිදු ඵලක් වී නැතැයි එම සට­හ­න්වල දැක්වේ. කෙසේ­වෙ­තත් මෙම ඔටු­ව­න්ගෙන් වැඩ කර­වා­ගත් පුද්ග­ල­යන් කිහි­ප­දෙ­නකු ද ඔටු ප්‍රහා­ර­ව­ලට ලක්වී දරුණු ලෙස ආබා­ධිත හා මිය­ගිය බවට අතීත වාර්තා­වල සද­හන් ය. ඉන්ප­සුව ගෙවුණු 1870 සහ 1900 අතර කාලය තුළ ඇෆ්ග­නී­ස්ථා­නය, බ්‍රිටිෂ් ඉන්දියා, තුර්කිය හා ඊජි­ප්තු­වෙන් ඔටු­වන් 15000ක් පමණ ගෙන්ව තිබේ. මෝටර් ප්‍රවා­හ­නය ප්‍රච­ලිත නොවූ යුග­යක ඕස්ට්‍රේ­ලි­යා­වට සංක්‍ර­ම­ණය වූ ඔටු­වන් කෙත­රම් මෙහෙ­ව­රක නියැ­ළෙ­න්නට ඇති­දැයි අනු­මාන කළ හැකිය. උතුරු අප්‍රි­කා­වෙන් හා අරා­බි­යෙන් ද ඔටු­වන් විශාල වශ­යෙන් ගෙන්වා ගත්තේ එම ඔටු­වන් වර්ගය දින­කට කිලෝ ග්රූම් 600ක් රැගෙන කිලෝ­මී­ටර් 40ක් පමණ ගෙන යා හැකි වීමේ හැකි­යාව නිසාය. 1894 වන­විට ඕස්ට්‍රේ­ලි­යාව තුළ රජයේ ඔටු ගොවි­පළ තනා විශාල වශ­යෙන් ඔටු­වන් නඩත්තු කිරීම අකු­රට කර­න්නට වූ අතර එය එව­කට ඉහළ පෙළේ වෙළෙ­දා­මක් දක්වා දුර­දිග ගොස් තිබුණි. දේශය තුළ ගවේ­ෂණ, ගම­නා­ග­ම­න­යට තනි­ක­රම සිය සිරුර කැප­කි­රී­මට ඔටු­වන්ට සිදු­විය.

20 වැනි සිය­වස වන­විට ඕස්ට්‍රේ­ලි­යාව තුළ සැළ­කිය යුතු ඔටු­වන් සංඛ්‍යා­වක් මිනි­සුන්ට සේවය කර­මින් සිටියේ ය. ඒ අතර විවිධ රට­ව­ලින් පැමිණි විවිධ වර්ගයේ ඔටු­වන් සිටියේ ය. ඒ වන­විට ඕස්ට්‍රේ­ලි­යාව තුළ මෝටර් ප්‍රවා­හ­නය මුල්බැස ගැනී­මට පටන් ගැනීම නිසා ඔටු­වන්ගේ අව­ශ්‍ය­තාව මිනි­සුන්ට අඩු­වී­මට පටන් ගත්තේ ඉතාම වේග­යෙනි. මේ හේතුව නිසාම ඔටු­වන් ක්‍රම­යෙන් වනා­න්ත­ර­යට මුදා­හැ­රී­මට පටන් ගත්තේ ය. ඇතැම් ඔටු­වන් ඕස්ට්‍රේ­ලි­යාවේ ආදි­වා­සීන් වන ඇබො­ර්ජි­න්ව­රුන් සමඟ භාණ්ඩ­ව­ලට හුව­මාරු කර­ග­ත්තේය. ඇබො­ර්ජි­න්ව­රුන්ට මෙම තත්ත්වය නිසා ඔටු­ව­න්ගෙන් වැඩ­ගැ­නී­මට හැකි විය. වැඩි­ව­ශ­යෙන්ම සිදු­වූයේ ඇබො­ර්ජී­න්ව­රුන් ඔටු­වන් හා මිතුරු වී දුක සැප බෙදා­ගැ­නීම ය. බොහෝ ඔටු­වන්ට නිද­හස ලැබුණ ද ඔටු­වන්ට නිද­හස ලැබෙ­න්නට පටන් ගත් ඒ පිය­වර එත­රම් හොද එකක් වූයේ නැත. මෙම ඔටු­වන් වන­ගත වී ප්‍රචණ්ඩ වීමට පටන් ගත්තේ එතැන් සිටය.

