එජාප ආණ්ඩු පාලන සමයේදි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා; ප්‍රහාරය රටේ ආර්ථිකයට විශාල වශයෙන් බලපෑම් කළා. විශේෂයෙන් සංචාරක කර්මාන්තය සහ ආයෝජනවලට එය විශාල ලෙස බලපෑමක් ඇති කළා. ඔබට පැවැරී ඇති විෂය පථයට අනුව රටේ ආයෝජන නැවත ඇති කරගැනීමටත් බිඳ වැටුණු රටේ ආර්ථිකය යළි නඟා සිටුවීමටත් ඔබ විසින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළොත්?
වසර තිහක කුරිරු ත්රස්තවාදයක් පරාජය කිරීමෙන් අනතුරුව බිදවැටුණු රට යළි නගා සිටුවීමට අපි අති විශාල මෙහෙවරක් ඉටු කළා. ඒ නිසා අපිට මේ දේවල් නුපුරුදු දේවල් නොවෙයි; අපිට හුරුපුරුදුයි. ත්‍රස්තවාදයෙන් පසුව මේ රටේ ඇති වුණ තත්ත්වයන්ට අපි මුහුණ දිලා තියෙනවා. අපට පුළුවන් වෙනවා නිවැරුදි තැනකට රට ගේන්න. අලුත් ආණ්ඩුවක් දැන් ඇවිත් තියෙන්නේ. අපේ මැතිවරණ ප්‍රකශනයේ මුල් තැනට තිබුණේ ජාතික ආරක්ෂාව. අපි ජනාධිපතිවරණයෙදි ඉතා පැහැදිලි ව ප්‍රකාශ කළා ජාතික ආරක්ෂාවට මුල්තැන දෙනවා කියලා. මැතිවරණ ප්රචාරක රැලියේදි අපේ ප්‍රධාන සටන් පාඨය එය වුණා. මේ යථාර්ථයක් බවට පත්කර ගන්න අපි අනිවාර්යෙන් ම කටයුතු කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ආයෝජකයන්ගේ පැමිණීමට ඉතා වැදගත් කරුණක් තමයි ජාතික ආරක්ෂාව. අනෙක් කරුණ රටේ දේශපාලනික ස්ථාවරය. අපිට ඒ මේ කරුණු දෙකම පරිපූර්ණය කරන්නට හැකි වෙලා තියෙනවා.
ඔබ අවධාරණය කරන ආකාරයට ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ දි ප්‍රධාන කරුණු දෙක අතරින් ජාතික ආරක්ෂාව ප්‍රධාන වෙනවා.මේ ජාතික ආරක්ෂාව සම්බන්යෙන් නව ආණ්ඩුව ගෙන ඇති පියවර මොන වගේද?
මේ වන විට බුද්ධි අංශ නිලධාරීන් පත් කරමින් බුද්ධි අංශ ශක්තිමත් කරමින් දක්ෂ නිලධාරීන් පත් කරමින් ඒ ආයතන වලට හිටපු දක්ෂ නිලධාරීන් නැවත පත්කරමින් ඒ අදාළ ආයතනවලට පත් කරමින් පවතිනවා. වගේම ඒ අයට නිසි බලතල ලබාදී තියෙනවා. විශේෂයෙන් ම යම් යම් ප්‍රධානීන් සමඟ අපි සාකච්ඡා කළා ම ඔවුන් සඳහන් කරනවා ඒ විශ්වාසය. ඒ වගේම අති දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් ඉඳලා තියෙනවා. යුද ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කරුවන් ලෙසයි අපි මේ බුද්ධි අංශ නිලධාරින් හඳුන්වන්නේ. ඒ නිසා අපි ඒ තිබුණ තත්ත්වය රටේ ඇති කළා. දේශපාලනික ස්ථාවරය ගැන අපි කිසිදු ගැටලුවක් නැහැ. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා; මේ රටේ ජනතාව මෙවර මැතිවරණයේදි හැසිරුණු ආකාරයත් ගෝඨාභය මහතා පිළිබඳ ව තැබු විශ්වාසයත් නිසා නියත වශයෙන් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ ශක්තිය අපිට හිමි වෙයි කියලා.
වත්මන් රජයට අභියෝග රැසකට මුහුණ පාන්නට සිදුවෙලා තියනවා. ලබන වසර වෙන විට අතිවිශාල මුදලක් ණය වශයෙන් ගෙවීමට සිදුවෙනවා. මේ අවස්ථාවේදී එම්. සි.සි. ගිවිසුම හරහා ලැබෙන ණය මුදල ඉතා වැදගත් නේද? ඒ වගේම එම්. සි. සි. ගිවිසුම සම්බන්ධයෙන් ඔබගේ කියැවීම කෙබදුද?
