හඬ­පට හරහා ජනතා හඬ නිහඬ කරන්න අපට අවශ්‍ය නෑ | සිළුමිණ

හඬ­පට හරහා ජනතා හඬ නිහඬ කරන්න අපට අවශ්‍ය නෑ

 • රාජ්‍ය නිවාස අමා­ත්‍ය­ධූ­රය පසු­ගිය රජය සමයේ ඉතා­මත් ආන්දෝල­නා­ත්මක අමා­ත්‍යං­ශ­යක් බවට පත්වුණා. ඔබ නිවාස රාජ්‍ය ඇමැ­ති­ව­රයා වශ­යෙන් නව රජය යටතේ නිවාස සංව­ර්ධන ව්‍යපෘති සදහා ගෙන අැති පිය­වර කෙබඳු ද.?

 

පසු­ගිය රජය යටතේ වසර පහට ම හදන්න සැල­සුම් කරලා තිබුණේ නිවාස පන්ද­හ­සක් පම­ණයි. ඒ වගේම සජිත් ප්‍රේම­දාස මහතා‍ගේ කාලයේ නිවාස හදන්න විය­දම් කරපු මුදල වගේ තුන්ගු­ණ­යක් ප්‍රචා­රක කට­යුතු සඳහා වැය කරලා තියෙ­නවා. උදා­හ­ර­ණ­යක් ලෙස හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ මිලි­යන හැටක් නිවාස හදන්න වැය කරලා තියෙ­නවා නම් එ්වගේ පරි­පා­ල­න­මය සහ ප්‍රචා­රණ කට­යුතු සඳහා මිලි­යන හාර­සිය හැටක් වැය­ක­රලා තියෙ­නවා. එහෙම වැය කරලා තමයි මේ අය පසු­ගිය කාලයේ නිවාස සැල­සුම් කළේ. අපි මේ සම්බ­න්ධව ප්‍රාදේ­ශීය ලෙක­ම්වරු, ග්‍රාම නිල­ධා­රීන්, සමෘද්ධි සංව­ර්ධන නිල­ධා­රීන් සියලු දෙනා එකතු කරලා මේ වැඩ කට­යුතු කරන්න බලා­පො­රොත්තු වෙන්නේ. දේශ­පා­ලන අධි­කා­රී­ත්වය සමඟ සහ­යෝග­යෙන් මේ රජයේ නිල­ධා­රීන් සම්බන්ධ කර­ගෙන අපි නිවාස හඳුනා ගැනීම් සිදු කර­නවා. පසු­ගිය රජයෙ කාලේ පාක්ෂි­කයා තෝරලා නිවස දෙනවා; ඒ නිවාස සම­හර වෙලා­වට පාක්ෂි­කයා විකු­ණ­නවා. උදා­හ­රණ ලෙස කොළඹ ප්‍රදේ­ශයේ කෙන­කුට නිව­සක් දෙනවා හංවැ­ල්ලෙන්. ඒ අය කරන්නෙ හංවැල්ලෙ ගේත් ගන්නවා. මේ නිසා නිසි ක්‍රම­වේ­ද­යක් අනු­වයි අපි නිවාස ලබා දෙන්ෙන. අපි ප්‍රචා­රක කට­යුතු වලට අන­වශ්‍ය විය­දම් කරන්නෙ නැහැ. ජන­තාව අපිට ඡන්දය දුන්නේ අපි යම් කාර්යය භාර­යක් ජන­තාව වෙනු­වෙන් කරයි කියන විශ්වා­සය ඇතිව. ඒ නිසා අපිට කිසිදු අන­වශ්‍ය විය­ද­මක් කර­න්නට අවශ්‍ය නැහැ.

