කිතු­ල්ගල ඇල්ලෙන් නෑවාට පසු වික්‍ර­මගේ සය­න­යට එන ලස්සන තරු­ණිය කවුරුද? | Page 2 | සිළුමිණ

කිතු­ල්ගල ඇල්ලෙන් නෑවාට පසු වික්‍ර­මගේ සය­න­යට එන ලස්සන තරු­ණිය කවුරුද?

 

ත්ත්වයා භෞතික කය, මනෝ­මය කය සහ චිත්තජ කය යන ශරීර තුන­කින් යුක්තය. එයින් මනෝ­මය සහ චිත්තජ කය නිතර ම එකට ම පවතී. එය මිනි­සාට මෙන් ම සියලු සත්ත්ව­යන්ට පොදු ධම්ම­තා­වකි.

“මනෝ පූබ්බං­ගමා ධම්මා - මනෝ සෙට්ටා මනෝ­මයා” සියලු ක්‍රියා­වන්ට මනස පූර්වං­ගම වෙයි. ප්‍රධාන වෙයි, මිනි­සාගේ මනෝ­මය ක්‍රියා­කා­රී­ත්වය මර­ණ­යෙන් පසු­වද දම්වැ­ලක පුරුක් මෙන් එක දිගට ගලා යයි.

සම­නොළ අඩ­වියේ ජීවත් වූ තරු­ණි­යක කිතු­ල්ගල දිය ඇල්ලේ නාන්නට ගොස් පය ලිස්සා ගලෙන් පහ­ළට රූටා වැටී දියේ ගිලී මිය ගිය පසුව ඇගේ ප්‍රාණ­කා­රයා භූතා­ත්ම­යක් බවට පත් වී ක්‍රියා­කා­ර­කම් කළ ආකා­ර­යක් ගුප්ත විද්‍යා ගවේ ෂණ­ය­කදී පැහැ­දිලි විය.

වික්‍රම කොට්ටාවේ පදිංචි තිස් දෙහැ­වි­රිදි ඉංජි­නේ­රු­ව­ර­යෙකි. ඔහු ඉමාෂා සමඟ විවා­හය ලියා­ප­දිංචි කොට දැනට මාස හයක් ගත වී ඇතත් තව­මත් නිව­සට කැන්දා­ගෙන පැමිණ නැත. එහෙත් ඉමා­ෂාට දැන් ඔහු එපාවී ඇත. ඊට අම­ත­රව වික්‍රම ආහාර අරු­චිය, රාත්‍රි හීනෙන් බියට පත්වී අව­දි­වීම එතැන් පටන් නොනිදා පහන් කිරීම, ශරී­රය කෙට්ටු­වීම වැනි රෝගා­බා­ධ­ව­ලින් පෙළෙ­න්නට විය. ඔහුගේ නිවසේ වරින් වර අධික දුර්ග­න්ධ­යක් පැතිර යෑම සහ ඒ වේලා­වට ඡායා­වක් නිවසේ එහා මෙහා ගමන් කිරීම වැනි අස්වා­භා­වික දේ ද සිදු විය.

ශාරී­රික ආබා­ධ­ව­ලට වෛද්‍ය ප්‍රති­කාර කළත් නිවසේ පැවති අසා­මා­න්‍ය­තා­ව­ලට වත්පි­ළි­වෙත් කළත් සුව­යක් සහ­න­යක් නොවීය.

අන්ති­මට වික්‍ර­මගේ මව ඇතු­ල්කෝට්ටේ ගුප්ත ගවේ­ෂණ මධ්‍ය­ස්ථා­නය කරා ඔහු කැඳ­වා­ගෙන ආවේය. එහිදී ආධ්‍යා­ත්මීය උප­දේ­ශ­ක­ව­රයා මුණ ගැසී තමන්ට එළඹ ඇති දුක් කර­දර පීඩා විස්තර කළේය.

පළමු රෝග පරී­ක්ෂා­වේදී ම වික්‍රම වෙවු­ල­න්නට වූයෙන් ඔහුට අම­නුෂ්‍ය දෝෂ­යක් ඇතැයි නිග­ම­නය කළ ගවේ­ෂ­ක­ව­රයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උප­දෙස් දුන්නේය.

