රට වටේ බෙදන වහ වෙච්චි රා | සිළුමිණ

රට වටේ බෙදන වහ වෙච්චි රා

 

 

ජ­යන් මඟින් ජන­තා­වගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බල­මින් විවිධ කාල­ය­න්හිදී මත්පැන් මිල ඉහළ දමනු ලැබූ­වත් හුදෙක් මත්පැන් පාන­යෙහි අඩු­වක් වී නැති බව සංඛ්‍යා­ලේ­ඛන පෙන්වා දෙයි. මෙයට මූලි­කම හේතුව මත්පැන් සඳහා තිබෙන දැඩි ඉල්ලු­මය.

 

මත්පැන් සම්බ­න්ධ­යෙන් කතා කරන විට එය මත් වීම පිණිස පානය කරනු ලබන ඇල්කො­හොල් අඩංගු පාන­යක් වන අතර, ඒ සැම මත්පැන් විශේ­ෂ­ය­කම ඇත්තේ එත­නෝල් මධ්‍ය­සා­රීය ද්‍රාව­ණ­යකි.

කෙසේ නමුත් අප රටේ නිප­ද­වනු ලබන රා ගැන කතා කරන විට තාල වර්ගයේ ගස්වල මල කැපූ කල උනන පැණි රස ද්‍රාව­ණය පැසී­මට සහ ආස­ව­න­යට භාජ­නය කොට එත­නෝල් නිප­ද­වා­ගැ­නීම සිදු වේ. එය වසර 16,000ක් තරම් පැරණි අතී­තයේ සිට පැවත එන සිරි­තක් බැව් සඳ­හන් වේ. මෙවන් පසු­බි­මක අද වන විටත් රා කෙරෙහි ඇති ඉල්ලුම ඉහළ අග­යක් ගනී. එය ලංකාවේ ග්‍රාමීය මෙන්ම කම්කරු ජන­තාව වැඩි­පුර වෙසෙන ප්‍රදේ­ශ­ව­ලද බහු­ලව දක්නට ලැබෙන මත්කා­ර­ක­යක් බවට පත්ව තිබේ.

මත්පැන් විශේ­ෂ­යක් වශ­යෙන් රාව­ලට ඇති ඉල්ලුම මෙන්ම එය වෙනත් නිෂ්පා­දන සඳහා අමු­ද්‍ර­ව්‍ය­යක් ලෙස යොදා­ගන්නා නිසාත් මේ වන විට ස්වාභා­වි­කව පොල් මලින් පෙරා­ගන්නා රා නිෂ්පා­ද­නය ඉල්ලු­මට සරි­ලන සැප­යුම සිදු­කි­රී­මට නොහැකි තත්ත්ව­යක් උදා වී ඇති පසු­බි­මක ස්වාභා­වි­කව පෙරා­ගන්නා රා වෙනු­වට කෘති‍්‍රම රා නිප­ද­වී­මට බොහෝ දෙන පෙලඹී සිටිති. එය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජාවා­ර­මක් දකවා වර්ධ­නය වී තිබේ .

** කෘත්‍රිම රාවල අහි­ත­කර බල­පෑම

කෘත්‍රිම රා නිෂ්පා­ද­න­යට යොදා­ගනු ලබන්නේ ඇමෝ­නියා හා යූරියා ඇතුළු මනුෂ්‍ය ශරී­ර­යට අහි­ත­කර ද්‍රව්‍ය වන අතර, ඉන් සිදු වන බල­පෑම විවි­ධා­කාර විය හැකි බව වෛද්‍ය­වරු පෙන්වා දෙති. ඔවුන් පව­සන අන්ද­මට එය බොහෝ අව­ස්ථා­වල පිළි­කා­කා­ර­ක­යක් ලෙස හැසි­රෙන අතර, වකු­ගඩු සඳ­හාද දැඩි හානි සිදු කරයි; ස්නායු ආබා­ධ­ව­ල­ටද හේතු­කා­රක වේ.

මෙවන් පසු­බි­මක ඇමෝ­නියා හා යූරියා ඇතුළු මනුෂ්‍ය ශරී­ර­යට අහි­ත­කර ද්‍රව්‍ය යොදා­ගෙන සාදනු ලබන කෘත්‍රිම රාව­ලින් නිප­ද­වන මත්පැන් සහ විනා­කිරි තහ­නම් කරන ලෙස ඉල්ල­මින් පාරි­භෝ­ගික අයි­තීන් සුරැ­කීමේ ජාතික ව්‍යාපා­රයේ සභා­පති රංජිත් විතා­නගේ මහතා පසු­ගි­යදා ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට පැමි­ණි­ල්ලක්ද කර තිබේ. මේ සම්බ­න්ධ­යෙන් සාධා­ර­ණ­ය­ක්‌ ­ඉල්ලා පැමි­ණිලි කළ හැකි ආය­තන කිහි­ප­ය­කට පැමි­ණිලි කළත් ඉන් සාධා­ර­ණ­ය­ක්‌ ­ඉටු නොවූ බැවින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත මේ පැමි­ණිල්ල ඉදි­රි­පත් කළ බවද ඔහු පවසා ඇත.

