පර­ස්පර කතා­ව­ලින් හරස් වෙන ගානියා පැහැ­ර­ගැ­නීමේ පරී­ක්ෂ­ණය | සිළුමිණ

පර­ස්පර කතා­ව­ලින් හරස් වෙන ගානියා පැහැ­ර­ගැ­නීමේ පරී­ක්ෂ­ණය

 

ලෝකය ඉදි­රියේ අපේ රටට කළු පැල්ල­මක් එක් කළ ස්විට්ස­ර්ලන්ත තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රි­නි­යක වූ ගානියා බැනි­ස්ටර් ෆ්‍රැන්සිස් පැහැර ගැනීම මුළු­ම­නින්ම රංග­න­යක් බව දැන් පැහැ­දි­ලි­වම හෙළිවී හමා­රය. ස්විස් තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රීන් පවා නොමග යව­මින් ඇය පැහැර ගැනීමේ රංග­න­යක නිරත ව ඇත්තේ පොලිස් පරී­ක්ෂක නිශාන්ත ද සිල්වා සිය පවුල පිටින් ස්විට්ස­ර්ල­න්ත­යට පැන­ගත් අයු­රින්ම සැමියා සහ දරු­වන් දෙදෙනා සමග ස්විට්ස­ර්ල­න්ත­යට පැන ගැනීමේ අර­මු­ණින් බවද විම­ර්ශනවලින් හෙළි වී හමා­රය.

 

මෙම පැහැර ගැනීමේ කථාව දිග හැරෙන්නේ ස්විස් තානා­පති කාර්යා­ල­යට ඇය විසින් කළ ප්‍රකා­ශ­යක් පද­නම් කර­ගෙ­නය. ඇය ස්විස් තානා­පති කාර්යා­ල­යට සඳ­හන් කර ඇත්තේ පසු­ගිය 25 දා සවස 4.15 ට පමණ තමා සේවය නිම කොට ඌබර් ටැක්සි­යක නැගී සිය දරු­වන් දෙදෙනා අධ්‍යා­ප­නය ලබන කොළඹ 07 ශාන්ත බ්‍රිජට් විද්‍යා­ල­යට ගොස් ගුරු දෙගුරු රැස්වී­ම­කට සහ­භාගි වී නැවත යමින් සිටි­යදී පාසල ආස­න්නයේ දී සුදු වෑන් රථ­ය­කින් පැමිණි පස් දෙනෙක් විසින් පැහැර ගත් බවය. තමාව යම් ස්ථාන­ය­කට රැගෙන ගොස් නිශාන්ත සිල්වා ගැන ප්‍රශ්න කළ බවත් තමාව පැහැ­ර­ගත් අය ලිංගික හිරි­හැර පවා තමාට කළ බවත් ඇය සඳ­හන් කර තිබිණි. තමා ව පැහැර ගත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ යැයි කියා ගත් පිරි­සක් බවද ඇය සද­හන් කර­න්නට වූවාය.

ස්විස් තානා­පති කාර්යා­ලයේ බල­ධා­රීන් ඇය වෙනු­වෙන් පෙනී සිටි­න්නට වූයේ ඇය ඒ කියූ සියල්ල දැඩිව විශ්වාස කර­මිනි. ඇය ස්විස් තානා­පති කාර්යා­ලයේ රැක­ව­ර­ණය ලබ­මින් ඒත් එක්කම රංග­න­ය­කද නිරත වන්නට වූයේ එදා ඒ වූ සිදු­වීම්වලින් දැඩි මාන­සික විය­වු­ල­කට පත්ව සිටින බව පෙන්ව­මිනි. ඇගේ ඒ රංග­න­යට තානා­පති කාර්යා­ලයේ නිල­ධා­රීන්ද හසු­ වූහ. සැමියා සහ දරු දෙදෙනා සමග ඇය මෙර­ටින් රැගෙන යන්නට ගිලන් ගුවන් යානා­වක් පවා ඒ අනුව සූදා­නම් කර­න්නට ස්විස් රජය පිය­වර ගත්තේය. එම ගුවන් යානා­වට මෙර­ටට පැමි­ණී­මට අව­ස­ර නොදෙ­න්නට මේ වන විටත් ඇය සිටින්නේ සිය පවු­ලම සමග ස්විට්ස­ර්ල­න්ත­යට පැන ගොසිනි. එසේ ඇය පැන ගත්තේ නම් මේ බොරුව කිසිදා; හෙළි නොවනු ඇත் ඇය ස්විට්ස­ර්ල­න්තයේ සිට අපේ රටේ කීර්ති නාමය විනාශ කර­න්නට මේ වන විටත් පට­න්ගෙන හමා­රය. ජිනීමා මානව හිමි­කම් කොමි­ස­මේදී පවා කථා­බ­හට ලක්වන ප්‍රධාන මාතෘ­කා­වක් වන්නේ ඇගේ පැහැර ගැනී­මය.

