සාම්ප්‍ර­දා­යික ගොවි­තැ­නෙන් කර්මා­න්ත­ව­ලින් නැඟී සිටිය නොහැකි බව කීම මුළා­වක් | සිළුමිණ

සාම්ප්‍ර­දා­යික ගොවි­තැ­නෙන් කර්මා­න්ත­ව­ලින් නැඟී සිටිය නොහැකි බව කීම මුළා­වක්

ඩොලර් මිලි­යන 700ක් 800ක් පිට­ර­ටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වී­මට වස­ර­කට වැය කරන අප, එම මුදල් ප්‍රමා­ණය රටේ ඉතිරි කර ගැනී­මට සහල්, කොස්, පොල්, දෙල් ප්‍රධාන අප­ටම උරුම වූ ආහාර රටා­වට නැවත වරක් යොමු විය යුතු බව මව්බිම ලංකා පද­නමේ සභා­පති සහ පැල­වත්ත කිරි කර්මා­න්තා­ය­ත­නයේ සහ මාස්ටර් ඩයි­වර්ස් සමා­ගමේ සභා­පති ආරි­ය­ශීල වික්‍ර­ම­නා­යක මහතා පව­සයි.

දේශීය කර්මාන්ත රැක­ගැ­නීම උදෙසා ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගනු‍ ­ලැබූ උත්සා­හය සහ තීන්දු තීරණ ආරි­ය­ශීල වික්‍ර­ම­නා­යක මහතා මහත් ඉහ­ළින් අගය කරයි. ‍

අන්ත­ර්කා­ලීන පත් කර ගනු ලැබූ නව රජය දේශීය කර්මා­න්ත­ක­රුවා රැක­ගැ­නී­ම­ටත් ඔවුන් ආර්ථික සාමා­ජීය වශ­යෙන් බල­ගැ­න්වී­ම­ටත් ගනු ලැබූ තීන්දු තීර­ණ­වල බල­පෑම පිළි­බඳ සිළු­මිණ සමඟ සාක­ච්ඡා­ව­කට එක් වෙමින් වික්‍ර­ම­නා­යක මහතා දැක්වූ අද­හස් මෙසේයි

රට ආර්ථික වශ­යෙන් විශාල කඩා­වැ­ටී­ම­කට ලක් වී ඇතැයි ඇතැ­මෙකු කිය­නවා. ඒ පිළි­බඳ ඔබේ විග්‍ර­හය කෙබ­ඳුද?

මමත් පිළි­ග­න්නවා. එය සිදු වී තිබෙන්නේ කවදා සිට­දැයි යන්න පිළි­බඳ තමයි මගේත්, අනෙත් අය­ගේත් වෙන­සක් තිබේ නම් තිබෙන්නේ. අපේ රට ආර්ථික වශ­යෙන් කඩා­වැ­ටීම නිසා දැඩිව පීඩා­වට පත් වන්නේ මධ්‍යම පාන්ති­ක­යන්, අන්ත අස­රණ අඩු ආදා­ය­ම්ලා­භීන්. අපේ රට ආර්ථි­කය අතින් දුප්පත් වුණත් සම්පත් අතින් පොහො­සත්. ඒ සම්පත් රටේ සංව­ර්ධ­න­යට ජන­තා­වගේ ආර්ථික දියු­ණු­වට යොදා නොගැ­නී­මයි මතුව තිබෙන ප්‍රධාන ගැට­ලුව.

ආණ්ඩු වෙනස් වන අව­ස්ථා­වල පැරැණි ආණ්ඩු­වට දොස් නැඟීම සම්ප්‍ර­දා­යක් බවට පත් වී තිබෙ­නවා. එසේ නැතිව ඔබේ විග්‍ර­හය වෙනස් වන්නේ කොහො­මද?

