සාම විනි­සුරු පදවි ලබයි | සිළුමිණ

සාම විනි­සුරු පදවි ලබයි

රාගම හොරපේ පදිංචි ඊ.එම්. ලක්ෂ්මන් එදි­රි­සූ­රිය මහතා මුළු දිව­යි­න­ටම සමා­දාන විනි­ශ්ච­ය­කා­ර­ව­ර­යෙකු ලෙස පත්කර ඇත.

හීන්කෙන්ද දෙවු­මුසු පාසලේ හා කොළඹ ආනන්ද විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබා පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ලයේ ගෞරව උපා­ධි­යක් ලබා ඇති ඔහු ගුරු වෘත්ති­යෙන් රැකි­යාව අරඹා නියෝජ්‍ය විදු­හ­ල්පති I ශ්‍රේණි‍ය තන­තුර ලබා පාසල් රැසක සේවය කර ඇත. ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර කලාප‍යේ අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යෙකු වශ­යෙන් සේවය කර ඇති ලක්ෂ්මන් මහතා හොරපේ විහා­ර­ස්ථා­නයේ දායක සභාවේ ආර­ම්භ­කයා ය. ශ්‍රී ලංකා බාල­දක්ෂ ව්‍යාපා­රයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යෙකු හා මූල­ස්ථාන කොම­සා­රි­ස්ව­ර­යකු ලෙස සේවය කර ඇති ඔහු විදේශ බාල­දක්ෂ ජම්බෝ­රි­ව­ලට හා අන්තර්ජාතික සම්ම­න්ත්‍ර­ණ­ව­ලටද සහ­භාගි වී ඇත.

Comments