සාග් ක්‍රී­ඩක­යන් ලෙඩ ඇඳට තල්ලු කළ ඩෙංගු ගැන දැන් කියන කතා | සිළුමිණ

සාග් ක්‍රී­ඩක­යන් ලෙඩ ඇඳට තල්ලු කළ ඩෙංගු ගැන දැන් කියන කතා

ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවතී සිටි  සුගතදාස හෝටල් පරිශ්‍රය
ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවතී සිටි සුගතදාස හෝටල් පරිශ්‍රය

 

 

13 වැනිකුණු ආසි­යානු ක්‍රීඩා උලෙ­ළට සහ­භාගි විමට නේපා­ලයේ කත්මණ්ඩු නුවර බලා ගිය මලල ක්‍රීඩා කණ්ඩා­යම නියෝ­ජ­නය කළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 14 දෙනෙ­කුට ඩෙංගු උණ වැල­ඳුණු කතාව පසු­ගිය සතියේ උණු­සුම් කතා­බ­හක් මැවීය.

 

මෙම ඩෙංගු රෝග­යට ගොදුරු වූ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් අතු­රින් 12 දෙනෙක්ම ක්‍රීඩා උලෙ­ළට සහ­භා­ගි­වී­මට ප්‍රථම සුග­ත­දාස ක්‍රීඩා සංකී­ර්ණයේ හෝටල් පරි­ශ්‍රයේ නේවා­සි­කව රැඳී සිට තිබේ. ඒ නිසා එහිදී ඔවු­නට ඩෙංගු රෝගය වැල­දෙ­න්නට ඇති බවට වෛද්‍ය අංශ මේ වන විට සැක පහළ කරයි.

කෙසේ නමුත් මෙරට නියෝ­ජ­නය කර­මින් යන එම ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ගැන මීට වඩා සැල­කි­ලි­මත් නොවූයේ මන්ද යන්න රටේ කාගෙත් කතා­බ­හට ලක් ව තිබේ. වග­කි­ව­යුතු පාර්ශ්ව එකි­නෙකා කෙරෙහි ඇඟිලි දිගු කර ගනි­මින් චෝදනා කළ ද ඔවුන්ට මේ ගැට­ලුව හමුවේ නිද­හස් වීම අප­හ­සුය. ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් නවා­තැන් ගෙන සිටි සුග­ත­දාස ක්‍රීඩාං­ගණ පරි­ශ්‍රයේ ඩෙංගු පැතිර ඇතැයි යන්න අනා­ව­ර­ණය වීමත් සමඟ මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් අධ්‍යා­පන, ක්‍රීඩා හා තරුණ කට­යුතු ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා පවසා සිටියේ, රටට ක්‍රීඩා­වෙන් කීර්තිය ගෙන එන්නට වෙහෙ­සුන මේ දරු­වන්ට අත් වූ අමි­හිරි සිදු වීම ගැන තමා ඉතා කණ­ගා­ටු­වට පත්වන බවයි.

“බොහොම කාලෙ­කට පස්සේ අපේ රටේ ක්‍රීඩාවේ රන් අස්වනු ලබා­දෙ­මින්, රන් පද­ක්කම් 36 ක් ශ්‍රී ලංකා­වට ලබා­දෙ­න්නට දකුණු ආසි­යානු ක්‍රීඩා තර­ඟා­ව­ලියට සහ­භාගී වූ අපේ දරු­වන්ට හැකිව තිබෙ­නවා. එහෙත් තර­ගා­ව­ලි­යට එක් වූ අය, උණ රෝගය වැල­දීම නිසා මාන­සි­කව පසු බෑමට ලක් වූ අය මෙන් ම උණ රෝගය වැල­දී­මෙන් තර­ගව­ලට සහ­භා­ගී­වී­මට නොහැකි වූ දරුවෝ මේ අය අතර ඉන්නවා. මම මේ රටේ ක්‍රීඩා අමා­ත්‍ය­ව­රයා හැටි­යට මේ සම්බ­න්ධ­යෙන් දරු­ව­න්ගෙන් සමාව ඉල්ල­නවා. මම මේ දරු­වන්ගේ දෙම­වු­පි­ය­න්ටත් කතා කළා. මේ අය­ගෙන් වැඩි පිරි­සක් ගම්වල ඉතාම අහිං­සක දරුවො. මේ වගේ දරු­වන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා“

