අපේ කුළුබඩුවල “සැර” දැන්වත් පෙන්වමු | සිළුමිණ

අපේ කුළුබඩුවල “සැර” දැන්වත් පෙන්වමු

 

 

ශ්‍රී ලංකා නාමය යටතේ අන්ත­ර්ජා­තික වෙළෙ­ඳ­පො­ළට යොමු කරනු ලබන කුළු­බ­ඩු­ව­ලට පව­තින්නේ ඉහළ ඉල්ලු­මකි. එයට හේතුව ඒවා ගුණා­ත්මක බවෙන් ඉතා උසස් මට්ට­මක පැව­තී­මය. අන්ත­ර්ජා­තික වෙළෙ­ඳ­පොළේ ශ්‍රී ලාංකික කුළු බඩු සඳහා පව­තින මේ ඉහළ පිළි­ගැ­නීම ප්‍රයෝ­න­යට ගත් කූට වෙළෙ­ඳුන් අධික ලාභ ලැබීමේ අපේ­ක්ෂා­වෙන් අප­න­යන ක්‍රියා­ව­ලිය තුළ සිදු කළ වංච­නික ක්‍රියා හේතු­වෙන් අද වන විට මෙරට කීර්ති නාමය බොහෝ සෙයින් පිරි­හී­මට ලක්ව තිබේ. වෙනත් රට­ව­ලින් නැව් මඟින් ගෙන එන ගම්මි­රිස් වැනි භෝග බහා­ලුම් නැව් තොටේ­දීම ශ්‍රී ලංකා ලේබ­ලය යටතේ වෙනත් රට­ව­ලට යවනු ලැබුවේ ප්‍රති-අප­න­යන ක්‍රියා­ව­ලිය වැරදි ලෙස භාවිත කර­මිනි.

 

ලෝක ගම්මි­රිස් අව­ශ්‍ය­තා­වෙන් 55%ක් පමණ සප­යන විය­ට්නාම් ගම්මි­රි­ස්වල මිල අපට වඩා අඩුය. එය ශ්‍රී ලංකා ගම්මි­රි­ස්ව­ලට අන්ත­ර්ජා­තික වෙළෙ­ඳ­පොළේ හිමි වන මිලෙන් අඩක් පම­ණය. අපේ ගම්මි­රි­ස්වල පවත්නා සැර, සුවඳ ඇතුළු ඉහළ ගුණා­ත්මක භාවය නිසා හිමි­වන ඉහළ මිල ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් ඇතැම් කූට වෙළෙ­ඳුන් විය­ට්නාම් ගම්මි­රිස් මෙර­ටට ආන­න­ය­නය කර මෙරට ගම්මි­රිස් හා කළ­වම් කර ශ්‍රී ලංකා නාමය යටතේ අප­න­ය­නය කිරීම කලක පටන් ක්‍රියා­ත්මක විය. මේ හේතු­වෙන් ශ්‍රී ලංකා ගම්මි­රි­ස්වල ගුණා­ත්මක භාවය සම්බ­න්ධව ප්‍රශ්න­කාරි තත්ත්ව­යක් මතු වීම නිසා අපේ ගම්මි­රි­ස්ව­ලට ඇති ඉල්ලුම අඩු වී, මිලද පහත වැටිණි.

 

ගැට­ලු­වට විස­ඳුම්

 

මේ සියලු ක්‍රියා­වල ප්‍රති­ඵ­ල­යක් ලෙස කබ­ලෙන් ළිපට වැටුණේ අප­න­යන කෘෂි­භෝග වගා­ක­රු­වෝය.

ඉතා බර­ප­තළ ලෙස මෙරට ආර්ථි­ක­යට බලපෑ මේ ගැට­ලු­වට විස­ඳුම් සෙවීමේ ආර­ම්භ­යක් ලෙස වත්මන් ආණ්ඩුව පසු­ගිය දෙසැ­ම්බර් මස 5 දින කුරුඳු, ගම්මි­රිස්, සාදික්කා, සිය­ඹලා, පුවක්, ඉඟුරු, කහ, කරාබු සහ එන­සල් යන‍ ­භෝග 9 ආන­ය­නය හා සුළු සැක­සුම් කිරී­මෙන් අන­තු­රුව සිදු කරන ප්‍රති-අප­න­ය­නය මුළු­ම­නින්ම තහ­නම් කළේය.

