සුදු­සු­කම් නැති තරු­ණි­යන්ට ඉසු­රු­පාය පේව්මන්ට් එකේ දෙන ලක්ෂ එක­හ­මා­රේ ගුරු පත් වීම් | සිළුමිණ

සුදු­සු­කම් නැති තරු­ණි­යන්ට ඉසු­රු­පාය පේව්මන්ට් එකේ දෙන ලක්ෂ එක­හ­මා­රේ ගුරු පත් වීම්

න­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ නව රජය පත් වී තව­මත් මස­ක්වත් ගත වී නැත. එහෙත් ජන­ප­ති­ව­රයා සහ රජය අප­හ­සු­තා­වට පත් කරන කූට ජාවා­ර­ම්කා­ර­යන්ගේ ක්‍රියා­ත්මක වීම් නම් ආරම්භ වී ඇති සෙයකි. ඒ බව පසක් වූයේ පසු­ගිය සඳුදා (09) කොළඹ අප­රාධ කොට්ඨාස නිල­ධා­රින් විසින් අත්අ­ඩං­ගු­වට ගත් එවැනි ජාවා­ර­ම්ක­රු­වන් පිරි­සක් නිසාය.

එම වංච­නි­ක­යන්, තමන් රජයේ උසස් නිල­ධා­රීන් සමඟ සමීප ඇසු­රක් පව­ත්වන බව පව­ස­මින් සුදු­සු­කම් සපුරා නැති වුවද සම්මුඛ පරී­ක්ෂ­ණද නොප­ව­ත්ව­මින් රජයේ රැකියා ලබා­දෙන බව පවසා මුදල් ගරා­ගැ­නීමේ වංචා­වක් සිදු කර තිබිණි. එම කත­න්ද­රය පෙළ­ගැ­සෙන්නෙ මෙසේ ය.

රංජනී, දූ දරු­වන් සිටින මවකි. ඇය තඹු­ත්තේ­ගම පදිං­චිව සිටි­න්නීය. ජීවි­කාව ලෙස වඩේ වෙළෙ­ඳාම කරන රංජනී දූ දරු­වන් ‍උස්මහත් කොට වෙර වීර්ය­යෙන් ජීවත් වන කාන්තා­වකි.

ඇයගේ දිය­ණිය විසි දෙහැ­වි­රිදි චාමලි තඹු­ත්තේ­ගම විහා­ර­ස්ථා­න­යක දහම් පාසල් ගුරු­ව­රි­යකි. පසු­ගිය දිනෙක රංජනී වඩේ වෙළෙ­ඳාමේ නිර­තව සිටි­යදී හමු වූයේ නිහාල්ය. නිහාල් කලක් බස් කොන්දො­ස්ත­ර­ව­ර­යකු ලෙස සේවය කොට මේ වන විට වගා කට­යු­තු­වල නියැ­ළෙන රාජාං­ග­ණයේ වෙසෙන අයෙකි. රංජනී හමු වූ නිහාල්, ඇයට කීවේ,

“රංජනී අක්කේ... දුව මේ දව­ස්වල මොකද කරන්නෙ... ඕනෙ නම් දැන් මට රස්සා­වක් අරන් දෙන්න පුළු­වන්... මොකද අපේ ආණ්ඩු­වක්නේ තියෙන්නෙ... මං දන්න අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් කෙනෙක් ඉන්නවා... ලේසි­යෙන්ම ගුරු පත් වීමක් අරන් දෙන්න පුළු­වන්... මේ ආණ්ඩු­වෙන් දැන් අපට ඕන දෙයක් කර­ගන්න පුළු­වන්...“

මීට සති දෙක­කට පමණ පෙරදී රංජ­නීට එසේ කී නිහාල්,

“වැඩේ හරි­ය­ටම වෙනවා... ඒකෙ කිසි සැක­යක් තියා­ගන්න එපා... ඒත් පොඩි ප්‍රශ්න­යක් තියෙ­නවා... ලක්ෂ එක­හ­මා­රක් විතර යනවා මේ වැඩේට... කැමැති ද?“

රංජනී, අවු­රුදු ගණ­නා­වක් දුක් මහ­න්සි­යෙන් හම්බ ක‍ළ සේස­තම වැය කොට ණය තුරුස් වී තම දිය­ණි­යට රජයේ ස්ථිර රැකි­යා­වක් ලබා­ගැ­නීමේ සිහි­නය වෙනු­වෙන් නිහාල්ගේ බසට කැමැති වූවාය. ඒ අනුව දිය­ණි­යගේ අධ්‍යා­පන සුදු­සු­කම් ඇතුළු වෙනත් සුදු­සු­කම්ද ඇතු­ළත් ජීව­දත්ත වාර්තා­වක් සමඟ සියලු ලිපි ලේඛ­නද නිහාල්ට ලබා දුන්නාය.

