හොඳ නරක දෙක ම ජනිත කර­වීමේ ස්වභා­වය මේ සංස්කාර ධර්ම තුළ පව­ති­නවා | සිළුමිණ

හොඳ නරක දෙක ම ජනිත කර­වීමේ ස්වභා­වය මේ සංස්කාර ධර්ම තුළ පව­ති­නවා

ද අපි සාකච්ඡා කරන්නේ නිවැ­රදි අඹු සැමි සම්බ­න්ධ­තා­වන් සම්බ­න්ධ­වයි. බුදු­ර­ජා­ණන් වහන්සේ වැඩ සිටි සම­යේදි වීත­රාගි බව පිළි­බ­ඳව දහම් දේශනා කළ; කාම­යන්ගේ ආදී­නව සම්බ­න්ධ­යෙන් දහම් දේශනා කළ; මේ කාමය අත­හැ­රලා නයි­ෂ්ට්‍රම්‍ය කර­න්නට බණ දේසපු බුදුන් ඉදි­රි­යේදී, ඇතැම් අඹු­සැ­මි­යන් තමන්ගේ ජීවි­තය පිළි­බඳ ව ඔවු­නො­වුන් අතර ඇති සෙනෙ­හස ඉදි­රි­පත් කර බුදු­ර­ජා­ණන් ඉදි­රියේ ප්‍රකාශ කර­නවා: 'ස්වාමීනි අපි කැමැති මතු සස­රෙහි අඹු­සැ­මි­යන් ලෙස මුණ ගැසෙ­න්නට කියලා'. එබදු අයට බුදුන් වහන්සේ දේශනා කළා කොහොම ද සස­රෙදි අඹු සැමි­යන් ලෙස මුණ ගැසෙ­න්නට කට­යුතු කළ යුතු වන්නේ කියා, යම් යම් ආත්ම භව­ය­න්ගෙදි ආද‍‍ර­යෙන් සෙනෙ­හ­සින් එකතු වෙනවා නම් මේ 'වියෝග දුක්ඛ­යම' හැම භව­ය­ක­දිම විඳි­න්නට වෙනවා.

පියෙහි විප්ප­යෝගෝ දුක්ඛෝ ' කියලා ඒ කියන්නේ ප්‍රිය­ය­න්ගෙන් වෙන් වීම දුකක්. එක් ආත්ම­භ­ව­ය­කදි මුණ ගැසිලා වෙන්වෙලා යන­වාට වඩා අමා­රුයි ආත්ම­භ­ව­යන් කිහි­ප­ය­කදි මුණ ගැසිලා වෙන් වෙලා යන විට. ආත්ම භව කිහි­ප­ය­කදි, සංසාර භව කිහි­ප‍ය­කදි වෙන් වෙලා යනවා කියන එක කර්ක­ශයි. ඒ නිසා මේ ‍පිළිබ­ඳව මතක තබා ගෙනයි කට­යුතු සම්පා­ද­නය කළ­යුතු වන්නේ.

ලෞකික ජිවි­තය තුළ අපි ක්‍රියා­ත්මක කරන හැම­දේක ම හොඳ නරක කියලා දෙපැ­ත්තක් තියෙ­නවා. ලෝක­යට අයිති, ලෝකය තුළ පව­තින කිසිදු සංස්කාර ධර්ම­යක් ඒකා­න්තික එහෙ­මත් නැත්නම් හොඳ පැත්තක් විත­රක් තියෙන දෙයක්; මේ ලෝක­යට අයිති සංස්කාර ධර්ම වල කොතැ­න­ක­වත් නැහැ.

ඒ වගේම සංස්කාර ධර්ම වල නරක විත­රක් තියෙන පැත්තක් කොතැ­න­ක­වත් නැහැ. අපිට මේ හොඳ නරක ‍කියන දෙප­සට ම සංස්කාර ධර්ම ‍අවශ්‍ය නම් ක්‍රියාවේ යොද­වන්න පුළු­වන්. ඒ හොඳ නරක දෙක ම ජනිත කර­වීමේ ස්වභා­වය මේ සංස්කාර ධර්ම තුළ පව­ති­නවා. ඒ නිසා‍ ­ලෝ­කය තුළට ඇතු­ළත් වන, ලෝක­යට අන්ත­ර්ගත වෙන ලෝකය තුළ ක්‍රියා­ත්මක වන මේ හැම හේතු ප්‍රත්‍ය­ය­න්ගෙන් හට­ගත්තා වූ යම් සංස්කාර ධර්ම­යක් අපි පව­ති­නවා නම් ඒ පැවැත්ම තුළ සතුට, දුක, හොඳ, නරක ලාබ අලාබ සමසේ භුක්ති විඳී­මට සිද්ධ වෙනවා.