ගිවිසුම සම්බන්ධයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රටක් පාවාදෙන රටක අභ්‍යන්තර කටයුතුවලට එකඟ වන ගිවිසුම් වලට එකතු වෙලා ණය බේරගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. අපි ඉතා පැහැදිලිව ම ඒ ස්ථාවරයේ ඉන්නවා. අපිට තියන ගැටලුව තමයි අපේ පාලන කාලය තුළත් අපිට තිබුණා ණය ගෙවන්න; කලින් රජය ගත් ණයත් ගෙවන්න වුණා; එක් අවස්ථාවකවත් අපි පැහැර හැරියේ නැහැ; අපි ක්‍රමානුකූලව ගෙවාගෙන ගියා; මුල්‍යමය සංවරයක් අනුව පාලනයක් ඇති කරගත්තොත් අපිට එය අපහසු නැහැ. මහ දවල් බැංකු කොල්ල කාලා රටේ ආර්ථිකය වට්ටලා මහ භාණ්ඩාගාරය හිස්කරලා ආයෝජකයන්ට එන්න ආරක්ෂිත පරිසරයක් නැතිවුණාම රටේ ආර්ථිකය කඩා වැටෙනවා. අපි අලුත් තැනක ඉන්නේ. අලුත් ආණ්ඩුවක් අද තියෙන්නේ. අපි ඉතා පැහැදිලිවම කියනවා; කලට වේලාවට අරගෙන තියෙන ණය මුදල් ගෙවන්නට පුළුවන්. ආයෝජනයන් හැටියට එහි ප්රතිලාභ අනුව අපිට කලට වේලාවට එය කරන්නට පුළුවන්. මේ ගිවිසුම සම්බන්ධයෙන් මගේ කියවීම නම් මේ ගිවිසුම 2006 වසරේ අපි මේ ගිවිසුම අත්සන් කරන්නේ. එතකොට ගිවිසුමේ පිටුදහසයක් තිබුණා. මේ අද තියෙන කොන්දේසි තිබුණේ නැහැ. එහි අපිට වාසිදායක තත්ත්වයක් තිබුණා. නැව්වලට ප්‍රහාර එල්ල කිරීමේදී එ් තොරතුරු අපිට ලබගැනිමේ හැකියාවක් තිබුණා. වර්තමානයේ මෙය පිටු අසුවක අසුපහක පමණ ගිවිසුමක්. අාර්ථික කොරිඩෝවක් සම්බන්ධයෙන් එහි තියෙනවා. සංවර්ධනය සහ භුමියේ අයිතිය සම්බන්ධයෙන් ඇති දේ අපිට ගැටලුවක්. රටක ගිවිසුමක් ඇතිවෙනවා නම් එය ජනතාවාදි ජනතාවට හිතකර දෙයක් විය යුතුයි. රටේ ආරක්ෂාව ස්ෛවරීභාවය සම්බන්ධයෙන් සහතිකයක් තිබිය යුතුයි. ඒනිසා අපි බැලු බැල්මට ම මෙය දුටුවේ රටේ ස්ෛවරීභාවයට, එකීයත්වයට හානිදායකයි කියන කාරණාව. ජාතික බලවේගවලට අත පෙවීමට තෝතැන්නක් කර ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නිවැරදි කිරීම අපිට කරන්නට හැකි නම් අපිට ලෝකයේ ඕනෑම රටක් සමඟ ගිවිසුම් අත්සන් කරන්න පුළුවන්.
ඇතැම් ඇමැතිවරුන් කියනවා මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා ?
අත්සන් කරන්නේ නැහැ කියන කාරණාවට වඩා අපි මෙහි දී බලන්නේ අපේ පොදු ප්‍රතිපත්තිය ඇතුළේ ඉදගෙනයි. මුලින්ම රජයක් විදිහට අපි මේ ගිවිසුම හොඳින් අධ්‍යනය කළ යුතුයි. රටට අහිතකර නම් සෛවරීත්වයට බාධාවක් නම් අපි අත්සන් කරන්නේ නැහැ.
ඇතැම් අය කියනවා වැට් අඩුකළත් කොහොමද අනෙක් දේවල් කරන්නේ කියලා. ?
