මානව හිමි­කම් ඇතුළු ගෝලීය ඉලක්ක වැඩ­ස­ට­හ­නක් | Page 2 | සිළුමිණ

මානව හිමි­කම් ඇතුළු ගෝලීය ඉලක්ක වැඩ­ස­ට­හ­නක්

2019 දෙසැ­ම්බර් 10 කොළඹ දීය - එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය විසින් ප්‍රකා­ශ­යට පත් කර ඇති තිර­සර සංව­ර්ධන ඉලක්ක ක්‍රියා­වට නැංවීමේ අර­මු­ණින් සහ මානව හිමි­කම් දිනය සැමරී‍මේ අර­මු­ණින් සංවි­ධා­නය කෙරෙන PEACE EXPO & COLOMBO FOOD FEST 2019 මෙවර දෙසැ­ම්බර් 14 සහ 15 යන දින­ව­ලදී කොළඹ නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍ර­යේදී පැවැ­ත්වෙයි.

එක්සත් ජාතීන්ගේ තිර­සර සංව­ර්ධන ඉලක්ක සහ මානව හිමි­කම් පද­නම් කර­ග­නි­මින් ක්‍රියා­ත්මක වන තරුණ සංවි­ධා­න­යක් වන The Road to Rights සංවි­ධා­නය විසින් මෙම PEACE EXPO & COLOMBO FOOD FEST 2019 සංවි­ධා­නය කරනු ලබයි. ගෝලීය වශ­යෙන් ක්‍රියා­ත්මක වන තිර­සර සංව­ර්ධන ඉලක්ක දේශි­ය­ක­ර­ණය කිරීම සඳහා ස්වේච්ඡා­වෙන් ඉද­රි­පත් වන සියලු පාර්ශව එක් ස්ථාන­ය­කට එක්රැස් කර­මින් මෙම වැඩ­ස­ට­හන පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ. තිර­සර සංව­ර්ධන ඉලක්ක සහ ඒ හා බැඳුනු ප්‍රජා ගැටළු පිළි­බ­ඳව සාකච්ඡා කිරීම සඳහා වන සාකච්ඡා සභා­වක් ද මෙහිදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

Peace Expo 2019 ට සම­ගා­මීව පැවැ­ත්වෙන ආහාර පාන සැණ­කෙ­ළිය සඳහා විවිධ වර්ග­වල ආහාර අලෙ­වි­ක­රු­වෝ, අව­න්හල් සහ හෝටල්කරුවෝ රැසක් සහ­භාගි වෙති.

Comments