අලුත් පාල­න­යත් සමඟ සුව­බර නත්ත­ලක්! සුබ නව වස­රක් | සිළුමිණ

අලුත් පාල­න­යත් සමඟ සුව­බර නත්ත­ලක්! සුබ නව වස­රක්

 ජපා­නයේ විදේශ කට­යුතු අමාත්‍ය මොතේගි තොෂි­මිත්සු මහතා ජනා­ධි­පති කාර්යා­ල­යේදී  ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හමු වූ අව­ස්ථාව
ජපා­නයේ විදේශ කට­යුතු අමාත්‍ය මොතේගි තොෂි­මිත්සු මහතා ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා හමු වූ අව­ස්ථාව

පේ රටේ ඡන්ද පොරො­න්දු­ව­ලට පුදුම ඉති­හා­ස­යක් තිබේ. හදෙන් හාල් සේරු දෙකක්, ඇට රාත්තල් අටක්, පාන් රාත්තල 3.50 ට දීම පම­ණක් නොව විධා­යක ජනා­ධි­පති ධූරය අහෝසි කිරීම වැනි ඡන්ද ‍ෙපාරොන්දු අපේ මත­ක­යට නැ‍ඟේ.

එසේ වුවත් පො‍රොන්දු දුන් අපේ­ක්ෂ­ක­යන් දිනු­වත් වසර 10 – 15 ගියත් ඒ ඡන්ද පොරොන්දු ඉටු නොවූ අවස්ථා අප­ම­ණය.

එසේ නමුත් අලුත් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් අලුත් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තාත් පිහි­ටවූ අලුත් රජ­යෙන් ජනා­ධි­පති මැති­ව­රණ කාලයේ පො‍රොන්දු වූ ඡන්ද පොරො­න්දු­ව­ලින් ගණ­නා­වක් පසු­ගිය දින 25 ඇතු­ළත දැන­ටම ඉටු­කර ජනතා සහන සලසා තිබේ. එප­ම­ණක් නොව ජන­තා­වට පො‍රොන්දු නොවූ නමුත් පොදු ජනතා සුබ­සෙ­තට රටේ ආර්ථික ප්‍රව­ර්ධ­න­යට හේතුවූ කට­යුතු රැසක් ද ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් ඉටු­කර තිබේ. ඒ අනුව පසු­ගිය දින 25 ඇතු­ළත අපේ රටට මාස 25 ක් තුළ­දී­වත් නොකළ වැඩ කොට­සක් ඉටු­කර ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවා­සික නියෝ­ජිත හැනා සින්ගර් පසු­ගිය 12 වැනිදා අර­ලි­ය­ගහ මැඳු­රේදී අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා හමුවූ අව­ස්ථාව

ඒ අනුව කලින් පොරොන්දු නොවුණු සුවි­ශේෂ ක්‍රියා­දා­ම­යක් ව‍ූයේ භාර­කාර ආණ්ඩුවේ කැබි­නට් මණ්ඩ­ලය 15 ක් පම­ණක් වීමයි. එය කිසි­වකු සිතූ දෙයක් නොවිණි. පක්ෂ ගණ­නා­වක් ඒකා­බ­ද්ධව සෑදූ ආණ්ඩු­වක් වුවත් කෙසේ හෝ 15 දෙනෙ­කු­ගෙන් යුත් ඇමැති මණ්ඩ­ල­යක් පත් කිරී­මට ජන­ප­තිට හා අග­මැ­තිට අව­ස්ථාව ලැබිණි. එය මෙරට වසර 50 කට පමණ පසු පත් කළ පුංචිම ඇමැති මණ්ඩ­ලය විය. මීට පෙර මෙවැනි අඩු ඇමැ­ති­ව­රුන් සංඛ්‍යා­ව­ක­ගෙන් යුත් කැබි­නට් මණ්ඩ­ල­යක් පත්කර ඇත්තේ 1960 දී පමණ ය. ව්‍යවස්ථා ප්‍රකා­රව 30 දෙනෙ­කු­ගෙන් යුත් ඇමැති මණ්ඩ­ල­යක් පත්කි­රී­මට අව­ස්ථාව තිබු­ණත් විය­දම් අවම කිරීම මඟින් ජන­පති හා අග­මැති මේ තීර­ණ­යට එළැ­ඹීම ඉතා ප්‍රශංසා ජන­කය.

