ACL කේබල්ස් වෙත රන් සම්මා­න | සිළුමිණ

ACL කේබල්ස් වෙත රන් සම්මා­න

පසු­ගි­යදා පැවැති SLIM NASCO 2019 සම්මාන උළෙ­ලේදී ACL කේබල්ස් සමා­ගම රන් සම්මා­න­යෙන් පිදුම් ලැබී­මට සමත්ව සිටී. කාර්මික, නිෂ්පා­දන හා බල­ශක්ති අංශ­යෙන් ACL කේබල්ස් සමා­ගම මෙම සම්මා­නය හිමි­ කර ගත්තේය.

වෙළෙඳ විධා­යක අංශ­යෙන් තරග වදි­මින් ACL කේබල්ස් සමා­ගමේ තනුර රන්දුල මල­ලගේ විසින් මෙම සම්මා­නය දිනා­ගන්නා ලදී. කේබල් නිෂ්පා­දන අංශ­යෙන් රන් සම්මා­න­යක් දිනා­ගන්නා ලද එකම ජය­ග්‍රා­හ­කයා වූයේද මල­ලගේ මහ­තාය. SLIM NASCO සම්මාන උලෙළේදී ACL කේබල්ස් සමා­ගම රන් සම්මා­න­යක් දිනා ගත් දෙවැනි අව­ස්ථාව මෙයයි.

Comments