මූල­ධර්මවාදී­න්ගෙන් සියලු ආග­ම්ව­ලට තර්ජන තිබෙ­නවා | Page 2 | සිළුමිණ

මූල­ධර්මවාදී­න්ගෙන් සියලු ආග­ම්ව­ලට තර්ජන තිබෙ­නවා

පේ සිති­විලි, අපේ ක්‍රියා සියල්ල ම අප දකින්නේ ධර්ම­යට අනු­කූ­ල­වයි. ධර්මා­නු­කූ­ලව ගත්ත­හම වටිනා ම ඉල­ක්කය ව‍ශයෙන් පෙන්වා දිය හැක්කේ නිවන් දැකී­මයි. නිවන් දැකීම සඳහා බුදු­ර­ජා­ණන් වහන්සේ අපට කණ්ඩා­යම් දෙකක් පෙන්වා දී තිබෙ­නවා. ඒ භික්ෂු භික්ෂුණී, උපා­සක උපා­සිකා කණ්ඩා­යම් දෙකයි. එත‍කොට මේ භික්ෂු භික්ෂු­ණී­ලාගේ ඉල­ක්කය නිවන් දැකීම වුණාට පසු­කා­ලී­නව ග්‍රාම­වාසී, ආර­ණ්‍ය­වාසී කියන සංක­ල්පය පැමි­ණෙන්නේ මේ සම­ඟයි. ස්වාමීන් වහ­න්සේලා තමන්ගේ විමුක්ති මාර්ගයේ ලබන අත්දැ­කීම් ගිහි ජන­තා­වට ලබා දෙනවා. විශේ­ෂ­යෙන් ම දම්ප­හන් සිව් පසය ලබා දෙන නිසා ඒ අයට කළ ගුණ සැල­කී­මක් වශ­යෙන් මේවා ලබා දෙනවා. මේ ක්‍රියාව තව ටිකක් ඉදි­රි­යට ගෙන ගොස් මිහිඳු හාමු­දු‍රුවෝ දියුණු කළා.

උන්ව­හන්සේ ඒ සඳහා වෙනම ක්‍රම­යක් භාවිත කළා. බුදු­න්ව­හන්සේ ලෝකයේ රට­ව­ලට වැඩම කරලා ප්‍රති­ස්ථා­ප­නය කළ ධර්ම­යට එහා ගිය ක්‍රියා­ව­ලි­යක් මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ සිදු කළා. උන්ව­හන්සේ ශ්‍රී ලංකා­ව­ටත් වැඩම කළා. කෙළින් ම ධර්මය දේශනා කළේ නැහැ. බුදුන් වහන්සේ ධම්ම­චක්ක සූත්‍රය කෙළින්ම දේශනා කළාට මිහිඳු හිමි­යන් ධර්මය ම පම­ණක් නොවෙයි දේශනා කළේ.

විශේ­ෂ­යෙන් ම අපේ පරි­ස­රය තුළ, අපේ සමා­ජය තුළ සියලු ශිල්ප වර්ධ­නය කළා. කෘෂි­ක­ර්මය, ආර­ක්ෂක සංක­ල්පය මේ සියල්ල වර්ධ­නය කළා.

ආර­ක්ෂාව කියන සංක­ල්පය බිහි වෙන්නේ ඈත අතී­තයේ සිට. විශේ­ෂ­යෙන්ම ජය සිරි මහා බෝධින් වහ­න්සේට තමයි මුලින් ම ආර­ක්ෂාව ලබා දෙන්නේ. එකල රජ­ව­රුන්ට යුද හමුදා සිටියා; ඔවුන් යුද්ධ­ව­ලට ගියා. ඒ වගේම වෙනම පිරි­සක් ජය­සිරි මහා බෝධින් වහන්සේ රැකීම සඳහා දිවා රාත්‍රී යෙදෙව්වා.

කෘෂි­ක­ර්මා­න්ත­යට, කලා කට­යු­තු­ව­ලට, නොයෙක් ක්‍රියා සඳහා වෙන වෙනම කණ්ඩා­යම් හිටියා.