අපි පරි­ස­ර­යට හානි­යක් නොවන ආකා­ර­යට නිවාස හද­නවා. පසු­ගිය රජයෙ අය කරපු සියලු නිවාස සැල­සුම් ණය ආධාර. නමුත් අපි එහෙම ණය­ව­ලින් නොවෙයි මේවා කරන්නේ. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ප්‍රචා­රක කට­යුතු වලට අති­වි­ශාල මුද­ලක් වැය කරලා තියෙ­නවා. හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ අපේ හොඳ නිවාස සැල­සු­මක් තිබුණා. නමුත් කිසිදු සැල­සු­ම­කට මේ අය කට­යුතු කරලා නැහැ. රජයේ නිළ­ධා­රින් එකතු වෙලා තමයි මේ සැල­සුම් ක්‍රියා­ත්මක කරන්‌නේ. මේ විදි­යෙන් රටේ නිවාස ප්‍රශ්නය විස­ඳන්න බැහැ. ඒ අය පිළි­වෙ­ලක් නැතිව කර­ගෙන ගිය වැඩ­පි­ළි­වෙල නිසා ඔවුන්ගේ ඡන්ද පද­නම බිඳ වැටුණා. ජන­තාව ඔවුන් ප්‍රතික්ෂේප කළා. අපි සැල­සු­මක් අනුව මේ නිවාස, කර්මාන්ත සහ පාසල් සෑදී­මට කට­යුුතු කර­නවා. විශේ­ෂ­යෙන් ‍මේ අමා­ත්‍යං­ශය යටතේ අැති ආය­තන ගණ­නා­වක් කඩා වැටිලා; අක්‍ර­මි­කතා රැසක් වෙලා. මේවා පිළි­බඳ ව විම­ර්ශ­නය කර­මින් කට­යුතු කරන්න ගිය­හොත් ජන­තා­වගෙ නිවාස ප්‍රශ්න විස­දන්න විශාල කාල­යක් යනවා. එ්ත් අපි මේ අක්‍ර­මි­කතා පිළි­බ­ඳ­වත් කඩි­න­මින් සොයා බලන්න කට­යුතු කර­නවා. මේ නිවාස පවා තමන්ගේ දේශ­පා­ල­නික හිත­වා­දීන්ට ලබාදී තිබෙ­නවා. නිවාස ලැබිය යුතු; නිවාස නැති ජන­තා­වට මෙහි ප්‍රති­ලාභ ලැබිලා නැහැ. අනෙක් කාර­ණාව නිවාස ‍නොමැති අයට නිවාස ලබා දෙන්නයි අපි කට­යුතු කරන්නේ. සැබැ­වින් ම මේ අමා­ත්‍යං­ශය යටතේ විශාල සේවයක් රටට කරන්න පුළු­වන්. අපි පසු­ගිය රජයේ පෙට්ටි ගෙවල් වෙනු­වට තට්ටු ගෙවල් ව්‍යපෘ­ති­යක් අාරම්භ කළා.

වත්මන් රජය බල­යට පත්වු­ණාට පස්සේ මේ වන විට රටේ සංව­ර්ධ­නය, ජනතා සුබ­සි­ද්ධිය වෙනු­වෙන් පිය­වර රැසක් අර­ගෙන තියෙ­නවා. බදු අඩු­කි­රී­මෙන් ජන­තා­වට සහන රැසක් අත්වෙ­නවා. අපේ රජයේ දේශපා­ලන ගමන් මඟ ශක්ති­මත්. පසු­ගිය රජයේ යටතේ මේ අමා­ත්‍යං­ශයෙ ප්‍රග­තිය පිළි­බ­ඳව අපි සෑහි­ම­කට පත්වෙන්නෙ නැහැ. අපි සියලු පහ­සු­කම් සහි­තව නිවාස හදන වැඩ­පි­ළි‍වෙ­ලක් අාරම්භ කර­නවා. පසු­ගිය රජය නිවාස වගේ ම රැකියා ලබා දුන්නෙත් ප්‍රමි­ති­යෙන් තොර­වයි. දේශ­පා­ලන පළි­ගැ­නීම් රැසක් සිදු වුණා. අපි දේශ­පා­ලන පක්ෂ, පාට වලින් තොරව නිවාස නැති අයට නිවාස ලබා­දී­මට කට­යුතු කර­නවා.

 

• ඔබ සඳ­හන් කරන අති­දැ­වැන්ත නිවාස වැඩ­පි­ළි­වෙල අාරම්භ කිරී­මට අදාළ රාජ්‍ය ආය­තනවල සභා­ප­ති­වරු අධ්‍යක්ෂ මණ්ඩල පත්ක­රලා නැහැ නේද? මේ අනුව මහ මැති­ව­ර­ණ­ය­කට පෙර එ් සැල­සුම් කරන්න හැකි‍වෙ­තැයි ඔබ සිත­න­වාද?