ඒ අනුව බෝධි පූජා පවත්වා අව­ස­න්කොට ඔවුහු නැවත පැමි­ණි­යහ. එදින වික්‍රම‍ගේ ශරී­ර­යට ඇතුල්වූ භූතා­ත්ම­යක් කතා කර­න්නට විය. ගවේ­ෂ­ක­ව­රයා ඒ භූතා­ත්ම­යෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරී­ර­යට ඇතු­ළු­වෙලා ඉන්නේ?” යි ඇසීය.

“මම අම­රා­වතී” යි භූතා­ත්මය කීවාය.

“කවුද මේ අම­රා­වතී? මේ වික්‍ර­මගේ කවුද?”

“නැහැ. මම මෙයාගෙ නෑයෙක් නොවෙයි. මීට අවු­රුදු හත­ළි­හ­කට කලින් කිතු­ල්ගල ඇල්ලේ නාන්න ගිහින් පය ලිස්සලා ඇල්ලෙන් වැටිලා මැරුණු කෙනෙක්” යැයි භූතා­ත්මය කීවාය.

“මැරු­ණාට පස්සේ මොකද වුණේ?”

“ඒ ඇල්ල ළඟට වෙලා හිටියා. හොඳයි කියලා මට හිතෙන පිරිමි ළඟට ගිහින් හිටියා. ඒ හැම තැන­කින් ම ඇදු­රන් ලවා මාව පන්නා ගත්තා. මම ඇල්ල ළඟට වෙලා ඉඳලා මේ වතාවේ වික්‍ර­මගේ ඇඟට රිංගුවා. මට මෙයාව ඕනෑ.”

“වික්‍රම ළඟට වෙලා මොන­වද කළේ?”

“මම වික්‍රම ළඟට වෙලා තුරුළු වෙලා හිටියා. මෙයා ළඟට වෙලා නිදා ගත්තා. සතුටු වුණා. මෙයා කසාද බැන්ද ඉමා­ෂාට මෙයාව එපා කළා.”

“ඒ කොහො­මද?”

“මෙයාට නාලා පිරි­සු­දු­වට ඉන්න එපා කළා. රස්සා­වට යන්න එපා කළා. ලෙඩ කළා. ඉමාෂා ගැන හිතන්න, මුණ ගැහෙන්න එපා කළා. එහෙම කරන කොට ඉමා­ෂා­ටත් මෙයාව එපා වුණා. දැන් මම වික්‍ර­මව අයි­ති­කැර ගෙන ඉන්නවා.” යි භූතා­ත්මය කීවාය.

වික්‍රම පියවි සිහි­යට පත් කළ ගවේ­ෂ­ක­ව­රයා කිතු­ල්ගල ඇල්ලට නාන්න ගිය දවස සිහි­පත් කොට එයින් පසු සිදු වූ දේ මතක් කොට ප්‍රශ්න කළේය.

“ඔව් මහ­ත්තයා, එදාට පස්සෙ තමයි මේ වෙනස ඇති වුණේ. රෑට නින්දත් නොනි­න්දත් අතර ලස්සන ගැහැ­නි­යක් මා ළඟට එනවා. ඊට පස්සේ මම ඇඳ උඩ­ටම වෙලා ඉන්න පුරුදු වුණා. ඇවි­දින්න අමාරු වුණා. කෑම අප්‍රිය වුණා. නාන්න පිරි­සුදු වෙන්න එපා වුණා. මම ජීවත් වුණේ මේ ලෝකයේ නෙවෙයි වගේ. ඉමේෂා ආවොත් තමයි මම මේ ලෝක­යට එන්නේ. නැත්නම් මනුෂ්‍ය ලෝක­යෙන් ඉවත් වෙලා වගෙයි ජීවත් වුණේ. ඇඳ උඩ­ටම වෙලා මනෝ­මය කය­කින් ජීවත් වුණා. මනෝ බ්‍රාන්ති­යක් වගෙයි දැනුණේ” යි වික්‍රම පැව­සීය.

තවත් සති­යක් බෝධි පූජා පවත්වා ඊළ­ඟට එන විට ඉමාෂා ද කැඳවා ගෙන එන්නැයි උප­දෙස් දුන්නේය.

සති­ය­කට පසු යළිත් පැමි­ණෙන විට ඉමාෂා ද පැමි­ණි­යාය. එදින ද වික්‍ර­මට භූතා­ත්මය ආවිෂ්ට වී කතා කර­න්නට විය.

“ආ.... අද මේකිත් ඇවිල්ලා. මම මේකි එක්ක තර­හයි.” භූතා­ත්මය කීවාය.