දේවා­න­ම්පි­ය­තිස්ස රජ්ජු­රුවෝ අනු­බුදු මිහිඳු හමු­දු­රු­ව­න්ගෙන් අහ­නවා එක් අව­ස්ථා­ව­කදී; නැවෙන් වඩ­ම්ම­වන බුදු­න්ව­හ­න්සේගේ ධාතු කොහො­මද ගෙනි­යන්නේ කියලා. ඒ අව­ස්ථා­වේදී මිහිඳු මහ­ර­හ­තන් වහන්සේ දේශනා කර­නවා; හස්ති රාජ­යකු පිට පෙ‍රහ­රෙන් වැඩ­ම­වන ලෙස. මෙය මහා­වං­ශයේ සඳ­හන් වෙනවා. අන්න ‍ඒ අව­ස්ථා­වේදී තමයි අලි ඇතුන් සම්බන්ධ වෙන්නේ. එහිදී පෙර­හැර සංක­ල්පය බිහි වෙනවා. එය අපගේ සංස්කෘ­තියේ ‍කොටසක් බවට පත් වුණා. මිහිඳු හිමි­යන් මෙරට ස්ථාපිත කළ බුදු දහම සාමාන්‍ය බුදු දහම නොවෙයි; එය ශ්‍රී ලංකි­ක­ක­ර­ණය කළ ශ්‍රී ලාංකික බුදු දහම ලෙස නම් කළ හැකියි.

ශ්‍රී ලාංකීය බුදු දහම තුළ සියලු උපා­සක උපා­සි­කා­වන්ගේ ආර­ක්ෂාව, රැක­ව­ර­ණය, දියු­ණුව මේ සියල්ල ඇති කිරීම අප සතු වග­කී­මක්. අන්න ඒ ක්‍රියා­ව­ලිය දිගට රැගෙන ඒම ශ්‍රී ල‍ාංකික භික්ෂු­වගේ වග­කී­මක්.

මිහිඳු හිමි­යන්ගේ දේශ­නය තුළ ඇත්තේ ධර්මය පම­ණක් නොවෙයි. ඊට එහා ගිය සංක­ල්ප­යක් තිබෙ­නවා. ඒ තුළ ධර්මය රැක­ගැ­නීම පම­ණක් සිදු කිරී­මට එහා ගිය ක්‍රියා­ව­ලි­යක් භික්ෂූන් වහ­න්සේ­ලාට තිබෙ­නවා. රටක ආර­ක්ෂාව, රටේ පැවැත්ම කියන එක භික්ෂුන් වහ­න්සේට නිවන් දැකීම සඳහා අත්‍ය­වශ්‍ය දෙයක්. එය අතී­තයේ සිදු වුණා. ඉති­හාස කතා රැසක එය කියැ­වෙ­නවා.

තමන් තමන්ගේ ජීවිත තුළ සැප සතුට ගොඩ­නගා ගන්න. තමන් ණය වෙලා, දුක් විඳලා නිව­නට යන්න බෑ. අපගේ ක්‍රමය මෙහිදී වැර­දිලා තිබෙ­නවා. අපි අන්න ඒ වැර­දුණු තැන් හදා­ග­න්නට ක්‍රියා කළ යුතුයි. මෙන්න මේ සංක­ල්පය දෙස බලන විට සෝම හාමු­දු­රු­වන් ඉතා ප්‍රසි­ද්ධියේ සිහි­පත් කළා, අපගේ රටට විශාල අභි­යෝ­ග­යක් තිබෙ­නවා කියන එක.

