හොඳම කාන්තා ව්‍යව­සා­ය­කත්ව රන් සම්මා­නය ස්ප්‍රින් ඇන්ඩ් සමර් හැදූ ශ්‍යාමලි විජේ­ගු­ණ­ව­ර්ධ­නට | සිළුමිණ

හොඳම කාන්තා ව්‍යව­සා­ය­කත්ව රන් සම්මා­නය ස්ප්‍රින් ඇන්ඩ් සමර් හැදූ ශ්‍යාමලි විජේ­ගු­ණ­ව­ර්ධ­නට

සු­ගිය හතර වැනිදා කොළඹ මරීනෝ හෝට­ල­යේදී පැවැති ජාත්‍ය­න්තර කාන්තා ව්‍යව­සා­ය­කත්ව සමු­ළු­වේදි (ICSE), මහා පරි­මාණ ව්‍යාපාර කාණ්ඩය යටතේ අංක එකේ ව්‍යව­සා­ය­කත්ව කාන්තාව ලෙස ස්ප්‍රින් ඇන්ඩ් සමර් හැදූ ශ්‍යාමලි විජේ­ගු­ණ­ව­ර්ධන හිමි කර­ග­ත්තාය.

ජාත්‍ය­න්තර කාන්තා පද­නම සමඟ කොළඹ ව්‍යාපාර කළ­ම­නා­ක­රණ පාසල විසින් මෙම අව­ස්ථාව සංවි­ධා­නය කර ඇත්තේ, ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්නා, ලාභ ලැබී­මම මූලි­ක­ත්වය සහ අව­දා­නම ගෙන කට­යුතු කරන, සමාජ ගැට­ලු­ව­ලට පිළි­යම් යෙදූ හෝ නව්‍ය­ක­ර­ණ­යන් හදු­න්වා­දී­මට හැකි කාන්තා­වක් හඳු­නා­ගැ­නීම වෙනු­වෙනි. පසු­ගිය දෙසැ­ම්බර් 03 වැනි දින ආරම්භ කොට දෙදි­නක් පුරා පැවැති මෙම සමු­ළු­වට 300 කට අධික පිරි­සක් සහ­භාගි වූ අතර, කාන්තා ව්‍යව­සා­ය­ක­යන්ගේ ජාතික සහ කලා­පීය අත්දැ­කීම් ගවේ­ෂ­ණය කර­මින් තිර­සාර සංව­ර්ධන අර­මුණු ක්‍රියා­ත්මක කිරීමේ ක්‍රියා­ව­ලි­යේදී වෘත්ති­ක­යන්ට සහ කළ­ම­නා­ක­රණ ආය­ත­න­ව­ලට අදාළ භූමි­කාව තුළ සිදු කළ හැකි සාධ­ක­යක් ද හඳුනා ගන්නා ලදී.

සීමා­ස­හිත ස්ප්‍රින් ඇන්ඩ් සමර් ෆැෂන් කලෙ­ක්ෂන් පුද්ග­ලික සමා­ගමේ නිර්මාතෘ ශ්‍යාමලි විජේ­ගු­ණ­ව­ර්ධන මහ­ත්මිය දිනා­ගත් තම සම්මා­නය පිළි­බ­ඳව සඳ­හන් කළේ “මෙවැනි සම්මා­න­ය­කට ඉල්ලුම් කිරීමේ අභි­ලා­ෂය වූයේ ශ්‍රී ලාංකික කාන්තා­වන්ගේ සැඟ­වුණු කුස­ලතා ඔප් නැංවීම සඳහා ඔවුන් දිරි­මත් කිරීමේ කාර්යය මෙයින් සිදු­වන බව ඉතා හොඳින් වැට­හුණු නිසාය යනු­වෙනි.

Comments