සම­හ­රුන් පසු­ගිය ආණ්ඩුවේ වැරැදි නිසා ආර්ථි­කය කඩා­වැ­ටුණු බව කිය­නවා. සම­හ­රුන් ඊට පෙර තිබුණු ආණ්ඩුවේ වැරැදි නිසා ආර්ථි­කය කඩා වැටුණු බව කිය­නවා. මම කියන්නේ අපේ රටේ ආර්ථි­කය කඩා වැටුණේ අපි පිට­ර­ටින් නිකන් පාන් පිටි කන්න කිරි පිටි බොන්න සැමන් කන්න හුරු වූ දවසේ සිට කියායි. විදේ­ශි­ක­යන් මේ රට පාල­නය කරන විට ඔවුන් අපේ සාම්ප්‍ර­දා­යික පැරැණි කෘෂි­ක­ර්මා­න්තය විනාශ කළා. නිද­හ­සින් පසු බල­යට පත් ආණ්ඩුත් කෘෂි­ක­ර්මා­න්තයේ දියු­ණු­වට තිර­සාර වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළේ නැහැ.

ලෝකයේ කිසිම රටක් අත්‍ය­වශ්‍ය ආහාර ද්‍රව්‍ය­ව­ලින් ස්වයං­පෝ­ෂිත නොවී දියු­ණු­වක් ලබා­ගෙන නැහැ. අපිට වැර­දුණේ නොමිලේ දෙන දෙයක් කා බී ලෙඩ රෝග හදා­ගෙන සිටී­මට හුරු වීමයි. ‍මේ හුරුව අප වෙනස් කළ යුතුයි. අපි ‍වහාම ‍ඒ දේ වෙනස් කළ යුතුයි. ඒ සඳහා විශාල බරක් වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යාට පැවරී තිබෙ­නවා.

ශ්‍රී ලංකාව වසර 1977න් පසු විවෘත ආර්ථික ක්‍රමය හඳු­නා­ගත් දකු‍ණු ආසි­යාවේ පළමු රටයි. මේ වන විට අපට ලෝකය සමඟ පෙර­ටත් වඩා එකට බැඳී සිටී­මට සිදු වී තිබෙ­නවා. එවන් තත්ත්ව­යක් තුළ නැවත සාම්ප්‍ර­දා­යික ගොවි­තැ­නට හෝ කර්මාන්ත වලට ගොස් අපට ‍නැඟී සිටිය හැකිද?

අනි­වා­ර්ය­යෙන්ම පුළු­වන්. අපට බැහැ කියා කවු­රු­හරි කිය­නවා නම් ඒක විශාල මුළා­වක්. බට­හි­රින් වාගේම අපේ රටේ කළු සුද්දන් මේ රටේ ජන­තා­වගේ ඔළු මත දමා තිබෙන වැරැදි ආක­ල්ප­යක් තමයි අපට ලෝක­යෙන් මිඳෙන්න බෑ කියන එක. අපි කවු­රුත් එක් දෙයක් සිතා­ගත යුතුයි. ඒ තමයි අපි වවා­ගෙන කන්න පුරුදු නොවී අනු­න්ගෙන් කන්න පුරුදු වී සිටීම නොකළ යුත්තක් බව.

ඇමෙ­රි­කාව විසින් ජපා­නය බිම­ටම සම­තලා කොට ජපන් ජාති­ක­යන් තනි කළා. ඔවුන් කොහො­මද නැඟී සිටියේ. ඔවුන් නැඟී සිටියේ කෘෂි­ක­ර්මා­න්ත­යෙන්. තමන්ට අවශ්‍ය බත් ටික තම­න්ගේම කුඹුරේ හදා­ගත්තා. ගෙදර, මිදුල, කුඹුර තමයි අපි දන්න භූගෝ­ලීය පරි­ස­රය. නමුත් ජපා­නයේ මිදු­ලක් නැහැ. සෑම තැනම තිබෙන්නේ ගෙදර කුඹුර. ‍ඒ තර­මට ඔවුන් සෑම බිම් අඟ­ල­කම වී වගා කරලා. වී වගා­වෙන් ස්වයං­පෝ­ෂිත වී තමන්ට අවශ්‍ය බත් ටික මාළු පිණි ටික හදා­ගත්තු ජපා­නය අන­වශ්‍ය විය­දම් සියල්ල කපා හැරියා. කෘෂි­ක­ර්මා­න්ත­යෙන් ඉහ­ළ­ටම දියුණු වුණා. ඒ අතරේ ඔවුන් කාර්මී­ක­ර­ණ­යට යොමු වුණා. පිට­ර­ටින් හාල් ගෙන්නන්න විය­දම ඉතිරි කර­ගෙන මුලින්ම සෙල්ලම් බඩු හැදුවා. ඊට පස්සේ කාර් හැදුවා. ඊට පස්සේ තොර­තුරු තාක්ෂණ අංශ­යට යොමු වුණා. අද ‍ලෝකයේ දෙවැනි විශා­ල­තම පෝසතා ජපා­න­යයි.