ශ්‍රී වික්‍ර­ම­රා­ජ­සිංහ රජුන් විනාශ කිරී­මට විදේශ කුම­න්ත්‍ර­ණ­යක් තිබුණා. එතැන් සිට වර්ත­මා­නය දක්වා ම මේ බෞද්ධ රාජ්‍යය විනාශ කිරී­මට නොයෙක් බල­වේග ක්‍රියා­ත්මක වෙනවා. මේ බල­වේග වසර 50 ඉලක්ක කර­මින් තමයි නොයෙ­කුත් ක්‍රම වලින් ක්‍රියා­ත්මක වන්නේ. බෞද්ධ දර්ශ­නය විනාශ කිරීම සඳහා නොයෙක් දේවල් ඔවුන් විසින් සිදු කර­නවා. වර්ත­මා­නයේ පෙර­හැර සංක­ල්ප­යට ප්‍රහාර එල්ල කර­මින් පෙර­හැර නැවැ­ත්වීමේ උත්සා­හ­යක් ප්‍රබල ලෙස ක්‍රියා­ත්මක වෙනවා.

උ‍දේ, සවස මේ රටේ ගම් දන­ව්වල නග­ර­වල පිරිත් දේශනා ඇසෙ­නවා. මේ ක්‍රියා­ව­ලිය නව­තා­ලීම සඳහා මූල­ධ­ර්ම­වා­දීන් ඉකුත් කාලය තුළ දැඩි ලෙස ක්‍රියා­ත්මක වුණා.

මේ තත්ත්වය අවු­රුදු දහ­යක් පහ­ළො­වක් දැඩි ලෙස ක්‍රියා­ත්මක වෙන­කොට මහා සංඝයා වහන්සේ ඊට එරෙ­හිව ක්‍රියා­ත්මක වෙමින් ඉදි­රි­පත් වුණා. එහි ප්‍රමු­ඛ­ත්ව­යක් ගෙන ක්‍රියා කළේ සෝම හාමු­දු­රුවෝ. උන්ව­හන්සේ ප්‍රකාශ කළා; මම නිවන් දකින එක පැත්තක තියලා රට බේරා ගැනීම සඳහා ක්‍රියා කර­නවා; රට බේරා ගෙන ඉන් පස්සේ මම නිවන් දකි­නවා කියලා උන් වහන්සේ ප්‍රකාශ කළා. එහි දිගු­වක් හැටි­යට තමයි වර්ත­මාන භික්ෂූන් වහන්සේ ක්‍රියා කරන්නේ.

මීට පෙර වාරි­ය­පොළ හාමු­දු­රු­වන්, සුමං­ගල හාමු­දු­රු­වන් මේ ආකා­ර­ය­ටම ක්‍රියා කළා. වල්පොළ හාමු­දු­රු­වන් වගේ භික්ෂූන් වහ­න්සේගේ නැගි­ටීම ක්‍රම­යෙන් අදත් වුණා. ඒත් ඉන්ප­සුව පක්ෂ දේශ­පා­ල­න­යට භික්ෂුන් වහන්සේ හසු වුණා. භික්ෂුන් වහ­න්සේලා රට වෙනු­වෙන් ක්‍රියා­ත්මක වන ක්‍රියා­ව­ලිය කඩා වැටී තිබුණේ. මේ ක්‍රියා­ව­ලිය ගොඩ­නැ­ගීම සඳහා සෝම හාමු­දු­රු­වන් ඉදි­රි­පත් වුණා. ඒ වෙඩි මුරය ආරම්භ කළේ උන්ව­හන්සේ. උන්ව­හන්සේ දිගින් දිග­ටම දේශනා කළේ මේ රට බේරා ගන්නේ නැතිව අපට කව­දා­වත් නිවන් දකින්න බෑ කියන කාර­ණ­යයි.

