අස්වනු නෙළීම ඇරඹෙන මහ කන්නය | සිළුමිණ

අස්වනු නෙළීම ඇරඹෙන මහ කන්නය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් ය. මේ නිසා රටට අවශ්‍ය සහල් ප්‍රමාණය මුළුමනින්ම පාහේ මෙරට තුළදීම නිෂ්පාදනය කිරීම රජ කාලයේ සිටම මෙරට පාලකයන්ගේ ප්‍රධාන අරමුණක් වී පැවතුණි.

ආදි කාලයේ සිටම මෙරට පැවති දේශගුණ රටාව සැලකිල්ලට ගෙන වසරකට දෙවරක් යල සහ මහ කන්න වශයෙන් වී වගා කිරීමේ සම්ප්‍රදායක්ව පැවත එයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළේ, මේ වනවිට මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ආරම්භ වී ඇති බවයි.

මේ මස අවසන් සතිය වනවිට අම්පාර ඇතුළු තව ත් දිස්ත්‍රික්ක කිහිපයක වී අස්වනු නෙළීම ආරම්භ වන බව ද ඔහු කියා සිටියේ ය.

දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළේ, වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමග දැනට ඉහළ ගොස් ඇති සහල් මිල යළි පහළ යනු ඇති බවයි.

මේ වනවිට සහල් මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් සම්බා හා නාඩු සහල් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.

එහෙත් සෙසු සහල් වර්ග කිහිපයක තවමත් පවතින්නේ රුපියල් 100 ට වඩා ඉහළ අගයකයි.

 

Comments