මම මේ තැනට ආවේ උත්සා­හය නිසා­මයි | සිළුමිණ

මම මේ තැනට ආවේ උත්සා­හය නිසා­මයි

සාහිත්‍යයේදී කාන්තාව කියන්නේ වැලක්. ඒ කියන්නේ එතෙන්න ගහක් නැතිනම් තනිවද නැගී සිටින්නට බැරි කෙනෙක් විදිහටයි සාහිත්‍යකරුවන් විසින් ඇය හඳුන්වනු ලැබුවේ. හැබැයි අද දකින කාන්තාවන් නම් එහෙම දුර්වල නැහැ. ස්වෙච්ඡාවෙන් නැඟී සිටිනවා. ඒක සමහර විට කාලයත් එක්ක සිදුවන වෙනසක් වෙන්නට ඇති. එසේ ධෛර්යයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගත් කෙනෙක් තමයි මේනකා අමරසිංහ. රසඳුන මේ කතාබහ වෙන් වන්නේ ඇය වෙනුවෙනි.

 

නිර්මාණය ගැන කතා කරන්නත් ඉස්සෙල්ලා අපි කතා කරමු ඔබ ගැන?

මම ඉස්කෝලේ ගියේ ගාල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරාමයට. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයට ඇතුළු වුණා.

ඉන් පස්සේ?

ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාව ලැබුණේ.

හරි. එතකොට ඔයා මේ වගේ නිර්මාණ කරන්න සම්බන්ධ වුණේ?

ඒක වෙනම කතාවක්. වසර ගණනාවක් කරපු ජොබ් එකෙන් මම ඉවත් වුණා. කාර්යබහුලත්වය වැඩි නිසා. ඊට පස්සේ තමයි මම කල්පනා කළේ මගේ තියෙන හැකියාවලින් ප්‍රයෝජන ගන්න ඕනෑ කියලා. මුල්ම කාලේ මම Birthday cards හැදුවා. මම කළේ ඒවා fb දාන එක. ඒවාට මම විවිධ වර්ගයේ පාටකොළ රිබන් පාවිච්චි කළා. ඔන්න ඔය අතරෙ තමයි මේ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තේ.

ඒ කියන්නේ?

සරලවම කියනවා නම් ඒක තමයි මේ බිස්නස් එකේ ටර්නින් පොයින්ට් එක. සමහර අය මට Birthday cardsවලට ඕඩර්ස් දෙන අතරේ එක් කෙනෙක් මට wedding cards පන්සීයක ඕඩර් එකක් දුන්නා. අන්න එදා ඉඳලා තමයි මම හිතාගත්තේ දිගටම මම මේක කරන්න පටන් ගන්නවා කියලා.

හැබැයි ඔබගේ ක්‍රමවේදය අනිත් අයගෙන් වෙනස් බවක් තමයි පෙන්නුම් කරන්නේ...

ඔව්. ඒක හැමෝම කියනවා. මට ඕනෑ වුණේ අනිත් අය කරන නිර්මාණයන්ට වඩා වෙනස් විදිහට මේ නිර්මාණය කරන්න. මුලින්ම මම කළේ Birthday cards හදපු එක නතර කරන එක. ඊට පස්සේ ඉඳන් wedding cards, wedding cake boxes නිර්මාණය කරන්න පටන් ගත්තා.

එතකොට ඔයාගේ නිර්මාණ අනිත් නිර්මාණකරුවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද?

මෙහෙමයි. මම මුල ඉඳලාම මගේ වැඩ පටන් ගත්තේ අන්තර්ජාලය මුල් කරගෙන. Online bussiness එකක් කරනවා කියන්නේ ගොඩක් දෙනෙක් අතරට යන්න පුළුවන් අවස්ථාවක්. ඒ හින්දා මම මුලින්ම ‘USTYLE.LK – WEDDING INVITATIONS’ කියලා මගේ ව්‍යාපාරය පටන් ගත්තා. මගේ නිර්මාණ එළියට ආවේ ඒ හරහා. ඒත් දැන් එහෙම ව්‍යාපාරයක් නෑ. ඒක කවුරුත් කරන්නෙත් නෑ. දැන් මගේ නමින්ම මම තනි ව්‍යාපාරයක් පටන් ගත්තා. ‘fairy hopes.lk’

හරියටම කියනවා නම් ඔය නිර්මාණ බිහිවෙන්නේ මොන නමින්ද කියලා?

fairy hopes.lk නමින් තමයි දැනුත් ඉදිරියටත් මගේ අලුත්ම ඩිසයින් තියෙන wedding cards, wedding cake boxes නිර්මාණය වෙන්නේ.

