ජනතා සහන සලසන්න සහාය දෙන්න සූදානම් | සිළුමිණ

ජනතා සහන සලසන්න සහාය දෙන්න සූදානම්

• ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට කලින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලෙස කට­යුතු කළ ඔබ ජන­ප­ති­ව­ර­ණ­යෙන් පසු විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලෙස නම් කරනු ලැබුවා. නව පත්වීම ගැන මොන­වද කියන්න තිබෙන්නේ?

මා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ධුරය වසර හතර හමා­රක් පමණ දැරුවා. ජාතික ආණ්ඩු­වක එවැනි තන­තු­රක් දැරූ පුද්ග­ලයා මමයි. මොකද: අපි කාල­යක් හවුල් ආණ්ඩු­වක් ලෙස කට­යුතු කළා. ඒ කාලය තුළ කථික ලැයිස්තු සකස් කිරීම, ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දීමේදී ඒ පිළි­තුරු ඇමැ­ති­ව­රු­න්ගෙන් ලබා­ගැ­නීම, ඇමැ­ති­ව­ර­යකු පාර්ලි­මේ­න්තු­වට පැමිණ නැති නම් ඔහු වෙනු­වෙන් පිළි­තුරු දීම, සභා­නා­ය­ක­ව­ර­යාගේ කට­යු­තු­ව­ලට උදවු වී සභාවේ ගණ­පූ­ර­ණය රඳ­වා­ගැ­නීම, කණ්ඩා­යම් රැස්වීම් කැඳ­වීම ආදි විවිධ දේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවි­ධා­යක ලෙස සිටි­යදී මට කරන්න වුණා. මේ සඳහා කාගෙත් සහාය මට ලැබුණා. අපේ පැවති රජ­යට සම්බ­න්ධව කට­යුතු කළ විවිධ දේශ­පා­ලන පක්ෂ­වල මන්ත්‍රී­ව­රුන්ගේ සහා­යත් මට නොඅ­ඩුව ලැබුණා. ඒ නිසාම අප විප­ක්ෂ­යට ගිය විට විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ධුරය මට පැව­රී­මට විපක්ෂ නාය­ක­ව­ර­යාත්, එජාප නාය­ක­ව­ර­යාත්, අනෙ­කුත් මන්ත්‍රී­ව­රු­නුත් තීර­ණය කර තිබෙ­නවා. ශක්ති­මත් විප­ක්ෂ­යක් ලෙස විප­ක්ෂයේ කාර්ය­භා­රය ඉදි­රි­යට ගෙන යෑමයි අපේ අපේ­ක්ෂාව. ඒ වගේම හැකි ඉක්ම­නින් ආණ්ඩු බලය ලබා­ගැ­නීම සඳහා අපට කළ හැකි සියලු දේ කරන්න අප බලා­පො­රොත්තු වෙනවා.

හැබැයි අප සාම්ප්‍ර­දා­යික විප­ක්ෂ­යක් වගේ ආර­ම්භ­යේ­දීම ආණ්ඩුවේ කකු­ලෙන් අදින්න සූදා­නම් නෑ. අපේ විපක්ෂ නාය­ක­ව­ර­යාත් පාර්ලි­මේ­න්තු­වේදී කිව්වේ මහා­මැ­ති­ව­ර­ණය තිය­න­කල් බලා­ගෙන ඉන්න අවශ්‍ය නෑ, පාර්ලි­මේ­න්තුවේ බහු­ත­රය අපි ලබා දෙන්නම්, කඩි­නම් අය­වැ­යක් ගෙනැ­විත් ජන­තා­වට පොරොන්දු වූ සහන කඩි­න­මින් සල­සන්න කිය­ලයි.

 

• ආණ්ඩුවේ කවර ප්‍රති­ප­ත්ති­ව­ල­ටද විප­ක්ෂය ලෙස ඔබේ සහාය දෙන්නේ?