ඉකුත් දිනෙක රංජ­නීට ඇමැ­තු­මක් ගෙන නිහාල් කීවේ, ගුරු පත් වීම් ලිපිය සකසා ඇති බවත් සඳු­දාට (09) මුදල්ද රැගෙන එන ලෙසයි. ඒ, බත්ත­ර­මුල්ලෙ පිහිටි 'ඉසු­රු­පාය' අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ආස­න්න­යට පැමි­ණෙන ලෙසයි.

එසේ ඇමැ­තුම ගත් මොහොතේ නිහාල් වැඩි­දු­ර­ටත් රංජ­නීට කීවේ, අපට සහාය දෙන අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්තු­මාද තමා අසල සිටින බවත් ඔහු සම­ඟද කතා­බහ කරන ලෙසයි. ඒ අනුව එකී අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යා­ටද නිහාල් දුර­ක­ත­නය දුන්නේය. ඔහු රංජ­නීට කීවේ,

“මං අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යෙක් ලෙස වැඩ කරන්නෙ... සඳුදා එනවා නේද... හැබැයි උදෙන්ම එන්න එපා... මොකද ඇමැ­ති­තුමා එන­කොට පරක්කු වෙනවා... ටිකක් දවල් වෙලා එකො­ළ­හට විතර එන්න... එත­කොට රස්ති­යාදු නොවී වැඩේ කර­ගන්න පුළු­වන්... අපි එදාට ස්ථිර පත් වීම් ලිපිය දෙනවා... ඉසු­රු­පාය ඉස්ස­ර­හට එන්න දන්න­වනේ...“

එසේ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ලෙස බොරු රඟ­පෑ­මක් කර­මින් රංජ­නීට කතා කොට තිබුණේ නුවන් ජය­කොඩි නමැ­ත්තෙකු බව පසුව පොලි­සිය අනා­ව­ර­ණය කර­ග­ත්තේය. හත­ළිස් හැවි­රිදි නුවන් සෙව­ණ­ගල ප්‍රදේ­ශයේ වෙසෙන ගොවි­යෙකි.

අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යාගේ කතා­වෙන් රංජ­නීගේ ඉහේ මලක් පිපුණා හා සමා­නය. කලෙක සිටම තිබූ බලා­පො­රො­ත්තු­වක් සඵල වන බවක් දැනිණි. එහෙත් රංජ­නීට තිබූ ගැට­ලුව ඉසු­රු­පා­යට යෑමට මඟ නොද­න්නා­ක­මයි. ඇය ඉසු­රු­පා­යට යන ආකා­රය දැන­ගැ­නීමේ අටි­යෙන් තමා දන්නා මීගොඩ ආර්ථික මධ්‍ය­ස්ථා­නයේ කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරන සමා­ජයේ යමක්-කමක් දන්නා අයෙ­කුට ඇමැ­තු­මක් ගත්තාය. ඔහු­ගෙන් ඉසු­රු­පා­යට යන මාර්ගය විම­සන අතරේ තම දිය­ණි­යට ලැබෙ­න්නට නිය­මිත ගුරු පත් වීම ගැනත් පැවැ­සු­වාය. එම පත් වීම ලබා­ගැ­නී­මට දිය යුතු මුදල් ගැනද රංජනී, කළ­ම­නා­ක­රුට කීවාය.