නමුත් එහෙම වුණත් අපි එය හොඳ උසස් යෝජ­නා­වක් ලෙස කල්පනා කරන්නේ වෙන කාර­ණා­වක් නිසා නොවෙයි; නිවන් දකි­න්නට යන ගම­නේදි යම් කිසි­කෙ­නෙක් පැවැදි වෙලා කට­යුතු කර­නවා නම් එය වෙනම ගමන් මඟක්. යම් කෙනෙක් නිවන් දකින තෙක් ගිහි­යෙක් ලෙස යන්නට බලා­පො­රොත්තු වෙනවා නම් ඒ ගිහි ජිවි­තය තනි­යම පව­ත්වන එකක් නොවෙයි.

චිත්ත පිඩා හැල­හැ­ප්පිම්

අඹු සැමි කියන අන්‍යෙ‍ා්න්‍ය සහ­ස­ම්බ­න්ධ­තා­වෙන් එකට එකතු වෙලා පව­ත්වන ජිවි­ත­යක්. මේ ලෝකෙ දිහා බැලු­වාම පේනවා එසේ ගත කරන අඹු සැමි ජීවිත. ඔවු‍නො­වුන් භෞතික වශ­යෙන් සමාන කම් පැවැ­ති­යත් ආධ්‍යා­ත්මික වශ­යෙන්, ගුණ වශ­යෙන්, මාන­සික වශ­යෙන් සැස­දෙ­න්නේ‍ ­නැති නිසා, සමාන නොවන නිසා, ඔවු­නො­වුන් අතර මොන­ත­රම් චිත්ත පිඩා හැල­හැ­ප්පිම් ඇති කර­ගෙන ඔවු­නො­වුන් අතර, ජිවිත අතර දුක්ඛි­තව ජිවත් වන පවුල් අපි මේ ජිවි­තය තුළ සමා­ජය තුළ කොත­රම් දකි­නවා ද? ඒ නිසා බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කර­නවා, එබදු මාන­සික ඝට්ටන සමඟ මේ ගිහි ජිවි­තය ගෙව­න්නට වුණොත් නිර­න්ත­ර­යෙන් ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය පිරි­ව­රා­ගෙන අතෘ­ප්ති­කර ජිවි­ත­යක් තුළ සිහිය, සමා­ධිය, ඒකා­ග්‍ර­තාව, ප්‍රඥාව, කරු­ණාව, මෛත්‍රිය, උසස් මනුෂ්‍ය ගුණ වඩ­න්නට තියෙන හැකි­යාව නැති­වෙලා යනවා. ග

ගිහිව වාසය කර­න්නට අව­ශ්‍යයි නම්, තමන් හඳු­නා­ගත් බිරි­යක්, තමන් හඳු­නා­ගත්ත දරු­වන්, මාපි­යන් ඇතිව යා හැකි නම් මේ සස­රෙහි අපිට සැන­සී­මෙන් ගුණ නුවණ වඩ­න්නට ලොකු සහ­යක් ලැබෙ­නවා. මෙලෙස අනු­ශා­සනා කරන්නේ තෘෂ්ණාව ඇලීම හොඳයි කියලා නොවෙයි. බුදු රජා­ණන් වහන්සේ ඇලීම දුරු­ක­ර­න්නට, බැඳීම් දුරු කර­න්න­ටයි බණ දේශනා කළේ. නමුත් ඒ දුරු­ක­රන තෙක් අපි යන ගමන නිරු­ප­ද්‍රි­තව යන්නට හැකි නම්; එය දුරු කර­න්නට හැකි අයු­රින් යන්නට පුළු­වන් නම්; ඒ ජිවි­තය අර්ථ සම්ප­න්නයි කියලා සඳ­හන් කර­න්නට හැකියි. එක් භික්ෂු­වක් මෙය උප­මා­ව­කින් පැහැ­දිලි කළා. ඔබට පොල් අවශ්‍ය වෙලා ළෙලි, කටු සමඟ පොල් ගෙඩි­යක් වෙළ­ඳ­පො­ළෙන් අර­ගෙන යනවා. ඔබට පොල් ඕන නම් ඇයි මේ ළෙලියි, කටුයි අරන් යන්නේ කියලා හිතන්න පුළු­වන් අන් අය. ඔබ ඒ ගැන කල­බල වෙන්නට එපා. ඒ අය කියන දේ අහලා ළෙලිත් අයින් කරලා, කටුත් අයින් කරලා පොල් ටික විත­රක් අරන් යන්නට කල­බල වෙන්න එපා. එසේ වුව­හොත් ඔබට පොල් කන්නට හම්බ වෙන්නේ නැහැ; පිළුණු වෙලා ඉවත දම­න්න­ටයි වෙන්නේ. පොල් ඕනෑ නම් ලෙල්ලත් කටුත් සමඟ පාවි­ච්චි­යට අර­ගෙන යන්න. ‍ලෙලි ඉවත් කර­න්නට සුදුසු තැනදි, ලෙලි ඉවත් කරන්න; ලෙලි ගල­වන්න සුදුසු තැනදි ලෙලි ගල­වන්න. කටු ඉවත් කළ යුතු තැනදි ඉවත් කරන්න. එතෙක් එය තියා ගන්න පොල් ගෙඩියේ රැක­ව­ර­ණය සඳහා. එසේ නම් පුද්ග­ලයා විමු­ක්තිය සඳ­හායි උත්සා­හ­වත් වෙන්නේ‍‍.

