තේ කිරුළ වනසන කඳුකරයේ වසලයෝ | Page 2 | සිළුමිණ

තේ කිරුළ වනසන කඳුකරයේ වසලයෝ

වැටලීම කළ රේගු නිලධාරීහු
වැටලීම කළ රේගු නිලධාරීහු

ඩ­රට සහ පහ­ත­රට ප්‍රදේ­ශ­යන්හි හෙක්ට­යාර දෙලක්ෂ විසි­ද­හ­සක පමණ භූමි භාග­යක විසිරී තිබෙන තේ වතු­ව­ලින් වස­ර­කට කිලෝ­ග්‍රෑම් මිලි­යන තුන්සි­ය­ය­කට වැඩි නිෂ්පා­ද­න­යක් සිදුවේ. ඉන් වස­ර­කට උප­යන විදේශ විනි­මය ආදා­යම රුපි­යල් බිලි­යන දෙසීය විසි­පහ ඉක්ම­වන බවකි. එසේ ඉහළ ආදා­ය­මක් ඉප­යී­මට රට­පුරා ව්‍යාප්ත තේ කර්මාන්ත ශාලා ප්‍රමා­ණ­යද හත්සි­ය­ය­කට වැඩිය.

වර්ත­මා­නයේ, අතී­තයේ සිට ස්වර්ණ­මය නාම­යක් සේ විදේ­ශ­යන්හි වැජ­ඹෙන 'සිලෝන් ටී' නාම­යට මහත් කැළ­ලක් ගෙන දෙන ගැට­ලු­වක් වී තිබෙන්නෙ 'කසළ තේ' ගැට­ලු­වයි.

පසු­ගිය 03 වැනිදා (අඟ­හ­රු­වාදා) එක්සත් එමීර් රාජ්‍යය හරහා මෙරට සිලෝන් ටී ප්‍රධා­න­තම ගැනු­ම්ක­රු­වෙක් වන ඉරා­ක­යට යැවී­මට සූදා­නම් කර තිබූ කසළ තේ කිලෝ­ග්‍රෑම් 35000ක ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට ශ්‍රී ලංකා රේගුවේ අව­දා­නම් කළ­ම­නා­ක­රණ ඒක­කයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා ප්‍රමුඛ රේගු නිල­ධාරි කණ්ඩා­යම සමත් වූහ. අඩි හත­ළිහේ දිග කන්ටේ­නර් බහා­ලුම් දෙකක මලු 1030ක ලක්ෂ 35ක් පමණ වටිනා එම කසළ තේ ප්‍රමා­ණය අසුරා තිබිණි. එම මලු­වල ශ්‍රී ලංකාවේ සුපි­රි­සුදු කළු තේ යනු­වෙන් ඉංග්‍රීසි බසින්ද නිෂ්පා­දිත දිනය ලෙස 2019 නොවැ­ම්බර් සහ කල් ඉකුත් වන දිනය ලෙස 2022 ඔක්තෝ­බර් මාසය සඳ­හන් විණි. මේ වැට­ලීම පිළි­බ­ඳව අව­දා­නම් කළ­ම­නා­ක­රණ ඒක­කයේ අධ්‍යක්ෂ සුදත් සිල්වා මහතා පවසා සිටියේ,

“කලක සිටම බුද්ධි අංශ තොර­තුරු රැස්කොට කරන ලද විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් තමයි මෙය. එම තොර­තුරු අනුව අපට ගිය මාසයේ 14 වැනිදා බහා­ලුම් දෙකක් අත්අ­ඩං­ගු­වට ගන්න හැකි­වුණා. හැබැයි ඒ මොහොත වන විටත් එම බහා­ලුම් දෙක අප­න­ය­නය සඳහා වරාය පරි­ශ්‍ර­යට ඇතු­ළු­කොට නැව්ගත කිරී­ම­ටයි සූදා­නම් වෙලා තිබුණේ. පස්සෙ අපි නැව­තත් එම බහා­ලුම් දෙක වරායේ අප­න­යන සැකැ­සුම් මධ්‍ය­ස්ථා­න­යට ගෙනාවා.”

කොහු­බත් ලෙස අප­න­ය­න­යට සූදා­නම් කර තිබූ එම බහා­ලුම් දෙක නුවර ප්‍රදේ­ශයේ ව්‍යාපා­රි­ක­ය­කුට අයත් බවට හෙළි වේ. ඩුබායි රාජ්‍ය­යට යවා එහිදී කෙන්යාවේ තේ නිෂ්පා­ද­න­යන් හා මිශ්‍ර­කොට සිලෝන් ටී නාම­යෙන් මේ කසළ තේ ඉරා­ක­යට යැවී­මට සූදා­නම් කර තිබිණි. එම කසළ තේ ප්‍රමා­ණය ඉරා­ක­යට ගියේ­නම් මෙරට සිලෝන් ටී නාම­යට වන හානිය මිල කළ නොහැකි බවද රේගු නිල­ධා­රින් පව­සයි.

