මාන­යෙන් පිම්බු­ණොත් විනා­ශය අත ළඟයි | සිළුමිණ

මාන­යෙන් පිම්බු­ණොත් විනා­ශය අත ළඟයි

ද­ ධර්ම දේශ­නා­වට මාතෘ­කාව කර­ගත්තේ පරා­භව සූත්‍රයේ හත්වැනි පිරි­හීමේ කාර­ණාව ලෙස ‍තථාග­ත­යන් වහ­න්සේ‍ ­වි­සින් දේශනා කොට වදාළ ගාථා ධර්ම­යයි; එනම් ජාතිත් තද්ද්‍රෝ ධනත් තද්ද්‍රෝ ගොත්තද්ද්‍රො ඡයෝ නරෝ -සඤ්ඤාතිං අති­ම­ඤ්ඤේති තං පරා­භ­වතෝ මුඛංති. ගාථා පාඨ­යෙන් ඒ පිලි­බ­දව පැහැදිලි කර තිබෙ­නවා.

මේ කාරණා පුද්ගල පරි­හා­නි­යට මේ ලෝක වශ­යෙන් පර­ලෝක වශ­යෙන් ‍පරාභ­ව­යට හේතු වෙනවා කියලා ‍බුදුන් විසින් දක්ව­නවා. මේ හත්වැනි කාර­ණාව හැටි­යට දක්වන පිරි­හීමේ කාර­ණාව ලෙස දක්වන ගාථා ධර්මයි අද අපි සාකච්ඡා කරන්නේ. විවිධ කරු­ණු­ව­ලින් මානය ඇති කර­ගෙන ඒ මාන­යෙන් මත් වූ මාන­යෙන් වික්ෂිප්ත වූ සිත් ඇති ව යම් කිසි කෙනෙක් කට­යුතු කර­නවා නම් ඒ මාන­යෙන් තද වුණ, විප­රිත වුණ මාන­යෙන් මත් වුණ අන් අයව පහත් කොට තකන, තමන්ව උසස් කොට සල­කන එබදු පුද්ග­ලයා පිරි‍හී­මට පත්වන ආකා­ර­යයි බුදුන් වහන්සේ මේ ගාථා ධර්ම­යෙන් සද­හන් ක‍ළේ.

අපි වැද­ගත් පර­පු­ර­කින් පැවැත එනවා කියලා යම් කෙනෙක් මත්වෙ­නවා නම්, ඉන් පසුව ධන­යෙන් මත්වෙලා නම් ඒ මත්භා­වය නිසා අනිත් අය තලා පෙළා තමන් හුවා දක්ව­මින් කට­යුතු කිරීම ‍පිරි‍හ‍ීමේ දොර­ටු­වක් ලෙස සල­ක­න්නට පුළු­වන්. මේ ගාථා ධර්මය මුල් කර­ගෙන අපි පැහැ­දිලි කරලා දෙන්නට උත්සාහ කරන්නේ මානය කියන්නේ කුමක්ද කියලා. ඒ සම්බ­න්ධ­යෙන් මුලික හැඳි­න්වී­මක් ලබා­ගන්නා සේම මාන­යෙන් මත්වී­මෙන් මිදෙන්නේ කොහො­මද කිය­ලත් බලන්න ඕන. ධර්මයේ විභං­ග­ප්ප­ක­ර­ණයේ ක්‍රම විසි­හ­තක මේ මාන­යෙන් මත්වීම ගැන සඳ­හන් වෙනවා. මේ කරුණු විසි හතේදි මාන­යෙන් මත්වීම සිදු වෙනවා.

