‘ඩෙල්ෆ්ට්’ දූපතේ නිත්‍ය නිවැ­සියෝ ආග­න්තු­ක­යෝද? | සිළුමිණ

‘ඩෙල්ෆ්ට්’ දූපතේ නිත්‍ය නිවැ­සියෝ ආග­න්තු­ක­යෝද?

මේ මිනි­සුන්ගේ එදි­නෙදා කාර්ය­යන් සඳහා උදව් වෙමින් ජීවත්ව සිට ඉනි­ක්බිති වසර දෙසි­ය­ය­කට ආසන්න වු කාල­ය­කදී කැලෑ වැදුණු සත්ව කොට්ඨා­ශ­යක් පිළි­බද වන පුව­තකි. ඒ අතීත කතා­න්ද­රයේ ඇති සැටි සොයා බලන අටි­යෙන් පසු­ගිය දිනෙක අපි යාප­නයේ ජැටි­යෙන් මහ­ස­මු­දුර තර­ණය කළේ මේ සත්ව­යින් රැදි සිටින්නේ දූප­තට යාම­ටය. දෙමළ උරු­වෙන් ඒ දූපත හදු­න්වන්නේ ‘නෙදු­න්තිව්‘ වශ­යෙනි. ශ්‍රී ලංකා මිනි­න­දෝරු දෙපා­ර්ත­මේ­න්තුව විසින් සකස් කර ඇති ශ්‍රී ලංකා සිති­යමේ ඉන්දි­යන් සාග­රය තුළ විසිරි ගිය අපේ රටට අයත් දූපත් අතරේ විශා­ලම දූපත ලෙස නම් කර ඇති ‘ඩෙල්ෆ්ට්‘ දූපත නිවැසි කර ගෙන ජිවත් වන ආසි­යාවේ විශා­ලම කැලෑ අශ්ව ගහ­නය සොයා පසු ගිය දිනෙක අප ගියේ ඩෙල්ෆ්ට් දුප­ත­ටය.

සංඛ්‍යා­ත්ම­කව නම් මේ දූපත තුළ වෙසෙන කැලෑ අශ්ව­යන්ගේ ගණන 1000 කට ආසන්න වෙතැයි අනු­මාන කළ හැකිය. වන­ජිවී දෙපා­ර්ත­මේ­න්තුව 2013 – 2014 අතර සිදු කළ අශ්ව සංග­ණ­න­යට අනුව නම් ඩෙල්ෆ්ට් දූපතේ ජිවත් වන කැලෑ අශ්ව­යින් ගණන වාර්තා වුයේ 455 ක් වශ­යෙනි. ඒ අතරේ වයස අවු­රුදු 01 ට අඩු අශ්ව පැට­වුන් 27 ක්, වයස අවු­රුදු 01 – 02 ත් අතර වයසේ පසු වන අශ්ව පැට­වුන් 48 ක් සහ වැඩි­වි­යට පත් වු අශ්ව­යින් 380 ක් ලෙස වාර්තා විය. පෙර අශ්ව­යින්ගේ සංර­ක්ෂිත භූමි­යක් නොවූ ඩෙල්ෆ්ට් දූපත වර්ත­මා­නයේ ඩෙල්ෆ්ට් ජාතික උද්‍යා­නය ලෙස 2015.06.22 වැනි දින ප්‍රකාශ වීමත් සම­ඟම සංර­ක්ෂණ ක්‍රියා­ව­ළි­යට මෙම සත්ව­යින් බදුන් වීය. වර්ත­මා­නයේ වන­ජිවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් ඩෙල්ෆ්ට් ජාතික උද්‍යා­නයේ පරි­පා­ල­න­මය කට­යුතු සඳහා වන­ජිවී සංර­ක්ෂණ කාර්යා­ල­යක්ද දූපත තුළ ස්ථාපිත කර ඇත.

ඩෙල්ෆ්ට් දූපත දිගින් කිලෝ­මී­ටර් 08 කි. පළල කිලෝ­මී­ටර් 06 කි. මුළු භූමි වප­ස­රිය වර්ග හෙක්ට­යාර් 4700 කි. ඉන් ඩෙල්ෆ්ට් ජාතික උද්‍යා­න­යට අයත් භූමි වප­ස­රිය වන්නේ හෙක්ට­යාර් 1846.28 කි. ජන­ග­හ­ණය පවුල් 1500 කට ආස­න්නය. යුධ­මය වාතා­ව­ර­ණය පැවැති සමය තුළදී සංචා­රක ආක­ර්ෂ­ණ­යෙන් බැහැර අනා­ර­ක්ෂිත දූප­තක් වු මේ බිම වර්ත­මා­නයේ සංචා­රක ආක­ර්ෂ­ණය වැඩි වශ­යෙන් දිනා ගත් සංචා­රක පුර­ව­ර­යක් බවට පත් වී ඇත. දූපතේ එක් කොට­සක් තුළ නිද­හසේ දිවි ගෙවන කැලෑ අශ­ව­යින් දැක බලා ගැනි­මට මෙම දූප­තට පැමි­ණෙන සංචා­ර­ක­යින් වැඩි උන­න්දු­වක් පෙන්වයි.

