දණ වටක් ජලයේ ගිලී පව­ත්වන සෝමා­වතී දළදා පූජාව | සිළුමිණ

දණ වටක් ජලයේ ගිලී පව­ත්වන සෝමා­වතී දළදා පූජාව

ලෝක­වාසී බෞද්ධ ජන­තාව ජීව­මාන බුදුන් සේ සලකා වැඳුම් පිදුම් කරනු ලබන බුදු­න්ව­හ­න්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගාවේ වැඩ වාසය කරනු ලබන්නේ මහ­නු­වර රාජ­ධානි සමය ආර­ම්භයේ සිටය. රාජ්‍ය­ය­ත්වයේ සංකේ­තය ලෙසින් සලක දළදා වහ­න්සේට පුද­පූජා පැවැ­ත්වී­මට රජ­ව­රුන් කට­යුතු කළ නිසාම රාජ­ධානි මාරු වන විට දළදා වහ­න්සේද එම රාජ­ධානි වෙත වැඩම කර­වීම අතී­තයේ පටන් සිදු කෙරු­ණකි. ජීව­මාන බුදුන් වහ­න්සේට ආනන්ද හිමි­යන් එදා කළ උප­ස්ථාන සිහි ගන්ව­මින් තේවා­භාර නායක ස්වාමි­න්ද්‍ර­යන් වහන්සේ විසින් දළදා වහන්සේ වෙනු­වෙන් අදද නොපි­හි­රි­හෙළා ඒ අයු­රින්ම අදාළ පූජා කට­යුතු සිදු කරනු ලබයි. වාම ශ්‍රී දළදා වහන්සේ වෙනු­වෙන් මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගා­වේදී මේ ආකා­ර­යට පුද පූජා සිදු කෙරෙද්දී තවත් ස්ථාන­ය­කද එලෙ­සින්ම පුද පූජා සිදු කෙරයි.ඒ ඓති­හා­සික සෝමා­වතී රජ­මහ විහා­ර­ස්ථා­න­යේ­දීය. බුදුන් වහ­න්සේගේ දකුණු දළදා වහන්සේ නිධන් කොට ඉදි කර තිබෙන සෝමා­වතී චෛත්‍ය­රා­ජ­යා­ණන් වහන්සේ අභි­මුව දෛනි­කව පුද සිරිත් සියල්ල සිදු කෙරෙ­න්නේද මහ­නු­වර ශ්‍රී දළදා මාලි­ගාවේ සිදු වන ආකා­ර­ය­ට­මය.

අලු­යම තේවාව, දහ­වල් මුළු­තැන් පූජාව සහ සවස තේවාව ලෙස දින­කට තුන් වරක් තේවා කට­යුතු සිදු කෙරයි. මුළු­තැන් පූජා­වට වෑංජන 32ක් පිළි­යෙළ කෙරෙන්නේ අතීත රජ­ව­රුන් ගත් අාහාර වේල සැල­කි­ල්ලට ගනි­මිනි. මේ ලිපිය ලියන මොහොත වන විටත් දළදා මාලි­ගාවේ සහ සෝමා­වතී රජ­මහ විහා­ර­ස්ථා­නයේ තේවා කට­යුතු සිදු කෙර­මින් පවතී. තේවා කට­යුතු සිදු කෙරෙ­න්නාවූ වත්පි­ළි­වෙත් සමාන වුවත් දෙතැන ඒ සඳහා පව­තින පහ­සු­කම් වෙනස්ය.

මහ වැසි සමඟ සෝමා­ව­තිය අද පව­තින්නේ අඩි හත අටක් ජල­යෙන් යට­වය. ඒ නිසා තේවා කට­යුතු කිරී­මට සිදු වී තිබෙන්නේ බෝට්ටු­වෙන් ගොස් චෛත්‍ය ආස­න්නයේ දණ වටක් ජලයේ ගිලීය. තේවා අව­ස්ථාවේ බුද්ධ පූජා සිදු කරන විට හේවිසි චාරිත්‍ර ඉටු කෙරෙ­න්නේද බෝට්ටු­වක සිට වීම විශේ­ෂ­ත්ව­යකි.