විකෘති ස්වභා­ව­ය­

මදය කියන්නේ මත් වීම­ටයි. යම් විදි­හ­කට මත්ද්‍රව්‍ය භාවිත කළාම යම්කිසි කායික, මාන­සික මත්භා­වක් ඇති­වෙ­නවා. හොඳ, නරක තෝරා බේරා­ගන්න බැරිව කළ යුතු නොකළ යුතු දේ තෝරා බේරා­ග­න්නට බැරිව සදා­චා­රය, දුරා­චා­රය නොදැන නීතිය ධර්මය නොදැන යුක්තිය නොදැන කිසි­ව­කුට එකඟ නොවී කිසි­ව­කුට තමන්ට හිතෙන දේ ඒ ආකා­ර­යෙන් ම සිදු කිරීමේ ස්වභා­ව­යට පත්වෙ­නවා. විවිධ විෂම දේවල් වලින් ශරි­රය මත් වුණාම මත්පැන් පානය සහ නොයෙ­කුත් මත් ද්‍රව්‍ය ශරි­ර­ගත වුණාම එබදු විකෘති ස්වභා­ව­ය­කින් මාන­යෙන් මත් වෙනවා. එබදු විකෘති ස්වභා­ව­ය­කින් මාන­යෙන් මත්වීම කියන එක ඊටත් වඩා නරක ස්වභා­ව­යක්. මොකක්ද මේ මාන­යෙන් මත් වීම කියලා කියන්නේ. මත් ද්‍රව්‍ය වලින් මත් වුණාම පැය ගණ­න­කින් එය යළි ප්‍රකෘති තත්ත්ව­යට පත්වෙ­නවා. එය පැය කිහි­ප­ය­කින් වෙන්න පුළු­වන්; දව­සින් වෙන්න පුළු­වන්. නමුත් එසේ නොවු­ණ­හොත් ඖෂධ ප්‍රති­කාර කරලා හරි නැවත ප්‍රකෘති තත්ත්ව­යට පත්වෙන්න පුළු­වන්.

බුදුන් දේශනා කළ පරිදි මාන­යෙන් මත් වුණා ම ජාතිය, ධනය, ග්‍රෝත්‍රය නිරෝ­ගී­කම ආදී විවිධ කරුණු නිසා පුද්ග­ලයා විප­රිත වුණාම; එය පැය ගණ­නින් හෝ ඖෂධ ප්‍රති­කාර වලින් හෝ සුව කර­න්නට බැහැ. එය දව­සින් දෙකින් වසර ගණ­නින් වන දෙයක් නොවෙයි.

විවිධ ව්‍යස­න­යන් ට ගොදුරු වෙලා මේ ලෝක වශ­යෙන් පර­ලෝක වශ­යෙන් විවිධ ව්‍යස­න­යන්ට ලක්වෙන්න පුළු­වන්. ඒ නිසා මත් ද්‍රව්‍ය­ව­ලින් මිනිසා මත් වන්නේ කෙසේද ඊටත් වඩා අති­ශ­යන් ම භයා­නක කරු­ණක් ලෙස මාන­යෙන් මත්වීම හඳු­න්වන්න පුළු­වන්. මොකක්ද මේ මාන­යෙන් මත් වීම කියලා හඳු­න්වන්නේ; ඒ කියන්නේ මැන බැලීම. සන්ස­න්ද­නය කිරී­මෙන් මේ තත්ත්වය ඇති­වෙ­නවා. අපිට ජීවි­තයේ පුරුදු වෙලා තියෙ­නවා. සස­දලා බලන්න අපේ රෑපය අනෙක් අයගේ රූපය සමග සස­දලා අපි බල­නවා. අපේ උස මහත; අනෙක් අයගෙ ධනය අප සමඟ සස­ඳලා බලන්න අපි පුරුදු වෙලා ඉන්නවා.

අපේ හැකි­යාව අන් අයගේ හැකි­යාව සමඟ, දැන උගත් කම අනෙක් අයගේ ධනය සමග සස­ඳල බලන ස්වභා­වය මිනිස් සිත් සතන් තුළ දකි­න්නට තියෙ­නවා. ඒ නිසා මේ මානය නැමැති ක්ලේෂ ධර්මය කොයි­ත­රම් බර­ප­තළ ද කියලා කිය­නවා නම් සෝවාන් මාර්ග ඥාන­යෙන් මෙය අහෝසි වෙන්නේ නැහැ. සකෘ­දා­ගාමි මාර්ග ඥාන­යෙන් මේය අහෝසි වෙන්නේ නැහැ. අනා­ගාමි මාර්ග ඥාන­යෙන් අහෝසි වෙන්නේ නැහැ.

