සිය­ව­සක් සපිරූ බෞද්ධ මහා සම්මේ­ල­නය | සිළුමිණ

සිය­ව­සක් සපිරූ බෞද්ධ මහා සම්මේ­ල­නය

බුදු දහමේ චිර­ස්ථි­ති­යට අනු­ප­මේය මෙහෙ­ව­රක් කළ ආය­තන අතු­රින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­න­යට හිමි වන්නේ ප්‍රමු­ඛ­ස්ථා­න­යකි. අද වන විට වසර සිය­යක් සපුරා ඇති සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නය ආ ගමන් මඟ ගැන එහි වත්මන් සභා­පති ජගත් සුම­ති­පාල මහතා විසින් දක්වන ලද අද­හස් ඇසු­රින් මේ ලිපිය සක­සන ලදී.

මෙර­ටට නිද­හස ලැබී­මට පෙර සිංහල ජාති­යට හා බුදු දහ­මට අත්ව තිබූ ඛේද­නීය තත්ත්ව­යෙන් මුදා ගෙන මව්බි­මත්, සම්බුද්ධ ශාස­න­යත් සුරක්ෂා කර­මින් අනා­ගත පර­පු­රට නිර්මල බුදු දහම ලබා දීමේ වග­කීම බාර ගනි­මින් 1919 වසරේ දෙසැ­ම්බර් මස 21 වැනිදා ආචාර්ය සී. ඒ. හේවා­වි­තා­රණ මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නය ආරම්භ කෙරිණි. ලෝක­වාසී බෞද්ධ ජන­තාව එකම සංවි­ධා­න­යක් යටතේ එක්සත් කර­මින් බුදු දහම සුරක්ෂා කිරීම බෞද්ධ මහා සම්මේ­ල­නයේ එකම අර­මුණ විය. එහි පළමු සාක­ච්ඡාව ශ්‍රීමත් දොන් බාරොන් ජය­ති­ලක මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් කොළඹ ආනන්ද විද්‍යා­ලයේ දී පව­ත්වන ලදී. සම්මේ­ල­නය සමා­ර­ම්භ­යේදී ශ්‍රී ලංකාව පුරා පිහි­ටුවා ඇති තරුණ බෞද්ධ සංගම්හි කට­යුතු ක්‍රමා­නු­කූ­ලව හා විධි­මත්ව පව­ත්වා­ගෙන යෑමට කට­යුතු කරන ලදී. මේ සම්මේ­ල­නය කාලා­න්ත­ර­යක් තිස්සේම නිහඩ සේවා­වක් සිදු කරන ලදී. විශේ­ෂ­යෙන්ම බෞද්ධ මහා සම්මේ­ල­න­යට සිය­ව­සක ඉති­හා­ස­යක් අභි­මා­න­වත්ව සැම­රී­මට හැකි­යාව ලැබී­මෙන්ම පෙනී යන්නේ එහි ඇති කාර්ය­සා­ධන කාර්ය­ක්ෂ­ම­තා­ව­යයි. ඵල­දායී ලෙස අර­මුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ක්‍ෂේත්‍ර නියෝ­ජ­නය වන පරිදි සම්මේ­ල­නයේ ජාතික සභා කිහි­ප­යක්ම පිහි­ටුවා ගන්නා ලදී.

මෙම ජාතික සභා මගින් සුවි­ශේෂ සේවා­වන් රාශි­යක් සිදු කරන ලදී. ඒ අතර ආග­මික හා සංස්කෘ­තික කට­යුතු, තරුණ ක්‍රියා­කා­ර­කම්, සාමා­ජික සංව­ර්ධ­නය, ප්‍රචා­ර­ණය, පර්යේ­ෂණ සහ අන්ත­ර්ජා­තික කට­යුතු සඳහා ක්‍රියා­කාරී ලෙස සම්බන්ධ වීමද වේ. මේ සියලු සභා­වන් නිර­න්ත­ර­යෙන් රැස් වී සමාජ, අධ්‍යා­පන, සුභ­සා­ධන කට­යුතු සංවි­ධා­නය කිරීම සහ ප්‍රව­ර්ධ­නය කිරීම වෙනු­වෙන් කැප වී ක්‍රියා කරනු ලබයි.