 

සභා­ප­ති­ව­රු පස් දෙනෙක්

 

සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණය හා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් තාව­කා­ලික ව නවා­තැන් ගන්නා එහි හෝටල් පරි­ශ්‍රය මේ අයු­රින් කිසි­වෙ­කුගේ අව­ධා­න­යට යොමු නොවී ඇත්තේ, පසු­ගිය වසර පහ තුළ සභා­ප­ති­ව­රුන් පස් දෙනෙක්, ක්‍රියා­කාරී අධ්‍ය­ක්ෂ­ව­රුන් තිදෙ­නෙක්, සහ ඇම­ති­ව­රුන් සිව් දෙනෙක් යටතේ විවිධ තීන්දු ගනි­මින් ඉතා පිරි­හුණු දේශ­පා­ල­න­යක් මේ තුළ ක්‍රියා­ත්මක ව පැවැති ඇති නිසා බව ද අමා­ත්‍ය­ව­රයා තව­දු­ර­ටත් අව­ධා­ර­ණය කළේය.

සුග­ත­දාස හෝටල් පරි­ශ්‍රය සහ ක්‍රීඩාං­ගණ පරි­ශ්‍රය ඉතා අපි­රි­සිදු කැළි­ක­සළ බහුල පරි­ශ්‍ර­යක් බවත්, මේ වන විට අදාළ හෝටල් පරි­ශ්‍රය තුළ මදුරු කීට­යන් බහු­ලව ගැව­සෙන බවත් කොළඹ නගර සභාවේ වෛද්‍ය නිල­ධාරී කණ්ඩා­යම සහ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රීන් විසින් තහ­වුරු කර ගෙන ඇති බව ඇම­ති­ව­රයා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේ­ද­නයේ දැක්වේ. රටේ වැද­ගත්ම ස්ථාන අතු­රින් එකක් වන සුග­ත­දාස ගෘහස්ත ක්‍රීඩාං­ග­ණ­යට මෙවන් කල දශා­වක් උදා­වූයේ කෙසේද? මේ නැගෙන චෝදනා ඇත්තක් ද? මේ පිළි­බඳ අප විමසා සිටියේ සුග­ත­දාස ක්‍රීඩා පරි­ශ්‍රයේ අධ්‍ය­ක්ෂක සනත් ගුණ­ව­ර්ධන මහතා ගෙනුයි.

 

අපි ධුමා­ය­නය කර­නවා

 