කෙටි­කා­ලී­නව ජන­තා­වට සැල­සිය හැකි සහන රැසක් ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ තිබෙ­නවා. ජන­ප­ති­ව­ර­ණ­යේදී තම පඩි­ප­තට රුපි­යල් දාහක වැඩි­වී­මක් අපේක්ෂා කළ වතු කම්ක­රු­වාට මහ මැති­ර­ණ­යට යෑමට පෙර ඒ රුපි­යල් දාහ ලැබෙන්න ඕනෑ. ඊට අප සහාය දෙනවා. ඒ වගේම නොමිලේ පොහොර අපේ­ක්ෂා­වෙන් ආණ්ඩු­වට ඡන්දය දුන් ගොවි ජන­තාව ඊළඟ ඡන්ද­යට යා යුත්තේ නොමිලේ පොහොර ලැබූ පිරි­සක් විදි­ය­ටයි. අඩු­ගාණේ ජන­වාරි මාසේ බැරි නම් පෙබ­ර­වා­රියේ වත් මේ රටේ පාසල් දරුවා පාස­ලට යන්න ඕනෑ නොමිලේ දෙනවා කියූ සපත්තු පැල­ඳ­ගෙන, නොමිලේ දෙනවා කියූ පාසල් බෑගය කරේ දමා­ගෙ­නයි. ඒ සඳහා අප සම්පූර්ණ සහාය දෙනවා. ඒ වගේම සමෘ­ද්ධිය ලබ­මින් සිටි ජන­තා­වට වියළි ආහාර මල්ලක් දෙනවා කිව්වා. ඒ සිහි­නය ඊළඟ ඡන්ද­යට යන විට මිරි­ඟු­වක් නොවේවා කියා අප ප්‍රාර්ථනා කර­නවා. ඒ වගේම මේ රටේ සුව­හ­සක් ගෘහි­ණි­යන් පසු­ගිය ජන­ප­ති­ව­ර­ණ­යට ඡන්දය දාන්න ගියේ එයා­ලගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා­හ­රිවී කිය­ලයි. ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්පූ­ර්ණ­යෙන් කපා හැරපු ගෘහි­ණි­යන් විදි­ය­ටයි ඔවුන් ඊළඟ ඡන්ද­යට මූණ දෙන්න ඕනෑ. අප බොහෝම සුබ­වා­දීව ජන­තා­වා­දීව හිත­නවා. ඒ විදි­යට තමයි විප­ක්ෂ­යක් ලෙස අප ආණ්ඩු­වට සහාය දෙන්නේ.

 

• එක්සත් ජාතික පක්ෂය අද වන විට රනිල් පිල හා සජිත් පිල ලෙස ප්‍රධාන පාර්ශ්ව දෙක­කට බෙදී තිබෙ­නවා. ඔබේ තන­තු­රට මේ ‍මන්ත්‍රීන් දෙපා­ර්ශ්ව­යේම සහාය ලැබු­ණාද?

මට එහෙම පාර්ශ්ව දෙකක් අපේ පක්ෂයේ ඉන්නවා කියලා නම් දැනෙන්නේ නෑ.

 

• වසර 26ක් එජාප නාය­ක­ත්වය දැරූ, වසර ගණ­නා­වක් විප­ක්ෂ­නා­යක ධුරය දැරූ, සිව් වතා­වක් අග්‍ර­මාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදි­රි­යේදී මන්ත්‍රී ධුර­ය­කට පම­ණක් සීමා වීමේ ඉඩ-කඩක් පව­ති­න­වාද?

ආණ්ඩු වෙනස් වූ විට අග­මැ­ති­කම්, ඇමැ­ති­කම් වෙනස් වනවා. හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා ජන­පති ධුරය අහිමි වී කුරූ­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී වෙලා හිටියා. එය තමයි දේශ­පා­ල­නයේ ස්වභා­වය.

 

• පාඨලී, රාජිත, රන්ජන් අත්අ­ඩං­ගු­වට ගත් පසු විප­ක්ෂයේ චෝද­නාව වුණේ විපක්ෂ මන්ත්‍රීන් දඩ­යම් කරන බවයි. යම් යම් වැර­දි­ව­ලට සම්බන්ධ වූ අය අත්අ­ඩං­ගු­වට ගැනීම දඩ­ය­මක් විදි­යට දකින්නේ කොහො­මද?

මෙත­නදී මගේ අද­හ­සට වඩා වැද­ගත් වන්නේ ජන­තා­වගේ අද­හ­සයි. බොහෝ අය කියන්නේ අප දේශ­පා­ලන පක්ෂ නියෝ­ජ­නය කරන නිසා දේශ­පා­ලන පක්ෂයේ මත­වා­දය අනුව කරුණු ඉදි­රි­පත් කර­නවා කියල නේ. මේ මන්ත්‍රීන් ජන පද­න­මක් ඇති‍, දක්ෂ කථි­ක­ත්ව­යක් තිබෙන අයයි. ජන­තාව මේ ආණ්ඩුව පත් කර­ගත්තේ සහන ලබා­ගැ­නීමේ අපේ­ක්ෂා­වෙන්. දැන් ප්‍රමුඛ අව­ශ්‍ය­තාව වෙලා තිබෙන්නේ මහ­ජ­න­තා­වට දෙන­වාය කියූ සහන ටික හරි­යට සලසා දීමයි. අපි විප­ක්ෂ­යක් විදි­යට ආණ්ඩු­වට කිය­නවා: මේ සහන සල­සන්න හැකි අය­වැ­යක් පාර්ලි­මේ­න්තු­වට ගේන්න, අපි සම්මත කර දෙන්නම්.

