ශ්‍රී ලාංකික බර්ගර් ලේඛ­කයා කාල් මුලර් | සිළුමිණ

ශ්‍රී ලාංකික බර්ගර් ලේඛ­කයා කාල් මුලර්

ප්‍රකට ශ්‍රී ලාංකික ලේඛකයෙකු, කවියෙකු හා ජනමාධ්‍යකරුවකු වූ කාල් මුලර් (Carl Muller) පසුගිය දා සිය දිවිසැරිය නිමා කළේ ය. මිය යන විට 84 වියේ පසුවූ ඔහු ලංකාවේ බර්ගර් ජාතිකකයන්ගේ ඛේදවාචකය අලළා ලියූ නවකතා ත්‍රිත්වය වන The Jam Fruit Tree, Yakada Yaka සහ Once upon a Tender Time වඩාත් කතා බහට ලක්විය. මේ අතරින් The Jam Fruit Tree නවකතාව 1993 දී ග්‍රේෂන් සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් ලියන ලද ඓතිහාසික නවකතාවක් වූ Children of the Lion රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

1935 ඔක්තෝබර් 22 දින මහනුවර දී උපත ලබන කාල් කාල් මුලර් වයස අවුරුදු 18 දී නිවසින් පිටව ගොස් සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ නාවිකයෙකු හා රාජකීය නාවික හමුදාවේ නිලධාරියෙකු ලෙසිනි. පසුව කෙටි කලක් ශ්‍රී ලංකා හමුදා සේවයේ ද ඔහු නියැළුණි. තරුණ වියේදීම විවාහ දිවියට එළැඹෙන අතර එ් විවාහය කෙටිකලකින් අවසන් විය. නමුත් එ් විවාහයෙන් උපන් සිය දරුවා වන රොනී තනිවම හදා වඩා ගනිමින් එතැන් සිට අවිවාහකව ගත කරන්නට ඔහු පෙලඹුණි. වයස අවුරුදු 35 ක් වන තුරුම නැවත විවාහයක් ගැන නොසිතූ ඔහු යළි විවාහ වන්නේ සිය දරුවාගේ අනාගතය ගැන සිතමිනි. දෙවන විවාහයෙන් ඔහු දියණියන් දෙදෙනෙක් හා පුතකු ගේ පියකු බවට පත්විය.

සාහිත්‍යකරුවකු වීමට අමතරව කාල් මුලර් දක්ෂ පියානෝ වාදකයෙක් ද විය. ස්වාභාවයෙන් උපන් කුසලතාවකින් එය වාදනය කලා විනා ඔහු පියනෝ වාදනය පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා නොතිබුණි. නමුත් තමන්ගේ කණට ඇසෙන ඕනෑම සංගීතයක් වාදනය කිරීමේ හැකියාව ඔහු සතු විය.

උපහාසාත්මක කතා රචනයටත්, හාස්‍යෝත්පාදක දේ බිනීමටත් ඔහු තුළ තිබුණේ නිසග කුසලතාවකි.

කාල් මුලර් සිය ජීවිත කාලය තුල විශාල සාහිත්‍ය කෘති ප්‍රමාණයක් රචනා කර තිබේ. නවකතාවන් ලෙස ජෑම් ගස (ග්‍රේෂන් සම්මානය - 1993, යකඩ යකා (1994)එකමත් එක ප්‍රියමනාප කාලයක (1995) යන නවකතා ත්‍රිත්වය සුවිශේෂ නවකතාවන් ලෙස අදටත් සැලකේ. මීට අමතරව Spit and Polish හා Maudiegirl and the von Bloss Kitchen යන නවකතා ද්විත්වය ද ඔහු රචනා කළේ ය. ඓතිහාසික ප්‍රබන්ධ රචනා කිරීමට ද ඔහු දැක්වූයේ අපූරු ප්‍රතිභාවකි. කොළඹ - (1996) චිල්ඩ්‍රන් ඔෆ් ද ලයන් (රාජ්‍ය සාහිත්‍ය සම්මානය - 1997) හා සිංහ නගරය ඔහු රචනා කල එබඳු රචනා විය.

ඔහු ගේ සාහිත්‍ය ජීවිතය තුල ශානර ගණනාවකට අයත් කෘතීන් ගණනාවක් රචනා කර ඇති අතර විද්‍යා ප්‍රබන්ධයක් ද ඊට ඇතුළත් ය. Exodus 2300 (2003) කෙටි කතා කෘති 5ක් ද කාල් කාල් මලර් රචනා කර ඇති අතර එයින් එක් කෘතියක් ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ විය. A Funny Thing Happened on the Way to the Cemetery, Birdsong & Other Tales, All God's Children (2004) (shortlisted for the Gratiaen Award), The Python of Pura Malai and Other Stories, Wedding Night (2007) යන කෙටිකතා කෘති පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඒවා වෙති.

කාව්‍ය රචනයට ද සුවිශේෂ සමත් කමක් දැක් වූ කාල් කාල් මුලර්, Father Samaan and the Devil, Sri Lanka – A Lyric, Propitiation, A Bedlam of Persuasions, Clouds over my Senses, Read Me in Silence, The Thin Red Line, Our Star ship and its Sorry Crew යන කාව්‍ය ග්‍රන්ථ 08ක් ද රචනා කර ඇත. ළමා ග්‍රන්ථ කිහිපයක් ද රචනා කර තිබේ. Ranjit Discovers Where Kandy Began (1992), The Python of Pura Malai and other stories යන ළමා ග්‍රන්ථ වලින් Ranjit Discovers Where Kandy Began කෘතිය සිංහලට පරිවර්තනය කර තිබේ.

දශක 8කට මඳක් වැඩිව ජීවිතය ගත කළ කාල් මුලර්, ලාංකීය බර්ගර්වරුන් ගෙන් සාහිත්‍යය ක්ෂේත්‍රයට පිවිසි කිහිප දෙනා අතරින් ප්‍රම්‍රඛ තැනක් සටහන් කළ සාහිත්‍ය කරුවෙකි.

 

Comments