ඩෙල්ෆ්ට් දූපත පුරාම ඇත්තේ පෘතු­ගිසි සහ ලන්දේසි යුග වලට අයත් යටත් විජිත රාජ්‍යන්හී වග­තුග කියා­පාන නට­බුන්ය. නමුත් ඊටත් එහා යුග­යන් දක්වා දිව යන බොදු නට­බුන්ද මෙම දූපත තුළදී දැක ගත හැකි වේ. විවිධ ප්‍රමා­ණයේ චෛත්‍ය හයක් පිහිටි බවට අදට ඉති­රිව ඇති නට­බුන් සාක්ෂි දරයි. එනම් අනු­රා­ධ­පුර යුගය තුළදී ඩෙල්ෆ්ට් දූප­තද බොදු දර්ශ­න­යෙන් පිරි­පුන් බිමක් වු බවට මේ චෛත්‍ය කර්මා­න්ත­යන්හි නට­බුන් නිහ­ඩ­වම කියා පායි. ශ්‍රී ලංකා­වට අයත් ඩෙල්ෆ් දූපතේ ජිවත් වෙන මිනි­සුන්ගේ ප්‍රධාන ජිව­නෝ­පාය මාර්ගය ධීවර කර්මා­න්තය බවට පත් වි ඇත. මුළු දුප­තම නිර්මා­ණය වී ඇත්තේ ශක්ති­මත් කොරල් ගල් පද්ධ­ති­යක් මුල් කර ගෙනය. එනම් පොළවේ මතු පිට පස් ස්ථරය අඩි දෙකක් තුනක් දුරට කැණිම් සිදු කළ විට මතු වන්නේ අභ්‍ය­න්ත­රයේ පිහිටි කොරල් ගල් ස්ථර­යයි. වැසි ජලය වුවද පොළ­වට උරා ගන්නේ ඉතා­මත් අඩු­වෙනි.

වස­ර­කට එක් වරක් පම­ණක් වැසි ඇද හැලෙන ඩෙල්ෆ් දූප­තට සිමා වුණු කැලැ අශ්ව­යින් තමන්ගේ පැවැත්ම තහ­වුරු කර ගෙන සිටින්නේ මේ පව­තින පාරි­ස­රික තත්ව­යට අනු­ව­ර්ත­න­යන් දක්ව­මින්ය. එම තත්වය මේ දූපත තුළ යහ­පත් වු කැලෑ අශ්ව ගහ­ණ­යක් පවැ­තී­මට බෙහෙ­වින්ම බලපා ඇත.