අපේ රටේ මවු­පි­යන් ලෙස අප සල­කන; අපේ රටේ ගෞර­ව­යෙන් අප මුල් තැනට ගන්නා පාල­ක­යන් බෞද්ධ සංස්කෘ­තිය විනාශ කරන්න, මෙරට විනාශ කරන්න වැඩ­ක­ට­යුතු ක්‍රියා­ත්මක කරන කොට ස්වාමීන් වහ­න්සේලා වෙච්ච අපට සිදු වුණා; එයට විරු­ද්ධව නැගී සිටි­මින් රට බේරා­ගැ­නීම සඳහා කට­යුතු ක්‍රියා­ත්මක කර­මින් මේ තැනට එන්නට. පක්ෂ දේශ­පා­ල­නය, මඩ ගොහො­රු­වක් වෙච්ච මේ ක්‍රියා­දා­ම­යෙන් රට බේරා ගැනී­මට එම භික්ෂු­ව­න්සේට බැරි වුණ තැන. බණ භාවනා කර­මින් ආර­ණ්‍ය­වල සිටි ස්වාමී­න්සේ­ලාත් ඉන් එළි­යට පැමිණ මේ ක්‍රියා­ව­ලි­යට සම්බන්ධ වුණා. අපේ රටේ ඉති­හා­සය තුළ ආර­ණ්‍ය­වල සිටි භික්ෂුන් වහ­න්සේලා ඉන් එළි­යට පැමි­ණියේ නෑ මෙවැනි ක්‍රියා සඳහා. නමුත් මේ අව­ස්ථාවේ එසේ ක්‍රියා කිරී­මට සිදු වුණා.

මේ ක්‍රියා­ව­ලියේ ප්‍රති­ඵ­ල­යක් ලෙස අද මේ රටට යහ­පත් දේශ­පා­ල­න­යක් උදා කිරීමේ කර්තව්‍ය භික්ෂු­න්ව­හන්සේ විසින් මූලි­ක­ත්වය ගෙන සිදු කර තිබෙ­නවා.

අද රටට හිතැති දේශ­පා­ලන නාය­ක­යන් දෙදෙ­නෙක් බිහි කර තිබෙ­නවා. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සහ අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා. මේ දෙදෙ­නාම බෞද්ධ භික්ෂු­වට මෙන් ම අනෙ­කුත් ආග­ම්ව­ලට ගෞරව කරන නාය­ක­යන් දෙදෙ­නෙක්. ඔවුන් අපට නිද­හසේ බණ භාවනා කර­ගෙන ඉන්නට හැකි වාතා­ව­ර­ණය ගොඩ­න­ඟන බව අපට විශ්වා­සයි.

මේ දෙපළ නිසි ආකා­රව මෙය සිදු කළ­හොත් ස්වාමීන් වහ­න්සේට නැවත දේශ­පා­ල­න­යක් කතා කිරී­මට හෝ ඒ ‍වෙනුවෙන් ක්‍රියා­ත්මක වීමට අවශ්‍ය වන්නේ නෑ. දහම වෙනු­වෙන් ම පම­ණක් ක්‍රියා­ත්මක විය හැකියි. පාඩුවේ පන්සලේ වැඩ කර­මින් සිටිය හැකියි. හැබැයි මේ දෙපළ ඒ කාර්යය නිසි ආකා­රව කරන්නේ නැත්නම් අපිට නැවත දේශ­පා­ල­න­යට අව­තීර්ණ වන්නට සිද්ධ වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ‍. අපි ඒ වෙනු­වෙන් දැඩි කම්ප­න­යට කන­ගා­ටු­වට පත්වේවි. නමුත් අපට ලොකු විශ්වා­ස­යක් තිබෙ­නවා එහෙම වෙන්නේ නැහැ කියන එක‍. මහින්ද රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­තිව සිටි සමයේ මේ රටේ භික්ෂු­වට, බෞද්ධ ශාස­න­යට නිසි තැන ලැබුණා; නිසි ගෞර­වය ලැබුණා. ඒ නිසා වර්ත­මා­නයේ ඒ පිළි­බඳ ව බලා­පො­රොත්තු තබා ගත හැකියි.