මාන­යෙන් මත් වීම

අර්හත් තත්ත්ව­යට පත්වන තෙක්ම මේ මානය නැමැති ක්ලේෂය පව­ති­නවා. සක්කාය දිට්ටි, විචික්ච්ඡා, සිල­බ්බත පරා­මාස කිය­නවා. සංයෝග ධර්ම සෝවාන් මාර්ග ඥන­යෙන් අහෝසි වෙනවා. ඒ වගේම සෝවාන් වු තැනැ­ත්තාත් ‍සන්සන්ද­නය කර­නවා; ඒ පුද්ග­ල­යාත් සකෘ­දා­ගාමි වෙන­කොට කාම රාග ප‍ටිඝ තුනී­වෙලා ගියත් මේ මානය ඉතුරු වෙනවා. මම උසස් මම කියන දෙය පිළි­බඳ ව සිත­නවා. සමාන්‍ය පෘත­ග්ජන පුද්ග­ලයා තුළ පව­තින මාන­යයි, අර්ය­යන් වහන්සේ ලා තුළ පව­තින මාන­යයි අතර යම් වෙන­සක් තියෙ­නවා. යථාව මාන සහ අයථා මාන ‍කියලා දෙකක් තිය­නවා.

යථාව මාන කියලා කියන්නේ තියන කරුණු පද­නම් කර­ගෙන ඇත්ත­ටම මාන­යක් ඉප­දීම. අය­ථාව මාන කියන්නේ සන්ස­න්ද­නය කර­න්නට සුදුසු කාර­ණා­වක් ඇත්තෙත් නැහැ; නමුත් මන­සින්ම පුම්බා­ගෙන මානය ඇති කර ගැනී­ම­ටයි. ඒ කියන්නේ කරුණු නැතුව පද­නම් විර­හි­තව මානය ඇති කර­ගැ­නී­මයි. ඒ කියන්නේ අය­ථාව මාන­යයි ‍‍. එ් කෙසේ වෙතත් ඒ දෙකම බැඳී­මක්.

ආර්ය­යන් වහ­න‍්සේ­ලාට බොහෝ කොට ඇති වෙන්නේ යථාව මාන­යයි. තමන්ගේ ළඟ ඇති කරුණු දැකලා හේතු දැකලා සහේ­තු­කව අන් අයට වඩා උසස් පහත් කියලා සමා­නයි කියන මේ ස්වභා­වය ඇති­වෙ­න්නට පුළු­වන් බහුල වශ­යෙන්. අය­ථාව මානය ඇති­වෙන්නේ පෘත­ග්ජන පුද්ග­ල­යන්ට පම­ණයි. කෙලෙස් බහුල පුද්ග­ල­ය­න්ටයි. මේ අය­ථාව මානය අන්ත­රා­දා­ය­කයි ඇති දෙයක් නැතුව මන­සින් එසේ සිතා­ගෙන ඉන්නවා. එසේ සිතා­ගන පුම්බ­ගෙන ඉන්නවා; බාහි­රින් කිසි­වක් නැහැ; නමුත් පිම්බිලා . එත­කොට සෙයිය මානය ඇති වෙන්නට පුළු­වන්.

ඉන් පසුව සදිස මානය කියන්නේ කුමක්ද කියලා බලමු. ඒ අයට පුළු­වන් නම් අපි­ටත් පුළු­වන් කියලා හිත­නවා. එසේ සිතලා මානය ඇති කර­ග­න්නවා.

ඇත්ත වශ­යෙන්ම ‍එසේ සිත­න්නට සුදුසු තැන් තිය­නවා. ගුණ දහම් සම්බ­න්‍ධ­යෙන් එසේ සිතිම වර­දක් නැහැ. බුදුන් වහන්සේ ආලාර කාලාම, උද්ද­ක­රාම පුත්‍ර ළඟට ගියාම මේ තාප­ස­යන්ට සද්ධාව සිලය තිය­නවා; මේ අයට සමා­ධිය තියෙ­නවා; මටත් ප්‍රඥාව තියෙ­නවා; මේ අය­ටත් තිය­නවා; ඒ අය යම් තැනක ට ගියා නම් මට එතැ­නට යන්න බැරි­ක­මක් නැහැ; නමුත් මෙතැන මාන­යක් නොවෙයි; සන්ස­න්ද­නා­ත්මක සහේ­තු­කව දැකී­මක් එතැන සිද්ධ­වෙන්නේ.