ඕස්ට්‍රේ­ලි­යාව වනා­න්තර තුළ ඔටු­වන්ගේ ගහ­නය ශීඝ්‍ර ලෙස වර්ධ­නය වීමට පටන් ගත්තේය. පසු­කා­ලී­නව ලොව ප්‍රච­ණ්ඩ­කා­රිම තනි මොල්ලියේ ඔටු­වන්ගේ වැඩිම සංඛ්‍යාව හමු­වූයේ ද ඕස්ට්‍රේ­ලි­යා­වෙනි. සෑම වසර 8ක් 10ක දීම ඔටු ගහ­නය දෙගු­ණ­යක් දක්වා ඉහළ යයි. ඒ අනුව 2008 වන­විට ඕස්ට්‍රේ­ලි­යාවේ ඔටු ගහ­නය මිලි­ය­නය ඉක්ම­වීය. බෝග වර්ග­ව­ලින් 80%ක් පමණ කෑමට ගන්නා ඔටු­වන් නිසා ඕස්ට්‍රේ­ලි­යාව පාල­නය කිරී­මට අප­හසු ගැට­ලු­වට මුහු­ණ­දෙ­න්නට විය. ඊට විස­දු­මක් ලෙස ඔටු සංහා­රය පිළි­බද එරට රජය අව­ධා­නය යොමු­ක­රන්නේ 2013 සිටය. ඔටු­වන්ට වෙඩි තබා මරා­දැ­මීමේ ක්‍රියා­ව­ලිය වරින් වර සිදු­ක­ර­මින් ඔවුන් යළි ඔටු සංග­ණ­න­යක් කළේය. ලක්ෂ 6ක් දක්වා අඩු ­කර ගැනී­මට හැකිව තිබුණි. එහෙත් රජය පව­සන ආකා­ර­යට රටට දැරිය නොහැකි ලක්ෂ 3ක ඔටු­වන්ගේ අති­රි­ක්ත­යක් ඇත. ඒ වාර්ෂි­කව වැඩි­වන ඔටු ගහ­නයේ ප්‍රති­ශ­තය 10% යන්න නොස­ලකා ය.

මෙම කරුණු සළකා බැලී­මේදී ඕස්ට්‍රේ­ලි­යා­වට ඔටු සංහා­රය අලුත් දෙයක් නොවේ. බල­හ­ත්කා­ර­යෙන් ගෙන්වා ගත් ඔටු­වන් විශාල වශ­යෙන් වරින් වර මරා­දැ­මී­මට දැන් ඔවුන්ට සිදු වී ඇත. ලක්ෂ 3ක ඔටු අති­රි­ක්ත­යක් තබා­ගෙන දස දහ­සක් පම­ණක් වෙඩි තබා මරා­දැ­මී­මට ඕස්ට්‍රේ­ලි­යානු රජය ගෙන ඇත්තේ අලුත් පිය­ව­රක් ද නොවේ.

කෙසේ­වෙ­තත් ඔටු­වන් දස­ද­හ­සක් මරා­දැ­මීම හැර වෙනත් වඩා මානු­ෂීය වික­ල්ප­ය­කට යන ලෙස තුර්කිය ඕස්ට්‍රේ­ලි­යානු රජ­යෙන් ඉල්ලී­මක් කර ඇත. ඊට අම­ත­රව ලොව පුරා සත්ව සංවි­ධාන ද මෙම පුව­තින් අලු­තින් ඕස්ට්‍රේ­ලි­යාව හා අවි අමෝ­ර­න්නට පට­න්ගෙන තිබේ. සමාජ ජාල පුරා ජන­තාව ඉකි­බි­ඳින්නේ 'උඩ ඇදුම ගලවා කෝලා බේරා­ගත් ඕස්ට්‍රේ­ලි­යාව ඔටු­වන්ට වෙඩි තියා නිර්වස්ත්‍ර විය' යනු­වෙන් පෝස්ටු මුදා­හ­රි­මිනි. ලැව් ගින්නේදී මිනි­සුන් සතුන් බේරා­ගැ­නීමේ මෙහෙ­යුමේ නිරත වූයේ තම ජීවිත ද අව­දා­න­මට ලක්ක­ර­මිනි. ඉතින් ඔටු­වන් නිසා ජලය මදි­වන බව පවසා මව්ර­ටක් නොවන දේශ­ය­කදී ඔටු­වන්ට සිදුවී ඇත්තේ කුඩ­ම්මාගේ සැලකිලි ලබා මිය යන්නට ය.

Comments