JW.ORG වෙබ් අඩ­විය භාෂා 1000 පසු­ ක­රයි | සිළුමිණ

JW.ORG වෙබ් අඩ­විය භාෂා 1000 පසු­ ක­රයි

පරි­ව­ර්තන ක්ෂේත්‍රයේ අති­ම­හත් ජය­ග්‍ර­හ­ණ­යක් අත්ක­ර­ග­නි­මින් JW.ORG වෙබ් අඩ­විය හරහා මේ මාසයේ සිට සිංහල, දෙමළ, හා ශ්‍රී ලංකා සංඥා භාෂාව ඇතුළු භාෂා 1, 000කට වඩා වැඩි ගණ­න­කින් ලිපි, වීඩියෝ හා වෙනත් තොර­තුරු දැන් ඩවු­න්ලෝඩ් කර­ගත හැකියි. මේ පිළි­බඳ අද­හස් දක්වන JW.ORG ශ්‍රී ලංකා සංග­මයේ මාධ්‍ය කමිටු සාමා­ජික සුදත් ප්‍රනාන්දු මහතා සඳ­හන් කළේ මෙය සැබ­වින්ම අති­ශය වැද­ගත් කඩ­ඉ­මක් බවයි. ‘‘විශේෂ­යෙන්ම මෙම වෙබ් අඩ­විය සඳහා අවශ්‍ය සියලූ තොර­තුරු ලොව පුරා වෙසෙන සාමා­ජි­ක­යින් විසින් සිදු කරනු ලබන අතර ඔවුන් මේ කට­යුත්ත සිදු කරන්නේ ස්වෙච්ඡා­වෙන් වීම විශේෂ­ත්ව­යක්. එමෙන්ම භාෂා විශාල සංඛ්‍යා­ව­කට පරි­ව­ර්ත­නය වු වෙබ් අඩ­වි­යක් පව­ත්වා­ගෙන යෑම සැබ­වින්ම භාර­ධූර කට­යු­ත්තක්. ලෝකයේ වඩාත් පරි­ශී­ල­න­යක් සහිත විකි­පී­ඩියා සහ ෆේස්බුක් වැනි වෙබ් අඩවි අබි­බ­වා­ල­මින් JW.ORG ඉදි­රි­යට පැමි­ණීම පිළි­බ­ඳ අති­ශය සතු­ටට පත් වෙනවා. විකි­පී­ඩියා සහ ෆේස් බුක් මේ වන විට පිළි­වෙ­ළින් භාෂා 280කින් සහ 43කින් පමණ ලබා ගත හැකියි. ශ්‍රී ලංකාව තුළ JW.ORG වෙබ් අඩ­වියේ තොර­තුරු භාෂා 5කින් සන්නි­වේ­ද­නය කිරීම අප විසින් අරඹා තිබෙ­නවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, චීන සහ සංඥා භාෂාව මෙම භාෂා­ 5 අත­රට අයත් වෙනවා. ජන­තාව අත­රට ගොස් ඔවුගේ හද­ව­තෙහි නොමැ­කෙන මතක සට­හ­නක් සනි­ට­හනු කිරී­මට අප සමත් වී ඇති බවට මෙය මැන­වින් සාක්ෂි දර­නවා’’.

වත්තල ප්‍ර‍ෙද්ශයේ පිහිටි ශ්‍රී ලංකා පරි­ව­ර්තන කාර්යා­ලය විසින් සිංහල භාෂා­වෙන් වීඩියෝ, පටි­ගත කළ හා ලිඛිත ප්‍රකා­ශන රැසක් පරි­ව­ර්ත­නය කෙරේ.

Comments