වෙනත් පිරිස් පැටවූ බහු­බූත අර්බු­ද­ව­ලින් ගොඩ­ඒ­මට ශක්ති­මත්ව නැඟී සිටීම පම­ණයි අප කළ යුත්තේ. දැන් පව­තින ආර්ථික වටා­පි­ටාව ඊට බාධා­වක් කියා ‍කෙනෙකු කිය­නවා නම් මම සූදා­නම් ඒ බාධා­වක් නොවන බවට ප්‍රායෝ­ගි­කව ක්‍රියා කොට පෙන්වී­මට.

ආහාර ද්‍රව්‍ය පිට­ර­ටින් ගෙන්වී­මට වැය වන මුදල මෙසේ රට තුළ නතර කර­ගැ­නී­මට ඔබ දෙන ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙළ කුමක්ද?

කිරි­පි­ටි­ව­ලින් අපිට ස්වයං­පෝ­ෂිත වෙන්න පුළු­වන්. නමුත් අපි ඒ දේ සඳහා ජාතික මට්ට­මින් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක ‍කොට නැහැ. පැල­වත්තේ කිරි සමා­ග­මෙන් අපේ රටට අවශ්‍ය කිරි­පිටි සහ ගුණ­දා­යක පෝෂ්‍ය­දා­යක දිය­ර­මය කිරි නිෂ්පා­ද­න­යක් ලබා­දී­මට සූදා­නම්. අපි ඒ දේ දැන­ටත් සිදු කර­නවා. ඊට බාධා පැමි­ණෙ­නවා. අන්න ඒවායි රජ­යක් විසින් නතර කළ යුත්තේ. ඒ වගේම අපි උඩ­ව­ලව ජලා­ශය ආශ්‍ර­යෙන් ටින් මාළු නිෂ්පා­ද­නය කිරීමේ සාර්ථක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර­නවා. නමුත් වාණිජ වශ­යෙන් වේග­යෙන් දියුණු කිරී­මට බාධා තිබෙ­නවා.

මොන­වද ඒ බාධා?

ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී අදට වසර 71ටත් වැඩියි. අදත් ක්‍රියා­ත්මක වන්නේ එදා බ්‍රිතා­න්‍ය­යන් අපට දැමූ බදු කොන්දේ­සියි. කුමක්ද ඒ කොන්දේ­සිය. ඔවුන් එදා අපට කීවා එංග­ල­න්තය, ඕස්ට්‍රේ­ලි­යාව, නව­සී­ල­න්තය යන රට­ව­ලින් කිරි­පිටි ගෙන්වී­මේදී අය කළ යුතු තීරු­බදු ප්‍රති­ශ­තය 15%ට වඩා වැඩි නොකළ යුතුයි කියා. අදත් ක්‍රියා­ත්මක වන්නේ ඒ නීති­යයි. 15%ක තීරු බද්දක් ගෙවා මේ රටට පිට­ර­ටින් කිරි පිටි කියා රොඩු ගේනවා. පෝෂ්‍ය­ගු­ණය අඩු දේ ගේනවා. එය නතර කළ යුතුයි. ඒ සඳහා ජාතික වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතුයි.

රටේ කිරි ගව­යන් ඕනෑ තරම් සිටි­නවා. තණ­කොළ ඕනෑ තරම් වගා කරන්න පුළු­වන්. කර්මාන්ත කරන්න පිරිස් ඉන්නවා. නමුත් මේ අයට අවශ්‍ය දිරි­දීම් පම­ණයි නිසි ලෙස නොලැබී තිබෙන්නේ. අපි ඒ තත්ත්ව­යෙන් මිදෙන්න ඕනෑ. කිරි පම­ණක් නොවේ ටින් මාළු­ව­ලින්, කර­වල, කුළු බඩු, අල, ලූනු, ඇපල්, දොඩම්, මිදි මේ රටේ සෑම බිම් අඟ­ල­කම වවන්න පුළු­වන් සෑම දෙයක්ම වවා ආහාර ස්වයං­පෝ­ෂිත බව ඇති කර­ගත යුතුයි.