තව­මත් කොටි ඩය­ස්පෝ­රාව අපේ රටේ හොල්මන් කරද්දී තමාගේ ආර­ක්ෂාව මෙන් ම තමාගේ ආර­ක්ෂක වාහන අඩු කිරී­මට පිය­වර ගත් ජනා­ධි­පති කෙනෙක් අපේ රටේ සිට නැත. නමුත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මුලින් ම තමන් ගමන් කරන විට පාවිච්චි කරන වාහන සංඛ්‍යාව 3 – 4 දක්වා අඩු­කර තිබේ. ආර­ක්ෂක නිල­ධා­රීන් ද අඩු කර ඇත. නිල නිවා­සය හෝ රජ ගෙදර පාවි­ච්චි­යට ගන්නේ නැත. නුගේ­ගොඩ මිරි­හානේ සාමාන්‍ය නිව­සක සිට නව ජන­පති සිය කට­යුතු සිදු කිරීම විශි­ෂ්ටය.

මේවා එතුමා ඡන්ද රැස්වී­ම්ව­ලදී යටි ගිරි­යෙන් ද කෑගසා පැවසූ ඒවා නොවීම ද පැස­සුම් සහ­ග­තය.

ඊට පසු රටේ ලොකු කුඩා බාල මහලු අයට පම­ණක් නොව සිය­ලුම ආග­මික සිද්ධ­ස්ථා­න­ව­ලට ද කෙළින් ම බල­පාන පරිදි බදු බර අඩු කළේ ය.

ඒ අනුව මෙතෙක් කල් පන්සලේ පාසලේ හා මර­ණා­ධාර සමි­තියේ සුබ­සා­ධක සංග­මයේ එක­තු­වෙන අපේ මුදල තැන්පත් කළ ගිණු­මට බදු ගැසීම් අව­සන් විය. එමෙන් ම ස්ථිර තැන්පතු සඳහා පොලී මත අය කළ බද්ද ද දැන් අහෝසි කර ඇත. රටේ ඕනෑම පුද්ග­ල­යකු බදු ගෙවිය යුත්තේ මස­කට රුපි­යල් ලක්ෂ 2.5ක් පමණ ආදා­ය­මක් ලැබු­වොත් පමණි. උප­යන විට ඉතිරි කිරීමේ බද්ද ද මස­කට ලක්ෂ 2.5ට වඩා උප­යන අයට පමණි. වැට් බද්ධ 15%කින් අඩු කිරීම හා දුර­ක­ථන ගාස්තු බද්ධ, ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ කට­යු­තු­ව­ලදී අය කරන බද්ධ ද අඩු­ක­රනු ලැබ ඇත.

පිට­ර­ටින් උප­යා­ගෙන එන සියලු ආදා­යම් හා එලෙස ගෙන එන භාණ්ඩ සියල්ල බද්දෙන් නිද­හස් කර ඇති අතර නිවාස ඉදි­කි­රී­මේදී අය කරන බදු ද අඩු කර ඇත.

මේ අනුව මේ සියලු බදු අඩු කිරීම් නිසා රටේ මිලි­යන 2කට අධික සියලු ජන­තා­වට මේ නත්තල් සම­යේදී හා අලුත් අවු­රුද්දේ බඩු භාණ්ඩ ගන්නා විට මහඟු සෙතක් ආර්ථික වාසි­යක් ලැබේ. ජාතිය ගොඩ­නැ­ඟීමේ බද්ද කොටස් වෙළෙඳ පොළ ප්‍රාග්ධන බද්ද මහල් නිවාස සඳහා වැට් බද්ධ ආදී බදු රැසක් අහෝසි කිරී­මෙන් ලැබෙන ප්‍රති­ලාභ ද දැන් ජන­තා­වට ලැබෙ­මින් පවතී. මේ අනුව ජීවන බර අඩු වී ආර්ථික ගැටලු අවම වී ඉදිරි උත්සව සමය සතු­ටින් සිටී­මට අව­ස්ථාව උදා­වෙන ඇතැයි ආර්ථික පර්යේ­ෂ­කයෝ පව­සති.