ස්විස් තානා­පති කාර්යා­ලය මෙන්ම ජාත්‍ය­න්ත­ර­යද ඇන්දවූ ඇගේ බොරුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් පර්යේ­ෂ­ණා­ත්මක සාක්ෂි වලින් හෙළි­ක­ර­ගන්නා විට පැහැර ගත්තේ යැයි කීයූ ඇය දැන් එවන් පැහැර ගැනී­මක් ගැන කියන්නේ නැත. හිටපු ඇම­ති­ව­ර­යකු වන පාර්ලි­මේන්තු මන්ත්‍රී රාජිත සේනා­රත්න මහතා මාධ්‍ය හමු­ව­කදී සද­හන් කළ ආකා­ර­ය­කට අනුව ඇගේ කටට පිස්තෝ­ල­යක් දමා කර­කවා කළා යැයි කී ආකා­රයේ ප්‍රශ්න කිරී­ම­ක­ටද ඇය ලක්ව නැත. ඇය දැන් කියන්නේ එදා සේවා නිම­වී­මෙන් පසු තමන් ගියේ දරු­වන් ඉගෙ­න­ග­නි­මින් සිටි පාස­ලට නොව බම්බ­ල­පි­ටියේ පදිං­චිව සිටින තම දරු­වන්ගේ ගුරු­ව­රි­යක මුණ ගැසී­මට බවකි. ඇය ඒ ගැන කිය­න්නට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් පර්යේ­ෂ­ණා­ත්මක සාක්ෂි මත ඒ දේවල් කල්ති­යාම හෙළි­ක­ර­ගෙන තිබුණි. ඒ නිසාම ඇයට ඇත්ත හැර දැන් බොරු­වක් කිය­න්නට කිසි­සේත්ම ඉඩක් නැති තරම්ය.

ඒ යැයි කියා ඇය තව­මත් ඇත්ත වමා­රන්නේ නැත. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ ඉකුත් 08 දා පළ­මු­ව­රට පෙනී සිටි ඇය පව­ස­න්නට වූයේ මුල් කථා­ව­මය. පැය නව­යක් පුරා­ව­ටම ඇගෙන් ප්‍රශ්න කර නැව­තත් 09 දා ඇයව කැද­වනු ලැබීය. එදා ඇගෙන් ප්‍රශ්න කර­න්නට වූයේ පැය 05 ක කාල­යක් පමණි. එවර ඇගේ ප්‍රකා­ශ­යන් වෙනස් වෙමින් පැහැර ගැනීම සිදු­වූයේ කොළඹ හතේදී නොව, කොල්ලු­පි­ටි­යේදී යැයි කිය­න්නට වූවාය. තුන්වැනි දිනට ඇගෙන් ප්‍රශ්න කර­න්නට වූයේ 10 වෙනි­දාය. එදාත් රාත්‍රී 10.30 වන තුරුම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඇගෙන් ප්‍රශ්න කළේය. පැහැර ගැනීම වෙනු­වට ගුරු­ව­රි­යගේ බම්බ­ල­පි­ටියේ නිව­සේදී රහස් පොලී­සියේ යැයි සද­හන් පිරි­ස­කගේ ප්‍රශ්න කිරී­මට තමන් ලක්වූයේ යැයි ඇය කිය­න්නට වූයේ එවි­ටය. එවර ඇය තමන්ට ලිංගික හිරි­හැ­ර­යක් සිදුවූ බව මෙන්ම අඩ­ත්තේ­ට්ටම් කළේ යැයිද කියන්නේ නැත. ඒ වන විට ඇගෙන් පැය 20කට අධික කාල­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කර තිබු­ණේය. එහි උසස් නිල­ධා­රි­යෙක් සද­හන් කරනු ලැබුවේ ඇය විසින් ලබා­දෙන පිළි­තුරු එකි­නෙ­කට පර­ස්පර බවය.