රජය ගත වූ කෙටි කාලය තුළ පිට­ර­ටින් කුළු­බඩු, තේ, සරුං­ගල්, හඳු­න්කූරු වැනි දේ ගෙන්වීම තහ­නම් කළා. දේශීය කෘෂි­ක­ර්මා­න්තය, දේශීය කර්මාන්ත ඉහළ නැංවී­මට බල­පාන බදු සංශෝ­ධන කළා. එය ඔබ දකින්නේ කොහො­මද?

ඉතාම සාධ­නීය පිය­වර ලෙස මම එය දකි­නවා. රටේ ආර්ථි­කය සාමා­ජීය ප්‍රති­සං‍වි­ධා­න­යක් සිදු විය යුතු­මයි. අපේ රටේ තේ, පොල්, රබර්, කරා­බු­නැටි, කොකෝවා, පුවක්, සිය­ඹලා, ගම්මි­රිස් වැනි සියලු දේ වැවෙ­නවා. නමුත් ඒවා පිට­ර­ටින් ගෙන­විත් පරි­භෝ­ජ­න­යට සම­හර කණ්ඩා­යම් ජාති­යට ‍හුරු කර තිබෙ­නවා. ඊට හේතුව යම් යම් ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ ගෙන්වීමේ කොමිස් මුදල් කඩා­ගැ­නී­මට ඉඩ­ලැ­බී­මයි. එවැනි නොහො­බිනා ලාභ ලැබීම් ගැන විශ්වා­සය නොතබා තම­න්ගේම දෙයක් වවා­ගෙන ජාතිය ස්වයං­පෝ­ෂිත කිරී­මට දැන්වත් සියලු දෙනා පිය­වර ගත යුතුයි.

රටට අත්‍ය­වශ්‍ය ආහාර ‍ද්‍රව්‍ය පිට­ර­ටින් ගෙන්වීම නතර කිරීම වැද­ගත්. ඒ වගේම කළ යුතු ‍අනෙක් දේ කුමක්ද?

කන්ද උඩ­රට තේ කර්මා­න්තයේ නියැ­ළෙන කාන්තා­වගේ ශ්‍රම­යට ලැබෙන සොච්චම් වැටු­පක් වුවත් තේ අප­න­ය­න­යෙන් යම් ආදා­ය­මක් රටට ලැබෙ­නවා. ඒ වගේම පිට­රට රැකියා සඳහා අපේ කාන්තා­වන් පිටත් කර විදේශ විනි­මය ආදා­ය­මක් ලැබෙ­නවා. මේ කාන්තා­වන් අනේක විධ දුක් කම්ක­ටොලු විඳින බවට මාධ්‍ය මඟින් වාර්තා වන අවස්ථා තිබෙ­නවා. අපි කාන්තා­වන්ගේ ශ්‍රම­යෙන් උප­යන ආදා­ය­මෙන් ජීවත් වන මිනි­සුන් පිරි­සක් සිටින රටක් නොවිය යුතුයි.

දුප්ප­ත්කම, විරැ­කි­යාව දුරු කිරී­මට තරුණ පිරි­සගේ දාය­ක­ත්වය අනි­වා­ර්ය­යෙන්ම ලබා­ගත යුතුයි නේද?