සැබැ­වින්ම ඩෙල්ෆ් දූපත තුළ ජිවත් වන්නේ කැලෑ අශ්ව­යි­න්මද? ලොව පුරා ව්‍යාප්තව සිටිනා අශ්ව­යින්ගේ මුලා­ර­ම්භයේ විස්ත­ර­යන් කෙබ­දුද? ඒ පිළි­බ­දව අපේ රට තුළ සිදු කරනු ලබන අධ්‍ය­ය­න­යක් වෙත් නම් ඒ සඳහා සුදු­සුම සජීවි නිද­ර්ශ­ක­යන් සහිත බිම වන්නේ මේ දූප­තයි. ඩෙල්ෆ් අශ්ව පර­පු­රට ඇත්තේ දිගු ඉති­හාස කථා­වකි. එහි ආර­ම්භය හා බැදුණු පුරා­වෘ­ත­යක කියැ­වෙන්නේ තපස්සු - බල්ලුක නම් වෙළෙඳ දෙබෑයෝ මේ දුප­තට පැමිණ අශ්ව­යින් වෙළ­දාමේ නිර­තව ඇති බවකි. එසේම සිංහල රාජ වංශය තුළත් අශ්ව­යින් නමැති පෞරු­ෂය විද­හා­පානා මේ තේජා­න්විත සත්ව­යින් විෂ­යෙ­හිලා හිමිවි ඇත්තේද ප්‍රධාන තැනකි. එම සත්ව­යින් තමන් සතු කර ගෙන තමන්ගේ මහේ­ශා­ක්‍ය­ත්වය විදහා පෑමට හෙළ රජ­ව­රුද උත්සුක වී ඇති බව පුරා­තන වංශ­කතා අනුව සිතිය හැකිය. අශ්ව­යින් සඳහා අලි, ඇත් දළ, මුතු මැණික්, කුළු බඩු ආදි දෑ හුව­මාරු වී ඇත. ඩෙල්ෆ් අශ්ව­යින්ගේ අතී­තය සෙවි­මට නම් අප යටත් විජිත පාලන සම­යට යායු­තුය. ලේඛන ගත සාක්ෂි අනුව පෘතු­ග්‍රීසි පාලන සමය තුළදි ඔවුන්ගේ එදි­නෙදා ගමනා ගමන සුව පහ­සුව සහ සෙසු විවිධ කාර්ය­යන් සදහා අශ්ව­යින් සීමිත සංඛ්‍යා­වක් මේ දූප­තට රැගෙන විත් ඇත. ලන්දේ­සීද අපේ රට පාල­නය කළ සමය තුළ මේ සත්ව­යින් තමන්ගේ ගමනා ගමන පහ­සුව සඳහා යොදා ගෙන ඇත. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ ඩෙල්ෆ් ඇසුරේ පව­ත්වා­ගෙන ගිය බ්‍රිතාන්‍ය හමුදා කද­වුරේ 1811 සිට 1819 දක්වා අණ දෙන නිල­ධා­රියා ලෙස සේවය කළ නෝලාන්ට් නම් සුදු බ්‍රිතාන්‍ය ජාති­කයා අශ්ව ලෝලි­යෙකු ලෙස ප්‍රකට වුවෙකි. ඔහු මේ දූපතේ තම ධුර කාලය තුළදී සුර­ත­ල­යට පර්සි­යන් අශ්ව­යින් 02 ක් සහ අරාබි අශ්ව­යෙක් ද ආද­ර­යෙන් ඇති දැඩි කළ බව සද­හන්ය.

දූපතේ තැන තැන විසිරී ගිය නට­බුන් අතරේ අශ්ව ගාලක් පැවැති බවට සිතිය හැකි වර්ත­මා­නයේ ඉති­රිව ඇති මීටර් 100 ක් පමණ දිග ගල් කණු 70 කින් යුක්ත ස්ථානය සුවි­ශේ­ෂිය. මන්ද යත් ඒ සා සුවි­සල් අශ්ව ගාලක් පවත්වා ගෙන යන්නට ඇත්තේ මේ සත්ව­යින් අපේ රටෙන් පිට රැගෙන යාමේ අටි­යෙන් ඩෙල්ෆ් දූපත ඇසුරේ අභි­ජ­නන මධ්‍ය­ස්ථා­න­යක්ද පවත්වා ගෙන ගිය නිසා­වෙන් විය යුතුය යන පූර්ව නිග­ම­න­ය­ටද ඒ අනුව එළැ­ඹිය හැකිය. එනම් තම යටත් විජිත රාජ්‍යන් වෙත ඩෙල්ෆ්ට් වල උපන් අශ්ව­යින් රැගෙන යන්න­ටද ඇත. තමන්ගේ සුව පහ­සුව සහ ආද­යම් මාර්ග­යක් ලෙස පවත්වා ගෙන ආ ඩෙල්ෆ්ට් දූපතේ අශ්ව කොල­ණිය ඔවුන් මේ දූපතේ පාලන කට­යුතු අව­සන් කර පෙරළා දූප­තෙන් පිටත්ව යාමේදි දූපතේ සිටි අශ්ව­යින් ආපසු රැගෙන ගොස් නැත. ගෘහ­ස්ති­ක­ර­ණ­යෙන් ඉනි­ක්බිති කලෑ වැදෙන අශ්ව­යින්ගේ ඉති­හා­සය වසර ගණ­නා­වක් ගෙවි ගොස් ඇතත් අද­ටත් මේ සත්ව­යින් ශුෂ්ක, කටුක වු දූප­තක් තුළ තමන්ගේ පැවැත්ම තහ­වුරු කර ගෙන සිටීම එක් අත­කට විශ්මි­තය.