ආර්ථික මධ්‍ය­ස්ථාන කළ­ම­නා­ක­රුට රංජනී කී කතාව ගැන ඇති වූයේ කුකු­සකි. ඒ, තමන් දන්නා තර­මින් මීට පෙර කිසි දා එසේ රජයේ පත් වීම් ලබා දී නැති නිසායි. ඒ අනුව කළ­ම­නා­කා­ර­ව­රයා රංජනී කී කතාව ගැන සොයා බැලුවේ තමා දන්නා ඉසු­රු­පායේ සේවය කරන තැනැ­ත්තෙකු මාර්ග­යෙනි. පසුව කළ­ම­නා­කා­ර­ව­ර­යාට තම හිත­ව­තා­ගෙන් දැන­ග­න්නට ලැබුණේ එසේ ස්ථිර ගුරු පත් වීම් කිසි­වක් ලබා­ නො­දෙන බවයි. අන­තු­රුව කළ­ම­නා­ක­රුට හැඟී ගියේ රංජනී වංචා­ක­රු­වන් පිරි­ස­කට හසු වී ඇති බවත් එම නිසා මේ ගැන පොලි­සි­යට දැන්විය යුතු බවත්ය.

එම වංචාව පිළි­බඳ කළ­ම­නා­කා­ර­ව­රයා සැණින් පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ලෙස උස­ස්වීම් ලැබූ බස්නා­හිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා දැනු­වත් කෙළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා එකී හොර වංචා­කා­ර­යන් කොටු කර­ගැ­නීම බාර කෙරුණේ පොලිස් අධි­කාරි ජනක නන්දන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කොළඹ අප­රාධ කොට්ඨා­ස­ය­ටයි. කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලි­ස්පති චම්පික සිරි­ව­ර්ධන මහ­තා­ගේද උප­දෙස් මත එවැනි වැට­ලී­ම්ව­ලට අති­දක්ෂ නිල­ධා­රි­න්ගෙන් සම­න්විත කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රින් පොලිස් අධි­කාරි නන්දන මහ­තාගේ මෙහෙ­ය­වීම මත පසු­ගිය සඳුදා පාන්ද­රම ඉසු­රු­පාය ආස­න්න­යට ගොස් රැක­වල්ලා සිටියේ එම වංච­නි­ක­යන් කොටු කර­ගැ­නී­ම­ටයි.

එදින දහ­වල ආසන්න වෙද්දී නිල­ධා­රින්ට දක්නට ලැබුණේ රංජනී සහ දිය­ණිය ඉසු­රු­පාය ඉදි­රි­පිට පදික වේදි­කාවේ සිටින ආකා­ර­යයි.

ගත­වූයේ නිමේ­ෂ­යකි. නිහාල් සහ නුවන්ද එම ස්ථාන­යට පැමි­ණෙ­මින් සිටි­යහ. අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යකු ලෙස බොරු රඟ­පෑ­මක් කර­මින් වැද­ගත් පෙනු­මක් පෙන්නූ නුවන් අත්දිග කමි­ස­යක් ඇඳ සිටිද්දී නිහාල් ටීෂ­ර්ට­යක් ඇඳ සාමාන්‍ය පෙනු­මැති පුද්ග­ල­යකු සේ පෙනී සිටියේය.

නුවන්, රංජ­නීගේ දිය­ණි­යට පත් වීම් ලිපිය පිරි­නැ­මීය. ඒත් සම­ඟම දිය­ණිය උන්හිටි තැන්ද අම­ත­කව පදික වේදි­කා­වේ­දීම පත් වීම් ලිපිය පිරි­නැමු නුවන්ට දණ­ගසා වැන්දාය. එය එක්තරා ආකා­ර­යක සංවේදී දසු­නකි. ඒත් එක්කම රංජනී තම අත්බෑ­ග­යට අත දමා­ගත් මුදල් පසු­ම්බි­යෙන් ලක්ෂ එක­හ­මා­රක මුද­ලක් දෙදෙ­නාට පිරි­නැ­මු­වාය. එසැ­ණින් එම ස්ථාන­යට කඩා පැන්නෙ කොළඹ අප­රාධ කොට්ඨාස නිල­ධා­රී­හුය.

පොලිස් නිල­ධා­රින් පැමි­ණී­මෙන් සියලු දෙනා තූෂ්ණි­ම්භූත වූයේ සිදු­වන්නේ කුමක්ද යන්න කිසි­වක් නොදත් හෙයිනි.

