යූඇ­න්පී­යට ආයේ නැගි­ටී­මක් නැහැ; සදා­සොත්ති තමයි | සිළුමිණ

යූඇ­න්පී­යට ආයේ නැගි­ටී­මක් නැහැ; සදා­සොත්ති තමයි

 

වග­කි­ව­යුතු අමා­ත්‍යාංශ කිහි­ප­යක කැබි­නට් ඇමැති ධූරය ඔබට ලැබී තිබෙ­නවා. ඒ අමා­ත්‍යාංශ වල ඉදිරි වැඩ කට­යුතු සම්බන්ධයෙන් කතා කළොත් ?

අපි ඉතා හොඳින් සහ­යෝ­ග­යෙන් ක්‍රියා කර­නවා. පසු­ගිය රජය යටතේ සිදුවී තියන අක්‍ර­මි­කතා අකා­ර්ය­ක්ෂ­මතා මඟ­හ­රවා ගෙන කට­යුතු කර­නවා. ඒ සඳහා ජනා­ධි­පති තුමාගේ සහ අග­මැ­ති­තු­මාගේ පූර්ණ අනු­මැ­තිය සහ වැඩ­ක­ට­යුතු සඳහා පුර්ණ අනු­ග්‍ර­හය තියෙ­නවා.

 

පහු­ගිය ආණ්ඩුව යටතේ ආන්දෝ­ල­න­ය­කට ලක්වූ කරු­ණක් වන වසර කිහි­ප­යක් කල් දමා ඇති පළාත් සභා මැති­ව­ර­ණය ඉදි­රි­යේදි පැවැ­ත්වී­මට කට­යුතු කර­න­වාද ? පළාත්සභා සහ පළාත් පාලන මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් වග­කීම පැවරී ඇති ඇමැ­ති­ව­රයා ලෙසත් එ් ඇමැති ධූරයේ මින් පෙර කට­යුතු කළ පළ­පු­රුදු ඇමැ­ති­ව­ර­යෙක් ලෙස මැති­ව­රණ කල් දැමීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක් ලෙස කෙබදු ආකා­ර­ය­කට බල­පාන්නේ ද යන්න ඔ‍බේ අද­හස?

මහ­මැ­ති­ව­ර­ණ­යට පෙර පළාත් සභා මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට ඉඩ කඩ ලැබෙන එකක් නැහැ මේ වෙලාවේ. මේවන විට ජන­තාව අතර උණු­සු­මට ලක්වෙලා තියන වැද­ගත් ම ඡන්දය මහ­මැ­ති­ව­ර­ණය. පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් එයට මේ වෙලාව නොවෙයි. මහ මැති­ව­ර­ණ­යෙන් අන­තු­රුව අපිට පළාත් පලාන මැති­ව­ර­ණ­යට යන්න පුළු­වන්. ඉති­හා­සයේ පල­මු­වැනි වතා­ව­ටය පළාත් පාලන ඇමැ­ති­ව­රයා ‍ඉදිරි­පත් කරපු යෝජ­නා­ව­ලට පළාත් පාලන ඇමැ­ති­ව­රයා ට විරුද්ධ ව ඡන්දය ලබා දුන්නා. අපි ‍එහෙම දෙයක් ලෝකයේ කොහේ­වත් දැකලා නැහැ. අපි තුෂ්ණි­ම්භූ­ත­වෙලා පාර්ලි­මේ­න්තුවෙ බලා­ගෙන හිටියා. එදා පසු­ගිය රජය යට‍තේ මැති­ව­රණ කල් දැමීම පුරු­ද්දක් විදි­හට ඒ අය‍ ­ක­ර­ගෙන ගියා. ඡන්ද­ය­කට යන්න ඒ අය බය වුණා. නමුත් ජන­තාව පෙළ­ගැ­සිලා ඉන්නේ අපේ පක්ෂය වටා.