මේ වන විට එම ජාවා­ර­මට අදා­ළව සැක­ක­රු­වන් පස්දෙ­නෙ­කුම අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඒ අතර රියැ­දු­රන්, වරාය තුළට බහා­ලුම් රැගෙන ඒමට දායක වූවන් සහ අප­න­යන සමා­ගමේ හිමි­ක­රුද වේ. එම පුද්ග­ලයා මේ කසළ තේ හෝ තේ ආශ්‍රිත කිසිඳු දැනු­මක් ඇත්තෙක් නොවේ. ඔහු වෙනත් රැකි­යා­වක නිරත වන අතර තම අප­න­යන සමා­ගමේ නාමය ජාවා­ර­ම්ක­රු­වන්ට දී මේ ජාවා­ර­මට සම්බන්ධ වන බවකි. ඊට ඔහුට විශාල මුද­ලක් ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් හිමි­වන බවකි. එම නිසා මේ ජාවා­රමේ ප්‍රධා­නියා කවු­රුන්ද යන්න මේ වන විට හඳු­නා­ගෙන ඇති අතර ඔහුද නුවර ප්‍රදේ­ශයේ අයෙකි. දෙහි­ව­ලද වෙසෙන බවට රේගු නිල­ධා­රින් අනා­ව­ර­ණය කර­ගෙන ඇත. අව­දා­නම් කළ­ම­නා­ක­රණ ඒක­කයේ නිල­ධා­රින් අනා­ව­ර­ණය කර­ගෙන ඇති ආකා­ර­යට මේ වස­රේදී පම­ණක් මෙලෙස කසළ තේ බහා­ලුම් සිය­ය­කට අධික ප්‍රමා­ණ­යක් විදේ­ශ­ව­ලට අප­න­ය­නය කර ඇති බවකි. ඒ අනුව මේ ජාවා­ර­ම්ක­රු­වන් සිලෝන් ටී නාම­යට කරන හානිය කෙත­රම්ද යන්න ගම්‍ය වේ.

අප­න­ය­නය සඳහා දී තිබෙන ලිහිල් ප්‍රති­පත්ති සහ ලක්ෂ ගණ­නක බහා­ලුම් දින­කට අප­න­යන සහ ආන­යන වන නිසා සියල්ල එකින් එක පරීක්ෂා කිරීම ප්‍රායෝ­ගි­කව කළ නොහැකි බව රේගු නිල­ධා­රින්ගේ මත­යයි. එහෙත් අනි­වා­ර්ය­යෙන්ම බුද්ධි නිල­ධා­රින්ගේ තොර­තුරු සහ හෝඩු­වා­ මත බහා­ලුම් පරී­ක්ෂා­වේදී මෙවැනි වැට­ලීම් සිදු­ක­රන බවයි.

කසළ තේ ජාවා­රම විවි­ධා­කා­ර­යෙන් සිදුවේ. ඇතැම්හු දුප්පත්, නොදි­යුණු රට­වල වැසි­යන්ට පාන­යට අප­න­ය­නය කරයි. තවත් පිරි­සක් අපේ රටේ තේවල රසට විශාල කැමැ­ත්තක් තිබෙන හෙයින් පිට­ර­ට­ව­ලට ගොස් කෙන්යාව, විය­ට්නා­මය වැනි රට­වල තේ හා මිශ්‍ර කොට සිලෝන් ටී නාම­යෙන් අපගේ තේ ඉහළ ඉල්ලු­මක් තිබෙන ඉරා­කය, රුසි­යාව, තුර්කිය වැනි රට­ව­ලට ප්‍රති­අ­ප­න­ය­නය කරන බව­ටද හෙළි වේ.

“කෙන්යාවේ තේ පාට අඩුයි. එම නිසා ඉල්ලුම අඩුයි. මේ කසළ තේ මිශ්‍ර කළාම නියම පාට එනවා. ඒ වගේම මේ ජාවා­ර­ම්ක­රු­වන් දුප්පත් රට­ව­ලට සිලෝන් ටී ලේබ­ලය අඩු මිල­කට විකු­ණ­නවා. එයින් හානි වන්නෙ සිලෝන් ටී නාම­යයි.” ඒ රේගු නිල­ධා­රි­යෙක් කී කතා­වයි. මේ වන විට අනා­ව­ර­ණය වන්නෙ කලෙක සිටම මේ ජාවා­ර­ම්ක­රු­වන් එසේ අප­න­ය­නය කර ඇති බැවින් ඇතැම් රට­වල පිරිස් කසළ තේ පාන­යට බොහෝ සේ ලොල්වී ඇති බවයි.

