දිවයින වටා ඇති වෙරළ තීරයේ හමුදා මෙහෙයුම | සිළුමිණ

දිවයින වටා ඇති වෙරළ තීරයේ හමුදා මෙහෙයුම

දිවයින වටා වන වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුමක් යුද හමුදාව විසින් අද (29) ආරම්භ කලේය.

ඒ යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අදහසකට අනුවයි.

ශ්‍රී ලංකා හමුදාව සහ සමුද්‍රීය පාරිසරික ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව සංවිධානය කෙරිණ.
 
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් කිහිප දෙනෙකු සමඟ පිරිසිදු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ භට පිරිස් 2300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙම අවස්ථාවට එක්වෙමින් හමුදාපතිවරයා සඳහන් කළේ "ශ්‍රී ලංකා යුද හමුදාව ලංකාව පුරාම මුහුදු තීරය දිගේ වෙරළේ තිබෙන අපද්‍රව්‍ය එකතු කරලා ශ්‍රී ලංකාව අපද්‍රව්‍යවලින් බැහැර කරන්න හැකි පමණින් කටයුතු කරනවා.මේ සඳහා උපරිම භටපිරිසක් යොදවන්න කටයුතු කරලා තියෙනවා." යනුවෙනි.

 

Comments