ඇයව මනෝ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යක් සදහා ඉදි­රි­පත් කිරී­මට අව­ධා­නය යොමු වන්නේ මෙවන් වාතා­ව­ර­ණ­යක් හමු­වේය. ඇයව මනෝ වෛද්‍ය මණ්ඩ­ල­යක් හමු­වට ඉදි­රි­පත් කළ යුතු බවට නිග­ම­න­යක් ඉදි­රි­පත් කරන්නේ කොළඹ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රියා විසිනි. ඒ ඇය අවස්ථා තුන­කදී අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යාගේ පරීක්ෂා කිරී­ම්ව­ලට ලක්වී­මෙන් අන­තු­රුව යළිත් දෙව­තා­වක්ම පරී­ක්ෂා­වට ලක්වන්නේ කාන්තා අධි­ක­රණ වෛද්‍ය­ව­රි­යක් විසිනි. ඒ ඇය ලිංගික අඩ­ත්තේ­ට්ට­ම්ව­ලට ලක්ව තිබේ­දැයි කියා දැන ගන්න­ටය. ඒ සම්බ­න්ධ­යෙන් වූ අධි­ක­රණ වෛද්‍ය මතය මෙතෙක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වී නැතත් ඇය විශේ­ෂඥ මනෝ වෛද්‍ය මණ්ඩ­ල­යක් වෙත ඉදි­රි­පත් කිරීමේ නිග­ම­නය නම් අධි­ක­ර­ණ­යට ඉකුත් 12 දා ඉදි­රි­පත් විය. එම නිග­ම­නය කෙරෙහි විශේෂ අව­ධා­න­යක් යොමු කළ කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙන­විය ඇය විශේ­ෂඥ මාන­සික වෛද්‍ය මණ්ඩ­ල­යක් වෙත යොමු කිරී­මට නියෝ­ග­යක් නිකුත් කිරී­මට වග බලා ගත්තාය. ඒ වග­කීම පැව­රෙන්නේ කොළඹ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­යා­ටය.

ගානි­යාගේ පැහැර ගැනීමේ විම­ර්ශන තව­මත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හමාර කර ඇති බවක් පෙනෙ­න්නට නැත. විශ්වා­ස­යක් ඇත්තේ ලබන සතිය වන විට පරී­ක්ෂණ හමාර කර­න්නට හැකි­වනු ඇති බවය.

ඒ වෙනු­වෙන් තව­දු­ර­ටත් ඇත්තේ ඇගෙන් ප්‍රශ්න කර­න්න­ටය. ඒ ඇයව බම්බ­ල­පි­ටියේ ගුරු­ව­රි­ය­කගේ නිව­සේදී ප්‍රශ්න කිරී­මට ලක්වූ බව කීවත් එම ගුරු­ව­රිය විසින් එවැ­න්නක් සිදුවී නැතැයි තහ­වුරු කරන බැවිනි. එම ගුරු­ව­රිය පව­සන්නේ ගානියා සිය නිව­සට හදි­සි­යේම පැමිණ කල­බ­ල­යෙන් කිහිප දෙනෙ­කුට දුර­ක­තන ඇම­තුම් ගත් බවකි. මද වේලා­වක් එහි රැදී සිටින ඇය එම නිව­සින් පිටව යන්නේද කල­බ­ල­යෙනි.

ඒ කිසිදු අව­ස්ථා­ව­කදී ගානියා ගුරු­ව­රි­ය­ට­වත් පැහැර ගැනී­මක් හෝ ප්‍රශ්න කිරී­ම­කට ලක්වූ බවක් කියන්නේ නැත. මේ ගැනත් දැන් ඇගෙන් ප්‍රශ්න කිරී­මට ඉතිරි විය. ඒ නිසාම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­ක­ර­ණ­යට දැනුම් දෙන්නේ ඇගෙන් තව­දු­ර­ටත් ප්‍රශ්න කර­න්නට අවශ්‍ය බවකි. ඒ වෙනු­වෙන් අව­ස්ථාව ලබා­දෙ­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙන­විය ගානි­යාගේ විදෙස් ගමන් තහ­නම ලබන 17 දා දක්වා දීර්ඝ කරන්නේ අධි­ක­ර­ණ­යෙන් කිසිදු අව­ස­ර­ය­කින් තොරව රටින් පිට­වීම වල­ක්ව­මිනි. එසේම ඇයට නියෝග කරන්නේ 13 දාත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටි­මින් ප්‍රකා­ශ­යක් ලබා­දෙන ලෙසය. එහිදී ගානි­යාගේ අස­නීප තත්ව­යන් ගැන අධි­ක­ර­ණ­යට කරුණු කිය­මින් ඇය වෙනු­වෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමා­ර­ප්පෙ­රුම මහතා උත්ස­හ­යක නිරත වන්නේ තානා­පති නිල නිව­සේදී ඉදිරි ප්‍රශ්න කිරීම් සදහා අවස්ථා ලබා ගන්න­ටය.