“මේ ආය­ත­නය අවට ප්‍රදේ­ශයේ දැනට කාල­යක පටන්ම ඩෙංගු මදුරු උව­දුර පැතිර තිබෙ­නවා. ඒ නිසා අපිත් නිත­රම මේ ආය­තන පරි­ශ්‍රයේ ඩෙංගු උව­දුර මර්ද­නය කිරීම සඳහා ආය­ත­න­යක් ලෙස ගත හැකි සිය­ලුම පිළි­වෙත් අනු­ග­ම­නය කළා සහ මේ වන විටත් කර­මින් පව­ති­නවා. මෙත­නට නිත­රම රටේ නාය­ක­යන් යන එන ස්ථාන­යක්. නිත­රම අපි මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­වරු සමඟ මේ මදුරු උව­දුර තුරන් කිරීම සඳහා කට­යුතු කර­නවා. විශේ­ෂ­යෙන් දුර­ක­තන ඔස්සේ ඔවුන් දැනු­වත් කර සති දෙක­කට වරක් මේ පරි­ශ්‍රය ධූමා­ය­න­යට ලක් කිරී­මත්, සුද්ධ පවිත්‍ර කිරී­මත් සිදු කර­නවා. පරී­ශ්‍රය තුළ උත්සව පව­තින අව­ස්ථා­ව­ලට පෙර දින ධූමා­යන කට­යුතු සිදු කර­නවා. ඒ විත­රක් නෙවෙයි ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යෙන් පවා ඇවිත් පරී­ක්ෂා­වට ලක් කෙරෙ­නවා. තව දෙයක් තමයි කාල­යක සිටම සුග­ත­දාස ක්‍රීඩාං­ගණ පරි­ශ්‍ර­යට යාබ­දව විශාල වශ­යෙන් පව­තින්නේ ටයර් කඩ. ඒ වගේම අවට ගෙවල් ටයර් නිදැල්ලෙ දාලා . මේවායේ වතුර පිරී තිබෙ­නවා. ඒ නිසා මදු­රුවො ඇති වීමේ අව­දා­න­මක් තිබෙ­නවා. ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් නේවා­සි­කව සිටි සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ හෝටල් පරි­ශ්‍ර­යට අල්ලපු වැටේ තිබෙන්නේ මේ කියපු ටයර් කඩ. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ නිරී­ක්ෂ­ණයේ දී හෝටල් පරී­ශ්‍රය තුළ ඩෙංගු මදු­රු­වන් හමු­වුණේ නැහැ. අපිට තියෙන ගැට­ලුව තමයි මේ ටයර් ඔස්සේ ඩෙංගු මදු­රු­වන් බෝ වුණාද කියන දෙය.

 

විශාල ඇළක්

 

ඒ වගේම අපේ අය­ත­නයේ මෑතක සිට අලු­ත්වැ­ඩියා කට­යුතු කිහි­ප­යක්ම සිදු කර­නවා. මේ නවී­ක­රණ සිදු වෙන කොට ඒවා­යෙන් ඉව­ත­ලන යකඩ ප්ලාස්ටික් ෆයි­බර්, තහඩු අපි වහ­ල­යක් යට දමා තිබුණා. ඒත් වැස්ස නිසා දෙප­සින් ජලය වැටෙන්න පුළු­වන්. මේවා අපිට ක්ෂණි­කව ඉවත් කරන්න බැහැ. ඒ සඳහා මාස දෙකක වගේ කාල­යක් ගත වෙනවා. මේවා ආය­තන පරි­ශ්‍රයේ ගොඩ­ගැසී තිබුණා. විශාල වශ­යෙන් යකඩ තිබෙන නිසා ඒවා රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­යට අනුව ඉවත් කළ යුතුයි. රජයේ තක්සේරු දෙපා­ර්ත­මේ­න්තුවේ තක්සේරු වාර්තා ලබා­ගෙන කළ යුතුයි. එය ලබා ගැනීම සඳහා ලිපි යොමු කර තිබෙන්නේ. එතැන තමයි ජලය ‍රැදී තිබී ඇත්තේ. සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රීන්ගේ නිරි­ක්ෂ­ණ­යට අනුව එතැන මදුරු කීට­යන් සිටිය බවයි පැව­සෙන්නේ. මාධ්‍ය වලින් පෙන්නුවේ ඒ තුළ සිටි­යයි කිය­ලයි. නැතුව අපි දක්කේ නැහැ. ඒ අබලි ද්‍රව්‍ය ගොඩ මේ වන විට ඉවත් කරලා. ඒ ඇරෙන්න ආය­තන පරි­ශ්‍රයේ වෙනත් කිසිදු තැනක මදුරු කීට­යන් හමු වුණේ නැහැ.