ඒ මොහො­තේම පොලිස් නිල­ධා­රින් රංජනී සහ දිය­ණි­යට කීවේ තමන් කූට ජාවා­ර­ම්කා­ර­යන් දෙදෙ­නෙ­කුට හසු වී ඇති බවයි. එම වංචා­කා­ර­යන් දෙදෙනා ඒ මොහො­තේම පොලිස් අත්අ­ඩං­ගු­වට ගැනිණි. රංජ­නීගේ දිය­ණි­යට පිරි­නමා තිබුණේ සත්‍ය ලෙස­ටම සැකැසු රජයේ පත් වීම් ලිපි­යක් හා සමාන ව්‍යාජ ලිපි­යකි. දෙදෙ­නා­ගෙන් ප්‍රශ්න කිරී­මේදී එම ලිපිය සකසා තිබුණේ නුවන් බවට හෙළි විය. නුවන් රාජ්‍ය ලාංඡ­න­යද භාවිත කොට එම ව්‍යාජ පත් වීම් ලිපිය නිර්මා­ණය කර­ගෙන තිබුණේ මිනු­ව­න්ගොඩ ප්‍රදේ­ශයේ පරි­ග­ණක ටයි­ප්සෙ­ටින් ආය­ත­න­ය­කිනි. එය රංජ­නීගේ දිය­ණි­යගේ නම­ටම ලියූ රජයේ පත් වීම් ලිපි­යක් හා සමාන ව්‍යාජ ලිපි­යකි. එහි කරුණු දහ­තු­නක් යටතේ 'දැන­ගැ­නීම පිණිස' ලෙස සඳ­හන් කොට පිට­පත් රජයේ ආය­ත­නික ලේක­ම්ව­රු­න්ටද යොමු කර ඇති බවද සඳ­හන් විණි.

පසුව දෙදෙ­නා­ගෙන් හෙළි වූ කරුණු අනුව මිනු­ව­න්ගොඩ අදාළ ටයිප් සෙටින් ආය­ත­න­යද සොයා ගිය කොළඹ අප­රාධ කොට්ඨාස නිල­ධා­රීන් එකී වෙළෙ­ඳ­සලේ එම ව්‍යාජ පත් වීම් ලිපිය සැකැසු පුද්ග­ලයා සහ පරි­ග­ණ­ක­යද පොලිස් බාර­යට ගත්තේය.

නිහාල් සහ නුවන් පොලිස් නිල­ධා­රින් ඉදි­රියේ පාපෝ­ච්චා­ර­ණය කර තිබුණේ තම­නට තිබෙන මුදල් හිඟ­තාව නිසා එවන් වංචා­ව­කට පෙල­ඹුණු බවයි.

එම ජාවා­රම පොලී­සි­යට කොටු වීමත් සමඟ ජනා­ධි­පති මාධ්‍ය අංශය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කෙළේ, ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ස්ථිර­සාර පිළි­වෙත වන්නේ සෑම විටම පිළි­ගත් ක්‍රම­වේ­ද­ය­කට, පටි­පා­ටි­යට අනුව වැඩ කිරී­මයි. රජයේ ආය­ත­න­වල රැකියා ලබා දීම සිදු කෙරෙ­න්නේද එම පිළි­වෙත අනුව බවයි. එබැ­වින් මෙවැනි වංච­නික පුද්ග­ල­යන්ට නොරැ­ව­ටෙ­න්නැයි ජන­තා­වට දන්වා සිටින බවත් එවන් වංච­නික පුද්ග­ල­යන්ට එරෙ­හිව දැඩි නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට අපේක්ෂා කරන බවයි.

එසේ රජය සහ ජනා­ධි­ප­ති­ව­රයා අප­හ­සු­තා­වට පත් කර­මින් ජන­තා­වට බොරු පොරොන්දු දුන් වංචා­කා­ර­යන්ට හසු වූ තවත් අය සිටී නම් දවසේ ඕනෑම මොහො­තක 0718591017 දරන දුර­ක­තන අංක­යෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා හෝ 0112662323, 0718591727 අංක­ව­ලින් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ පොලිස් අධි­කාරි ජනක නන්දන මහතා අමතා සියලු තතු හෙළි­ක­ර­න්නැයි ඉල්ලා සිටී.

රජය ජන­තාව වෙනු­වෙන් මනා ලෙස සැලැ­සුම් සහ­ගත වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට සූදා­නම් වෙද්දී එවැනි වංචා­කා­ර­යන් කරන අක­ට­යු­තු­ක­ම්ව­ලට එරෙහි රටේ සියලු ජනයා නැඟී සිටිය යුතු බව අපද පසක් කර සිටි­න්නෙමු.

 

Comments