අර­හ­ත්වය ලබ­න්නට ශක්තිය

විමු­ක්තිය සඳහා යන තෙක් අපිට මේ ජිවි­ත­යේදි අර­හ­ත්වය ලබ­න්නට ශක්තිය හැකි­යාව තියෙ­නවා නම් එය ශ්‍රේෂ්ඨයි. ‍දුබලතා වැඩෙ­නවා කියලා අපි හිතෙ­නවා නම්; ගිහි ජිවිත‍යේ මේ ප්‍රති­ප­දාව කලක් පුහු­ණු­වී­මට තියෙ­නවා කියලා ඔබට හැගෙ­නවා නම්; ඒ ප්‍රති­ප­දා­වෙන්ම වන අව­ශ්‍ය­තා­වන් ප්‍රගුණ කර­මින් පැවැත්ම සහ නැවැත්ම කියන දෙප­සම සම බර කර­ගෙන මේ ගමන යන්නේ කොහො­මද කියලා අපි හඳුනා ගන්නට ඕන. බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කර­නවා; සංසා­රය නැමැති සාග­රය තර­ණය කරන්න දහම පහු­රක් කර­ගන්න කියලා. සයුරු තර­ණය කළ පසු පහුර කර­පින්නා ගන්න එපා; ඉවත දාලා නිද­හස් වෙන්න. යම් කිසි කෙනෙක් මේ උප­දෙස් පිළි­බඳ ව සඳ­හන් කර­න්නට පුළු­වන්; බුදුන් දේශනා කළේ පහු­ර­වත් අල්ල ගන්නට එපා කියලා.

පහුර මෙගොඩ ගොඩේම පහුර විසි කරලා දැම්මොත් එ් පුද්ග­ල­යාට එගොඩ කෙසේ­වෙ­තත් මෙගො­ඩම තමයි නතර වෙන්න වෙන්නේ. ඒ නිසා පුද්ග­ල­යාට මඟ වැරදි විදි­හට අර්ථ කත­නය කර නොගත යුතුයි. තෘෂ්ණාව, බන්ධ­නය, උපා­දා­නය හොඳයි කියල බුදුන් දේශනා කරන්නේ නැහැ. ලෙලිත් කන්න, කටුත් කන්න කියලා කිව්වේ නැහැ. නමුත් පොල් ‍ප්‍ර‍යෝජන­ය­කට ගන්න තෙක් ලෙලි සහ කටු එහි සුර­ක්ෂිත භාවය සදහා දැන­ගෙන පරි­හ­ර­ණය කරන්න කියලා කිය­නවා. ලෙලියි කටුයි නොකා අවශ්‍ය තැනදි පොල් ටික පරි­හ­ර­ණය කරන්න පුළු­වන්. විමු­ක්තිය සඳහා යන ගමනේ අපි වැඩිය යුතු­වන්නේ මොන­වාද; අපි දුරු කළ­යුතු වන්නේ මොන­වා­ද­කි­යලා හදු­නා­ගෙන පුරුදු පුහුණු කර­නවා නම්; ගිහි ජිවි­තය තුළ වුවත්, පැවිදි ජිවි­තය තුළ වුවත් මැන­වින් ප්‍රගුණ කර­න්නට පුළු­වන්.