සාධක ගණ­නය කිරීම; මේ සාධක නිසා මේ තත්ත්ව­යට පත්වෙලා තිය­නවා; ඒ නිසා මටත් එතැ­නට යන්න පුළු­වන් කියලා හිත­නවා. යමෙක් දැන­උ­ගත් කම ඇති කර­ගෙන තියෙ­නවා නම් මටත් පුළු­වන් කිය­ලන හිත­න­වාත සාධක නැතුව සන්ස­න්ද­නය කිරී­මට උත්සාහ කර­නවා. ඒ නිසා යථා මානය කියන දේ ඇතැම් විට පුද්ග­ල­යාගේ අභි­වෘ­ද්ධි­යට හේතු­වෙ­නවා. අපි ගුණ­ධර්ම වලින් අපි පන්සිල් රකි­නවා; මෙය සහේ­තුක ව දකින්න පුළු­වන් නම් අපි වෙන අය කරන විදි­හට කර­න්නට ඕන නැහැ.

අපි පන්සිල් ආරක්ෂා කර­ගෙන සිටින අය. ඒ නිසා එසේ නොක­රන අය සමඟ පෑහෙ­න්නට යන්න‍ෙ හොඳ නැහැ. ටිකක් හරි ගුණ දහම් වලින් ඉහ­ළින් ඉන්නවා කියලා ඒ තත්ත්වය පහ­තට දාන්න හොඳ නැහැ. අපේ ගුණ­ධර්ම ආරක්ෂා කර­ගෙන අපි ඉන්නට ඕන කියලා හිත­න්නට ඕන.

යථාවමා­නය

අපි මනු­ෂ්‍යයෝ සත්පු­රු­ෂයෝ; ඒ නිසා අපි වැරදි කර­න්නට හොඳ නැහැ කියලා යථාව මානය කියන දේ සම­හර වෙලා­වට ගුණ දම් වඩන්න පිහිට වෙනවා. ධර්මයේ තිය­නවා ලෝකා­ධි­ප­තෙය්‍ය, අත්තා­ධි­පත්‍යෙ, ධම්මා­ධි­පත්‍යෙ. පව්ක­ම්ව­ලින් වැළ­කෙන ක්‍රම තුනක් තිය­නවා. එහිදී අත්තා­දි­ප­තෙයි කියන්නේ අපේ මව්පියෝ; මේ වගේ අය; අපි මේ වගේ පර­පු­ර­කින් පැව­ත‍ ­එන්නේ; මම සද්ධා­ව­න්ත­යෙක්; දැන උගත් කෙනෙක්; මම අම්මා කෙනෙක්; ගුරු­ව­ර­යෙක්; භික්ෂු­වක් කියලා එසේ සිතලා සාමාන්‍ය ලෝකයාට වඩා තමන් ළඟ තියන සුදු­සු­කම්, උස­ස්කම් සිහි­ක­රලා අස­ද්ධ­ර්ම­යන් ගෙන් වැල­කිලා ඉන්නට මේ යථා වමා­නය එක්තරා ප්‍රමා­ණ­යට උප­කාරී වෙනවා. වඩා අන­ර්ථ­කාමි වෙන්නේ අය­ථාව මාන­යයි. නමුත් අයථා මානය වුණත් අනෙක් අය පහත් කර­න්නට යොදා ගන්න නර­කයි.

අපිට මුලික වශ­යෙන් සන්ස­න්ද­නය කරන්නේ සහේ­තු­කව වෙන්ට පුළු­වන්. අැත්තට ම අපි ළඟ ගුණ තියෙන්න පුළු­වන්. ඒ හොඳ මතු කරලා සහේ­තු­කව අනෙක් අයව පහත් කරන්න හොද නැහැ. අනෙක් අය මස් මාළු කනවා; නමුත් තමා මස්මාළු නොකන කාර­ණාව උසස් කියලා අනෙ­කාව පහත් කර­න්නට හොඳ නැහැ. මානය මතු වෙන්නේ හේතු ඇතිව වුවත්; තමන් ‍හුවා දක්වා අනෙක් අය පහත් කිරීම අත්තු­ක්ක­න්සන පරා­මාස කියන තැනට යන එක ඒත­රම් සුදු සු නැහැ. යථාව මාන­යත් හානි­වෙන්ට පුළු­වන්. සම­හර වෙලා­වට යථාව මානය ගුණ දහම් වඩ­න්නට පිහිට වෙනවා. හොඳ පරා­මාර්ථ වලින් ජය­ග­න්නට එය පිහිට වෙනවා. ලෝකයේ සම­හර මිනිස්සු ලෝකය ජය අර­ගෙන තියෙන්නේ. තව කෙනෙක්ගේ කෙනෙ­හිලි කම් නිසා අනෙක් අයගේ අඩ­න්තේ­ට්ටම් නිසා මේවාට ලක්වෙලා සම­හර අය හිත­නවා; මටත් හැකි­යාව තිය­නවා කියලා; සම­හර නුව­ණැති අය හිත­නවා ජිවි­තය ජය­ගන්න. හැම­දාම එසේ සිත­න්නට ඕන නැහැ. මෙය හොඳ තැනට යොදා ගන්නට ඕන.