ඒ වගේම සුග­ත­දාස පරි­ශ්‍ර­රයේ මැදින් ගෘහස්ථ සහ එළි­ම­හන් ක්‍රීඩාං­ග­ණය මැදින් විශාල ඇළක් ගලා­ගෙන යනවා. මර­දා­නෙන් ආරම්භ වන එය ආය­තන පරි­ශ්‍රය මැදින් ගොස් බ්ලූමැ­න්ඩ­ල්ව­ලින් එළි­යට එනවා. ඒ ඇළ සුද්ධ කරන්න ක්‍රම­වේ­ද­යක් නැහැ. ඒ අපිට අයත් ඇළක් නෙවෙයි. කුණු රොඩු එකතු වෙලා වැස්සට වතුර පිටාර ගැලී­මක් සිදු වෙනවා. ඒ ජලය බැසී­මට දින කිහි­ප­යක් යනවා. බෝතල් පිරුණු ඒ ජරාව පිරුණු ඇළ මාර්ගය පිරි­සිදු කරන්න අපිත් තර­ම­කට දායක වෙනවා. ඇම­ති­තු­මාගේ නිරී­ක්ෂණ චාරි­කා­වේදී අපි ඇම­ති­තු­මාව දැනු­වත් කළා. මෙය නිර­තුරු අපි සුද්ධ කළත් එය සාර්ථක අව­සන් විස­ඳු­මක් නොවෙයි කියන එක අපි පෙන්වා දුන්නා. ඇම­ති­තුමා එතැ­නදී නග­රික කොම­සා­රි­ස්තු­මාට කතා කරලා ඇළ පිරි­සිදු කිරීමේ කට­යුතු අර­ඹන්න උප­දෙස් දුන්නා.

 

තව­මත් ඉදි­කි­රීම් කර­නවා

 

ඒ වගේම සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ ඇති හෝටල් පරි­ශ්‍රය ගැන කතා කළොත් එය තව­මත් තිබෙන්නේ ඉදි කිරීම් කට­යුතු සිදු කරන ගමන්. එහි ක්‍රීඩ­ක­යන් 150 කට පමණ නව­තැන් පහ­සු­කම් ලබා­ගත හැකි කමාර 42 කින් යුතු පරි­ශ්‍ර­යක්. දැනට වසර 35කට පමණ පෙර හදපු ගොඩ­නැ­ගි­ල්ලක් නිසා ගොඩක් ජරා ජීර්ණ වී තිබුණ නිසා 2015 සිට නවී­ක­රණ කට­යුතු අදි­යර වශ­යෙන් සිදු කර­නවා. දැන් තමයි සම්පූර්ණ වශ­යෙන් නිම­වෙ­මින් පව­තින්නේ. මේ හෝට­ලයේ වැඩ ඉවර වෙලා නැහැ. ඒ නිසා ක්‍රීඩා සංග­ම්වල, ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ඉල්ලීම මත තමයි දැනට වස­රක පමණ සිට වැඩ අව­සන් නොකළ මේ හෝට­ලයේ කාමර ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට නවා­තැන් පහ­සු­කම් සඳහා ලබා දෙන්නේ. අපි හෝට­ලය ලබා දෙන්නට ප්‍රථම නිතර කිය­නවා මේකෙ වැඩ ඉවර නැහැ අඩු­පා­ඩු­කම් සහිත බව ඇඳ­න්ව­ලට නෙට් එකක් වත් නැහැ කියලා. ඒ නිසා අපිට චෝදනා කරන එක සාධ­රණ නැහැ. ඒ වගේම අපේ ආය­ත­නයේ සේව­ක­යන් නිර­න්ත­ර­යෙන් මෙතන සිටි­නවා. ඔවුන්ට ඩෙංගු හැදුණේ නැහැ. මාස ගණ­නක සිට බීච් බෝල් කණ්ඩා­යම සිටි­නවා. ඔවු­න්ටත් එහෙම ගැට­ලු­වක් වුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය දෙස මධ්‍ය­ස්ථව බැලිය යුතු යයි මම හිත­නවා. “එසේ පැවැ­සූයේ සුග­ත­දාස ක්‍රීඩා පරි­ශ්‍රයේ අධ්‍ය­ක්ෂක සනත් ගුණ­ව­ර්ධන මහ­තාය.

