ආයු­ර්වේද රෝහ­ලෙන් සැත්කම් | Page 2 | සිළුමිණ

ආයු­ර්වේද රෝහ­ලෙන් සැත්කම්

සර 14කට පසු බො‍රැල්ල ආයු­ර්වේද ශික්ෂණ රෝහලේ සැත්කම් කට­යුතු නැව­තත් ආරම්භ කර තිබේ. ඒ කට­යුතු ඇර­ඹුණු දෙසැ­ම්බර් 31 දින එහි සුළු සැත්කම් 2ක් සිදු කෙ‍රුණු අතර එය සිදු කරනු ලැබුවේ මහා­චාර්ය මනෝ­රං‍ජන් රාහු සහ ආයු­ර්වේද වෛද්‍ය ඒ.කේ.එස්. වීර­සේ­කර, ආයු­ර්වේද වෛද්‍ය ධම්මික ලොකු­ග­මගේ යන අයගේ දාය­ක­ත්ව­යෙනි.

2006 වසරේ සිට වසා-දමා තිබුණු බොරැල්ල ආයු­ර්වේද ශික්ෂණ රෝහලේ ශල්‍යා­ගා­රය දේශීය වෛද්‍ය විද්‍යා­ය­ත­නයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ප්‍රියානි පර­ණ­ග­මගේ උප­දෙස් පරිදි පිළි­ස­කර කිරී­මෙන් අන­තු­රුව, මෙවර යළි විවෘත කළේ ඉන්දි­යාවේ වර­ණසි විශ්ව­වි­ද්‍යා­ලයේ ආයු­ර්වේද වෛද්‍ය පීඨයේ හිටපු පීඨා­ධි­පති මහා­චාර්ය මනෝ­රං­ජන් රාහු සහ බට­හිර ශල්‍ය වෛද්‍ය විශේ­ෂඥ මහා­චාර්ය ඒ.එන්. ගංගෝ­පාධ්‍ය යන අයගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

දේශීය වෛද්‍ය විද්‍යා­ය­ත­නයේ ඉගෙ­නුම ලබන ආයු­ර්වේද වෛද්‍ය සිසුන්ට අධ්‍ය­යන කට­යුතු විධි­මත් අන්ද­මින් කර­ගෙන යෑමට සැත්කම් පුහු­ණුව අවශ්‍ය බැවින් ශල්‍ය අධ්‍ය­යන අංශයේ ආචාර්ය එල්.පී.ඒ. කරු­ණා­ති­ලක, වෛද්‍ය මනෝරි අම­ර­ජීව සහ වෛද්‍ය පේෂලා කාරි­ය­ව­සම් යන ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­රුන් විසින් අධ්‍ය­ක්ෂ­ව­රි­යට මේ ශල්‍යා­ගා­රය විවෘත කිරීමේ වැද­ග­ත්කම පෙන්වා දී තිබේ.

Comments