පාස්කු ප්‍රහා­ර­යෙන් පසු පොලිස් පොත් වෙනස් කරලා! කොමි­ස­මේදී හෙළි වෙයි | Page 2 | සිළුමිණ

පාස්කු ප්‍රහා­ර­යෙන් පසු පොලිස් පොත් වෙනස් කරලා! කොමි­ස­මේදී හෙළි වෙයි

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් බුද්ධි අංශ විසින් කල් තබා නිකුත් කරන ලද අන­තුරු ඇඟ­වීම් සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යක් යොමු නොකර සිට, ඒ සම්බ­න්ධව නිසි පිය­වර ගත් බවට ප්‍රහා­ර­යෙන් පසු පොලිස් ස්ථාන රැසක පොත්වල ව්‍යාජ සට­හන් තබා ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

 

පසු­ගිය සිකු­රාදා (13) කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍ර­යේදී විශේෂ විම­ර්ශන කොමි­සම හමුවේ සාක්ෂි දෙමින් කොට­හේන පොලී­සියේ හිටපු ස්ථානා­ධි­ප­ති­ව­රයා පවසා ඇත්තේ පොලිස් පොත්වල ව්‍යාජ සට­හන් තැබී­මට තමාට සිදු වූයේ එව­කට කොළඹ උතුර කොට්ඨා­සය භාර ‍පොලිස් අධි­කාරී සංජීව බණ්ඩාර මහ­තාගේ බල­පෑම් නිසා බවයි. තමා පොලිස් පොත්වල ඒ පරි­ද්දෙන් සට­හන් තබා තිබේ­දැයි අප්‍රේල් 28 වැනිදා රාත්‍රී පොලිස් අධි­කා­රි­ව­රයා පැමිණ පරීක්ෂා කළ බවද කොමි­සම හමුවේ පැව­සීය. පොලිස් අධි­කා­රි­ව­රයා ඒ සඳහා පැමි­ණෙන බව කල් තියා දැනුම් දුන් බැවින් පාලන අංශයේ නිල­ධා­රීන් මඟින් මේ පොත්පත් වෙනස් කළ බවද ඔහු කොමි­සම හමුවේ පැව­සීය. කොළඹ උතුර පොලිස් කොට්ඨා­ස­යට අයත් පොලිස් ස්ථාන­ව­ලට මේ නියෝ­ගය දී තිබුණු බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පසු­ගිය කාලයේ සිළු­මිණ පළ කළ විශේ­ෂාංග කිහි­ප­ය­ක­දීම මේ පොලිස් වාර්තා වෙනස් කිරීම සම්බ­න්ධ­යෙන් වාර්තා කර තිබිණි.

Comments