සිලෝන් ටී නාම­යට මහත් විනා­ශ­යක් කරන 'කසළ තේ' යනු මොන­වා­දැයි අප විම­සී­මක් කළේ ශ්‍රී ලංකා තේ මණ්ඩ­ලයේ, තේ කොම­සා­රිස් ජයන්ත එදි­රි­සිංහ මහ­තා­ගෙනි.

“කසළ තේ කියන්නෙ තේ දල්ලෙ මෝරපු කොට­සට. නියම තේ දල්ල කියන්නෙ කොළ දෙක­හ­මාර හෝ නොමේරු තුන්වැනි කොළය. නමුත් දලු නිය­මිත දිනට කැඩී­මට අත­පසු වූ විට හත­ර­වැනි සහ පස්වැනි කොළ සමඟ දලු නෙළ­නවා. අන්න ඒ දලු ඇඹ­රී­මේදී නටු ලෙස දුඹුරු පැහැති කැබැ­ල්ලක් වෙන් වෙනවා. එම කැබැ­ලි­වල තවත් අපි කියන නියම ප්‍රමි­තියේ කළු තේ තියෙ­නවා. මහා පරි­මාණ කර්මාන්ත ශාලා­ව­ලට එම කොටස වෙන්කි­රී­මට තිබෙන අප­හ­සුතා නිසා එම කාර්ය කුඩා පරි­මාණ කර්මාන්ත ශාලා­ව­ලට පව­රලා තියෙ­නවා බල­ප­ත්‍ර­යක් සහි­තව. එම කර්මාන්ත ශාලා­ව­ලින් පාන­යට සුදුසු තේ නිෂ්පා­දන ප්‍රමා­ණ­යක් ලබා­ගත් පසු ඉතිරි වන ප්‍රමා­ණ­යයි කසළ තේ ලෙස හඳු­න්වන්නෙ.”

කසළ තේ ජාවා­ර­ම්ක­රු­වන් අතට පත්වී­මෙන් මේ වන විට මෙය මහා පරි­මාණ ජාවා­ර­මක් බවට පත්වී තිබේ. එම ජාවා­රම නිසා ඇතැම් රේගු නිල­ධා­රින්ට මෙන්ම තේ ව්‍යාපා­රි­ක­ය­න්ටද පසු­ගිය කාලයේ බොහෝ තාඩන-පීඩ­න­ව­ලට ලක්වී­මට සිදුවූ බව­ටද වාර්තා විණි. මේ ජාවා­ර­ම්ක­රු­වන් මහා පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් මෙන්ම දේශ­පා­ල­න­ඥ­යන් බව­ටද හෙළි වේ. මෙකී කසළ තේ ජාවා­රමේ කිසිදු විටෙක සාමාන්‍ය කුඩා පරි­මාණ තේ වෙළෙ­න්දන් නිරත නොවන බව­ටද හෙළි වේ. තේ කොම­සා­රි­ස්ව­රයා සඳ­හන් කරන්නෙ සාමා­න්‍ය­යෙන් වස­ර­කට කසළ තේ ලෙස කර්මාන්ත ශාලා­ව­ලින් බැහැර කෙරෙන්නෙ මුළු තේ නිෂ්පා­ද­න­යෙන් සිය­යට එකක තරම් ප්‍රමා­ණ­යක් බවයි.

කෙසේ හෝ ශ්‍රී ලංකාව ජාත්‍ය­න්ත­රය සමඟ සම්මු­ති­ග­තව තිබෙන ISO 3720 ප්‍රමි­ති­යෙන් යුත් නියම සිලෝන් ටී නිෂ්පා­ද­න­යන්ට පට­හැ­ණිව විදේශ වෙළෙ­ඳ­පො­ළට යෑමෙන් සිලෝන් ටී නාම­යට සිදු­වන හානිය මිල කළ නොහැ­කිය.