ඔව් එහි දෙකක් නැහැ. අනි­වා­ර්ය­යෙන්ම තරුණ ශ්‍රමය රටේ සංව­ර්ධ­න­යට දායක කර­ගත යුතුයි. දැන් බලන්න අපේ රටේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් බිහි වන තරුණ උපා­ධි­ධා­රීන් රැකියා ඉල්ලා මහ­මඟ උද්ඝෝ­ෂණ කර­නවා. පිකට් කර­නවා. ඒ අයට පොලී­සිය ජල ප්‍රහාර බැටන් ප්‍රහාර දෙනවා. ඒක දුක හිතෙන කතා­වක්. අපි මේ අයට දිය යුත්තේ බැටන් ප්‍රහාර නොවේ. ව්‍යව­සා­ය­ක­ත්ව­යක් ගොඩ­න­ඟා­ගෙන ඉදි­රි­යට ඒමට බල­ගැ­න්වී­මයි. ඒ සඳහා අවශ්‍ය ආක­ල්ප­මය වෙන­සක් විශ්ව­වි­ද්‍යාල භූමි­යෙන්ම ආරම්භ කළ යුතුයි. සෑම උපා­ධි­ධා­රි­යෙ­කු­ටම ව්‍යව­සා­ය­ක­යෙකු වෙන්න පුළු­ව­න්ක­මක් නැතිව ඇති. නමුත් නවෝ­ත්පා­ද­නය, වෙනස්ව හිතන පිරි­සක් ලෙස තෝරා­ගත් කොට­ස­කට හෝ අලු­තෙන් යමක් නිර්මා­ණය කොට එය වාණිජ ව‍ශයෙන් වැඩි­දි­යුණු කොට පෙරට ඒමට ඉඩ­කඩ සලසා දිය යුතුයි. විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් බිහි වන ව්‍යව­සා­ය­ක­යන් ඉදි­රි­යේදී අපේ රටේ නව රැකියා අවස්ථා තමන් යටතේ වෙනත් අයට ලබා­දෙන පිරිස් බවට පත් කළ යුතුයි.

මම එක උදා­හ­ර­ණ­යක් කිය­න්නම්. මීට වසර ගණ­නා­ව­කට පෙර පැල­වත්ත අපේ කිරි කර්මා­න්තා­ය­ත­න­යට කිරි ගෙන­විත් දීමට එක් උපා­ධි­ධා­රි­යෙක් ඉදි­රි­පත් වුණා. එදා ඔහුට තිබුණේ කිරි ගෙන­ඒ­මට භාජන දෙක තුනක් පම­ණයි. නමුත් ඔහු උත්සා­හ­යෙන් වැඩේ කළා. අද වන විට දියර කිරි ගෙන එන බවු­සර් පවා ඔහුට තිබෙ­නවා. මාස­ය­කට මිලි­යන ගණ­නක ආදා­ය­මක් ලබ­නවා. එසේ වූයේ ඔහු දිරි­මත්ව ක්‍රියා කළ නිසා. ඒ වගේම අප වටා­පි­ටාවේ තිබෙන සම්පත් ප්‍රයෝ­ජ­න­යට ගෙන අලු­තින් යමක් නිර්මා­ණය කිරී­මට නිෂ්පා­ද­නය කිරී­මට ව්‍යව­සා­ය­ක­යන් සිතිය යුතුයි.

පිට­ර­ටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වී­මට වස­ර­කට වැය කරන මිලි­යන 700ක් 800ක් මෙරට නතර කර­ගැ­නී­මට කට­යුතු කළොත් දැනට අමෙ­රිකා එක්සත් ජන­ප­දය ‍ඩොලර­යට ගෙවන රු. 180 - 183 තරම් වන අනු­පා­තය අඩු කර­ගත හැකියි නේද?

අනි­වා­ර්ය­යෙන්ම ඔව්. 1977 අපි ඩොල­ර­ය­කට ගෙව්වේ රුපි­යල් 4යි. අද ඩොල­රය 180ටත් වඩා වැඩි වී තිබෙ­නවා. මේ නිසා අපේ ‍රටේ ණය බර විශාල වශ­යෙන් වැඩි වී තිබෙ­නවා. එප­ම­ණක් නොවෙයි අපි මිලදී ගන්නා සෑම විදේ­ශීය භාණ්ඩ­ය­ක­ටම ගෙවිය යුතු මුදල් ප්‍රමා­ණය වැඩි වී තිබෙ­නවා. අපි මේ නිසා දැඩි ආර්ථික අර්බු­ද­ය­කට විදේශ විනි­මය හිඟ­ය­කට මුහුණ දී තිබෙ­නවා. එයින් මිදී­මට නම් අපි වහාම ඩොල­ර­යට ගෙවන රුපි­යල් ප්‍රමා­ණය අඩු කර ගත යුතුයි. එය අපට කළ හැකියි. එය කළ හැක්කේ හැකි තරම් අපි ඩොල­ර්ව­ලින් කරන ගනු­දෙනු අඩු කොට අපේ රටේ අපේ දේ නිෂ්පා­ද­නය කොට ඒවා පරි­භෝ­ජ­නය කොට ජාතිය පණ ගැන්වී­මෙන් පම­ණයි.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ


 

Comments