පසු­ගිය පාර්ලි­මේ­න්තුව කාල­කණ්ණි පාර්ලි­මේ­න්තු­වක්. පැර­දුණු අයට ම මන්ත්‍රී­කම්, ඇමැති කම් දුන්නා. ඒ අයට අැමැ­ති­කම් දුන්නා නම් ඇයි ඡන්ද­යක් තියලා අපි ජනතා කැමැත්ත විම­සන්නේ. ප්‍රජා­න්ත්‍ර­වා­දය විනාශ වෙලා තිබුණේ. ඒ කාලයේ සිමා නීර්ණය ගැට­ලු­වක් මතු කර­ගෙන ඡන්දය පව­ත්වන මැති­ව­රණ ක්‍රම­යක් මතු කර­ගෙන ඡන්දය කල් දැම්මා. කිසිම ලෙස­කින් මැති­ව­රණ කල් දැමී­මක් ඉදි­රි­යේදි සිදු­වෙන්නේ නැහැ. පළාත් පාලන අමා­ත්‍යාං­ශ­යට තිබුණේ කුඩ­ම්මාගේ සැල­කිලි. අපි ඒක වෙනස් කළා. අපි එය බල­ගතු අමා­ත්‍යාං­ශ­යක් බවට පත් කරලා තියෙ­නවා. අපි එයින් ජනතා මෙහෙ­ව­රක් ඉටු­ක­ර­න්නයි උත්සාහ ගන්නේ. පළා­ත්ප­ලාන ඇමැති ධූරය මම කලින් දරපු ඇමැති ධූර­යක්. මට එය හොඳින් ‍හුරුපු­රු­දුයි.

 

කාර්ය­ක්ෂම ‍සේවාවක් සම්බ­න්ධ­යෙන් ඔබ කතා කළත් ඉදිරි මැති­ව­ර­ණ­යට පෙර ආය­ත­න­යන්හි කාර්ය­ක්ෂ­ම­තාව ඇති කර­න්නට එහි ප්‍රධා­නීන්ගේ ක්‍රියා­කා­රී­ත්වය වැද­ගත්. ඔබගේ අමා­ත්‍යං­ශ­ව­ලට අදාළ ආය­ත­න­යන්ට සභා­ප­ති­ව­රුන්, අධ්‍ය­ක්ෂ­ක­ව­රුන්, නිල­ධා­රීන් තව­මත් පත්ක­රලා නැහැ නේද? එසේ නම් කාර්ය­ක්ෂම සේව­යක් ජන­තාව වෙනු­වෙන් ඉටු කරන්නේ කොහො­මද?

පත්කළ යුතු අය පත් කර­ගෙන යනවා. දැන් මේ වන විටත් පත් කිරීම කර­ගෙන යනවා. ඒ පත්කර තියෙන අය දිහා බැලු­වාම අපිට පේනවා; ඒ විෂය සම්බ­න්ධ­යෙන් දැනු­වත් අය තමයි පත් කර තියෙන්නේ කියලා; එයයි වෙනස.

සුදුසු අය තමයි පත් කරන්නේ නුසු­දුසු අය කිසි කෙනෙක් පත් කරන්නේ නැහැ‍. සුදුසු අයට සුදුසු තැන ලබ‍ා­දෙ­නවා. තෝරා පත් කර­ගැ­නීම සිදු කිරීම ප්‍රමාද වුවත් කඩි­මු­ඩියේ පත් කරලා අන­වශ්‍ය ප්‍රශ්න ඇති කර නොගත යුතුයි. කල් ගියත් සුදුසු මිනිහා තෝර ගත යුතුයි. නුසු­දුසු අය පත් කරන්නේ නැහැ.

 

ඉදිරි මහ මැති­ව­ර­න­යේදි තුනෙන් දෙක ජන­ව­ර­මක් ලබා ගන්නට පුළු­වන් කියලා ඔබ හිත­නවා ද ?

මේ රටේ සිංහල බෞද්ධ ජන­තාව පම­ණක් නොවෙයි; අද වන විට ජනා­ධි­ප­ති­තු­මාගේ වැඩ­පි­ළි­වෙල ගැන සියලු ජන­තාව ප්‍රසා­ද­යෙන් ඉන්නේ. ඒ නිසා අපි අනි­වා­ර්යෙන් ම විශිෂ්ට ජයක් ලබ­නවා. අනි­වා‍ර්යෙන්ම එය අපිට කරන්න පුළු­වන්. මාතලේ දිස්ත්‍රි­ක්කයේ අපි ආසන හත­රක් දින­නවා. අපි අනි­වා­ර්යෙන් ම තුනෙන් දෙකක බල­යක් ගන්නවා.

 

මේ ජනා­ධි­ප­ති­තු­මාගේ ඔබ කියන ඒ වෙනස් ගම­නට; කැබි­නට් ඇමැ­ති­ව­ර­යෙක් හැටි­යට ඔබ­තු­මාත් යන්න සුදා­නම්ද?

අනි­වා­ර්යෙන් ඒ වෙන­සට තමයි අපි කැමැති වුණේ. ඒ ගම­නට අපි අනි­වා­ර්යෙන් ම සුදා­නම්. හොඳ ගම­නක් යන්න සුදා­නම්; මේ රටේ ජන­තා­වගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන්.