දළදා මාලි­ගාවේ වගේ අලු­යම තේවාව, මුළු­තැන් පූජාව සහ සවස තේවාව සැදැ­හැ­වත් බෞද්ධ පින්ව­තුන් වසර පුරාම බාර­ගෙන තිබෙ­නවා. ඔවුන් මහත් ගෞර­ව­ය­කින් බුද්ධ පූජාව පිළි­යෙල කොට රැගෙන විත් පූජා කර­නවා. සෝමා­වතී චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ පොලො­න්න­රුවේ ඉඳලා කිලෝ මීටර 40ක පමණ ඈත මහ ගන කැලෑ­වක පිහි­ටලා තියෙන්නේ. ලොකු වැස්සක් අද වැටු­ණොත් පුද­බිම ආශ්‍රිත කිලෝ මීටර තිහක විතර සීමා­වක් ජල­යෙන් යට වෙනවා. සම­හර තැන්වල් අඩි 15ක් විතර උසට වතුර එනවා. සංඝා­වා­සය, දාන ශාලාව ඇතුළු සියලු ස්ථාන මේ වන කොටත් අඩි අටක් දහ­යක් යට­වෙලා. පහළ තට්ටු වල තියෙන බඩු සේරම තුන් වන තට්ටු­වට දාලා තියෙන්නේ. මුළු­තැන් පූජාව වගේම අලු­යම කිරි ආහාර පූජ­වත් සවස ගිලන් පස පූජා­වත් බාර­ගත් අයට එන්න විදි­හක් නැති නිසා අපි­ටම පිළි­යෙළ කර­ගන්න වෙලා තියෙ­නවා.

ලොකු වැස්සක් වැටුණ හැම විටම සිද්ධ වෙන දෙයක් නිසා අපි හැම දේටම සූදා­නම් වෙලා ඉන්නේ. මුළු­තැන් පූජා­වට අවශ්‍ය වෑංජන 32 ක පිළි­යෙල කරන්න වෙනම පිරි­සක් ඉන්නවා.ඒ අය දාන ශාලාවේ තුන්වන මහළේ ඉඳ­ගෙන ඒක කර­නවා. හේවිසි ගහන්න හතර දෙනෙක් ඉන්නවා. ඒ අයත් මාරු­වෙන් මාරු­වට තේවා කට­යුතු වලට සම්බන්ධ වෙනවා. වැස්ස නිසා මේ කෙරෙන බුද්ධ පූජා කට­යුතු මොනම විදි­හ­කි­න්වත් අත­පසු වීමට අපි ඉඩක් තබන්නේ නැහැ...සෝමා­වතී රජ­මහ විහා­රා­ධි­පති පූජ්‍ය පහ­මුණේ සුමං­ගල නාහි­මියෝ පව­සති.

“භික්ෂූන් වහන්සේ තුන් නමක් මාරු­වෙන් මාරු­වට මේ පූජා කට­යුතු කර­නවා. මේ කට­යු­තු­ව­ලට බෝට්ටු දෙකක් වෙන් කරලා තියෙන්නේ. බුද්ධ පූජාව රැගෙන සංඝ­යා­ව­හන්සේ නමක් ආව­තේරු කරු­වන් සමඟ එක බෝට්ටු­වක යනවා. අනෙක් එකේ හේවිසි කණ්ඩා­යම යනවා. චෛත්‍යය වටා එක් වට­යක් ගමන් කරලා තමයි බුද්ධ පූජාව තියන්නේ. මේ දව­ස්වල ඒ ගමන යන්නේ බෝට්ටු­වෙන්. චෛත්‍යය වටා අඩි තුනක් විතර උසට වතුර තියෙන නිසා බෝට්ටු­වෙන් වටේ­ටම යන්න පුළු­වන්. දණ­හිස දක්වා වතු­රට බැහැලා තමයි ආග­මික වතා­වත් සිදු කරන්නේ. තවත් ආමි එකේ බෝට්ටු දෙකක් පොලො­න්න­රුවේ තියෙ­නවා.