අප සමඟ කතා­බහ කළ සුග­ත­දාස ක්‍රීඩාං­ග­නයේ නිල­ධා­රි­යෙක් ප්‍රකාශ කර සිටියේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් කිහප දෙනෙක් මේ ගැට­ළුව නිරා කර දෙන්නට නම් අල්ල­සක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි. මේ වන විට එය අල්ලස් කොමි­ස­මට පැමි­ණිලි කර ඇති බවත් ඔහු අප සමඟ පවසා සිටි­යේය.

 

වග­කීම කා අතේද කියා පැහැ­දි­ලියි

 

මේ පිළි­බ­ඳව සිළු­මි­ණට අද­හස් දක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය අධි­කාරී රුවන් විජ­ය­මුණි මහතා පව­සනේ අන්ද­මට සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ පාල­නා­ධි­කා­රිය ආය­තන පරී­ශ්‍රයේ අප­ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කර තිබුණා නම් මෙවැනි අවා­ස­නා­වන්ත තත්ත්ව­ය­කට මලල ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට මුහුණ පාන්නට සිදු නොවන බවයි.

‘‘ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණය වගේ ආය­ත­න­වල ක්‍රීඩා­ක­රන දරු­වන් පිට පළා­ත්ව­ලින් ඇවිල්ලා නතර වෙලා ඉන්න නිසාත් රාජ්‍ය නාය­ක­යන්ගේ වැඩ­ස­ට­හන් නිතර පැවැ­ත්වෙන ස්ථාන­යක් නිසාත් පරී­ක්ෂණ කට­යුතු නිතර සිදු වෙනවා. ඒ වෙනු­වෙන් ප්‍රදේ­ශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිල­ධා­රී­ව­ර­යාට මම ස්ථාවර නියෝග නිකුත් කර තිබෙ­නවා. මෙම ආය­තන පරී­ශ්‍රය පරීක්ෂා කරලා ඔක්තෝ­ම්බර් මාසෙ තිස්වෙනි දා ඒ අයට දැනුම් දුන්නා ආය­තන පරී­ශ්‍රයේ තිබෙන අබිලි ද්‍රව්‍ය එළි­ම­හනේ ගොඩ­ගාසා තබන්න එපා කියා. ඒවා වාහාම පිරි­සුදු කරන්න අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්න කියලා. ධූමා­ය­න­යෙන් පම­ණක් මෙය නව­ත්වන්න බැහැ කියලා. මදුරු මර්දන ආඥා­ප­නත යටතේ නීති­මය මඟින් පිය­වර ගන්න බවත් දන්වල තිබෙ­නවා. නමුත් ඒ අය හරි හැටි ඒ දේවල් ඉවත් කරන්න කට­යුතු කරලා නැහැ. එහෙම තියෙද්දී අපි දකි­නවා ඩෙංගු හැඳුණු දරු­වන් නොවැ­ම්බර් 25 සිට මෙහි නැවතී ඉදලා 28 තමයි කත්මණ්ඩු බලා පිටත්ව ගිහින් තිබෙන්නේ. ඔවුන් දවස් කීප­යක් මේ හෝට­ලයේ නවා­තැන් ගෙන තිබෙ­නවා. අපි හෝටල් පරී­ශ්‍රය පරීක්ෂා කිරීමේ දී එහි කොහෙ­වත් මදු­රු­වන් බෝවෙන ස්ථාන­වත් මදු­රු­ව­න්වත් අපිට දැක ගන්නට පුළු­වන් වුණේ නැහැ. ඒ අපි දිගින් දිග­ටම කළ ධූමා­යන කට­යුතු නිසා වෙන්න පුළු­වන්. නමුත් අපි මෙය වාර්තා වෙලත් එළි­ම­හනේ තිබෙන අබි­ලි­ද්‍රව්‍ය ඉවත් කරන්න කිව්වත් එයට කිසිම ක්‍රියා­මා­ර්ග­යක් ගත්තේ නැති නිසා නැවත වරක් අපි ඒ පරී­ශ්‍රය පරීක්ෂා කිරීමේ දී ඒ වෙන කොටත් මදු­රු­වන් බෝවන ස්ථාන දහ­ය­කට වැඩි­යෙන් අපිට ඒ තුළ දැක ගන්නට ලැබුණා.මෙය ඉතාම බර­ප­ත­පල තත්ත­ව­යක්. අනෙක මෙහි කුණු ඇළක් ගලා යනවා. නමුත් ඒ කුණු ඇළ අපි පරී­ක්ෂා­වට ලක් කළා. එහි ප්ලාස්ටික් බෝතල් කුණු තිබු­ණත් ඒ වතුරේ ඩෙංගු මදු­රුවො බෝ වෙන්නේ නැහැ. ටයර් කඩ අවට තිබෙන බවට චෝදනා කළත් රටේම ටයර් බැහැර කිරීම පිළි­බඳ ගැට­ලු­වක් තිබෙ­නවා. නමුත් ඒ ස්ථාන­ව­ලට දින හත­කට වරක් ඒම්. ඹ්. එච්. එකෙන් නිතර ධූමා­යන කට­යුතු සිදු­ක­ර­නවා. මදු­රුවො එතැන බෝවුණා නම් ඔච්චර දුර ඉඳල මදු­රුවො ඇවිත් විදියි කියලා හිතන්න බැහැ. ඔවුන් මේ හදන්නේ ඔවුන්ට එල්ල වන චෝද­නා­වෙන් ගැල වෙන්න යමක් කිය­න්නයි. මම සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ අධ්‍ය­ක්ෂ­ව­ර­යාට සෘජුව චෝදනා කර­නවා ඔහුගේ වග­කීම් පැහැර හැර තිබෙන බවට. ඔහු මෙයට නිසි ක්‍රියා­මාර්ග ගත්තා නම් දරු­වන්ට මෙහෙම වෙන්නේ නැහැ.