 

යුද හමුදා නිල­ධා­රින් ආය­ත­න­වල සභා­ප­ති­ව­රුන් ලෙස පත් කරලා තිය­නවා; මෙය මිල්ට­රි­ක­ර­ණ­යක් කරා යෑමක් ද කියලා ඇතැම් අය කිය­නවා?

හමු­දාවේ එක්කෙ­නෙක් දෙන්නෙක් ආයතනවලට දැම්මා කියලා මුළු හමු­දාව ම දැම්මා වගේ මිල්ට­රි­ක­ර­ණය කියලා කිය­නවා. ඒ හමුදා නිල­ධා­රීන් කොත­රම් සුදු­සු­කම් තියෙන අයද? ඒ අය වගේ අපි හොඳ නිල­ධා­රීන් සිර­ගත කළේ නැහැ. මේ විප­ක්ෂ­යට දැන් කරන්න දෙයක් නැහැ; කියන්න දෙයක් නැහැ; මොනවා හරි කිය­නවා. කියන්න දෙයක් නැතුව; මොනවා හරි ඕන මිනිස්සු ගෙනල්ලා ජන­තාව රව­ට්ටලා ඇතැම් හිටපු ඇමැ­ති­ව­රුන් කරන දේ අපි දැකලා තිය­න­වානේ. මුළු රටක් රව­ට්ටලා, මුළු රටක් හිනැ­ස්සුව මිනි­හෙක් කර­පුවා අපි දැක්කා. මේ අයට ආත්ම ගෞර­ව­යක් නැහැ.

 

මේ වන­විට ජන­තා­වට පාරි­භෝ­ගික භාණ්ඩ­වල මිල ඉහළ ගිහින් තියෙ­නවා.

වැස්සෙන් ජන­තාව අධික පීඩා­වට පත් වෙලා තිය­නවා.බෝග­ව­ලට හානි වුණා; ජන­තාව පිඩා­වට පත් වුණා. පිළි­යම් යොදන්න ඕන. මේ තරම් පොඩි කාලෙ­කට කොහො­මද එක­පා­රට කඩා­වැ­ටුණු ආර්ථි­ක­යක් ගොඩ ගන්නෙ. හැබැයි අපි මේ කඩා­වැ­ටුණු ආර්ථි­කය කොහො­ම­හරි ගොඩ­ග­න්නවා.

 

ජනාධිපති ගෝඨා­භය රාජපක්ෂ මහතා බල­යට පත්වී­මත් සමඟ බදු සහන ලබා දුන්නත්, එහි ප්‍රති­ලාභ සමාන්‍ය ජන­තා­වට ලැබිලා නැහැ කියලා චෝද­නා­වක් තියෙ­නවා. ‍

මොන­ත­රම් ජන­තාව අපිට කෘත­වේදි වෙන­වාද බදු සහන ලබා දීම ගැන. පොඩි මිනි­හාගේ හඬ යට­පත් වෙලා තියෙන්නේ. අපි එය මතු කර­ග­න්නට ඕන. ලොකු මිනිහා‍ගේ හඬ විත­ර­යිනේ ඉදි­රි­යට එන්නේ. අපි යන්තම් බේරුණා; අපි බදු ගෙව ගෙවා හිටියේ කියලා අපිට ජන­තාව කිය­නවා.

නමුත් මේවා සමා­ජ­යට යන්නේ නැහැ. අපි ඇවිත් තවම පොඩි කාල­යයි; අපි මේ රටේ ජන­තා­වගේ ආර්ථි­කය ගොඩ නඟ­න­වා­මයි‍. මේ බදු සහ­නය යම් ආකා­ර­යට නොලැ­බෙ­නවා නම් එය ලබා දෙන්නට අපි කට­යුතු කර­නවා; ඒ ගැන අපි කැප වෙනවා. අපි පොදු ජන­තාව වෙනු­වෙන් ඉන්නවා .අපි ඉන්නේ ඒ මිනි­ස්සුත් එක්ක. පොළොවේ පය ගහලා ඒ මිනි­ස්සුන්ගේ දුක සැප බලන එක තමයි අපේ යුතු­කම. ‍

 

පසු­ගිය ආණ්ඩුව කාලයේ ඔබ බොහෝ නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කළා. එයට හේතුව කුමක්ද?

පසු­ගිය කාලයේ කතා කරපු අපේ මිනි­ස්සුන්ට මොකද වුණේ. කතා නොකළ යුතු තැන කතා නොකළ යුතුයි; අපි කතා­කළ යුතු තැන කතා කර­නවා.