අපි දවස් තුන­කට සැර­යක් සෝමා­ව­තියේ ඉන්න අයට ආහා­ර­පාන අරන් යනවා. බුද්ධ පූජා­වට අවශ්‍ය බඩුත් ඒ එක්ක අරන් යනවා. පුද බිමේ ඉඳන් කිලෝ මීටර 30ක් විතර දුරට වතු­රෙන් යට­වෙලා තියෙන්නේ. ආමි එකේ ට්‍රක් එක­කින් අඩි තුනක් විතර වතුර තියෙන තැන් පහු කර­ගෙන ගියා. පුද­බි­මට කිලෝ මීටර හයක් විතර දුරක් එන කොට ජල මට්ටම අඩි හය­කට වඩා වැඩියි. ලොරි­යෙන් යන්න බැරි නිසා ඒ දුර බෝට්ටු­වෙන් තමයි යන්නේ. ජල මට්ටම වැඩි වෙන­කොට වන සතුන් දන්නවා ආර­ක්ෂිත තැන්ව­ලට යන්න. මේ දව­ස්වල අලි පේන්න නැහැ. ඒ සත්තු ජල­යෙන් යට නොවන තැන් වලට ගිහින් ඉන්නේ....උන්ව­හන්සේ පැව­සූහ.

දේවා­නම් පිය­තිස්ස රජුගේ සහෝ­ද­රයා වන මහා­නාග කුමා­රයා රෝහ­ණ­යට යන විට නාග­රා­මය නමින් විහා­ර­ස්ථා­න­යක් මෙහි ස්ථාපිත කර තිබේ. අන­තු­රුව මහා­නාග කුමාරු යටා­ල­තිස්ස ප්‍රදේ­ශ­යට ගිය අතර එහිදී ඔහුට ලැබුණු පුතුට යටා­ල­තිස්ස යැයි නම් තැබිණි. ඒ කුමරු නමින් යටා­ල­තිස්ස විහා­රය ගොඩ නන්වනු ලැබීය.

යටාල තිස්ස රජුගේ පුතු ගෝඨා­භ­යයි. කාව­න්තිස්ස රජු ගෝඨා­භ­යගේ පුත්‍ර­යායි. සෝමා­වතී දේවිය කාව­න්තිස්ස රජුගේ නැඟ­ණිය වූ අතර ඇය විවාහ වූයේ කැල­ණි­තිස්ස රජුගේ බෑනා සම­ඟය. උඩ­රට ගිරි­ජන පදය බාර­ගත් එම දෙපොළ එහි රජ­කම් කමින් සිටි­යදී දුටු ගැමුණු කුමා­රයා යුද්ධය සංවි­ධා­නය කර­මින් ඒ ඉසව්ව පසු­කර ගියේය.

සෝම­වතී දේවිය තම දිය­ණිය වන ස්වර්ණ­මා­ලිය දුටු ගැමුණු රජුට බාර කළේ කන්ද උඩ රාජ්‍ය­යත් සම­ඟිනි. සෝමා­වතී දේවිය තමන්ගේ සීයා ආරම්භ කළ නාගා­රා­මය පැවති ප්‍රදේ­ශ­යට ගොස් සෝම රාජ්‍යය පිහි­ටුවා ගත් බව ඉති­හා­සයේ සඳ­හන්ය. දුටු­ගැ­මුණු රජු සුවි­ශාල විජ­ය­ග්‍ර­හ­ණ­යක් සම­ඟින් රට එක්සේ­සත් කර අනු­රා­පු­රයේ සෝම­වතී දේවි­යගේ දිය­ණි­යගේ නමින් ස්වර්ණ­මාලි චෛත්‍යය ගොඩ නැඟු­වේය. තමන්ගේ සීයා ගොඩ­නැඟූ නාගා­රා­මයේ මිහිඳු හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 60 නමක් වැඩ සිටිනු දැක එහි චෛත්‍ය­යක් ස්ථාපිත කිරී­මට පිය­වර ගත්තාය. මිහිඳු මහ රහ­තන් වහ­න්සේගේ තුන්වන පර­ම්ප­රා­වට අයත් මිහි­ඳු­හිමි සන්ත­කයේ ඒ වන විටත් වැඩ­සිටි බුදුන්ගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර සෝමා­වතී චෛත්‍ය­රා­ජ්‍යා­නන් වහන්සේ ගොඩ නැඟීය.