ඊට මහේ­ස්ත්‍රාත් ලංකා ජය­රත්න මෙන­වි­ය­ගෙන් අව­ස්ථා­වක් උදා නොවූ­වාය. ඇය පෙන්වා දෙන්නේ ස්විස් තානා­පති නිල නිවස යනු වෙනත් රාජ්‍ය­ය­කට සම්බන්ධ ප්‍රදේ­ශ­යක් වන බවකි. එබැ­වින් මෙරට නීති­යට අනුව එහිදී ප්‍රකා­ශ­යක් සට­හන් කර ගැනීම නීති­මය ගැටලු මතු­විය හැකි බව ප්‍රකා­ශ­ක­ර­මින් ඇය ඒ ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළාය.

තානා­පති නිල නිවසේ දී ඇගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනී­මට එම ඉල්ලීම ඉදි­රි­පත් වන්නේ සැබැ­වින්ම ඇය අස­නී­ප­යෙන් සිටින නිසා­ම­දැයි ඇත්තේ ගැට­ලු­වකි. ඒ ඉකුත් දින කිහි­පය තුළ ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­ව­ටත්, අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රීන් කාර්යා­ල­ය­ටත්, අධි­ක­ර­ණ­ය­ටත් ගමන් කළ ආකා­ර­යට අනුව ඉහෙන් බහින රෝග­යක් ඇතැයි පෙනෙ­න්නට නොවූ බැවිනි. රාජිත සේනා­රත්න මහතා මාධ්‍යට පැවැසූ ආකා­ර­යට ඇය එසේ නම් සිටිය යුත්තතේ ඇදක් මත වැතිරී උඩ බලා­ගෙ­නය.

එහෙත් ඇය තානා­පති නිල නිවසේ සිට එළි­යට ඇවිත් ඒ සියලු තැන්වල ගැව­සෙන විට දකි­න්නට ලැබුනේ සිනා මුසු මුහු­ණිනි. රෝගී බවත් ඇගේ ඒ මුහු­ණින් කිසි­වි­ට­කත් පිළි­බිඹු වූයේ නැත. ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු ගොඩ නැගි­ල්ලට ඇතු­ළු­ව­න්නේත්, අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී කාර්යා­ල­යට ඇතුළු වන්නේත් අධි­ක­ර­ණ­යට ඇතු­ළු­ව­න්නේත් පා ගම­නිනි. කිසිදු අප­හ­සු­තා­වක් ඇගේ ගමනේ පෙනෙ­න්නට නොවීය. ඇය දරුණු රෝගී තත්ව­යක සිටියේ නම් ඒ වන විට සිටිය යුත්තේ රෝහ­ලක ඇඳක් මතය. එසේ වී නම් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන් රෝහ­ලට ගොස් ඇගෙන් ප්‍රශ්න කරනු ඇත.

තානා­පති නිල නිව­සට මේ ප්‍රශ්න කිරීම රැගෙන යන්නට සූදා­නම් වන්නේ ඇගේ බොරුව දැන් අතේ පත්තු වී ඇති බැවින් විම­ර්ශන අව­සා­න­යේදී ඇයව අත්අ­ඩං­ගු­වට ගැනී­මක් සිදු­වන්නේ නම් එය වළක්වා ගැනීමේ පූර්ව සූදා­න­ම­කි­න්දැයි ප්‍රශ්න­යක් මේ වන විටත් ඇතිව තිබේ.

එය වැලකී යන්නේ සාමාන්‍ය ක්‍රියා­ප­ටි­පා­ටිය යටතේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වේම ප්‍රකාශ ලබා­දීම සුදු­සු­යැයි විනි­සු­රු­ව­රිය ගානි­යාගේ නීතී­ඥ­ව­ර­යාට කරන දැනු­ම්දීම නිසාය.

Comments