ඊට පසු මුදල් අමා­ත්‍යාං­ශය මගින් ගත් ඉතාම වැද­ගත්ම පිය­වර වූයේ අපේ රටේ වැවෙන නමුත් මෙතෙක් පිට­ර­ට­ව­ලින් ගෙන්වීම සිදුවූ කුළු­බඩු වර්ග කීප­ය­කට වැට බැඳී­මයි. ඒ අනුව මින්පසු අපේ­ර­ටට ගම්බි­රිස්, කරාබු නැටි, කහ, කරුංකා, සිය­ඹලා, පුවක් ඇතුළු කුළු­බඩු ගණ­නා­වක් මෙර­ටට ගෙන්වී­මට ප්‍රති­අ­ප­න­ය­නය කිරීම තහ­නම් කර තිබේ. ඒ සම­ඟම හඳු­න්කූරු, සරුං­ගල්, වෙසක් කූඩු පිට­ර­ටින් ගෙන්වීම ද තහ­නම් කර තිබේ. ඒ අනුව මෙරට ඉහත කර්මාන්ත ශාලා මෙන් ම අපේ තරුණ පර­පුරේ නිර්මා­ණ­ශී­ලී­ත්වය දියුණු කිරී­මට ද වෙසක් කූඩු හා සරුං­ගල් පිට­ර­ටින් ගෙන්වීම නැවැ­ත්වීම හේතු­වක් වනු ඇතැයි තොර­තුරු සන්නි­වේ­දන හා තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පව­සයි.

ඊට අම­ත­රව පසු­ගිය කාලයේ අපේ රට බ්‍රිතා­න්‍යයේ කුණු ගොඩ බවට අ‍ෙප් රට පත් කළ කුණු කසළ ප්‍රති­අ­ප­න­ය­නය කිරීම ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරීම පිරි සැක­සුම් කිරීම පිණිස මෙර­ටට ගෙන්වීම හා ඒ ආශ්‍රිත කර්මාන්ත ද මෙරට තහ­නම් කිරී­මට රජය පිය­වර ගෙන තිබේ. පසු­ගිය සමයේ බ්‍රිතා­න්‍ය­යෙන් අපේ රටට කුණු කසළ කන්ටේ­නර් 200 ක් ගෙනැ­විත් සිදුවූ පරි­සර විනා­ශය වැනි දේ යළි සිදු නොවී­මට මෙවැනි නීති රීති ඉතා අත්‍යා­වශ්‍ය කාලීන ඒවා බව පරි­ස­ර­වේ­දීගේ ද මතය වී ඇත‍.

පසු­ගිය රජය කාලයේ සිදු­වූයේ ආන­යන වැඩි කොට අප­න­යන අඩු කිරී­මයි‍. නමුත් අපේ රට වැනි තව­මත් කෘෂි­ක­ර්මා­න්තය මත වැඩි­පුර යැපෙන ජන­තා­වක් ඇත. සංව­ර්ධ­නය වෙන රටක පාල­කයෝ කළ යුත්තේ අප­න­යන වැඩි කොට ආන­යන සීමා කිරී­මයි.‍ වත්මන් ජන­පති අග­මැති ප්‍රමුඛ රජය දැන් කර­ගෙන යන්නේ ඒ සද්කා­ර්ය­යයි.

අලුත් සංඛ්‍යා ලේඛන අනුව පසු­ගිය වස­රේදී බඩ ඉරිඟු මෙ.ටො. 10ක්, කුර­ක්කන් මෙට්‍රික් ටොන් 3ක් කහ මෙට්‍රික් ටොන් 5ක් සිය­ඹලා මෙට්‍රික් ටොන් 5ක් පොල් මෙට්‍රික් ටොන් 85 ක් කොමඩු මෙට්‍රික් ටොන් දශම 3ක් හා පොල් තෙල් මෙට්‍රික් ටොන් 9ක් ද ආසන්න රට­ව­ලින් අපේ රටට ගෙන්වා ඇත. ඊට අම­ත­රව ගම්බි­රිස්, තේ, කරාබු නැටි වැනි දේවල් මෙර­ටට ගෙන්වීම හා ප්‍රති­අ­ප­න­ය­නය නිසා අපේ ඒ නිපැ­යු­ම්ව­ලට තැනක් නැති විය. සිය­ඹලා කාල­යට රජ­රට ගස් යට වැටෙන සිය­ඹලා එකතු කිරී­මට කවු­රු­වත් නැති­වී­මත් කොමඩු කිලෝ 100 – 200 අලින්ට කෑමට දීමත් පිළි­බ­ඳව සිතන විට ඒවා රටින් ගෙන්වූයේ ඇයි දැයි සොයා බැලිය යුතු ය.

‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අනුව රජය දිග­ටම කට­යුතු කර­මින් ජනතා සුබ­සෙත අනුව රජය දිග­ටම වැඩ කට­යුතු කර­මින් පැව­තීම සැමට සෙතකි.

ඒ සම­ඟම මෙරට උසස් පෙළ සමත් සියලු දෙනාට විශ්ව විද්‍යාල අධ්‍යා­ප­නය ලැබීම හා ඒ අයට උපා­ධි­යක් ලබා ගැනී­මට ද වහාම වැඩ කට­යුතු යොදන ලෙස ජනා­ධි­ප­ති­තුමා උසස් අධ්‍යා­පන ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාට උප­දෙස් දී ඇත.

ඒ අනුව අලු­තින් රටේ හැම දිස්ත්‍රි­ක්ක­ය­කම අලුත් විශ්ව විද්‍යා­ලය බැගින් පිහි­ටු­වනු ලැබේ. ඊට අම­ත­රව දැනට ගුරු­ව­රුන් පුහුණු කිරී­මට ඇති ගුරු විද්‍යා පීඨ සිය­ල්ලම විශ්ව විද්‍යාල බවට පත් කෙරේ. ප්‍රමුඛ පෙළේ ආයු­ර්වේද විද්‍යාල ද විශ්ව විද්‍යාල මට්ට­මට උසස් කෙරේ. රජයේ වෘත්තිය පුහුණු පාසල් කාර්මික විද්‍යා­ල­ව­ලින් පිට­වෙන තරුණ තරු­ණි­යන්ට හොඳ පුහු­ණු­වක් සමඟ ලොව පිළි­ගන්නා වෘත්තීය උපා­ධි­යක් ලබා ගැනීමේ අව­ස්ථාව සලසා දෙනු ලැබේ. ඊට අම­ත­රව මඩ­ක­ල­පුවේ ශරියා විශ්ව විද්‍යා­ලය ද ජාතික විශ්ව විද්‍යාල පද්ධ­ති­යට ඇතු­ළත් කිරී­මට ද ජනා­ධි­ප­ති­තුමා උප­දෙස් දී ඇත. මේ අනුව උසස් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය පව­සන්නේ මේ සියලු කට­යුතු මගින් දැනට විශ්ව විද්‍යා­ල­ව­ලින් බිහි කරන උපා­ධි­ධා­රීන් පිරිස මෙන් තුන්ගු­ණ­ය­කට අධික උපා­ධි­ධා­රීන් පිරි­සක් ලබන වසර තුන ඇතු­ළත බිහි කිරී­මට යෝජිත බවයි.

ජනා­ධි­ප­ති­තු­මාගේ දැඩි තීරණ මත මින් ඉදි­රි­යට ඇමැ­ති­ව­රුන්ට අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට රාජ්‍ය ඇමැ­ති­ව­රුන්ට නිල­ධා­රීන්ට අලුත් වාහන පිට­ර­ටින් ගෙන්වීම තහ­නම් කර තිබේ. තිබෙන අලුත් වාහ­න­ව­ලින් තම කට­යුතු කළ යුතු ය. අලුත් සමී­ක්ෂණ අනුව මේ නිසා රටට වස­ර­කට ඉති­රි­වන මුදල අඩු වශ­යෙන් කෝටි 1000 කි. 2016, 2017 වස­ර­වල පම­ණක් ඇමැ­ති­ව­රුන්ට අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට ප්‍රධා­නීන්ට වාහන ගෙන්වී­මට රජය වැය කර ඇති මුදල රුපි­යල් දස ලක්ෂ 3215 ට වැඩිය. ඊට අම­ත­රව ඒ වාහන රක්ෂ­ණය කිරී­මට තවත් මිලි­යන 500 ක් වැය කර තිබේ.

ඊට අම­ත­රව ජනා­ධි­ප­ති­තුමා ගිය ප්‍රථම විදේශ සංචා­ර­ය­කදී ඉන්දි­යා­වෙන් ඩොලර් මිලි­යන 450 ක මුද­ලක් ද අපේ සංව­ර්ධන කට­යුතු සඳහා ලබා­ගත හැකි විය. MCC ගිවි­සු­මෙන් ලංකා­වෙන් 1/5ක් ඇමෙ­රි­කා­වට ලබාදී ගන්න ගිය මුදල වූයේ ඩොලර් මිලි­යන 450කි. නමුත් ඊට සමාන මුද­ලක් එනම් රුපි­යල් මිලි­යන 450ක් ගිවි­සු­මක් නැතිව ලක්ෂ ගණ­නට අපේ අලුත් ජනා­ධි­ප­ති­තු­මාට අව­ස්ථාව ලැබීම මුළු ආසි­යා­වම විශ්ම­යට පත්වන කරු­ණක් වී තිබේ.