ගජබා රජ සමයේ සොලීන් පැමිණ මේ පුද­බිම ඇතුළු සිද්ධ­ස්ථාන සියල්ල විනාශ කළා. එතුමා සොලී රටට ගොස් ඔවුන් මෙර­ටින් ගෙන ගිය 12000ක් දෙනා වෙනු­වට තවත් 12000ක් සමඟ 24000ක් රැගෙන මෙර­ටට පැමි­ණියා. ගාමිණි අභය යුද­රජ කියලා රජ­තු­මාට සෝමා­ව­තියේ වැඩ­සිටි භික්ෂූන් වහන්සේ ගෞරව නාම­යක් ලබා දුන්නා. රජු විශාල ඇළක් කපලා ඇළෙන් වැඩ කරන ඉඩම් සියල්ල පූජා කළා. ඒ රාජ­කීය ඇළ අද චෛත්‍ය­යට බස්නා­හිර පැත්තෙන් ගමන් කර­නවා. අලුත් ගඟ නැගෙ­න­හිර පැත්තනේ ගමන් කර­නවා. මේ දෙකේම ගමන් කරන්නේ මහ­වැලි ගඟේ ජලය. පොලො­න්නරු යුග­යේදී මහ පරා­ක්‍රම බාහු රජ­තුමා සෝමා­වතී කියලා ඇළක් කපලා තිබෙ­නවා පරා­ක්‍රම සමු­ද්‍රයේ සිට සෝමා­ව­තිය දක්වා. විශාල වැස්සක් ඇද හැලුණු ගමන් මේවා සියල්ල පිටාර ගල­නවා. ක්‍රම­යෙන් කැලෑ වැදුණු මේ ප්‍රදේ­ශයේ 1946 වෙන තුරු කිසිදු සංව­ර්ධ­න­යක් සිදු වුණේ නැහැ.

ගිරා­ගම දිය­ව­ඩන නිලමේ වරක් මෙහි ගොස් දළදා වහන්සේ ගන්න චෛත්‍ය හාරලා තියෙ­නවා. ඒකෙන් පස්සේ එතුමා අස­නීප වෙලා මර­ණ­යට පත් වුණා. ජන­වාස නැතිව වල් වැදුණු ප්‍රදේශ හරහා ඇතැම් අව­ස්ථා­වල මුස්ලිම් මිනිස්සු ගමන් කර තිබෙ­නවා. ඒ අය බෙර හඬ­වල් වගේම නොයෙක් ආලෝක ධාරා මේ ඉස­ව්වේදී දැක තිබුණා.ඔවුන් ඒ බව සිංහල බෞද්ධ ජන­තා­වට දැනුම් දීමෙන් පසු සිරි­ම­ල්වත්තේ පිය­ර­තන නාහිමි, පහ­මුණේ ගුණා­නන්ද අනු­නා­යක හිමි ඇතුළු පිරි­සක් ගිහින් තිබෙ­නවා. මුස්ලිම් අය තමයි පාර­වල් පෙන්නලා තියෙන්නේ. ගරා වැටුණු චෛත්‍ය මේ අය එහිදී සොයා ගත්තා. පසුව 1966 දී ඩඩ්ලි සේනා­නා­යක මහතා චෛත්‍ය නැවත ගොඩ නඟන්න මුල් ගල් තැබුවා. ඒ වෙලාවේ බුදු රැස් විහි­දුණා. පාර­වල් හදලා සංව­ර්ධ­නය කරලා 1981 දී හිටපු ජන­පති ජෙ.ආර් ජය­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොත් පැල­ඳ­වීමේ උත්ස­වය පැවැ­ත්වූවා. කොටි ත්‍රස්ත­වා­දීන් 1983 දී මෙතැ­නට කඩා වැදිලා හාමු­දු­රු­වරු අට දෙනෙ­කුයි සිවිල් වැසි­යන් විසි දෙනෙ­කුයි ඝාත­නය කළා. චෛත්‍යයේ චූඩා මාණික්‍ය ගල­වලා පැත්ත­කට දාලා තියෙද්දී වන අලි ඒක වටා රැස්වෙලා ආරක්ෂා කර­ගෙන ඉඳලා තියෙ­නවා. පසුව හිටපු ජන­ප­ති­ව­රුන් වන චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මි­යත් මහින්ද රාජ­පක්ෂ මහ­තාත් මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාත් මෙහි සංව­ර්ධ­නය වෙනු­වෙන් විශාල වැඩ කොට­සක් කළා....සුමං­ගල නාහි­මියෝ පව­සති.