“ඇයි තමුන් මේ ඉමාෂා එක්ක තරහා?” ගවේ­ෂ­ක­ව­රයා ඇසීය.

“මට වික්‍රම ඕනෑ. මම වික්‍රම දාලා යන්නේ නෑ. මේකි තමයි හර­හට ඉන්නේ. ඒකයි මම තරහා.”

ඉමා­ෂාට කරුණු පැහැ­දිලි කළ ගවේ­ෂ­ක­ව­රයා වහාම වික්‍ර­මගේ නිව­සට පැමිණ එකට ජීව­ත්වන ලෙසත්, නැත්නම් වික්‍ර­මගේ ජීවි­තය අන­තු­රු­දා­යක බවත් වටහා දුන්නේය.

ඊට පසු දිනම ඉමාෂා වික්‍ර­මගේ නිවසේ පදිං­චි­යට ආවාය. චාරි­ත්‍රා­නු­කූල මංගල උත්සව පිළි­බඳ අද­හස් අත හැර වික්‍ර­මගේ ජීවි­තය ගැන සිතා ඇය පවුල් ජීවි­ත­යක් ගත කිරීමේ අද­හ­සින් එක වහ­ලක් යටට පැමි­ණි­යාය.

එහෙත් එදින රාත්‍රි නින්දට ගිය විට විශාල දුර්ග­න්ධ­යක් කාම­රය පුරා පැතිර ගියේය. ඉමාෂා ඇ‍ඳෙන් බිමට ඇද­දමා ඇගේ ශරී­රය යමෙක් හූර­න්නට විය. ඊට පසු දින ම ඔවුහු නැවත ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­නය කරා ගොස් ගවේ­ෂ­ක­ව­ර­යාට කරුණු පැහැ­දිලි කළහ.

ගවේ­ෂ­ක­ව­රයා වික්‍ර­මගේ ශරී­ර­යට භූතා­ත්මය ආවිෂ්ට කළේය.

“මට යන්න බැහැ. මට යන්න කිය­න්නත් එපා. මට වික්‍රම දාලා යන්න බෑ. ඇයි උඹලා මාව එළ­වන්න හදන්නේ. මට වික්‍රම ඕනෑ. තොපි තොපේ වැඩක් බලා ගනි­යව්. මට යන්න කියන්න එපා. මම යන්නෙත් නෑ.” ප්‍රේතිය තර්ජ­නා­ත්ම­කව කීවාය.

ප්‍රේති­යගේ තත්ත්වය වටහා ගත් ගවේ­ෂ­ක­ව­රයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතිය දවා­ල­න්නට විය. “එපා.... එපා... දැවි­ල්ලයි. පුච්චන්න එපා” යි කියා කෑ ගස­ද්දීත් ප්‍රේතිය දවා දුර්වල කළේය.

“උඹ දැන් අම­රා­වතී නොවෙයි. උඹ ප්‍රේති­යක්. ප්‍රේත­ය­න්ටයි මිනි­ස්සු­න්ටයි එකට ජීව­ත්වෙන්න බැහැ. වහාම ඉවත් වෙලා පල­යන්.” යැයි නියම කළ ගවේ­ෂ­ක­ව­රයා වික්‍ර­ම­ටත්, ඉමා­ෂා­ටත් ආධ්‍යා­ත්මීය ආර­ක්ෂාව යෙද­වීය. පසු දින වැට­කෙ­යියා මලක් රැගෙන අනු­රා­ධ­පු­ර­යට යෑමට සූදා­නම් වී එන ලෙස උප­දෙස් දුන්නේය.

පසු දින ඔවුන් පැමිණි විට ප්‍රේතිය වැට­කෙ­යියා මලට සම්බන්ධ කොට ඔවුන් අත ම අනු­රා­ධ­පු­ර­යට යැවීය.

මේ මිනිස් ලෝකය කාම ලෝක­යකි. කාම යනු කැමැ­ත්තයි. සිත කැමති කැමති දේ කරා යෑම, ඇලීම, සිරි­තයි. සියල්ල විප­රි­නා­ම­යට පත්වීම ධර්ම­තා­වයි. “මේ ශරී­රය ද අනි­ච්චයි. දුක්ඛයි. අන­න්තයි.” මෙනෙහි කරන පුද්ග­ල­යාගේ ශක්ති කිරණ වළල්ල (ඕරා) ප්‍රබ­ලය. එවැනි ශරීර තුළට භූතා­ත්ම­ව­ලට රිංග­න්නට නොහැ­කිය.

Comments