 

සුදු­සු­කම් නැති අය පත්ක­රලා ඒ ආය­ත­න­වල අක්‍ර­මි­කතා දුෂණ වංචා සිද්ධ වෙනවා. ඒව­ගේම එ් ආය­තන කඩා වැටෙ­නවා. මගේ අමා­ත්‍යං­ශයේ ආය­තන දහ­තු­නක් තියෙ­නවා. මේ දහ­තු­න­ටම ඉතා දුර්වල නිල­ධා­රීන් පත්ක­රලා ඒ ආය­තන විනාශ කරලා තිබුණා. තම තමුන්ගෙ හිත­ව­තුන්ට මේ වගේ අමා­ත්‍යං­ශ­වල වග­කිව යුතු තන­තුරු දෙන්න බැහැ. අනි­වා­ර්යෙන්ම විෂය දැනුම තිබිය යුතුයි. ඉංජි­නේරු සංස්ථාවෙ කමි­ටු­වට පසු­ගිය රජය කාලයේ පත්කර තිබුණේ දොස්ත­ර­ව­රුන්. සිටිය යුතු වන්නේ ඉංජි­නේ­රු­වන්. ගිය වතාවෙ කමි­ටුව විසින් පත්ක­රලා තිබුණෙ දොස්ත­ර­ව­රුන් වුවත් අපි මෙවර ඉංජිනේ­රු­ව­රුන් සිය­යට හැත්තෑ­වක් පමණ පත් කරලා දැනට පත් කරලා තියෙ­නවා.

 

• හඬ­පට ප්‍රශ්නය මතු කර­මින් ජන­තාවට දුන් පොරොන්දු අත­පසු කර ජන­තාව මුලා කර­න්නට උත්සා­හ­යක යෙදෙ­නවා කියලා විප­ක්ෂය චෝදනා කර­නවා.

 