සිය­වස් සැම­රුම නිමි­ත්තෙන් පව­ත්වනු ලබන විශේෂ උත්ස­වය මේ මස 21 වැනිදා පෙර­වරු 9.00ට කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී ත්‍රෛයි­නි­කා­යික මහ නාහි­මි­ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන් සිදු කෙරෙන අතර ප්‍රධාන ආරා­ධි­තයා ලෙස ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාද සහ­භාගි වේ. එහිදී සිය­වස් සම­රුව වෙනු­වෙන් මුද්ද­ර­යක්ද නිකුත් කෙරේ. එමෙන්ම එදින සවස බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේ­දීම සම්මේ­ල­නයේ ළමා සුරැ­කුම් මධ්‍ය­ස්ථා­න­වල දරු දැරි­යන් විසින් පව­ත්වනු ලබන මිණි මුතු කලා ප්‍රසං­ගය පව­ත්වනු ලැබේ.

22 වැනිදා පෙර­ව­රුවේ මානෙ­ල්වත්ත නාගා­නන්ද විශ්ව­වි­ද්‍යා­ල­යේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නයේ හා ලෝක තරුණ බෞද්ධ සම්මේ­ල­නයේ සියලු සාමා­ජි­ත­යින් එක්ව එහිදී නාය­ක­ත්වය පිළි­බ­ඳව වැඩ­මු­ළු­වක් පව­ත්වනු ලැබේ.

එසේම එදින පස්ව­රුවේ ලෝක බෞද්ධ විශ්ව­වි­ද්‍යා­ලයේ ප්‍රධානී අනිල් ශාක්‍යා හිමි­යන්ගේ මූලි­ක­ත්ව­යෙන් මෙරට සියලු විශ්ව­වි­ද්‍යා­ල­වල බෞද්ධ අධ්‍ය­ය­න­යන්ට සම්බ­න්ධිත ආචාර්ය මහා­චා­ර්ය­ව­රුන් එක්ව විශ්ව­වි­ද්‍යා­ල­යන්හි බෞද්ධ හා පාලි අධ්‍ය්‍ය­නය පිළි­බ­ඳව විශේෂ වැඩ­මුළු සාක­ච්ඡා­වක් පව­ත්වුන ලබන අතර එහිදී අන්ත­ර්ජා­ති­කව ථෙර­වාදී ධර්මය පිළි­බ­දව විෂය නිර්දේශ සකස් විය යුතු ආක­රය ගැන සාකච්ඡා කරනු ඇත. ඒ අනුව ඉදි­රි­යේදී මෙරට විශ්ව­වි­ද්‍යා­ල­යන්හි පාලි හා බෞද්ධ විෂ­යන් ගේ විෂ­ය­මා­ලාව සංශෝ­ධ­නය වීමට වනු ඇත. එදි­නම රාත්‍රී සම්මේ­ල­න­යෙදී පිරිත් දෙසු­මක් හා 23 වැනිදා භික්ෂූන් වහන්සේ සිය­න­මක් විෂ­යෙහි දාන­මය පින්ක­මක් පැවැත්වේ. ලෝක බෞද්ධ සම්මේ­ල­නයේ සාමා­ජි­ක­යින් 40ක් මේ වැඩ­ස­ට­හන සදහා පැමි­ණෙන අතර 21 වැනිදා පැවැ­ත්වෙන උත්ස­ව­යේදී වසර 100ක කාල­යක් සම්මේ­ල­නය හා එක්ම කට­යුතු කළ තරුණ බෞද්ධ සංගම් 10කට විශේෂ ඇගැ­යීම්ද සිදු කෙරේ. එමෙන්ම මේජර් ජන­රාල් (විශ්‍රා­මික) ජාලිය නම්මුනි හා ආචාර්ය ප්‍රණීත් අබේ­සු­න්දර මහ­ත්ව­රුන් විශේෂ ඇගැ­යී­ම­කට ලක් කෙරේ.

සිය­වස් සම­රුවේ තේමාව වී ඇත්තේ ‘ශාසන සනා­තන ශත­කා­භි­මා­නය‘ යන්න වන අතර සම්මේ­ල­නයේ වසර 40කට අධික කාල­යක් සාමා­ජි­ක­ත්වය දරා ඇති යුද්ධය නිමා කළ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාට විශේෂ ප්‍රණාම සම්මා­න­යක්ද මෙහිදී ලබා දෙනු ඇත.