එතැන ප්‍රශ්න දෙකක් තියනවා. රටක දළ දේශිය නිෂ්පාදනය 1, 1/2% හෝ 2% අඩුවෙන්න මේ අය අඩු කළා. අපේ කාලයේ 7% කට කිට්ටුවෙන්න ජාතික ආර්ථිකය වර්ධනය වුණා. ඒ නිසා අපේ කාලයේ අපේ ඉලක්කය වෙන්නේ කඩාවැටුණු ආර්ථිකය දලදේශිය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස අඩුම ගානේ 6% හෝ 7% ඉහළ ගැනිමටයි මුල්‍යමය පක්ෂය ඉහළ දැමීමට අපි කටයුතු කළාම බදු ප්‍රමාණය වඩා ඉහළ ගිය බදු එකතුකිරීමක් තුළ ඒ එකතු කිරීම හරහා ජනතාව ට එහි පිඩාවක් ලැබෙන්නේ නැහැ. රටේ ජන ජිවිතය ඉහළ දැමීමට හැකිවෙනවා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත හිමිවෙනවා නම් මේ ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා කියලා ජනාධිපතිවරයා පවසනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය කුමක්ද
මේ සංශෝධනය ගෙන ආව නීර්මාතෘවරයා පවා කියනවා. මෙහි විශාල අඩුපාඩු තියනවා කියනවා. එ් නිසා මේ සම්බන්ධයෙන් 2/3 බලය විපක්ෂය විසින්ම අපිට ලබා දිය යුතුයි. එන ඕනෑම පක්ෂයක් වර්තමාන විපක්ෂය තිබුණ ආණ්ඩු පක්ෂය පවා මෙහි අඩුපාඩු දැක්කා ඉතාමත්ම විනාශකාරි වගන්ති ගණනාවක් තියනවා. එසේ කියන්නේ අපි නොවෙයි. වෙනස් කිරීමට එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ ඉඳලා හෝ සහාය දෙයි කියලා අපි විස්වාස කරනවා. පාර්ලිමේන්තුවේදි ඒ අය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. මේ අය නිසා අපිට සහය දෙයි කියලා අපි හිතනවා.
19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය යටතේ අගමැති බලවත් කර තිබෙන බව සඳහන් වෙනවා.
19වැනි සංශෝධනයෙන් ඇති වුණ යම් අඩුපාඩුවක් තිබුණා නම් මේ සහෝදරන්ගේ පැමිණිම නිසා යම් පාලනයක් ඇති වුණා. එය තීන්දුවක් ලෙසගන්න බැහැ. ඉදිරියේදී එය වෙනස් වෙන විට අපි එයට විසඳුමක් හොයාගෙන තියෙන්ට ඕන. එය වෙනස් වන විට අපි එයට දේශපාලනික වශයෙන් අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර තියාගන්නට ඕන.
මේ රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නොලැබෙන බව ඇතැම් දෙමළ මන්ත්‍රීවරුන් පවසනවා.
අනිවාර්යෙන් ම දේශපාලනික විසඳුමක් ලැබෙන්නට ඕන. ඒ ගැන අපි කතා කරලා තියනවා. දේශපාලන විසඳුම් කියන්නේ රට බෙදන තැනකට යනවා කියන එකනොවෙයි. ඒ නිසා රට බෙදන තැනක දේශපාලන විසදුම් ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තුවෙලා වැඩකුත් නැහැ. යම් කිසි බලය බෙදිමක් ප්‍රාදේශිය මට්ටමින් පවා සිදුවිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ ඒකීය රාමුව ඇතුලේ සිට ඒ වගේම සමස්ත දෙනාගේම දිළිඳුකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. එ් කෙසේ වෙතත් තමන්ගේ දේශපාලන බලය අල්ලා ගන්න ජාතිවාදය වැපිරීම ජාතිවාදින් කිහිපදෙනෙකුගේ ඉල්ලිමක් මිසක දෙමළ ජනතාවගේ ඉල්ලීමක් නොවෙයි.
දිර්ඝ කාලයක් පුරා පැවැත්වීමට නොහැකි වෙලා තිබුණ පළාත් සභා මැතිවරණය පැරණි ජන්ද ක්‍රමයටම පැවැත්වීට සුදානමක් තියනවානේද?
මේ ඡන්ද ක්‍රමයේ මහා විශාල හිඩැස් තියනවා. ඒවා මහ විනාසකාරි දේවල්. කිසිම දෙයක් කරගන්න බැරි පළාත් සභා තියනවා ජයග්‍රහණය කරලා තිෙයනවා. ඒනිසා ඒ ගැන නැවත බලන්න ඕන. කාන්තා නියෝජනය හොඳ දෙයක්. කොයි ආකාරයකින් හෝ මැතිවරණ පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නව. පක්ෂවලින් උපදෙස් දෙන්න ඕන ක්‍රමානුකූලව පත් කිරීම කරන්න. කාන්තා නියෝජනය වැඩිකිරීමට ඒ අය කටයුතු කරන්නට අවශ්‍යයි කියලා මම හිතන්නේ.
රාජ්‍ය ආයතනවලට සභාපතිවරු පත්කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට සඳහා යම් මණ්ඩලයකින් පත් කිරීමට තීරණයක් ගෙන තිෙයනවා මෙය සාර්ථකයි කියලා හිතනවා ද?
මට තියෙන්නේ මිශ්‍ර අදහසක් ප්‍රමාදවීම එතරම් හොඳ නැහැ ප්‍රමාදයෙන් පසුව වුවත් සාර්ථක විසඳුම් හිමිවෙනවා නම් කමක් නැහැ මම හිතන්නේ පැය 28 වැනි කෙටිකාලයකදී කරන්නට ඕන. සැලසුම් සහගතව යම් ප්‍රබල වැඩ පිළිවෙළක් ඉදිරියේදි ක්‍රියාත්මක වෙයි කියලා මම හිතනවා.