පැහැ­දි­ලි­වම අපිට ජන­තාව මුලා කර­න්නට අවශ්‍ය නැහැ. අපි ජන­තාව ඉදි­රි­යට යන්න ඕන තව මාස කිහි­ප­ය­කින්. මේ වත්මන් රජය කුමක්ද කරන්නෙ සහ යහ­පා­ල­න­යට මුවා­වෙලා ජන­තාව කොත­රම් මුලා­වක දැම්මාද කියලා ජන­තාව අද තේරුම් අරන් ඉන්නවා. දැන් ජන­තාව දැනු­වත්. එ් නිසයි ජන­තාව මැති­ව­ර­ණ­යක් ඉල්ලුවේ. ඉක්ම­නින් මේ ක්‍රමය වෙනස් කරන්න ‍මේ රටේ ජන­තා­වට උව­මනා වුණා. රන්ජන් රාම­නා­යක වගෙ කෙනෙක් මේ රටේ නීතිය හසු­රු­වපු හැටි අපි දැක්කා. අපේ රජය බදු ප්‍රති­ප­ත්ති­යක් හඳු­න්වලා දීලා තියෙ­නවා. ජන­තා­වගේ ප්‍රශ්න හඳු­නා­ගෙන ඉක්ම­නින් පිය­වර ගැනී­මට කට­යුතු කර තියෙ­නවා. නාස්තිය, වංචාව, දුෂ­ණය නව­ත්තන්න පිය­වර රැසක් අර­ගෙන තියෙ­නවා. අවු­රුදු හත­රා­මා­රක් තිස්සේ පසු­ගිය ආණ්ඩු­වට කරන්න බැරි වුණු දේවල් අපි මේ දින ගණ­නක් ඇතු­ළත ඉෂ්ට කරලා තියෙ­නවා. පැවැති ආණ්ඩුව ඍජු සහ වක්‍ර බදු වලින් තමයි රජය පව­ත්වා­ගෙන ගියේ. අපිට කිසිසේත් අවශ්‍ය වන්නේ නැහැ; හඬ­පට හරහා ජනතා හඬ නිහඬ කරන්න. ජන­තා­වගේ අව­ශ්‍යතා නොස­ලකා හරින්න; ජන­තාව මුලා­ක­රන්න අපිට අවශ්‍ය නැහැ. ජන­තාව නව ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත් කර­ගත්තේ රටේ ජාතික අාර­ක්ෂාව, ආර්ථි­කය සියල්ල බිඳ වැටෙ­මින් පව­තින මොහො­තක. අන්ත­වා­ද­යට, ත්‍රස්ත­වා­ද­යට ඉඩ ලබා­දෙ­මින් බෞද්ධ භික්ෂු­වට නිගා­ක­ර­මින් ගෙන යන වැඩ­පි­ළි­වෙල පරා­ජ­යට පත්ක­රන්න ජන­තාව පෙළ­ගැ­සිලා හිටි‍යේ. රන්ජන් රාම­නා­ය­කගෙ හඬ­පට සිද්ධිය සම්බ­න්ධ­යෙන් අදාළ අංශ නීතිය ක්‍රියා­ත්මක කරයි. අපි නීති­යට බල­පෑම් කරන්නෙ නැහැ එ් අය වගේ. එ් අනුව නීතිය ක්‍රියා­ත්මක වෙයි. එජාප එදා ඉඳ­ලාම 2015 කලින් විප­ක්ෂයේ සිටි­ය­දී­වත් රටේ ප්‍රශ්න හඳු­නා­ගෙන ඒ වෙනු­වෙන් කතා කළේ නැහැ. අද වන­වි­ටත් පක්ෂ අභ්‍ය­න්තර ගැටුම් අැති­ක­ර­ගැ­නීම හැර කිසිදු පිය­ව­රක් අර­ගෙන නැහැ. රනිල්ගේ සහ සජිත් ගෙ පිල කියලා පිල් බෙදිලා ඉන්නවා මිසක්; රටේ දැවෙන ප්‍රශ්න ගැන කිසිදු හැඟී­මක් තිබුණෙ නැහැ. පාස්කු ප්‍රහා­රය දක්වා මේ රටේ ජාතික අාර­ක්ෂාව බිඳ­වැ­ටුණේ එ් නිසා. මිනි­සුන්ගේ අාර්ථි­කය බිඳ වැටිලා ජිව­ත්වී­මට තරම් ආර්ථී­ක­යක් නැති­වුණේ ඒ නිසයි. පහු­ගිය පාර්ලි­මේන්තු විවාද‍යේ දී ඒ අය කිව්වා මේ ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සෞභා­ග්‍යයේ දැක්ම හොඳයි කියලා. ඒ අයට ගැට­ලුව වෙලා තිබුණේ මෙය ක්‍රියා­ත්මක කර­න්නට පුළු­වන්ද කියලා. අද වන­විට අපි එය කළ හැකි දෙයක් බව ඔප්පු කර­මින් සිටි­නවා. පහු­ගිය අවු­රුදු ගණ­නා­ව­කට පෙර මහින්ද චින්ත­නය ප්‍රති­පත්ති ප්‍රකා­ශය ගෙනාවා මත­කයි. අපි එය ක්‍රියා­ත්මක කළේ නැද්ද; මහින්ද චින්ත­න­යෙන් රටේ පාසල් පද්ධ­තිය ගොඩ­නැ­ගුණා. අපි ප්‍රති­පත්ති මඟ හරින පක්ෂ­යක් නොවෙයි. එ් චෝදනා පුස්සක් පම­ණයි.

 

• මේවන විට රටේ නීතිය වල් වැදිලා කියලා විප­ක්ෂය චෝදනා කර­නවා

 