බෞද්ධ මහා සම්මේ­ල­න­යට තම කාල­යව ධනය ශ්‍රමය වැය කර­මින් කට­යුතු කළ සභා­ප­ති­වරු අතර මහා­චාර්ය ඇම්.බී. ආරි­ය­පාල, ශ්‍රීමත් ඩී. බී. ජය­ති­ලක, ඇෆ්.ආර්. සේනා­නා­යක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්න­න්ගර, එච්. ශ්‍රී නිශ්ශංක, මහා­චාර්ය ජී. පී. මල­ල­සේ­කර, සී. බටු­ව­න්තු­ඩාවේ, ශ්‍රීමත් ෆැන්සිස් මොල­මුරේ වැනි විද්වත්හු වෙති. වසර 100ක කාලය තුළ සභා­ප­ති­නිය ලෙස කට­යුතු කර ඇති එකම තැනැ­ත්තිය ආචාර්ය මිලිනා සුම­ති­පාල පමණි.

සම්මේ­ල­නය මගින් ව්‍යාපෘති රැසක් මේ සිය­වස තුළ ක්‍රියා­ත්මක කර ඇති අතර අද දක්වා බෙහෝ ව්‍යාපෘති අඛ­ණ්ඩව සිදු කර ඇත. විශේ­ෂ­යෙන්ම දෙමා­පිය රැක­ව­ර­ණය අහිමි දූ දරු­වන්ට රැක­ව­ර­ණය සහ පෝෂ­ණය ලබා දෙමින් ඔවු­නට නිසි අධ්‍යා­ප­න­යක් ලබා දීමේ අර­මු­ණින් දිව­යින පුරා ළමා සුරැ­කුම් නිවාස 17ක් මේ වන විට බෞද්ධ මහා සම්මේ­ල­නය මගින් පව­ත්වා­ගෙන යනු ලබයි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුර­වැසි නිවාස සහ ගිලන් භික්ෂු විවේ­කා­ශ්‍රම 7ක් ද පව­ත්වා­ගෙන යයි.

ඊට අම­ත­රව බුදු දහම රැක ගැනීම පිණිස අධ්‍යා­පන ශිෂ්‍යත්ව, වෘත්තීය පුහුණු, ආපදා සහන, පුරා­වි­ද්‍යා­ත්මක ස්ථාන ආරක්ෂා කිරීමේ වැඩ­ස­ට­හන් ආදී විශේෂ ව්‍යාපෘති රැසක් ද මේ වන විට බෞද්ධ මහා සම්මේ­ල­නය ක්‍රියා­වට නංවා ඇත.

විශේ­ෂ­යෙන්ම බෞද්ධා­ගම තවත් සිස­වස් ගණ­නා­වක් පවත්වා ගැනීම පිණිස 1945 වස­රේදී ත්‍රිපි­ට­කය සිංහල භාෂා­වට පරි­ව­ර්ත­නය කිරීම මෙහිලා පැස­සිය යුත්තකි. මහා­චාර්ය ගුණ­පාල මල­ල­සේ­කර මහතා සභා­ප­ති­ත්වය දෑරු කාල පරි­ච්ජේ­දය තුළ ත්‍රිපි­ට­කය පාලි භාෂා­වෙන් සිංහල භාෂා­වට පරි­ව­ර්ත­නය කිරීම සඳහා වන “ත්‍රිපි­ටක භාරය” සංස්ථා­ප­නය කරන ලද අතර 1945 පෙබ­ර­වාරි මස 04 වන දින එනම් නිද­හස ලැබී­මට හරි­ය­ටම වසර 3කට පෙර එහි පළමු කොටස වන “දීඝ නිකාය” පරි­ව­ර්ත­නය කර ප්‍රකා­ශ­යට පත් කරන ලදී.

අප පෙර කී ළමා සංව­ර්ධන මධ්‍ය­ස්ථාන ආර­ම්භ­යද 1945 දක්වාම දිව යන්නකි. ප්‍රථම ළමා නිවා­සය වන්නේ බිය­ගම පිහිටි විහා­ර­ම­හා­දේවී ළමා සංව­ර්ධන මධ්‍ය­ස්ථා­න­යයි. දැරි­යන් 20කගෙන් එය ඇර­ඹුණු අතර මේ වන විට ළමා 15,000කට වැඩි දු දරු පිරි­සක් නැණ ගූණ බෙලෙන් පිරි­පුන්ව සමාජ ගත කර­න්නට සම්මේ­ල­න­යට හැකි­යාව ලැබී ඇත.