අශ්ව රැළේ නාය­ක­ත්වය දරන්නේ පරි­ණත පිරිමි සතෙකි. ඔහු වටා ගැහැණු වෙළ­ඹුන් හතර පස් දෙනෙක් රොක් වන්නේ නිරා­යා­ස­යෙනි. මන්ද යත් එවැනි ශක්ති­මත් පිරි­මි­යෙ­කුට ඇති ආක­ර්ෂ­ණය වැඩිය. නමුත් ඔහු කිසි විටෙ­කදි වත් තමන්ට දාව උපන් ගැහැණු පැට­වුන් සමග අභි­ජ­නන කාර්යය සඳහා නොයයි. තමන්ට දාව උපන් පැට­වුන් හදුනා ගත හැකි ඉවක් ඔහු සතුව ඇත. එබැ­වින් පිරිමි පිරිමි අශ්ව­යින් අතරේ ගැටුම් ඇත්තේ සුළු වශ­යෙනි. නමුත් ලස්සන වෙළ­ඹුන්ගේ සිත තමා වෙත ඇද ගැනීමේ අර­මු­ණින් ශක්තිය උරගා බැලිමේ සටන් මේ ඇත්තන් අත­රේද නැත්තේ නොවේ. හේෂා­රා­වය නග­මින් ඇරැ­ඹෙන එවැනි ගැටුම් ඩෙල්ෆ් සතු කර්කශ කටුක බව මැඩ­ලි­මට සමත් බවද සඳ­හන් කළ යුතු­මයි.

වයස අවු­රුදු 25 කට ආසන්න වු ආයු­කා­ල­යක් බුක්ති විදි­මට හිමි මේ සත්ව­යින් අත­රින් පර­මා­යුෂ විදී­මට සැම සාමා­ජි­ක­යෙ­කු­ටම හැකි වන්නේ නැත. එයට ප්‍රධාන ලෙසම බල­පාන්නේ ඩෙල්ෆ් වල­ටම අනන්‍ය වු දේශ­ගු­ණික තත්ව­යයි. යාප­නය දිස්ත්‍රි­ක්කය යනු ශුෂ්ක කලා­ප­යක් බව ප්‍රක­ටය. ඒ කලා­ප­යට අයත් ඩෙල්ෆ් යනු අධි ශුෂ්ක බිමකි. වසරේ එක් වරක් පම­ණක් ක්‍රියා­ත්මක වන වැසි චක්‍රය නිසි පරිදි ක්‍රියා­ත්මක නොවු­ණොත් මේ සත්ව­යින්ට පම­ණක් නොව සමස්ත ඩෙල්ෆ් වාසී­න්ටම සිදු වන්නේ අභාග්‍ය සම්පන්න තත්ව­ය­කට මුහුණ දිම­ටය. මන්ද යත් පරි­හ­ර­ණ­යට ගත හැකි හොද වතුර රැදි උල්ප­තක් ඇත්තේ මුළු දූප­ත­ටම එකක් පමණි. එය දූපත් වාසීන්ට ප්‍රමා­ණ­වත් වන්නේ නැත. එබැ­වින් වැසි ජලය පතිත වන සම­යට ඒ ජල­යෙන් උප­රීම ප්‍රයෝ­ජ­නය ලබා ගැනි­මට දූපත් වාසීහු උත්සාහ දරති.

වන­ජිවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඩෙල්ෆ් දුපත තුළ ජීවත් වන කැලැ අශ්ව­යින් ගැව­සෙන ප්‍රදේ­ශය ආව­ර­ණය වන පරිදි ස්ථාපිත කර ඇති ජාතික උද්‍යා­නය වර්ත­මා­නය වන විටදී කැලෑ අශ්ව­යින්ගේ නිද­හස් හැසි­රීම් රටා­වන් සුර­ක්ෂිත වීමට බෙහෙ­වින්ම බලපා ඇත. වැඩි හිටි අව­දියේ පසු වන අශ්ව­යින් බොහෝ­ම­ය­කගේ ශරි­රයේ ඇත්තේ ඩෙල්ෆ් වාසීන් විසින් අශ්ව­යින් තමන්ගේ විවිද වු කාර්ය­යන් සඳහා යොදා ගැනීමේ අර­මු­ණින් අල්ලා ගෙන හණ ගැසු බවට වන පෙර සල­කු­ණුය. නමුත් ජාතික උද්‍යා­න­යක් වීම හරහා මෙම සත්ව­යින් සංර­ක්ෂණ ක්‍රියා­ව­ළි­යට බදුන් වෙමින් ඇති බවට ජන­තාව තුළම ආක­ල්ප­මය වෙන­සක් සිදු වෙමින් පැවැ­තිම සුබ වාදි තත්ව­යකි.

Comments