කසළ තේව­ලට මෙරට තේ වතු­වල තිබෙන බොහෝ ගැට­ලුද බලපෑ ඇති බවකි. විශේ­ෂ­යෙන්ම සේවක ගැටලු, ඔවු­නගේ පවුල් ප්‍රශ්න, සුබ­සා­ධන ගැටලු, වතු­වල යටි­තල පහ­සු­කම් මද­කම ආදිය ප්‍රධාන වේ. එවැනි ගැටලු නිසා සේව­ක­යන් දෛනි­කව සේව­යට වාර්තා නොකි­රීම තේ දලු නෙළීම ප්‍රමාද වීමට හේතු වී ඇත. එම නිසා එවැනි ගැටලු නිරා­ක­ර­ණය මෙකී ප්‍රශ්න­යට කිසි­යම් විස­ඳු­මකි. එසේම තේ මණ්ඩ­ලය විසින් කර්මාන්ත ශාලා­ව­ලින් බැහැර කරන තේ ඇඹ­රි­මේදී ඉතිරි වන නටු හෙවත් දුඹුරු පැහැති කැබැලි පොහොර නිෂ්පා­දන වැනි දෙය­කට භාවිත කරන ලෙසට දැඩි නියෝ­ග­යක් කළ­හොත් යම් පම­ණක විස­ඳු­මක් විය හැකි බව තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ‍නියැළි සිටින අයගේ මත­යයි.

මීට දශ­ක­ය­කට පමණ පෙර සිට කර­ළි­යට ආ කසළ තේ ගැට­ලුව මුල් කාලයේ හඳු­නා­ගත් වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා 2010 වස­රේදී පමණ ආර­ක්ෂක ලේකම්ව සිටි­යදී කසළ තේ වැට­ලීමේ බලය පොලිස් විශේෂ කාර්ය බළ­කා­ය­ටද පැවැ­රීය.

කසළ තේ ජාවා­රම වැඩි­පු­රම කෙරෙන බවට වාර්තා වන්නෙ නුවර, දවු­ල­ගල, ගම්පොළ, නාව­ල­පි­ටිය, අම්බ­ල­න්ගොඩ, ඇල්පි­ටිය රත්න­පුර, පෑලි­ය­ගොඩ, උස්වැ­ට­කෙ­යි­යාව වැනි ප්‍රදේ­ශ­ව­ලයි. ඇතැම් අව­ස්ථා­ව­ලදී ජාවා­ර­ම්ක­රු­වන් මෙරට කසළ තේ ප්‍රමා­ණ­වත් නොවූ කල විය­ට්නා­මය වැනි රට­ව­ලින්ද තේ ආන­ය­නය කොට කසළ තේව­ලට මිශ්‍ර­කර සිලෝන් ටී නාමය ඔස්සේ මෙරට ප්‍රධා­න­තම ගැනු­ම්කාර රට­ව­ලට අප­න­ය­නය කරන බව­ටද හෙළි වේ. ඒ සඳහා කසළ තේ අසු­රණ ස්ථාන කිහි­ප­යක්ම පෑලි­ය­ගොඩ, උස්වැ­ට­කෙ­යි­යාව, අම්බ­ල­න්ගොඩ වැනි පෙදෙ­ස්වල තිබෙන බව­ටද පොලිස් විශේෂ කාර්ය බළ­කාය හඳු­නා­ගෙන තිබේ. එවැනි ස්ථාන­වල කසළ තේ ඇසි­රී­මට යොදා­ගන්නා පුද්ග­ල­යන් කසළ තේ තොග­යක් ඇසු­රුම් කර අව­සන් වන තෙක් පිට­ත­ටද නොය­වන බව­ටද හෙළි වේ.

මෙසේ විදේශ රට­ව­ලින් බාල තේ ගෙන්වා කසළ තේ නිප­ද­වීම නිසා­ වත්මන් රජය විදෙස් රට­ව­ලින් තේ ආන­ය­නය කිරී­මට තහ­න­මක් පැන­වී­මට තීර­ණය කළ බව පසු­ගි­යදා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පති­රණ මහතා පැවැ­සීය. එය කසළ තේ ගැට­ලු­වට යම් පම­ණක විස­ඳු­මක් වෙනු­වෙන් ගත් ඉතාම ක‍ලෝචිත තීන්දු­වකි.

මෙසේ සිලෝන් ටී නාම­යට මහත් විනා­ශ­යක් කරන කසළ තේ ජාවා­රම මෙර­ටින් තුරන් කිරී­මට ගත හැකි සියලු පිය­වර ගැනීම තේ මණ්ඩ­ලය ඇතුළු සියලු වග­කි­ව­යුතු අංශ­වල ප්‍රධා­නම වග­කී­මක් වේ. එසේ නොමැති වුව­හොත් අප රටට සුවි­සල් විදේශ විනි­ම­යක් රැගෙන එන තේ කර්මා­න්ත­යට අත්වන ඉර­ණ­ම­ නම් ඉතාම ශෝච­නී­යය.

Comments