යන ගමන කෙබදු වුවත් කෙබදු ගම­නක් ද කියලා තෝරා බේරා ගෙන­ය­න්නට ඕන. ඒනිසා යම් කෙනෙක් ගිහිව ජීවත්ව ගිහි ජිවි­ත­යට ඇතු­ළත්ව අඹු සැමි­යන්ව ජිවත් වෙන්නට සම්මුති ඇති කර­ගෙන ඉන්ප­සුව තීර­ණය කර­නවා නම් ස්වාමියා හිත­නවා නම් මට බිරිය ඕනත් නැහැ;බිරිය හිත­නවා නම් මට ස්වාමියා ඕන නැහැ කියලා මම විමු­ක්තිය උදෙසා පැවි­ද්දෙක් ලෙස කට­යුතු කර­නවා කියලා තීර­ණය කළ­හොත් ඒ තැන­ත්තාට ගිහි­ක­මත් හෝ පැවිදි කමක් නැහැ. යම්කෙ­නෙක් පැවිදි වෙන්නට තීර­ණය කරලා අප­රාදේ පැවිදි වුණේ කියලා හිත­නවා නම්; ගිහි ව වාසය කළා නම් හොදයි කියලා හිත­නවා නම්; අනිත් මිනි­සුන්ට කම් සැප නැහැනෙ හිර­ක­රු­වන් වෙලානේ කියලා හිත­නවා නම්; අපිට ඇයි මේ සාපය කියලා හිතලා මේ පැවිදි ජිවි­තය ගෙව­නවා නම්; ඒ පැවි­ද්දාට ගිහි­කම හෝ පැවිදි කමත් නැහැ. ඒ නිසා පැවිදි හෝ ගිහි ජිවි­ත­යක් ගත­ක­ළත් ඒ ගත කරන ජිවි­තය හොඳින් විමු­ක්තිය තෙක් ගෙන­යන්නේ කොහො­මද කියන අර­මු­ණයි අපිට තියෙන්ට ඕන.

ඒනි­සයි බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළේ ගිහිව යන්නට තිර­ණය කර­නවා නම් අැලිම් බැඳීම් පව­ති­නවා; ඒ අැලිම් බැඳීම් නිසාම චිත්ත පීඩා දැනෙ­නවා; විර­හ­වක් දැනෙ­නවා; ප්‍රියයන්ගෙන් වෙන්වීම ඇති­වෙ­නවා. ඔවු­නො­වුන් හදු­නා­ගත් චරිත ඇතුව ජිවිත් වන්නට පුළු­වන් නම් අව­බෝ­ධ­යෙන් ගුණ­නු­වණ වඩ­න්නට හැකි­වෙ­නවා. බුදු­ර­ජා­ණන් වහන්සේ එදත් මහ­ජ­න­තා­වට දේශනා කළේ යම් ගිහි­යෙක් කැමැති වෙනවා නම් මේ බිරිය මේ මගේ සැමි­යාව සස­රෙ­හිත් ලැබිය යුතුයි කියලා; ඒ සිතු­විල්ල සපල කර­ග­න්නට හැකි ක්‍රම­යක් තිය­නවා කියලා බුදු­ර­ජා­ණන් වහන්සේ දේශනා කළා.

ආදර්ශ සම්පන්න ස්ත්‍රිපු­රුෂ යුව­ළක්

මේ දේශ­නාව කළේ බුදු­ර­ජා­ණන් වහ­න්සේගේ සමයේ සිටිය ඉතාම ආදර්ශ සම්පන්න ස්ත්‍රිපු­රුෂ යුව­ළක් ඇසුරු කර­ගෙන. නකුල මාතා සහ නකුල පිතා කියන අඹු­සැමි යුවළ මුල්ක­ර­ගෙන මේ දේශ­නාව ‍කළේ. බුදු­ර­ජා­ණන් වහන්සේ දිනක් පිඬු­සිඟා වැඩි මොහොතෙ කිය­නවා; ස්වාමිනී මම මගේ බිරිය නිව­සට කැඳ­වා­ගෙන ආ දවසේ සිට ඇය කෙරෙහි මට යම් සෙනෙ­හ­සක් ආද­ර­යක් ඇති­වුණා නම් ස්වාමීනි අද වෙන තෙක් ඒ ආද­රය සෙනෙ­හස මන­සින් ගිලි­හිලා නැහැ.

මම මේ බිරිය හැර අන් කාන්තා­වක් සිහ‍ි­නෙ­න්වත් සිහි කරලා නැහැ. මම කැමැති මතු සස­රෙ­හි­දිත් මේ බිරිය ම බිරිය ලෙස ලබ­න්නට කියලා ප්‍රකාශ කර­නවා. නකුල මාතාව බුදුන් සමි­ප­යට පැමිණ කිය­නවා; ස්වාමීනි මගේ ස්වාමියා මා මේ නිව­සට යම් දිනක කැඳ­වා­ගෙන ආවා නම් එදා ඒ සැමියා පිළි­බඳ ව සෙනෙ­හ­සක් ඇති වුණා නම් අද දක්වා එහි වෙන­සක් වෙලා නැහැ; කව­දා­වත් ඔහු අප්‍රිය වෙලා නැහැ.