මේ රජය පත්වෙලා තවම ඉතා කෙටි කාල­යයි. මේ කෙටි කාලය තුළ රටට බොහොම යහ­පත් තීන්දු තීරණ රැසක් ගත්තා.‍ ඒවා ක්‍රියා­ත්මක වුණා. හැබැයි අප යමක් මතක් කර­න්නට ඕන. පොදු­ජන පෙර­මුණ වෙනු­වෙන් මෙන් ම මේ ජය­ග්‍ර­හණ ක්‍රියා­ව­ලිය වෙනු­වෙන් දර දිය ඇද්ද; ඒ වෙනු­වෙන් අති­ම­හත් කැප කිරීම් සිදු කළ පිරි­සක් සිටි­නවා. ඔවුන් පිළි­බඳ ව සොයා බලා ඔවුන් අස­හ­න­යට පත් නොවෙ­න්නට ද ක්‍රියා කළ යුතුයි. මොකද ඉති­හා­සය පුරා­ව­ටම සිදු වුණේ වැඩ කළ පිරිස පැත්ත­කට විසි වෙලා වෙනත් පිරි­සක් ලාභ ප්‍රයෝ­ජන වෙනු­වෙන් එකතු වීමයි. ඒ කණ්ඩා­යම හරිම ආක්‍ර­ම­ණ­ශී­ලීයි.

සැබෑ ආද­ර­ව­න්ත­යන් කවුද යන්න මෙතු­මන්ලා දෙපළ ප්‍රමුඛ රජය තේරුම් ගත යුතුයි. බලය තිබෙන අව­ස්ථා‍ෙව් ළඟට පැමි­ණිලා ඉතාම සූක්ෂ්ම ආකා­ර­යෙන් ළංවෙන පිරිස වෛර­ක්කා­ර­යන්. මෙන්න මේ දේ තේරුම් ගත යුතුයි කියන එක සිහි­පත් කළ යුතුයි.

රටයි, බුද්ධ ශාස­න­යයි, රාජ­පක්ෂ පවු­ලයි කියන්නේ වර්ත­මා­නයේ එකක්. රටට ප්‍රහාර එල්ල කර­නවා කියන්නේ බුද්ධ­ශා­ස­න­යට ප්‍රහාර එල්ල කිරී­මයි. වර්ත­මාන රජ­යට ප්‍රහාර එල්ල කර­නවා කියන්නේ රටට සහ බුද්ධ ශාස­න­යට ප්‍රහාර එල්ල කිරී­මක් හැටි­යට මා දකි­නවා.මේ නිසා මේ නාය­ක­යන් දෙදෙනා ඉතා පරි­ස්සම් විය යුතුයි.

මූල­ධ­ර්ම­වා­දීන් අද අපේ රටේ ප්‍රධාන ආගම් හත­රට ම විශාල අභි­යෝ­ග­යක්. බෞද්ධ­යන්ට විත­රක් නොවෙයි‍; කතෝ­ලික අයට පම­ණක් නොවෙයි; හින්දු අයට; මුස්ලිම් අයට මේ සියලු ආග­ම්ව­ලට ලොකු අභි­යෝ­ග­යක්. අපේ සහ­ජී­ව­නය මොවුන් නැති කර­නවා‍.

මූල­ධ­ර්ම­වා­දීන් බෞද්ධ­යන්ට පම­ණක් නොවෙයි ප්‍රහාර එල්ල කරන්නේ. නොයෙක් ක්‍රම වලින් නොයෙක් ක්‍රියා­ව­ලින් විවි­ධා­කාර වූ රඟ­පෑ­ම්ව­ලින් මූල­ධ­ර්ම­වා­දීන් සිය­ලුම ආගම් වලට දැඩි ආක්‍ර­ම­ණ­යක් සිදු කර­මින් සිටි­නවා.

සහ­රාන්ලා ප්‍රහාර එල්ල කර­න්නෙත් මෙහි ප්‍රති­ඵ­ල­යක් ලෙස. අග­ර­ද­ගු­රු­තු­මන් මේ පිළි­බඳ ව ප්‍රකාශ කර­නවා; උන්ව­හන්සේ ඉතා ප්‍රසි­ද්ධියේ මේ පිළි­බඳ ව කිය­නවා.

