එජාප කෘත්‍යා­ධි­කාරි රැස්වීම නොවැ­ම්බර් මාසයේ කමිටු වාර්තා­වෙන් පසු­වයි | සිළුමිණ

එජාප කෘත්‍යා­ධි­කාරි රැස්වීම නොවැ­ම්බර් මාසයේ කමිටු වාර්තා­වෙන් පසු­වයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති­සං­වි­ධාන සම්බ­න්ධ­යෙන් පත් කොට ඇති කමි­ටුව එම අධ්‍ය­යන කට­යුතු අව­සන් කොට වාර්තාව ලබා දුන් පසුව කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය රැස් කිරී­මට පක්ෂ නාය­ක­ත්වය තීර­ණය කර ඇති බව එම පක්ෂ­යට සම්බන්ධ ආරංචි මාර්ග සිළු­මි­ණට අනා­ව­ර­ණය කළේය.

පසු­ගිය සිකු­රාදා එම පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් 28 දෙනකු ලබන දෙසැ­ම්බර් මස 20 වැනි­දාට පෙර පක්ෂයේ ඉදිරි කට­යුතු පිළි­බඳ නිශ්චිත තීර­ණ­යක් ගැනීම සඳහා කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ලය රැස්වී­මක් පව­ත්වන ලෙසට එක්සත් ජාතික පක්ෂ නාය­කයා වෙත ලිපි­යක් යොමු කර තිබේ. පක්ෂ සභා­පති කබීර් හෂීම්, මලික් සම­ර­වි­ක්‍රම, මංගල සම­ර­වීර ඇතුළු මන්ත්‍රි­ව­රුන් 28 දෙනකු මේ ලිපි­යට අස්සන් තබා ඇති අතර, මේ පිළි­බඳ කළ විම­සී­මේදී පක්ෂ ආරංචි මාර්ග සඳ­හන් කළේ මේ වන­විට පක්ෂයේ සිදු විය යුතු ප්‍රති­සං­වි­ධාන සම්බ­න්ධ­යෙන් පත් කළ කමි­ටුවේ කට­යුතු අව­සන් වූ විට ඕනෑම වෙලා­වක කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යක් කැඳ­වී­මට නාය­ක­ත්වය සූදා­මින් සිටින බවයි. ඉදි­රි­යේදී කට­යුතු සිදු විය යුතු ආකා­රය සම්බ­න්ධ­යෙන් සොයා බලා නිර්දේශ කිරී­මට ලක්ෂ්මන් කිරි­ඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතු­කෝ­රාල ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ­ය­න්ගෙන් යුතු කමි­ටු­වක් මේ වන විට පත් කොට ඇති අතර, ඔවුන් විසින් ලබා දෙන අව­සන් වාර්තාව මත කට­යුතු කිරීම සඳහා මෙසේ කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­යක් කැඳ­වීම වැද­ගත් බවද ඉහත ආරංචි මාර්ග­වල දැක්වේ.


 

Comments