අප­න­යන කෘෂි­භෝග වගාව ජීවි­කාව කර­ගත් ලක්ෂ 10ක පමණ පිරි­සක් මෙරට සිටින අතර රටට විදේශ විනි­මය ගෙන ඒම පිණිස ඔවුන් ගන්නා වෙහෙස සුළු-පටු එකක් නොවේ. 2018 සංඛ්‍යා­ලේ­ඛන අනුව කුරුඳු, ගම්මි­රිස්, සාදික්කා, කරාබු, බුලත්, පුවක් ඇතුළු සියලු අප­න­යන කෘෂි­භෝග මෙ.ටො. 48,331ක් මෙර­ටින් අප­න­ය­නය කර තිබේ. එම­ඟින් උප­යන ලද අදා­යම රු. මිලි­යන 64,590කි. මේ අගය රුපි­යල් රු. මිලි­යන ලක්ෂය නැත හොත් බිලි­යන 100ක් දක්වා ගෙන ඒම අප­න­යන කෘෂි­කර්ම දෙපා­ර්තු­මේ­න්තුවේ අර­මු­ණය.

මේ ඉල­ක්කය ජය ගැනීම සඳහා යන ගම­නේදී දෙපා­ර්තු­මේ­න්තුව හා අප­න­යන කෘෂි­භෝග වගා­ක­රු­වන් මුහුණ දුන් ප්‍රධා­න­තම අභි­යෝ­ගය වූයේ නිෂ්පා­ද­න­ව­ලට ලෝක වෙළෙ­ඳ­පොළේ හොඳ මිලක් නොලැ­බීම හා ශ්‍රී ලංකා නිෂ්පා­දන සඳහා පව­තින ඉල්ලුම ක්‍රම­යෙන් අඩු වීමය.

පසු­ගිය වසරේ ගම්මි­රිස් මෙ.ටො. 13,118ක් අප­න­ය­නය කර රු. මිලි­යන 12,075ක් ලබද්දී අප ගම්මි­රිස් මෙ.ටො. 3,179ක් ආන­ය­නය කර තිබේ.ඒ වෙනු­වෙන් වැය කර තිබෙන මුදල රු. මිලි­යන 1,931කි. එව­සරේ කොකෝවා සහ ඒ ආශ්‍රිත නිෂ්පා­දන මෙ.ටො. 2,324ක් අප­න­ය­නය කර රු. මිලි­යන 1,205ක ආදා­ය­මක් ලබද්දී ඒ නිෂ්පා­දන මෙ.ටො. 4,866ක් ආන­ය­නය කිරී­මට අප වැය කර තිබෙන මුදල රු. මිලි­යන 3,425කි. 2017ට සාපේ­ක්ෂව 2018දී කුළු­බඩු අප­න­යන ප්‍රමා­ණය 19.6%කින් පහත බැස තිබෙන අතර, ඊට සාපේ­ක්ෂව අප­න­යන අදා­යම 11.3%කින් පහත බැස තිබේ.

වසර 2015දී දේශීය කුළු­බඩු මෙ.ටො. 71,455ක්ද, 2016දී මෙ.ටො. 44,860ක්ද, 2017දී මෙ.ටො. 60,103ක්ද 2018දී මෙ.ටො. 48,331ක්ද අප­න­ය­නය කර තිබේ. එම­ඟින් ලද ආදා­යම පිළි­වෙ­ළින් රු. මිලි­යන 61,510ක්, 51,738ක්, 71,970ක් හා 64,331කි. මේ දත්ත අනුව 2017ට සාපේ­ක්ෂව 2018දී අප­න­යන ප්‍රමා­ණ­යත්, ඉන් ලද ආදා­ය­මත් පැහැ­දිලි ලෙස අඩුව තිබේ. ගුණා­ත්මක තත්ත්ව­යෙන් ඉතා ඉහළ අග­යක පැවති දේශීය කුළු­බ­ඩු­ව­ලට අන්ත­ර්ජා­ති­කව පවත්නා කීර්ති­නා­මය පසු­ගිය සමයේ ක්‍රම­යෙන් පහත වැටීම මේ තත්ත්ව­යට ප්‍රධාන හේතු­වයි.

මෙරට ගම්මි­රිස් සඳහා අන්ත­ර්ජා­තික වෙළෙ­ඳ­පොළේ පැවති රු. 1,390ක මිල පසු­ගිය සමයේ රු. 450 දක්වා බර­ප­තළ ලෙස පහත වැටිණි. මෙනිසා ගම්මි­රිස් වගා­ක­රු­වන් එය අතැර වෙනත් රැකි­යා­වල නිරත වන ස්වරූ­ප­යක් දක්නට ලැබිණි.

මේ සියල්ල සලකා බල­මින් වත්මන් ආණ්ඩුව අප­න­යන කෘෂි­භෝග 9ක් ප්‍රති-අප­න­ය­නය හා සුළු සැක­සුම් කිරී­මෙන් අන­තු­රුව සිදු කෙරෙන අප­න­ය­නය තහ­නම් කිරී­මට පිය­වර ගැනී­මත් සමඟ පහත බැස තිබූ ගම්මි­රිස් මිල මේ වන විට රු. 450 සිට රු. 750 දක්වා ඉහළ නැඟ තිබේ.