මේ ගැන වර්ත­මාන දේශ­පා­ලන නාය­ක­යන්, රජය දැඩි විම­සි­ල්ල­කින් සිටිය යුතුයි කියලා අප මතක් කර­නවා. එප­ම­ණක් නොවෙයි මේ ආක්‍ර­ම­ණය ඉතා ඉක්ම­ණින් නවත්වා දැමිය යුතුයි. මේ සඳහා ක්‍රියා­ත්මක නොවන්නේ නම් රට දැඩි අර්බු­ද­ය­කට පත්වන බව අප ප්‍රකාශ කර­න්නට කැමැ­තියි.

අද සැබෑ සතුරා වන්නේ මූල­ධ­ර්ම­වා­දීන් කියන එක අපට පෙන්වා දෙන්නට පුළු­වන්. ඔවුන් කණ්ඩා­යම් කිහි­ප­යක් ලෙස සිටින්නේ. ගහන්න ඕන වෙලා­වට ඔවුන් එක­තු­වෙලා සැබෑ ජන නාය­ක­යන්ට, ආග­මික නාය­ක­යන්ට, සංස්කෘ­ති­යට, ඉති­හා­ස­යට ප්‍රහාර එල්ල කර­නවා. යළි යළි සිහි­පත් කරන්නේ වර්ත­මාන දේශ­පා­ලන නාය­ක­යන් මෙය අව­බෝධ කර ගත යුතු නිසයි.

අද මේ රට ආර්ථික සමා­ජීය දේශ­පා­ලන මේ සෑම අංශ­ය­කින් ම කඩා වැටිලා. මේවා ගොඩ නඟන්න අප සියලු දෙනා එකා­වන්ව කට­යුතු කළ යුතුයි.

අපිට තිබෙන්නේ කෘෂි ආර්ථි­ක­යක්. මේ කෘෂි ආර්ථි­කය ගොඩ නඟ­න්නට, නංව­න්නට අපට පුළු­වන්. ‍මම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට යෝජනා කර­න්නට කැමැ­තියි; රටේ කොහේ තැනක එක පර්චස් එකක් හරි වගා නොකර තිබේ නම් එය වහාම රජ­යට පවරා ගන්න. වගා නොකර තිබෙන සියලු ඉඩම් පවරා ගන්න ඕන. ඒවා වගා කරන අයට ලබා­දීමේ ක්‍රම­වේ­ද­යක් සකස් කළ යුතුයි.නීති­යක් දැමිය යුතුයි; සෑම ගෙව­ත්ත­කම ඉඩ­කඩ තිබෙන සෑම ස්ථාන­ය­කම වගා කරන්න ඕන කියන එක.

කුමන රැකි­යාව, කුමන ව්‍යාපා­ර­යක සිදු කරන අය­කුට වුවත් තමන්ගේ ගෙවත්තේ වගා කර­න්නට පැයක් දෙකක් ගත හැකියි කියන එක අප සිහි­පත් කර­න්නට කැමැ­තියි. සම­හර රට­ව­ල්වල ඉඩම් මදි නිසා වගා කිරී­මට ඔවුන් වෙනස් ක්‍රම සොයා ගෙන තිබෙ­නවා.

වනා­න්තර සංර­ක්ෂ­ණය සඳහා අප රට තුළ නීති­යක් තිබෙ­නවා. ඒවා ක්‍රියා­ත්මක වන්නේ නැහැ. අප ඒවා ක්‍රියා­ත්මක කර­න්නැයි රජ­යට අව­ධා­ර­ණය කර­නවා. අද දින­පතා අලි මැරෙ­නවා. අස‍ී­මිත ලෙස කැලෑ කැපීම නිසා වල් අලි ගම් වදි­නවා. මේවාට අප විස­ඳුම් සෙවිය යුතුයි. ඉතා ඉක්ම­නින් ක්‍රියා­ත්මක විය යුතුයි.

දියුණු වන රට­කට දියුණු වෙන්න කැලෑ හෙළි පෙහෙළි කර­න්නට ඕන නැහැ; තිබෙන ඉඩම් ඇති. ලංකා­වට ඉඩම් මදි නම් අප සෑම නග­ර­යක ම තට්ටු නිවාස ක්‍රම­යට යා යුතුයි; ඒ අපගේ පරි­ස­රය රැක ගැනීම සඳ­හායි. අප ඒ වෙනු­වෙන් කැප­කි­රීම් සිදු කළ යුතුයි.