මම සිහි­නෙන් වත් වෙනත් ස්වාමි­යෙක් පතලා නැහැ. ස්වාමීනි, මම කැමැති සස­රෙදි මේ ස්වාමියා පතන්න. මේ විත­රාගී බව පිළි­බඳ ව තෘෂ්ණාව පිළි­බඳ ව බැඳීම් ලිහා දැමිම පිළි­බඳ ව නෛෂ්ක්‍රා­මය පිළි­බ­ඳව දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් එවැනි කෙනෙක් පිළි­බඳ ව සඳ­හන් කරන්නේ සසරේ මුණ­ගැ­සෙ­න්නට කැමැති කියලා බුදු­ර­ජා­ණන් වහන්සේ ආශි­ර්වාද කර­නවා. ඔවුන් විශේෂ නාම­ය­කින් හඳු­න්වනු ලබ­නවා. "පරම විස්සා­සිකා ආශි­ර්වාද කරලා බුදු­න්ව­හන්සේ මෙලෙස දේශනා කර­නවා .....

පරම විස්සා­සිකා ලෙස ආශි­ර්වාද කරලා බුදු­න්ව­හන්සේ දේශනා කර­න­වා‍ ­අඹු සැමි­යන් ලෙස පරම විස්වා­ස­යෙන් කට­යුතු කරන අය ඉන් පසුව ආශි­ර්වාද කර­නවා. 'ආකංඛ්‍යුං චේ ගහ­ප­තියෝ උභෝ ජානි­ප­තයෝ දිට්ඨේ චේව ධම්මේම අඤ්ඤ­මඤ්ඤං පස්සතූං අභි­ස­ම්ප­රා­ය­ඤච අඤ්ඤ­ම­ඤ්ඤං­ප­ස්සිතුං උභෝච අස්සු සම­සද්ධා සම­සීලා සම­චාගා සම­ප­ඤ්ඤා‍ තේ දිටේඨ චෙව ධමෙම අඤ්ඤ­මඤ්ඤං පස්ස­නාතී අභි­ස­ම්ප­රා­ය­ඤච අඤ්ඤ­මඤ්ඤං පස්ස­න්තීතී....

ගෘහ­ප­ති­ව­රුනි,

මේ ලෝක­යේදි ‍අපි ඔවු­නො­වුන් දකි­මින් බොහෝ කාල­යක් ජිවත් වෙමු; සසර ගම­නෙ­දිත් අපි ඔවු­නො­වුන් දැක ජිවත් වෙමු කියන මේ පැතුම ‍යමකුගේ සිත තුළ ඇති­නම් ඒ ප්‍රාර්ථ­නාව සඵල කර­ග­න්නට නම් ‍ඒ දෙදෙනා සතු ව මේ ගුණාංග තිබිය යුතුයි. මොන­වද ඒ... මේ සම සද්ධා, සම සීල, සම­ඡාගා, සම පඤ්ඤා දෙදෙ‍නාම සද්ධා­වෙන් සම වෙන්නට ඕන. සිල­යෙන් සම වෙන්නට ඕන; ත්‍යාග­යෙන් සම වෙන්නට ඕන; ප්‍රඥා­වෙන් සම වෙන්නට ඕන. මා මුලින්

කීවා වගේ මාපි­යන්ට සංග්‍රහ කරලා ණයෙන් නිද­හස් වෙන්න පුළු­වන්. ඒත් නිද­හස් වෙන්නේ කුම­කින්ද?

ඒ වගේම තාග්‍ය­යෙන් ප්‍රඥ­වෙන් මේවා වඩවා ගන්නට උදව් කිරි­මේන් බිරිය සහ සැමියා අතර අව­බෝ­ධ­යෙන් ඔවු­නො­වුන්ගේ පැවැත්ම දිර්ඝ කාල­යක් පව­ත්වා­ගෙන යන්නට ඕන නම් ඔවු­නො­වුන් වෙත සංග්‍රහ ගත යුත්තේත් ඔවු­නො­වුන් අතර සමව පවත්වා ගත යුත්තේත් කුමක් පිළි­බ­ඳව ද? ශ්‍රද්ධාව, සිලය, ත්‍යාග සිල­යෙ­නුයි.

මෙහි එකි­නෙක කරුණු විස්ත­රා­ත්ම­කව ලබන සතියේ විග්‍රහ කරමු.

Comments