 

රටේම ප්‍රශ්න­යක්

 

ප්‍රධාන වශ­යෙන් මම දන්නෙ නැහැ මේ දරු­වන් කොයි පළා­ත්ව­ලින් ආවාද කියලා. ඩෙංගු කියන එක වැඩි­යෙන් වැළ­දෙන්නේ ඩෙංගු රෝග­යට ප්‍රති­ශ­ක්ති­යක් නැති අයට. මේ මදු­රුවා දෂ්ට කරලා කරලා වෛරස් එක ඇඟට ආපු­ව­හම එයට ඔරොත්තු දීමේ හැකි­යා­වක් තිබෙ­නවා. විද්‍යා­ත්ම­කව බලන කොට ආය­තන පරී­ශ්‍රයේ ඉන්න අයට මේ මදු­රුවා කාලා ඒ අයගේ ඇගේ එයට විරු­ද්ධව ප්‍රති­ශ­ක්ති­යක් ඇති­වෙලා තිබෙ­නවා. එත­කොට පිටින් ආපු දරු­වන්ට මේකට ප්‍රති­ශ­ක්ති­යක් නැති වෙන්න පුළු­වන්. අනෙක් එක එතන හිටපු 6 දෙනා­ටයි හැදුණේ.

මේ වෙන කොට 90000 ක් මුළු රටෙන්ම ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. බස්නා­හිර පළාතේ 36843ක් කොළඹ දිස්ත්‍රි­ක්කයේ 16,043ක් කොළඔ නග­රයේ 3616 ක් වාර්තා වෙනවා. මෙය සැප්තැ­ම්බර් මාසයේ අඩු­වෙලා එක­පා­ර­ටම ඔක්තෝ­ම්බර්- නොවැ­ම්බර් වෙන­කොට ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම විශාල ලෙස වැඩි­වී­මක් තිබෙ­නවා. සැප්තැ­ම්බර් සිට නොවැ­ම්බර් වෙන­කොට එය දෙගු­ණ­යක් වී තිබෙ­නවා. 7000 සට14,900ක් වෙලා තියෙ­නවා. එක මාසෙට. ඒ වැඩි­වීම ම බස්නා­හිර පළා­තේත් කොළඹ දිස්ත්‍රි­ක්කයේ. ජූනි සිට එක­දි­ගට වහි­නවා. වැස්ස ගමන් මෙය වැඩි­වෙ­නවා.“