ශ්‍රී ලංකාව අප­න­ය­නය කරන කුරු­ඳු­ව­ලින් 90%ක් පමණ මිලට ගනු ලබන්න්නේ මෙක්සි­කෝ­වයි. ඉතිරි 10%ක ප්‍රමා­ණය ලතින් ඇම­රි­කානු රට­ව­ලට අප­ය­නය කරනු ලබයි. ගම්මි­රිස් වැඩි ප්‍රති­ශ­ත­යක් අප­න­ය­නය කරන්නේ ඉන්දි­යා­ව­ටය.

කරාබු, සාදික්කා, පුවක් වැනි භෝග වැඩි වශ­යෙන් මිලට ගන්නේද ඉන්දි­යා­වයි. අපේ බුල­ත්වල ප්‍රධාන ගැනු­ම්කරු වන පාකි­ස්තා­නය අප­න­යන ප්‍රමා­ණ­යෙන් 95%ක් මිලට ගනී.

කාබ­නික නිෂ්පා­දන ලෙස ලියා­ප­දිංචි වූ අප­න­යන කෘෂි­භෝග අමෙ­රි­කාව, ජර්ම­නිය වැනි රට­ව­ලට අප­න­ය­නය කරනු ලබන අතර, සුළු ප්‍රමා­ණ­යක් වන එය ඉහළ අග­යක් දක්වා වර්ධ­නය කිරී­මට සැල­සුම් සකස් කර තිබේ. වස­ර­කට අප ගම්මි­රිස් මෙ.ටො. 20,000ක් පමණ අප­න­ය­නය කරද්දී විය­ට්නා­මය මෙ.ටො. 250,000ක පමණ ප්‍රමා­ණ­යක් අප­න­ය­නය කරයි. ලෝක කුරුඳු අව­ශ්‍ය­තා­වෙන් 90%ක් පම­ණම ආව­ර­ණය කරන්නේ ශ්‍රී ලංකා­වයි.

 

කුරුඳු සඳහා ආදේ­ශ­ක­යක්

 

පසු­ගිය වසරේ කුරුඳු මෙ.ටො. 17,500ක් අප­න­ය­නය කර රු. මිලි­යන 35,000ක ආදා­ය­මක් මෙරට ඉපයූ අතර, එය ඉකුත් වසරේ සමස්ත කෘෂි­භෝග අප­න­යන ආදා­ය­මෙන් 55%කි. ඉති­හා­සයේ වැඩිම කුරුඳු අප­න­යන ආදා­යම හිමි කර­ගැ­නී­මට අපට හැකි වූයේ 2018දීය. කුරුඳු සඳහා ආදේ­ශ­ක­යක් ලෙස පව­තින කැසි­යා­වල මිල අඩු වන අතර, ඇතැම් රට­වල් සත්‍ය කුරුදු වෙනු­වට මෙය භාවිත කරයි. එහෙත් රසය අතින් සත්‍ය කුරුඳු හා කැසියා අතර පැහැ­දිලි වෙන­සක් දක්නට ලැබෙයි.

කැසි­යා­වල කුම­රින් නමැති පිළි­කා­කා­ර­කය පව­තින අතර මෙරට කුරුඳු ඒ රසා­ය­නි­ක­යෙන් තොර බැවින් අපේ කුරු­ඳු­ව­ලට පව­තින ඉල්ලුම නොවෙ­නස්ව පවතී.

දේශීය කුරු­ඳු­ව­ලින් වැඩි ප්‍රති­ශ­ති­යක් මෙක්සි­කෝ­වට අප­න­ය­නය කරන අතර, එරට සිදු වන ආර්ථික කඩා­වැ­ටීම් ඍජු­වම මෙරට කුරුඳු අප­න­ය­න­යට බල­පායි. අමෙ­රි­කාව විසින් මෙක්සි­කෝ­වට ආර්ථික සම්බා­ධක පැනවූ අව­ස්ථාවේ මෙක්සි­කානු මුදල් ඒක­කයේ අගය අඩු වීම නිසා ඔවුන්ට අපේ කුරුඳු වෙනු­වෙන් වැඩි මිලක් ගෙවන්න සිදු විය.

ඒ නිසා මෙක්සි­කෝව කුරුඳු මිලට ගැනීම අඩු කිරීමේ ප්‍රති­ඵ­ල­යක් ලෙස දේශීය කුරුඳු මිලෙහි පහත වැටී­මක් දක්නට ලැබිණි. මෙරට අප­න­යන ආදා­යම් පහත වැටී­මට එයද යම් ආකා­ර­ය­කට බලපා තිබේ.

