11 වැනි ජාත්‍ය­න්තර වෙළෙඳ ප්‍රද­ර්ශ­නය යාප­නයේදී | Page 2 | සිළුමිණ

11 වැනි ජාත්‍ය­න්තර වෙළෙඳ ප්‍රද­ර්ශ­නය යාප­නයේදී

11 වැනි ජාත්‍ය­න්තර වෙළෙඳ ප්‍රද­ර්ශ­නය 2020 ජන­වාරි මස 24 සිට 26 දක්වා යාප­නය කොටුව අසල මුට්ර­වේලි ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කර ඇති බව සංවි­ධා­යක මණ්ඩ­ලය පව­සයි.

යාප­නය ජාත්‍ය­න්තර වෙළෙඳ ප්‍රද­ර්ශ­නය (jitf) ජන­ප්‍රිය සන්නාම රාශි­යක් සම­ගින් ශ්‍රී ලංකාවේ උතුරු පළා­තට සුවි­ශේෂී අග­යක් එක්ක­රනු ලබන බව ඔවුන්ගේ අද­හ­සයි. පුළුල් පරා­ස­යක පැති­රුණු නිෂ්පා­දන අලෙ­විය සහ ප්‍රද­ර්ශ­නය සඳහා මෙම­ගින් වැද­ගත් දොර­ටු­වක් විවර කරන අතර, දිනෙන් දින දියු­ණු­වන වෙළෙ­ඳ­පො­ලක් වෙත අව­තීර්ණ වීමට ව්‍යාපා­රික ආය­ත­න­යන්ට වටිනා අව­ස්ථා­වක් හිමි­කර දෙයි.

“The Gateway to the North” හෙවත් ‘උතු­රට දොර­ටු­වක්’ තේමා­වෙන් මෙම ප්‍රද­ර්ශ­නය පැවැත්වේ. JITF ප්‍රද­ර්ශ­නය දේශීය මෙන්ම විදේ­ශීය ව්‍යාපා­රි­ක­යින් හා සමා­ගම් එකි­නෙකා හමු­වන වැද­ගත් වේදි­කා­වක් වන අතර වේග­වත් සංව­ර්ධ­න­යක් සහිත උතුරු අර්ධ­ද්වී­ප­යට ඉතා වැද­ගත් JITF ප්‍රද­ර්ශ­නය වෙළෙඳ කුටි 350කට ආසන්න සංඛ්‍යා­ව­කින් සම­න්වි­තයි. විශාල නිපැ­යුම් හා සේවා­වන් ප්‍රමා­ණ­යක් පිළි බඳව නර­ඹ­න්නන් දැනු­වත් කෙරෙනු ඇත. ඡායා­රූ­පය-සුදත් මල­වීර

Comments