ඒ ආණ්ඩුව ගෙන ගියේ කොයි­වගේ පිළි­වෙ­තක් ද කියලා අපි දැක්කා. කතා කරපු අයට මොන­වද ලැබුණේ; වචන නිර­ප‍රාදේ ගියා විත­රයි. ඒකා­ධි­පති පාල­න­යක් ඒ අය ගෙන ගියේ. ආණ්ඩුව ඇතුළේ අර්බුද තිබුණා. ඒ අයට ඒ දේවල් විසද ගන්න බැරිව ඒ අය විප­ක්ෂ­යට චෝදනා නඟ නඟා බොරු පැමි­ණිලි දාලා හිරේ දැම්මා. ඒ වගේ ආණ්ඩු­ව­කට කතා කරලා වැඩක් නැහැ.

 

අද වන විට වැඩි­පු­රම කතා බහට ලක්වෙලා තියන ආන්දො­ල­නා­ත්මක සිදු­වීම ස්විස් තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රි­ණිය සම්බන්ධවයි. එය සම්පු­ර්ණ­යෙන් ගොතන ලද කතා­වක් ලෙස ආණ්ඩු පක්ෂය හුවා දැක්වු­වත් එය සනාත කර තිබු­ණත් එහි යම් සත්‍ය­තා­වක් තියෙ­නවා කියලා විප­ක්ෂය තව­මත් කිය­නවා.?

විප­ක්ෂය හදන්නේ ඒ අයගේ කළු පැල්ලම් අපිට දාන්නයි. ‍ ඒ නිසා අපි ඒවාට සැලෙන්නේ නැහැ. අපි අපේ ගමන යනවා. මේ රටට පැහැ­දිලි දෙයක් කළේ අපි. මෙව­රත් එය කරලා පෙන්න­නවා. විප­ක්ෂයේ ඉන්නේ හරක් ටිකක්. ඒ අයට උම්බෑ කිය­න­වාට වඩා දෙයක් කරන්න බැහැ. මේ විප­ක්ෂයේ ඉන්නේ ඒ ආණ්ඩුවේ සිටිය හරක් රැළ­මයි. ඒ අයට කිව්වාට තේරෙන්නේ නැහැ.

 

බැදු­ම්කර වංචාව සම්බ­න්ධ­යෙන් චෝදනා ලබා ඉන්න අර්ජුන් මහේ­න්ද්‍රන් ව ලංකා­වට ගෙන්වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ සිටි­යදී ආණ්ඩු පක්ෂ­යට බල කළත් ඒ සම්බ­න්ධ­යෙන් මේ වන­විට කිසිදු ‍පියව­රක් අර­ගෙන නැහැ කියලා ඇතැම් අය ‍ආණ්ඩුවට චෝදනා කර­නවා.?

අපි එ් පුද්ග­ලයා ලංකා‍වට ගේනවා. දැනුත් අර්ජුන් මහේ­න්ද්‍රන් ලංකා‍වට ගේනවා කියලා අපි කිය­නවා. ඒ සම්බ්න්ධ­යෙන් වැඩ­පි­ළි­වෙල ක්‍රියා­ත්මක කර­මින් පව­ති­නවා. ලංකාවේ ඒ අයට උල්ප­න්දම් දුන්න හොරු ටිකත් හොයලා අල්ල­නවා.

 

පාඨලී චම්පික හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ අත්අ­ඩං­ගු­වට ගැනීම දේශ­පා­ලන පළි­ගැ­නි­මක් බව විප­ක්ෂය සඳ­හන් කර­නවා.

මම වෙනම සාක­ච්ඡා­වක් දෙන්නම්; මාව අත්අ­ඩං­ගු­වට ගත්තේ උසාවි නියෝ­ග­යක් නැතුව. එය නීත්‍ය­නු­කූල ද කියලා මම අහනවා? දවස් පනස් අටක් මාව හිර­භා­රයේ තියා ගත්තා. මේ අය දැන් සාධා­ර­ණ­ත්වය ගැන කතා කර­නවා. ගිය ආණ්ඩුව නීතිය එයා­ලගේ වාසි­යට පාවිච්චි කරපු හැටි අපි දැක්කා.

 

යුඑන්පි එකේ විපක්ෂ නායක ධූර­යට සජිත් ප්‍රේම­දාස මහතා පත් කර­න්නට සූදා­න­මක් ති‍ෙය­නවා. විප­ක්ෂ­නා­යක ධූර­යට සජිත් මහ­තාට ලැබී­මත් සමඟ විප­ක්ෂයේ වෙන­සක් සිදු වෙයිද?

මොන වෙන­සක් ද; ‍ඔහොම තමයි හැම­දාම. ආයේ නැගි­ටී­මක් නැහැ; සදා­සොත්ති තමයි. ආයේ ගොඩ ඒමක් නැහැ.

Comments