 

• රනිල් සමඟ සාකච්ඡා අසා­ර්ථක බවත්, මහා මැති­ව­ර­ණ­යට වෙනම පෙර­මු­ණ­කින් ඉදි­රි­පත් වන බවත් එජා­පයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී­ව­ර­යකු වන රංජිත් මද්දු­ම­බ­ණ්ඩාර මහතා පව­ස­නවා. මේ පෙර­මුණ හැදෙන්නේ කව­ර­දාද?

අප ජන­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුණේ පක්ෂ ගණ­නා­වක් සමඟ එකතු වී පෙර­මු­ණ­කින්. ඒ පෙර­මුණ තව­දු­ර­ටත් ශක්ති­මත් කරලා අප ඉදි­රි­යට ගෙන­ය­නවා. ආණ්ඩු­වට ඕනෑ විදි­යට කැඩෙන්න බිඳෙන්න අ‍ෙ ලෑස්ති නෑ. අප කවු­රුත් එක් මත­ය­කට ඇවිත් නව මුහු­ණු­ව­ර­කින්, වැර­දුණ තැන් හදා­ගෙන ජන­තාව ඉල්ලන දේ දීලා ඔක්කෝම එක පොකු­රට අත්වැල් බැඳ­ගෙන ඉදිරි ඡන්ද­ව­ලදී ජය­ග්‍ර­හ­ණය කර­න්නයි බලා­පො­රො­ත්තුව. ඒ වෙනු­වෙන් තමයි මේ දින­වල සාකච්ඡා පැවැ­ත්වෙන්නේ.

 

• ජන­ප­ති­ව­ර­ණ­යේදී එජාප පෙර­මු­ණට එක් නොවූ අයත් මහා­මැ­ති­ව­ර­ණ­යේදී එජාප පෙර­මු­ණට එක් වන­වාද?

සන්ධා­නය හැටි­යට එකතු වන්නේ කවු­රුද කියන-එක පිළි­බඳ තවම හරි නිශ්ච­යක් නෑ. ඒත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී අපට නොදුන් ඡන්ද මහා­මැ­ති­ව­ර­ණ­යේදී අපට එකතු වේවි යන විශ්වා­සය අප සතුව තිබෙ­නවා.

 

• අද මුළු රටම කතා කරන්නේ රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­පට ගැනයි. යහ­පා­ලන ආණ්ඩුවේ නිරු­වත එයින් පෙනෙන බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් නඟන චෝද­නාව ගැන ‍මොකද කියන්නේ?

ඒක දැන් අධි­ක­ර­ණයේ විභාග වන ක්‍රියා­ව­ලි­යක් බවට පත්ව තිබෙ­නවා. රන්ජන් පිළි­බඳ පක්ෂ­යක් විදි­යට ගන්නා වූ ක්‍රියා­මාර්ග මොන­වාද කිය­න­එක ඉදි­රි­යේදී බලන්න පුළු­වන්. කොහොම නමුත් මා ඒ ගැන වැඩි­දුර කතා කරන්න කැමැති නෑ. මං කියන්නේ ජන­තා­වට මේවා පෙන්න පෙන්න ත්‍රිල්එක දෙන්නේ නැතිව ජනතා ගැටලු විස­ඳී­මයි වැද­ගත්. ඊළඟ මහා­මැ­ති­ව­ර­ණ­යට යන තුරු ජන­තා­වට මේ වගේ චිත්‍ර­පට බල-බල ඉන්න වෙයිද කිය­න­එ­කයි ජන­තාව දැන් කල්පනා කරන්නේ.

 

• රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා එජා­ප­යෙන් නෙර­පී­රමේ සූදා­න­මක් තිබෙ­න­වාද?

ඒකට උත්තර දෙන්න සුදු­සුම පුද්ග­ලයා තමයි පක්ෂයේ මහ­ලේ­ක­ම්ව­රයා.

 

• සාධා­රණ සමා­ජ­යක් සඳහා වූ ජනතා ව්‍යාපා­රය කියන්නේ එජාප නාය­කයා ලෙස කරු ජය­සූ­රිය මහතා පත් කර­ගෙන ඉදිරි මහ මැති­ව­ර­ණ­යට යා යුතු බවයි. ඊට එජා­පය එක­ඟද?

විවිධ පුද්ග­ල­යන් විවිධ මත දර­නවා. පක්ෂ­යක් හැටි­යට අප ගන්න තීරණ පක්ෂය ඇතුළේ කතා කරලා රටට කිය­න්නම් ‘මෙන්න ගත්ත තීරණ‘ කියලා. එතෙක් මගේ පෞද්ග­ලික මතය වත්, තව කෙන­කුගේ මතය වත් පුව­ත්පත් සාක­ච්ඡා­වල මත වත් ක්‍රියා­ත්මක කරන්න බෑ. පක්ෂය තුළ කතා කර තීරණ අර­ගෙන අප අපේ තීර­ණය දැනුම් දෙනවා.

 

සංවා­දය - ගාමිණි බණ්ඩා­ර­නා­යක

Comments