පරි­සර පොලිස් කණ්ඩා­යම් පත් කර ඔවුන්ට බයි­සි­කල් පම­ණක් නොව මෝටර් සයි­කල් ද ලබාදී ර‍ෙට් ගම් නිය­ම්ගම් හා නග­ර­වල පරි­ස­රය සුරැ­කී­මට ද දැන් ජනා­ධි­ප­ති­තු­මාගේ උප­දෙස් පරිදි පොලි­සිය කට­යුතු කරනු ලැබේ. ඒ සම­ඟම තරුණ පිරිස ස්වේච්ඡා­වෙන් ඉදි­රි­පත්වී නගර අලං­ක­ර­ණය කිරීම ද ඇරැඹී ඇත.

කොළඹ නග­රය කුණු කසළ ප්‍රශ්නය අලු­යම 5.30 ට සිටම විස­ඳී­මට දැන් පරි­සර පොලිස් බළ­කාය යොදවා තිබේ. ඊට අම­ත­රව මාර්ග අසල හා ජල මාර්ග අපි­රි­සිදු කිරීම දඬු­වම් ලබත හැකි බර­ප­තළ වර­දකි. ඒවා පිළි­බ­ඳව බැලී­මට අලුත් පරි­සර පොලිස් නිල­ධා­රීහු පත්කර ඇත. ජංගම දුර­ක­ථන පම­ණක් නොවේ. නිවා­ස­වල සවි­කළ දුර­ක­ථ­න­ව­ලට ද දැන් බදු මුදල් අඩු කර ඇත.

ජනා­ධි­පති තුමාගේ නියෝග අනුව කිසිම රාජ්‍ය ආය­ත­න­ය­කට පෞද්ග­ලික ස්ථාන කුලි­යට ගෙන තම අමා­ත්‍යාංශ හා ආය­තන පව­ත්වා­ගෙන යාම තහ­නම් ය‍. පසු­ගිය කාලයේ රුපි­යල් කෝටි ගණන් ගෙවා නළු නිළි­යන්ගේ ගොඩ­නැ­ඟිලි කුලි­යට ගත් අවස්ථා තිබිණි. එවැනි රටේ මුදල් කාබා­සි­නියා නොකර මේ රට සන­සන ර‍ටේ මුදල ඉතිරි කරන නියෝ­ගය රටේ ඉදි­රි­ග­ම­නට ඉතා හිත­කර ය. ඊට අම­ත­රව විෂ­ය­යන් රැසක් තිබෙන ඇමැ­ති­ව­රුන්ට තබා ගත හැක්කේ එක් පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ල­යක් හා එක් අමා­ත්‍යාං­ශය ගොඩ­නැ­ඟි­ල්ලක් පම­ණක් බවට ද ජනා­ධි­ප­ති­තුමා උප­දෙස් දී ඇත. එය ද ර‍ෙට් මුදල් ඉතිරි කරන කාලෝ­චිත පිය­ව­රකි.

ජාතික පාසල් 1000 ක් අලු­තින් රට­පුරා ඇති කිරී­මට ද කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කර තිබේ. ඒ අනුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස 129 කට පමණ අලුත් ජාතික පාසල් ඉදි­ක­රනු ලැබේ. එක් ප්‍රාදේ­ශීය ලේකම් බල ප්‍රදේ­ශ­යක අංග සම්පූර්ණ පාසල් තුන බැගින් සංව­ර්ධ­නය කර ඒවා ජාතික පාසල් බවට පත් කරනු ලැබේ. ඒ සම­ඟම සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම ත්‍රෛභා­සික ඉගෙ­නුම් අවස්ථා සහිත ජාතික පාසල බැගින් ආරම්භ කෙරෙන බව අධ්‍යා­පන ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා පව­සයි. ඉන් සෙත සැල­සෙන සිසු පිරිස ලක්ෂ­ය­කට ආසන්න වේ. ඉන් දෙම­වු­පි­යන්ට ද මහත් අස්වැ­සි­ල්ලක් ලැබෙනු ඇත.