 

මිල උච්චා­ව­ච­නය වීම

 

ගම්මි­රිස් වගා­ක­රු­වන් ලක්ෂ 1 1/2ක් පම­ණද, කුරුඳු වගා­ක­රු­වන් ලක්ෂ­යක් පම­ණද අප රටෙහි වෙති. දේශීය වශ­යෙන් කුරුඳු වගා කරන වප­ස­රිය හෙක්. 33,500කි. මෙරට කුරුඳු වගා භූමි­යෙන් හෙක්. 11,900ක් තිබෙන්නේ ගාල්ලේය. තවත් හෙක්. 9,000ක් පමණ මාතර පිහිටා තිබේ. රත්න­පුර හෙක්. 4,300ක්ද, හම්බ­න්තොට හෙක්. 3,300ක්ද ඇත. කළු­තර ඇති හෙක්ට­යාර ප්‍රමා­ණය 2505කි. ගම්මි­රිස් වැඩිම ප්‍රමා­ණ­යක් වගා කර තිබෙන්නේ මාතලේ දිස්ත්‍රි­ක්ක­යේය. මහ­නු­වර, බදුල්ල, මොන­රා­ගල හා රත්න­පු­ර­යේද ගම්මි­රිස් සැල­කිය යුතු වගා භූමි ප්‍රමා­ණ­යක් තිබේ.

මෙරට අප­න­යන කෘෂි­භෝග වගා­ක­රු­වන් තනි භෝග­යක් මත පම­ණක් යැපීම හේතු­වෙන් අදාළ භෝගයේ මිල උච්චා­ව­ච­නය වීම ගොවීන්ට තදින්ම දැනේ. මේ තත්ත්ව­යට විස­ඳු­මක් ලෙස අදාළ ගොවීන් භෝග කිහි­ප­යක් වගා කිරී­මට උනන්දු කිරීම කාලෝ­චිත අව­ශ්‍ය­තා­වකි. සුළු පිරි­සැ­ක­සුම් කර ප්‍රති-අප­න­ය­න­යද තහ­නම් කර තිබෙන බැවින් ඉදි­රි­යේදී මෙහි සාර්ථක ප්‍රති­ඵල රටක් ලෙස අපට අත්වි­ඳිය හැකිය.

අප­න­යන කෘෂි­භෝග වගා කරන දේශීය ගොවියා ශක්ති­මක් කිරීම වෙනු­වෙන් රජය ගත් මේ තීර­ණය නිසා අදාළ නිෂ්පා­දන මඟින් මෙරට පව­ත්වා­ගෙන යන කර්මා­න්ත­ව­ලට අපේ නිෂ්පා­දන අමු­ද්‍රව්‍ය ලෙස යොදා­ගැ­නී­මට සිදු වීමෙන් දේශීය ගොවි­යාගේ නිෂ්පා­ද­න­ව­ලට හොඳ මිලක් ලැබෙනු ඇත. නිසි මිලක් නැති නිසා මෙතෙක් ගබඩා කර තබා­ගෙන සිටි ගම්මි­රිස් තොග ඉදි­රි­යේදී වෙළෙ­ඳ­පො­ළට නිකුත් වනු ඇත.

මෙය ප්‍රධාන වශ­යෙන් දේශීය ගොවියා ශක්ති­මත් කිරී­මට ගත් පිය­ව­රක් ලෙස අවි­වා­ද­යෙන් හැඳි­න්වී­මට පිළි­වන.

ඉන්දි­යා­වට සාපේ­ක්ෂව අපේ කෘෂි­භෝග නිෂ්පා­ද­න­යට වැය වන පිරි­වැය ඉහ­ළය. මහා­ප­රි­මාණ වගා සීමා සහිත වීමත්, වගා කට­යු­තු­ව­ලට තාක්ෂ­ණය බද්ධ කර­ගැ­නීම ඉතා අවම මට්ට­මක පැව­තී­මත් මෙයට ප්‍රධාන හේතු­වයි.

ගම්මි­රිස් සම්බන්ධ නිෂ්පා­දන කර්මාන්ත ශාලා 5ක් කෘෂි­කර්ම නවී­ක­රණ වැඩ­පි­ළි­වෙළ යටතේ මෙරට ස්ථාපිත කිරී­මට නිය­මි­තය. රජය ගත් නව තීන්දු-නිවැ­රදි ලෙස ගළ­පා­ග­නි­මින් අපේ නිෂ්පා­ද­න­ව­ලට අගය එකතු කිරී­මක්ද සිදු කර අප­න­ය­නය කිරී­මට අව­කාශ සල­සා­ගැ­නී­මෙන් මෙරට අප­න­යන ආදා­යම අපේ­ක්ෂිත ඉලක්ක වෙත ඔසවා තැබීම අසීරු නොවේ.

Comments