The Body Shop වෙතින් උත්සව සමයට සුවිශේෂ නිෂ්පාදන පෙළක් | සිළුමිණ

The Body Shop වෙතින් උත්සව සමයට සුවිශේෂ නිෂ්පාදන පෙළක්

The Body Shop මෙවරත් උත්සව සමය වෙනුවෙන් විශේෂ නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව The Body Shop නිෂ්පාදන අතරින් අතිශයින් ජනප්‍රිය වූ තවත් නිෂ්පාදන කිහිපයක් යළි හඳුන්වාදීමටද පියවර ගෙන ඇත.

The Body Shop හි සුවිශේෂීම නිෂ්පාදන පෙළක් වන Rich Plum නිෂ්පාදන පාරිභෝගිකයන්ගේ ඉල්ලීම නිසාම යළි හඳුන්වා දී තිබේ. මාදිලි 9 ක් අතරින් තමන්ට කැමති Plum Body Butter නිෂ්පාදන තෝරාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වී ඇත. සමට තෙතමනය ලබාදීම සඳහා RichPlum Body Butter සහ Body Yoghurt, සම මත මැරුණු සෛල ඉවත් කිරීම සඳහා Sugar Body

Scrub ස්නානය වඩාත් ප්‍රසන්න අත්දැකීමක් බවට පත්කරගැනීම සඳහා Shower Gel සහ Marbled Soap ද, ගමනට බිමනට කදිම Lip Butterද මෙලෙස තෝරාගත හැකි වේ. තුර්කියෙන් ලබාගත් ප්ලම්ස් සාරය සහ තවත් Community Trade අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇති මෙම නිෂ්පාදන උත්සව සමයේදී නිෂ්පාදන කට්ටලයක් ලෙස තෑගි දීමට මෙන්ම තමන්ට රිසි පරිදි වෙන වෙනම තෝරාගැනීමටද සුදුසු ය.

Comments