පසු­ගිය ආණ්ඩුව කාලය තරම් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ගැන කතා කර­මින්, නීතිය ගැන කතා කර­මින්, නීතිය අව­භා­විත කරපු අාණ්ඩු­වක් අපි දැකලා නැහැ. රන්ජන් විසින් සියල්ල උප­ක්‍ර­ම­ශී­ලිව, උපාය මාර්ගි­කව කරලා තියෙ­නවා. අපේ රජයේ ඇතැම් අැමැ­ති­වරු ඝාතන සැල­සුම් පවා ක්‍රියා­ත්මක කරලා තියෙ­නවා. සියල්ල අද වන­විට හෙළි­ද­රව් වෙලා ඉව­රයි. මේ අය මෙවැනි දේවල් එළි­වෙ­නවා කියලා හිතන්නේ නැතු­වද කළේ. මේ වගේ දේවල් කව­දා­වත් හෙළි නොවී තියෙන්නේ නැහැ . නීතිය අතට අරන් මේ වගේ කෙනෙක් රට කොතැ­න­ක­ටද මේ අැදලා දාලා තියෙන්නෙ. අධ්‍ය­ාප­න­යක් තියන කෙනෙක් නම් දුර දිග හිතන්නේ නැතුව වච­න­ය­ක්වත් පිට­ක­රන්නේ නැහැ. අධ්‍යා­ප­න­යක් නැති නිසා ඒ දේවල් ගැන හිතන්න විඥා­න­යක් නැති­ක­මයි මෙතන වුණේ. රන්ජන්ගෙ අධ්‍ය­ප­නය කොයි වගේ ද කියලා අපි දැක්කානෙ. අපි කතා­ක­රද්දි හෙට මේ දේවල්වලට ප්‍රති­චා­රය කුමක් වේද කියල දැන­ගෙ­නයි කතා කරන්නේ. එසේ හිත­න්නට තරම් අධ්‍යා­ප­න­යක් නැති කෙනා කයි­වාරු ගහ­නවා; ඒකයි මෙතන වුණේ. එහෙම හිතන්න බැරි කෙනෙක් රන්ජන්. ඕනෑම කෙන­කුට ලේසියෙන් ම සමත් වෙන්න පුළු­වන් විෂය තමයි තමන්ගේ ආගම. එතු­මාට ඒ විෂ­ය­වත් සමත් වෙන්න බැරි­වුණා. ඉතින් තව කවර කතාද. ගම්පහ දිස්ත්‍රික්කයේ ජන­තාව කොත­රම් අභාග්‍ය සම්ප­න්නද කිය­ලයි අපිට හිතන්න තියන්නෙ. එතු­මාගෙ දුර්වල මාන­සි­ක­ත්වය අඳුර ගත්ත පිරි­සක් කටාන. කොච්චි­කඩේ, මීග­මුව වැනි ප්‍රදේ­ශ­වල ඉන්නවා. නූත­ත්කමේ ලක්ෂ­ණ­යක් තමයි මේ එළි­ද­රව් වුණේ. කැම­රාව සහ මයි­ක්‍ර­ෆෝ­න­යක් ලැබු­ණොත් ඒක ලොකු වර­ප්‍ර­සා­ද­යක් ලැබුණා කියලා ඔහේ කිය­ව­නවා. ඔය මනු­ස්ස­යාට රඟ­පාන්න ලැබුණ හැම චරි­ත­යක් ම එක්කෝ ගැහැණු චරි­ත­යක්; නැති­නම් මෝඩ මිනි­හෙක්ගෙ විහිලු චරි­ත­යක්; නියම පෞරු­ෂ­ත්ව­යක් තියන චරිත අපි දැකලා නැහැ. පාර්ලි­මන්ට් ජොක්ස් තමයි අපි මේ බලන්නේ. විජය කුමා­ර­තුංග, ගාමිණී ෆොන්සේකා කව­දා­වත් ඔය තත්ත්ව­යට පත්වෙලා නැහැ.

 

• මේ හඬ­ප­ට­වල අැතැම් ඇමැ­ති­ව­රුන්ගේ ඝාතන සැල­සුම් පවා හෙළි­ද­රව් වෙලා තිය­නවා නේද?

 

ඒ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යෙදි අදාළ අංශ­ව­ලින් නීතිය ක්‍රියා­ත්මක වෙයි. ඕනැම අනා­ග­ත­යක් දකින කෙන­කුට පුළු­වන්ද මේ වගේ දේවල් කරන්න. මේ පුද්ග­ලයා පසු­ගිය කාලයෙ පිහි­යක් අරන් පාර්ලි­මේන්තු ආවා. ඔයාට පුළු­වන් කිව්වාම එයා කර­නවා. එ්කයි එයාගෙ මාන­සි­ක­ත්වය. වඳු­රගෙ වැඩේ කර­නවා. එයාගෙ ලක්ෂ­ණය එ්කයි.

 

• 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය නැවත සංශෝධ­නය කරන්නෙ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වල­ප­ල්ලට යවන්න කියලා විප­ක්ෂය චෝදනා කර­නවා.

මේ අය 19 වැනි ව්‍යවස්ථා සංශෝධ­නය ගෙනාවෙ එකම පවු­ල­කට ගහන්න. 19 ‍යොදාගත්තෙ රට විනාස කරන්න. කොකේන් ගහන මන්ත්‍රීවරු ඉන්නවා කිව්වා; කෝ හෙළි­ද­රව් කළාද? බෝම්බ පුපු­රණ කල් හිටිය පොලි­ස්ප­තිව වෙනස් කළාද?

Comments