එළිය දෙන්න කෝටි 650ක් | සිළුමිණ

එළිය දෙන්න කෝටි 650ක්

ශ්‍රීලංකා විදුලි බල මණ්ඩ­ල­යට මේ වස­රේදී විදු­ලිය හදිසි මිල දී ගැනීම් සඳහා රු. කෝටි 650කට ආසන්න මුද­ලක් වැය කිරී­මට සිදු වන බව විදු­ලි­බල සහ බල­ශක්ති ඇමැති මහින්ද අම­ර­වීර මහතා පව­සයි.

2015 සිට මේ දක්වා විදු­ලි­බල මණ්ඩ­ලයේ සිදු වූ නොයෙක් අක්‍ර­මි­කතා හේතු­වෙන් රජ­යට මේ මුදල වැය කිරී­මට සිදු වන බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට විදු­ලි­බල ඉල්ලීම් 27%කින් ඉහළ ගොස් ඇතත් මේ වන විට එයින් 2%ක් පම­ණක් සප­යන බව අනා­ව­ර­ණය වී ඇතැ­යිද ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි. මේ අතර 2015ට පෙර විදු­ලි­බල මණ්ඩ­ලය මේ ආකා­ර­යට පාඩු නොලැබූ බවත්, 2015 පසු සිදු වූ නොයෙක් අක්‍ර­මි­කතා හේතු­වෙන් මෙලෙස දැවැන්ත පාඩු­වක් සිදුවී ඇති බවත් එහි සේව­කයෝ පෙන්වා දෙති. 2014න් පසු කිසිදු බලා­ගා­ර­යක් ඉදි කර නැති බවද අනා­ව­ර­ණය වී තිබේ. විශේ­ෂ­යෙන් ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය ඉකුත් වසරේ රු. කෝටි 8500ක පාඩු­වක් ලබා ඇති බවත්, ලංකා ඛනිජ තෙල් සංස්ථා­වට රු. කෝටි 8300ක ඉන්ධන ලබා­ගැ­නීම වෙනු­වෙන් මුදල් පියවා නැති බවත් මේ වන විට අනා­ව­ර­ණය වී ඇත. එලෙ­සම පෞද්ග­ලික ආය­ත­න­ව­ලින් විදු­ලිය ලබා­ග­නි­මින් ඒ ආය­ත­න­ව­ලට රු. කෝටි 4300ක මුද­ලක් ගෙවී­මට ඇති බවද ඇමැ­ති­ව­රයා පව­සයි.

Comments