එමෙන්ම පසු­ගිය දින­යක කොළඹ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමින් අද­හස් දැක්වූ පාරි­භෝ­ගික අයි­තීන් සුරැ­කීමේ ජාතික ව්‍යාපා­රයේ සභා­පති රංජිත් විතා­නගේ මහතා කියා සිටියේ කෘත්‍රිම රා උප­යෝගී කර­ගෙන ප්‍රමි­ති­යෙන් තොර අරක්‌කු, විනා­කිරි, මේ රටේ බොහෝ ස්‌ථාන­වල නිෂ්පා­දන කරන බවය. “පසු­ගි­යදා කළු­තර ප්‍රදේ­ශයේ මහා පරි­මා­ණ­යෙන් කෘත්‍රිම රා නිප­ද­වන ස්‌ථාන­ය­ක්‌ ­පො­ලි­ස්‌ ­වි­ශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් විසින් වටලා නීති විරෝ­ධීව නිප­දවා තිබූ කෘත්‍රිම රා ලීටර් 50,000කට වැඩි ප්‍රමා­ණ­ය­ක්‌ ­අ­ත්අ­ඩං­ගු­වට ගෙන තිබුණා. මේ කෘත්‍රිම රා නිප­ද­වී­මට ගෙන තිබුණේ ජලය, යූරියා, ඇමෝ­නියා. ඊට අම­ත­රව ඉවත් කරන ලද ජංගම දුර­ක­තන බැටරි වැනි ද්‍රව්‍ය­යත් යොදා­ගෙන තිබුණා.”

තර්කා­නු­කූ­ලව විම­සී­මේදී දිව­යිනේ රා පරි­භෝ­ජ­නය කරන ජන­ත­වට සරි­ලන රා නිෂ්පා­ද­න­යට අවැසි සුදුසු පොල් ගස් ප්‍රමා­ණ­යක් රට තුළ නැත. පොල් ගස් සංඛ්‍යාව කෙසේ­වත් ප්‍රමා­ණ­වත් නොවන නමුත් රා නිෂ්පා­ද­න­යට ටෙන්ඩර් ලබා­ගන්නෝ කෘත්‍රිම වශ­යෙන් රා නිප­දවා බෙදා­හැ­රීම හා අලෙ­විය සිදු කරති. විශේ­ෂ­යෙන්ම වතු ජන­තාව බහු­ලව වෙසෙන නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ රා නිෂ්පා­ද­නය නොක­රන අතර, ඒ ප්‍රදේ­ශ­යට රා සප­යනු ලබන්නේ පුත්ත­ලමේ හා යාප­නයේ සිටය. යාප­නයේ සිට තල් රාද, පුත්ත­ලමේ සිට පොල් රාද නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්ක­යට ගෙන එනු ලැබේ. මේ ප්‍රදේ­ශ­යන්හි බොහෝ සිටින්නේ වතු කම්මක්රු ජන­තා­වය. ඔවුන්ට අඩු­වට ලබා­ගත හැකි මත්පැන් විශේ­ෂය වන්නේ රාය. එහිදී ඔවුන් කිසි­වි­ටෙක එහි ගුණා­ත්මක භාවය සම්බ­න්ධ­යෙන් තැකී­මක් සිදු නොක­රයි.

මෙහිදී නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ පූඬ­ළු­ඔය ප්‍රද්ශයේ රා තැබෑ­රුම් වාර්ෂික ටෙන්ඩ­රය අලෙවි වන මුදල සැල­කීමේ දී වතු ප්‍රජාව රා පානය සඳහා වැය කරන මුදල පිළි­බඳ යම් තක්සේ­රු­වක් කළ හැකිය.

** රජයේ වග­කීම

අදාළ තැබෑ­රු­මට ලබන වසර සඳහා ටෙන්ඩර් ලබා­දීම සිදු වූයේ පසු­ගිය අගෝ­ස්තු­වේය. සුරා­බදු දෙපා­ර්තු­මේන්තු දත්ත­ව­ලට අනුව ඒ ටෙන්ඩර් වාර­ෂි­කව අලෙවි වූ මිල ගණන් මෙසේය: වර්ෂ 2017දී රු. මිලි­යන 361යි. 2018දී රු. මිලි­යන 466යි. 2019දී රු. මිලි­යන 498යි.

2017දී පම­ණක් සුරා­බදු දෙපා­ර්තු­මේන්තු දත්ත­ව­ලට අනුව නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය තුළ බියර් ලී. 3,246,950ක්ද රා ලී. 3,692,974ක්ද, අරක්කු ලී. 5,091,932ක්ද අලෙවි වී තිබේ. මේ තෝරා­ගත් එක් දිස්ත්‍රි­ක්ක­යක් පමණි. එහෙත් අද වන විට මෙරට සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම පාහේ රා පරි­භෝ­ජ­නය සිදු කරනු ලැබේ. එවන් පසු­බි­මක ඒ ඉල්ලු­මට සරි­ලන රා නිෂ්පා­නය සිදු කරන්නේ කෙසේද යන්න සොයා බලා කඩි­නම් පිය­වර ගැනීම රජයේ වග­කී­මකි. නොඑ­සේව: ජාවා­රා­ම්ක­රු­වන්ගේ මිනිස් ශරී­ර­යට අහි­ත­කර කෘත්‍රිම රා හේතු­වෙන් සිදු වන අහි­ත­කර සෞඛ්‍ය හානි­ව­ලට පිළි­යම් කිරීම සඳහා රජ­යට ඉන් ලබන අදා­ය­මට වඩා විය­ද­මක් දැරී­මට සිදු වනවා මෙන්ම, එම­ඟින් විනාශ වන ජීවිත සම්බ­න්ධ­යෙන් වග­කීම ගැනී­ම­ටද සිදු වීම වැළැ­ක්විය නොහැ­කිය.

Comments