Emjay-Penguin සමා­ග­මෙන් වෛද්‍ය කඳ­වුරු මාලා­වක් | සිළුමිණ

Emjay-Penguin සමා­ග­මෙන් වෛද්‍ය කඳ­වුරු මාලා­වක්

දිව­යින පුරා පිහිටි Emjay - penguin ඇඟ­ලුම් නිෂ්පා­දන ආය­ත­නයේ ‘අත්වැල’ සමාජ සත්කා­රක වැඩ­ස­ට­හන යටතේ, ලෝක වැඩි­හිටි දිනය නිමි­ත්තෙන් වෛද්‍ය කඳ­වුරු මාලා­වක් පසු­ගිය දා පැවැ­ත්වීය. මේ වැඩ­ස­ට­හ­න්ව­ලදී වැඩි­හි­ටි­යන්ගේ සෞඛ්‍ය ගැටලු කෙරෙහි අව­ධා­නය යොමු කරන ලදී. Emjay - Penguin තෙල්දෙ­ණිය ශාඛාව සංවි­ධා­නය කළ වෛද්‍ය කඳ­වුර, තෙල්දෙ­ණිය ජාතික පාසල් පරි­ශ්‍රය තුළ පැවැ­ත්විණි. එම වෛද්‍ය කඳ­වු­රට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් 20ක කණ්ඩා­ය­මක් සහ­භාගි වූ අතර, තෙල්දෙ­ණිය දිස්ත්‍රික් රෝහලේ පූර්ණ දාය­ක­ත්වය ඊට හිමි විය. තෙල්දෙ­ණිය ප්‍රදේ­ශ­වා­සීන්ට හා Emjay - Penguin සේවක සේවි­කා­වන්ගේ වැඩි­හි­ටි­යන්ට වෛද්‍ය කඳ­වුර විවෘත විය. නොමිලේ ලෙඩ රෝග පරී­ක්ෂාව, වෛද්‍ය උප­දෙස් සහ බෙහෙත් ලබා දීම එහිදී සිදු විය. Emjay Penguin පල්ලේ­ත­ල­වින්න ශාඛාව සංවි­ධා­නය කළ වෛද්‍ය කඳ­වුර, මහ­නු­වර ආදර්ශ ප්‍රාථ­මික පාසල් පරි­ශ්‍රය තුළ පැවැ­ත්වුණු අතර, එයට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් 22ක කණ්ඩා­ය­මක් සහ­භාගී වූහ.

Comments