තවත් කරුණු රාශි­යක් අපි මේ රජ­යට සිහි­පත් කිරී­ම­ට‍ ­කැ­මැ­තියි. අද ලෝකයේ ප්‍රබල රට­වල් සියල්ල ම අපේ රටේ සම්පත් ඩැහැ ගැනී­මට බලා­ගෙන සිටි­නවා. ලෝකයේ වෙනත් කිසිදු රටක නොමැති මේ පරි­ස­රය මේ භූමිය ඔවුන්ගේ කර ගන්නට බලා­පො­රාත්තු වෙනවා. නොයෙක් අයු­රින් ක්‍රියා­ත්මක වෙනවා ඒ සඳහා. මේ බැව් අපගේ වර්ත­මාන රජය තේරුම් ගත යුතුයි.

විශේ­ෂ­යෙන් ම මෙරට තානා­පති සේවය මීට වඩා ක්‍රම­වත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ නියෝ­ජි­තයා; ලංකාවේ හඬ තමයි තානා­පති කෙනෙක් කියන්නේ. ඒ නිසා ‍උගත් බුද්ධි­මත් ‍රටට ආද­රය කරන පිරි­සක් මේ රැකි­යා­වට යැවිය යුතුයි.

ඉති­හා­සය පුරා­ව­ටම තානා­පති සේවයේ සිටියේ දේශ­පා­ලන පත්වීම් ‍ලද පිරිස්. ඔවුන් මේ රටේ කීර්තිය වෙනු­වෙන් නොවෙයි ක්‍රියා කළේ. ඔවුන් තමන්ගේ වාසිය වෙනු­වෙන් පම­ණයි ක්‍රියා කළේ. ඒ නිසා තානා­පති සේව­යට යෑමට පෙර ලංකාවේ විශේෂ පුහු­ණු­වක් ලබා­දිය යුතුයි කියන යෝජ­නාව මම සිහි­පත් කර­න්නට කැමැ­තියි.

අද මේ රට අවු­රුදු ගණ­නා­වක් පස්සට ගිහින් තිබෙන්නේ .මේ රට අපි ඉස්ස­ර­හට ගන්නව නම් දේශ­පා­ලන භේද­ය­කින් තොරව එකි­නෙකා අත්වැල් බැද­ගෙන පෙළ ගැසිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහ­පා­ලන රජය විසින් ඉකුත් වසර පහ තුළදී මෙර­ටට දැඩි හානි­යක් සිදු කළා. එහිදී ආර්ථික සමා­ජීය සංස්කෘ­තික වශ­යෙන් මේ රට දැඩි සේ පිරි­හුණා. පුරා­විද්‍යා ස්ථාන විනාශ කළා; වනා­න්තර හෙළි පෙහෙළි කළා. බෞද්ධ භික්ෂූන් අප­වත් වුණාට ආදා­හ­නය කරන්න බැරි වුණා. පන්සල්, බෞද්ධ භූමි වෙනත් පුද්ග­ල­යන්ට අයිති කළා. සිංහල ජාති­යට, ආග­මට එළව එළවා පහර දුන්නා.

නොයෙක් රාජ්‍ය නොවන සංවි­ධා­න­වල අව­ශ්‍ය­තා­වන්ට ඉඩ ලබා දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සෑම ජන කොට්ඨා­ස­ය­කට ම සෑම පැත්ත­කින් ම පහර දෙමින් අන්ත­ර්ජා­තික කුම­න්ත්‍ර­ණ­කා­ර­යන්ගේ ඕනෑ එපා කම් ඉටු කළා.

