ඇම­තුම් පටි­ගත කළේ හොරු අල්ලන්නයි | සිළුමිණ

ඇම­තුම් පටි­ගත කළේ හොරු අල්ලන්නයි

හොරු අල්ලන ඇමැ­ති­ව­රයා වශ­යෙන් තමා මුළු මහත් රටම දන්නා බවත්, ඒ සඳහා අවශ්‍ය සාක්ෂි වශ­යෙන් සියලු දුර­ක­තන ඇම­තුම් පටි­ගත කර තමා සන්ත­කයේ තබා­ගත් බවත් එජාප පා.ම. රන්ජන් රාම­නා­යක මහතා ‘සිළු­මි­ණට’ පැව­සීය.

නීති­යට සම්බන්ධ පුද්ග­ල­යන්, දේශ­පා­ල­න­යට සම්බන්ධ පුද්ග­ල­යන්, ආර­ක්ෂක අංශ­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන් මෙන්ම දේශ­පා­ල­න­ඥ­යන් සමඟ තමා නිර­න්ත­ර­යෙන් කතා­බස් කර­මින් අසා­ධා­ර­ණ­යට ලක් වූවන්ට සහන සැල­සීම වෙනු­වෙන් නොයෙක් තොර­තුරු එක්රැස් කළ බවද ඒ මහතා සඳ­හන් කළේය.

කෝප් කමි­ටුවේ සාමා­ජි­ක­යකු වශ­යෙන් තමා බොහෝ කරුණු සොයා­ගත් බවත්,

රාජ්‍ය­තා­න්ත්‍රික මට්ටමේ සිට දුප්පත් සාමාන්‍ය ජන­තා­වගේ ගැටලු විස­ඳී­මට තමා අව­ස්ථාව ගණ­නා­ව­කදී කට­යුතු කළ බවත්, මේ හේතු­වෙන් මරණ තර්ජ­න­ව­ලට පවා මුහුණ දීමට සිදු වූ බවත් රන්ජන් රාම­නා­යක මහතා පෙන්වා දෙයි. කුමන බාධක පැමි­ණි­යත් තමා දිගින් දිග­ටම ජන­තාව වෙනු­වෙන් කැප වී හොරු ඇල්ලීමේ ක්‍රියා­ව­ලිය සිදු කරන බවත්, තමා අත්අ­ඩං­ගු­වට ගැනීම මෙන්ම හඬ­පට අත්අ­ඩං­ගු­වට ගැනීම සැල­සුම්සහ­ග­තව සිදු කළ එකක් බවත් හෙතෙම අව­ධා­ර­ණය කරයි.

Comments