කසළ තේ වැට­ලීම් දිග­ටම | සිළුමිණ

කසළ තේ වැට­ලීම් දිග­ටම

මෙර­ටට ඉහ­ළ­තම විදේශ විනි­ම­යක් ගෙනෙන ‘සිලෝන් ටී’ නාම­යට විශාල හානි­යක් කරන ‘කසළ තේ’ ජාවා­ර­ම්ක­රු­වන් සොයා දිගින් දිග­ටම වැට­ලීම් සිදු කරන බව පොලිස් විශේෂ කාර්ය බළ­කායේ  ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැව­සීය.

2011 වසරේ සිට පොලිස් විශේෂ කාර්ය බළ­කාය සිදු කළ කසළ තේ වැට­ලීම් 270කදී සැක­ක­රු­වන් 446 දෙනකු අත්අ­ඩං­ගු­වට ගත් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ඒ සැක­ක­රු­වන් සමඟ කසළ තේ කිලෝ­ග්රෑම් 38,44,074ක ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති බවද කීවේය.

මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ උඩු­නු­වර ප්‍රදේ­ශයේ වෙල­ම්බොඩ, දවු­ල­ගල, බූවැ­ලි­කඩ, හන්දෙස්ස, මුරු­ත­ලාව ප්‍රදේ­ශ­වල මෙන්ම අම්බ­ල­න්ගොඩ, ඇල්පි­ටිය, රත්න­පුර, උස්වැ­ට­කෙ­යි­යාව, පෑලි­ය­ගොඩ ආදි පෙදෙ­ස්වල මහා පරි­මා­ණ­යෙන් ක්‍රියා­ත්මක කසළ තේ ජාවා­ර­ම්ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට තොර­තුරු දෙමින් සහාය වන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය.

Comments