වැවිලිකරුවා අන්ත අස­රණ කර­මින් පිට­ර­ටින් මේවා ගෙන්වී­මට කතා කළා. මුළු­ම­හත් ලෝක­යක් ම රස විඳින අග­යන සිලොන් ටී නැමැති නාමය; අපේ තේ කර්මා­න්තය; ගොඩ ගැනී­මට අප­හසු තරම් අඩි­ය­කට ඇද දැම්මා.ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වූයේ ශ්‍රී ලාංකි­ක­යන් සහ ශ්‍රී ලංකාව විනාශ කරන, දෙකඩ කරන පිරිස් අතර බව මැති­ව­ර­ණ­යෙන් පෙනී ගියා.

මෙය ඉතා හොඳින් වට­හා­ගත් සැබෑ ශ්‍රී ලාංකි­ක­යන් තමන්ගේ ඡන්ද අයි­තිය මගින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති වශ­යෙන් පත් කළේ මේ රට රැක ගැනී­මට අවශ්‍ය වූ නිසා බව අප සිහි­පත් කර­නවා.උතුරු නැගෙ­න­හිර හැර සෙසු සෑම පළා­ත­කම ජන­තාව සිංහල, මුස්ලිම්, දෙමළ මේ සියලු දෙනා ගෝඨා­භය මහතා සමඟ අත්වැල් බැද­ගත් බව අපට පෙනී යනවා.

දැනට ඔහු මේ රටට කරන සේවය මෙන් ම ගනු ලැබූ යහ­පත් තීරණ නිසා මේ රට සංව­ර්ධ­නය කිරීම මෙන් ම ඉතා සුර­ක්ෂිත රටක් බවට පත් කිරී­මට ඉතා කෙටි කාල­ය­කින් සිදු වනු ඇති බව පෙනී යනවා. ඔහු පිළි­බඳ ව සැබෑ ලෙස පැහැ­දී­ම­කට ලක්වන උතුරු නැගෙ­න­හිර ජන­තාව අන්ත­වාදී දේශ­පා­ලන නාය­ක­යන් ඉව­ත්කර ඔවුන් ප්‍රති­ක්ෂේප කර ගෝඨා­භය මහ­තාට සහය පළ කිරීම ඉතා ඉක්ම­නින් සිදු වන බව අපට පෙනී යන කරු­ණක්.

ජනා­ධි­ප­ති­ව­රයා හැටි­යට ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙන් ම වර්ත­මාන රජයේ අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ රජ­යට අභි­යෝග රැස­කට මුහු­ණ­දී­මට සිදු වී තිබෙ­නවා‍‍. කෝටි ගණ­න­කින් මුදල් විනාශ කර දැමූ යහ­පා­ලන රජය සිදු කළ ආර්ථික විනා­ශය ගොඩ ගැනීම දැඩි පීඩා­කාරී තත්ත්ව­ය­කට පත්ව සිටින රට­වැ­සි­යන්ට ආර්ථික සාමා­ජීය දේශ­පා­ලන ස්ථාවර තත්ත්ව­යක් ඇති කිරීම ඉක්ම­ණින් කළ යුතු කාර­ය­යන්.

මේ රටේ විකුණා දැමූ සම්පත් නැවත මේ රට තුළ ගොඩ­නැ­ගීම‍; නොයෙක් අයු­රින් ක්‍රියා­ත්මක වන විදේශ කුම­න්ත්‍රණ හඳු­නා­ගෙන ඒවා­යෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය රැක ගැනීම ඇතුළු තවත් අභි­යෝග රැසක් ඔවු­නට ජය­ග්‍ර­හ­ණය කිරී­මට තිබෙ­නවා.

විශේ­ෂ­යෙන් ම ආර­ක්ෂාව බිඳ වැටී ඇති සිවිල් සමා­ජයේ ආර­ක්ෂාව ස්ථාපිත කර­මින් මේ රට ඉතා උසස් මට්ටමේ රටක් ලෙසත් දේශීය සංස්කෘ­තිය, ශ්‍රී ලාංකි­ක­ත්වය රැක ගනි­මින් මහ­ජ­න­තා­වට යහ­පත් රටක් ගොඩ­නැ­ගී­මට ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට හැකි බව අප විශ්වාස කර­නවා.


 

Comments