ඉහළ යන සහල් මිල අවම කිරී­මට සහල් සඳහා රුපි­යල් 98 ක පාලන මිලක් ඇති කරන අතර සහල් පිට­ර­ටින් ගෙන්වීම නතර කර ඇත.

මෙරට ප්‍රථම වරට දුප්පත් අඩු ආදා­යම් ලාභී පවු­ල්වල තරුණ තරු­ණි­යන් ලක්ෂ­යක පමණ බහු­කාර්ය සංව­ර්ධන බළ­කා­යක් පිහි­ටු­වී­මට අමාත්‍ය මණ්ඩ­ලය තීර­ණය කර තිබේ. ඊට අම­ත­රව අලි මිනිස් ගැටුම් අවම කිරී­මට අලි විදුලි වැට සකස් කිරී­මට තරු­ණ­යන් 1000 ක බළ­කා­යක් සහිත අලුත් වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­වට නංවා ඇත. රටේ දැවෙන ප්‍රශ්න­යක් වන හාල් මිල වැඩි­වීම අවම කිරී­මට රජය සතු වී කොටා හාල් කර වෙළෙඳ පොළට යැවී­මට කට­යුතු කිරීම ද පාරි­භෝ­ගික ජන­තා­වට සතු­ටට කරු­ණකි. එමෙන් ම හාල් කිලෝ­වක් රුපි­යල් 98 දීමට ද තීර­ණය කර ඇත. ඛනිජ තෙල් මිල සූත්‍රය අව­ලංගු කිරීම ආග­මික ස්ථාන­ව­ලින් බදු මුදල් අය කිරීම නවතා දැමීම ද රටට ජන­තා­වට හිත­කාමී තීර­ණවේ.

ඒ සම­ඟම ටෙලි­කොම් සමා­ගම් ඇතුළු මෙරට සිය­ලුම රාජ්‍ය ආය­ත­න­වල සභා­ප­ති­ව­රුන්ට අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන්ට ගෙවූ අධික වැටුප ද අඩු කිරී­මට ද ජනා­ධි­ප­ති­තුමා උප­දෙස් දී තිබේ. ඒ ආය­ත­න­වල විය­දම් අර­පි­රි­මැ­ස්මෙන් පාවිච්චි කිරී­මට ද උප­දෙස් දී ඇත‍.

රජයේ ඉහ­ළම විධා­යක නිල­ධා­රින්ට රුපි­යල් 15000 ක දීම­නා­වක් ලබා­දී­ම­ටත් රජයේ සියලු ආය­ත­න­ව­ලට ප්‍රසාද දීමනා හා උත්සව අත්ති­කා­රම් ලබා­දී­මට ද ඇමැති මණ්ඩ­ලය තීර­ණය කර ඇත.

මෙරට ප්‍රථම වරට ආය­තන සභා­ප­ති­ව­රුන් හා අධ්‍ය­ක්ෂ­ව­රුන්ව පත්කි­රී­මට ඉල්ලු­ම්පත් කැඳ­වී­මත් සම්මුඛ පරී­ක්ෂණ පවත්වා සභා­ප­ති­වරු පත් කිරී­මත් රටේ ජන­තාව අගය කරන තවත් කට­යු­ත්තකි. මේ දින 25 ට මේ රජය කළ මේ වැඩ ටික ඓති­හා­සික කාර්ය­යක් බව එතෙර මෙතෙර දේශ­පා­ලන විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස වී තිබේ.

මේ කරුණු අනුව ඉදිරි දින­වල එළැ­ඹෙන නත්තල හා නව වසර වෙන­දාට වඩා සතු­ටින් ගත කිරී­මට අපේ රටේ ජන­තා­වට අව­ස්ථාව සැල­සෙනු ඇතැයි ආර්ථික විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හස වී ඇත.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­තු­මාත් නව ඇමැති මණ්ඩ­ල­යත් රාජ්‍ය ඇමැ­ති­ව­රුනුත් ජාති ආගම් කුල බේද­යෙන් තොරව රටේ ම ජන­තා­වට මෙලෙස සහන සැලසූ අතර ඉදි­රි­ය­ටත් තවත් ජනතා සහන රැසක් ලැබෙනු නොඅ­නු­මා­නය. එය පොහො­ට්ටු­වට ඡන්දය දුන් ජන­තා­වට පම­ණක් නොව මුළු රටේ බාල තරුණ මහලු සැමගේ ගතට සතු­ටක් හා හිතට සහ­න­යක් වනු ඇත.

Comments