ඒ විදි­හට අය­ථා­මා­නය ඇති‍වු­ව­හොත් අදාළ සාධක නැති­නම් තමන්ට ඒ සඳහා ඥානය නැති­නම්, තමන්ට ඒ සඳහා නුවණ නැති­නම්; දැන­උ­ගත් කම නැති නම්; ඒ යම් අය­කුට පුළු­වන් නම් මමත් කර­න්නට ඕන කියලා හිතු­ණත් කර­ගැ­නී­මට නොහැකි වන අවස්ථා තිය­නවා. ඒ නිසා ඒ අය හීන මාන­යට පත් වෙනවා. එසේ නැති නම් ඊර්ෂ්‍යාව පටන් ගන්නවා. සමා­ජ­යට දෙස් දෛවොල් තියන්න පට­න්ග­න්නවා. හින­මා­න­ය‍ ­නිසා පව් රැස් කර­ගන්ට පටන් ගන්නවා. ඒ නිසා අය­ථාව මානය ඉතාම භයා­න­කයි. යථාව මානය නුසු­දුසු විදි­හට පරි­හ­ර­ණය කළ­හොත් භයා­න­කයි.

ඇතැම් අව­ස්ථා­වල යථාව මානය ගුණ ධර්ම වැඩීම පිණිස; ජීවන අභි­යෝග ජය­ගන්න මෙලොව පර­ලොව ජය­ගැ­නීම පිණිස භාවිත කර­න්නට පුළු­වන්; ඇතැම් අව­ස්ථා­වල දි. තවම අපි ළඟ මානය තියන නිසා; තවම අපි රහත් වෙලා නැති නිසා මානය ‍ඇති බව තේරුම් අ‍රගෙන යහ­පත පිණිස නම් යථාව මානය හැටි­යට යහ­පත පිණිස භාවිත කර­ග­ත්තාට කමක් නැහැ. නමුත් එය අය­හ­පත් ලෙස අනෙ­කාට හිරු­හැර පිඩා වෙන ලෙස භාවිත නොකළ යුතුයි. ඒනිසා බුදු රජා­ණන් වහන්සේ දේශනා කළා,

මේවා­යෙන් මත්වු­ව­හොත් විනා­සය පිණි­සම හේතු වෙනවා. මත්වෙ­නවා කියලා කියන්නේ හොඳ නරක තේරුම් ගන්න බැරි තත්ත්ව­යට පත්වීම. ඒ නිසා යථාව මානය සහ අය­ථාව මානය කියා දෙකක් තිය­නවා. ඒ දෙකම සෙයිය මාන, සදි­ස­මාන, හීන මාන කියලා තුන් ආකා­ර­යට බෙදෙ­නවා. සෙයිය මානය යනු ‍අනෙකාට වඩා උසස් යැයි සිතීම. සදිස මානය කියන්නේ එ් අය වගේම අපිත් සමා­නයි කියලා සිතීම.

හීන මානය කියලා කියන්නේ ඒ අයට තිය­නවා අපිට නැහැ කියලා අපි පහත් කොට කල්පනා කිරී­මයි. ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න ගියත් මනස විකෘති වෙනවා; සමා­නයි කියලා සැස­ඳෙන්න ගියත් මනස විප­රිත වෙනවා; හීනයි කියලා හිතු­වත් විප­රිත වෙනවා; කලින් සඳ­හන් කළා වගේ සාධක නැතුව පුම්බා­ගත්ත අය­ථාව මාන­යක් ඇති කර­ග­ත්තොත් එයින් වෙන්නේ විනා­ස­ය­මයි.

Comments