1950 වසරේ ලෝක බෞද්ධ සම්මේ­ල­නය පිහි­ටු­වීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නය ලද විශා­ල­තම ජය­ග්‍ර­හ­ණ­යක් වන්නේ රට­වල් 29ක විදේ­ශිය නියෝ­ජි­ත­යන් 129 දෙනෙකු ඒ සදහා සහ­භාගි වීම නිසාය. විශේ­ෂ­යෙන්ම 1950 සිට 1958 දක්වා ලෝක බෞද්ධ සම්මේ­ල­නයේ ප්‍රධාන කාර්යා­ලය කොළඹ පිහි­ටුවා තිබී­මෙන්ම එහි සාර්ථ­ක­භා­වය මැන­වින් පෙනී යයි.

1954 අප්‍රේල් මස 02 වන දින බෞද්ධ තොර­තුරු සහ විම­සීම් කවු­න්සි­ලය පිහි­ටු­වීම සහ තවත් කමිටු සහ කොමි­ෂන් සභා පිහි­ටු­වී­මද සම්මේ­ල­නය විසින් ඉටු කළ තවත් වැද­ගත් මෙහෙ­යකි. එහි අර­මුණ වුයේ ශ්‍රී ලංකාවේ එව­කට පැවැති තත්වය පිළි­බඳ තොර­තුරු පරීක්ෂා කර මෙරට බෞද්ධ­යන්ට බෞද්ධා­ග­මික පරි­ස­ර­යක් යටතේ ධර්මා­නු­කු­ලව ජිවි­ත­යක් ගත කළ හැකි වීමට කුමන අව­ශ්‍ය­තා­ව­යන් සම්පූර්ණ කළ යුතු යන්න වාර්තා­වක් සැප­යී­මයි.

මෙරට ප්‍රථම වෙසක් කලා­පය ආරම්භ කරන ලද්දේද බෞද්ධ මහා සම්මේ­ල­නය විසිනි. ඒ 2002 වස­රේදී ආචාර්ය මිලිනා සුම­ති­පාල මහ­ත්මිය සභා­ප­ති­ත්වය දෑරු කාලයේ දීය.

2004 වස­රේදී බෞද්ධ පුන­රු­දය ව්‍යාපෘ­තිය ආචාර්ය මිලිනා සුම­ති­පාල මහ­ත්මිය විසින් ආරම්භ කරන ලද එය හරහා “ගමයි පන්ස­ලයි” වැඩ­ස­ට­හන ස්ථාප­නය කිරී­මට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නය සමත් විය. 2007 වසරේ බෞද්ධ සාහිත්‍ය උළෙල ආරම්භ කිරීම මෑත කාලයේ දී වත්මන් සභා­පති ජගත් සුම­ති­පාල මහ­තාගේ දිහත් වීමෙන් ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට බෞද්ධ සම්මේ­ල­නය මඟින් බෞද්ධ සාහිත්‍ය උත්ස­ව­යක් ආරම්භ කරන ලදී. ඒ අනුව 2007 වර්ෂයේ සිට සෑම වර්ෂ­ය­කම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නය විසින් උත්ක­ර්ෂ­වත් සාහිත්‍ය උළෙ­ලක් සංවි­ධා­නය කරනු ලබයි.

ලෙස 2010 වර්ෂයේ දී ලෝක බෞද්ධ සාමු­හි­කයේ 60 වන සංව­ත්ස­රය හා 25 වන මහා සමු­ළු­වට සම­ගා­මීව ලෝක බෞද්ධ සාමු­හි­කයේ ප්‍රථම සම්මේ­ල­නය මෙර­ටදී පව­ත්වන ලදී. එමෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේ­ල­නයේ විදේශ කට­යුතු පිළි­බඳ ජාතික සභාව විසින් සංවි­ධා­නය කරන ලද “ව්‍යාපා­ර­යන්හි බෞද්ධ නාය­කත්ව පුහුණු ” යන මැයෙන් පව­ත්වන ලද බෞද්ධ ව්‍යාපා­රික සම්මේ­ල­නය පසු­ගිය වසරේ ඔක්තෝ­බර් 16 දින බණ්ඩා­ර­ණා­යක අනු­ස්ම­රණ සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැ­ත්වුණි.

ශ්‍රී ලාංකික ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රති­පත්ති සම්පා­ද­නය සඳහා කවු­න්සි­ල­යක් 2019 පිහි­ටු­වන ලදී. එමෙන්ම ජාත්ක ප්‍රශ්ණ සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩ වසන සිය­ලුම භික්ෂුන් වහන්සේ එක් ස්ථාන­ය­කට කැඳවා ගැනීම සඳහා සාමග්‍රී සංඝ සභා­වක් පිහි­ටු­වි­මට ද බෞද්ධ සම්මේ­ල­නය සැල­සුම් කර­මින් සිටී.


 

Comments