අපි ආයෙත් මුලට යමු. අනිත් නිර්මාණයන්ගෙන් ඔබේ නිර්මාණ වෙනස් වෙන්නේ කොහොමද?

wedding cards, wedding cake boxes කීවොත් මේ දේවල් ගොඩක් නිර්මාණය වෙන්නේ hand made විදිහට. ඒත් මම මුල ඉඳලම මගේ ව්‍යාපාරය ප්‍රමිතියකට කරන්න බලාපොරොත්තුවෙන් හිටිය නිසා යන්ත්‍ර සූත්‍ර මුල් කරගෙන තමයි මගේ මේ හැම නිර්මාණයක්ම නිපදවෙන්නේ. මම දැන් බාරගන්නේ wedding cards, wedding cake boxes විතරයි. ඉතින් හැමදේම බදාගන්නේ නැතුව මේ දේවල් විතරක් බාර ගන්න නිසා එකම අංශයක ඉන්නකොට හොඳ නිර්මාණ බිහිවීමේ අවස්ථාව වැඩියි.

මේ දේවල් කරන විදිහ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

මුලින් කිව්වා වගේ ඉස්සර නම් මේ දේවල් සිද්ධ වුණේ විවිධ පැහැ කොළවලින්, රිබන්වලින්. ඒත් මම මගේ ව්‍යාපාරය ගොඩනැංවුවා ලේසර් කට්වලින් නිර්මාණ කරන තැනටම. මේ දේවල් නිසා wedding cards, wedding cake boxes වලට තියෙන ඉල්ලුම වැඩි වුණා. ලේසර් කට්වලින්, ලීවලින් කාඩ් සහ boxes නිර්මාණය කිරීම ගොඩක් දෙනෙකුට අමුත්තක් වුණා.

එහෙම නම් ඉල්ලුම ගැනත් කතා කරමු

ඉල්ලුම නම් හොඳයි. වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ ලීවලින් කරන ආරධනා පත්‍රවලට වගේම කේක් boxes වලට. ලේසර් කට් නිර්මාණවලට ගොඩක් දෙනෙක් කැමැත්තක් තියෙනවා කියලා පේනවා. ඒ නිසා මට දැන් හොඳ වෙළෙඳපොළක් බිහිවෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් මොන පළාත්වලින්ද හොඳ ඉල්ලුමක් තියෙන්නේ?

සමස්තයක් විදිහට මට පේන්න තියෙන දේ තමයි හුඟක්ම විදේශ රටවලින් වැඩි ඉල්ලුමක් තියෙනවා. ලංකාවට ඇවිත් weddings ගන්න ඉන්න අය තමයි ගොඩක්ම online ඕඩර්ස් බාර දෙන්නේ.

ඕනෑම දෙයක් ආරම්භ කරනකොට බාධාවන් එල්ල වෙන්නේ අප නොසිතු විදිහට. මේනකාටත් ඒවගේ අභියෝගවලට මූණ දෙන්න සිදු වුණාද?

ඔව් ඒක හරි. මටත් ඔය කියනවා වගේම බාධකවලට මූණ දෙන්න සිද්ධ වුණා. ඒත් මම ඒ දේවල්වලට සැලුණේ නෑ. මම මේ හැම දෙයක්ම ඉගෙනගත්තේ මගේම මහන්සියෙන්. මේ දේවල්වලට මගේ ගෙදර අය ගොඩක් උදවු කළා. ඉතින් ඒ බාධකවලට මාව නවත්වන්න පුළුවන් වුණේ නෑ.

ඒ කියන්නේ දැන් බාධක සියල්ල අහවරයි?

තිබුණත් මම ඒවා ගණන් ගන්නේ නෑ. මොකද මගේ ව්‍යාපාරය දැන් මම ස්ථාවර තත්ත්වයකට අරන් ඇවිත් ඉවරයිනේ.

හරි එහෙම නම් අවසාන වශයෙන් මේනකාට මොකද කියන්න තියෙන්නේ?

මම දකින විදිහට ඕනම කෙනකුට යම් යම් දේවල් සම්බන්ධයෙන් විශේෂිත වූ හැකියාවක් තියෙනවා. ඒ අතරින් කාන්තාව සුවිශේෂයි. ඒ දේවල් මතු කරලා ගන්න එක අපේ වගකීමක්. ඉතින් අපට බෑ, කම්මැළියි, වෙලාවක් නෑ වගේ දේවල් මතු වෙන්න හොඳ නෑ. මම මේ තැනට ආවේ උත්සාහය නිසාමයි. කියන්න තියෙන එකම දේ තමයි හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න කියලා.

ඇණවුම් ලබාදෙන්න අවශ්‍ය අයට ඔබව සම්බන්ධ කරගන්නේ මොන විදිහටද කියල කිව්වොත්?

මගේ facebook page එකක් තියෙනවා fairy hopes.lk කියලා. මේ ඔස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

Comments