මෙවර ගංව­තු­රට සමාන ගංව­තු­රක් 2004 වස­රේදී පැමිණ සෝමා­වතී පුද­බිම අඩි 15ක පමණ උස­කට ජල­යෙන් යට­විය. ක්ෂණි­කව මහ­වැලි ගඟ පිටාර ගැලී­මත් සමඟ එම අව­ස්ථාවේ ජල මට්ටම ඉහළ යාම නිසා විහා­ර­වාසී පුබු­දු­පුර සුම­න­ර­තන හිමි ඇතුළු පිරිස ජීවිත බේරා­ගැ­නීම පිණිස නැඟ තිබුණේ සංඝා­වා­සයේ වහල මත­ටය.මම එව­කට අග­මැති ධුරය හෙබවූ මහින්ද රාජ­පක්ෂ මහ­තාට කතා කරලා තත්ත්වය ගැන කිව්වා. එතුමා හෙලි­කො­ප්ට­ර­යක් යවලා කඹ­යක් දාලා තමයි හාමු­රු­වන් බේරා­ගත්තේ. අනෙක් පිරිස බෝට්ටු­ව­ලින් පොලො­න්න­රු­වට රැගෙන ආවා. 1967 දීත් මේ වගේ ගං වතු­රක් ආවා.

ඉස්සර අඩි දෙක තුන­කට වඩා වතුර උඩට එන්නේ නැහැ. වික්ටෝ­රියා, රන්දෙ­ණි­ගල, රන්ටැඹේ ජලාශ හැදු­වට පස්සේ තමයි තත්ත්වය දරුණු වුණේ.ඒ ජලාශ වල වාන් දොරටු ඇරි­යම මහ­වැ­ලිය පිටාර ගල­නවා. අනෙක් පැත්තෙන් පරා­ක්‍රම සමු­ද්‍රයේ වාන් දොරටු ඇරි­යම ගල්ලෑල්ල, මන­ම්පි­ටිය සේරම යට වෙනවා. මේ පාර පරා­ක්‍රම සමු­ද්‍රය අරි­න්නත් කලින් පූජා භූමි ප්‍රදේ­ශය යට වුණා. චෛත්‍යය අඩි තුනක් යට වෙන්න පටන් ගත්තේ පරා­ක්‍රම සමු­ද්‍රය ඇරි­යට පස්සෙයි.

චෛත්‍ය වටේ කිලෝ මීටර එක හමා­රක දුරක් ආව­ර­ණය වන විදි­හට අඩි 15ක් උසට ආර­ක්ෂිත බැම්මක් ඉදි කරන්න 2002 දී යෝජ­නා­වක් ආවා. මෛත්‍රී­පාල සිරි­සේන මහතා මංගල පස් පිඩැ­ල්ලත් කැපුවා. මොර­ග­හ­කන්ද ජල යෝජනා ක්‍රමය ක්‍රියා­ත්මක වුණාම මේ විදි­හට සෝම­වා­තිය ජල­යෙන් යට­වෙන එක නතර වෙනවා කියලා විශේ­ෂ­ඥ­යන් ප්‍රකාශ කළා. ඒ නිසා ඒ වැඩ­පි­ළි­වෙළ නතර වුණා. නමුත් සෝම­වා­තිය ජල­යෙන් යට වෙන එක නතර වුණේ නැහැ. දැන් මොර­ග­හන්ද ජලා­ශය පිරිලා. ඒක ඇරි­යොත් මේ පුද­බිම තවත් ජල­යෙන් යට වෙනවා...සුමං­ගල හිමියෝ ප්‍රකාශ කරති.

හිටපු ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මෙය පූජා භූමි­යන් ලෙසත් ජාතික උරු­ම­යක් ලෙසත් නම් කිරී­මට පිය­වර ගෙන තිබේ. පුද­බිම ජල­යෙන් යට වීමත් සමඟ ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පසු­ගි­යදා ගුව­නින් ගොස් එම ස්ථානය නිරී­ක්ෂ­ණය කර බලා පුද­බිම ජල­යෙන් යට­වීම වැළැ­ක්වීම පිණිස කලින් සැල­සුම් කර තිබූ ආර­ක්ෂිත බැම්ම ඉදි කිරී­මට පිය­වර ගන්නා ලෙස බල­ධා­රීන්ට උප­දෙස් ලබාදී ඇත.

Comments