චම්පිකට විදෙස් ගමන් තහනම් | සිළුමිණ

චම්පිකට විදෙස් ගමන් තහනම්

වසර 2016 බොරැල්ල, රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ දී සන්දීප් නැමැති තරු­ණ­යකු රිය අන­තු­ර­කට ලක් කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ව­ලට අදා­ළව පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහ­තාගේ සහ එම අන­තුර සිදු වන අව­ස්ථාවේ රියැ­දුරා ලෙස කට­යුතු කළ තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහ­නම් කර­මින් පෙරේදා (13) නියෝ­ග­යක් නිකුත් කළේය.

කොළඹ අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් කරනු ලැබූ ඉල්ලී­මක් සලකා බැලී­මෙන් පසුව අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ අංක 04 විසින් එම නියෝ­ගය නිකුත් කරනු ලැබීය.

Comments