 

දැන් සුවයි

 

ඩෙංගු උව­දු­රට ගොදුරු වූ දරු­වන්ගේ සෞඛ්‍ය තත්වය පිළි­බඳ අප විමසා සිටියේ කණ්ඩා­යම භාර වෛද්‍ය නිල­ධාරී ලාල් ඒක­නා­යක මහ­තා­ගෙනි.

“ලංකා­වෙන් ගිය හත් දෙනෙ­කුට ඩෙංගු හැඳුණා. යන්න කලින් ලංකා­වෙ­දිත් හත් දෙනෙ­කුට ඩෙංගු හැඳුණා. මේ වන විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහ­පත් අතට හැරී තිබෙ­නවා. එයින් හය දෙනෙක් ලංකා­වට ආවා. නේපා­ලයේ එක් දරු­වෙක් පම­ණක් දැනට ප්‍රති­කාර ලබ­මින් සිටි­නවා. මේ වෙකොට ඔහුගේ ප්ලේට්ලට් ප්‍රමා­ණය ඉහළ නැග තිබෙ­නවා. එනිසා හෙට අනිද්දා වන විට ලංකා­වට එන්න පුළු­වන් වේවි. මේ දරු­වන්ට ඩෙංගු උණ බව තහ­වුරු කර ගත් විගස අපි රෝහල් ගත කර ප්‍රති­කාර ලබා දෙන්න කට­යුතු කළා. නමුත් අපේ රටේ ඩෙංගු වලට ප්‍රති­කාර කරන විදි­හට නෙමෙයි නේපා­ලයේ ප්‍රති­කාර කරන්නේ. එනිසා අපේ රටේ ඩෙංගු පිළි­බඳ විෂේ­ශඥ වෛද්‍ය­ව­ර­යෙක් වන ආනන්ද විජේ­වි­ක්‍ර­ම­ය­න්ගෙන් උප­දෙස් ගෙන ඒ විදි­හට ප්‍රති­කාර කළා.“

මේ දරු­වන්ට මුහුණ පෑමට සිදු වු අවා­ස­නා­වන්ත සිදු­වීම පිළි­බඳ අප විමසූ අව­ස්ථාවේ කණ්ඩා­යමේ කළ­ම­නා­කරු මේජර් ජන­රාල් මහින්ද මුද­ලිගේ මහෙතා අප සමඟ පවසා සිටියේ මෙවැ­න්නකි. “මෙවැනි තත්ව­යක් ඇති­වෙයි කියලා අපි හිතුවේ නැහැ. වෙන­ද­ටත් සුග­ත­දාස හෝටල් පරී­ශ්‍රයේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් නවා­තැන් ගන්නවා. විශේ­ෂ­යෙන්ම මේ දරු­වන්ගේ පුහු­ණු­වීම් කට­යුතු සඳ­හාත් ඔවුන් එකට තැබිය යුතු නිසාත් තමයි මෙතැන තෝරා ගත්තේ. ‘‘ යනු­වෙනි.

මේ පිළි­බඳ රෝගී වු දරු­වන්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ මෙම තත්ත්වය ඉතා­මත් අවා­ස­නා­වන්ත සිදු වීමක් බවයි. මේ දරු­වන්ට මීට වඩා පහ­සු­කම් ලබා දිය යුතුව තිබුණු බව ඔවුන්ගේ අද­හ­සයි. එලෙ­සම ඔවුන් පව­සන්නේ යහ­පත් නීරෝගි තත්ත්ව­යෙන් දරු­වන් පසු­වූවා නම් ලංකාවේ පද­කම් මීට වඩා ඉහළ යන්නට තිබූ බවයි.

 

 

Comments