ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ නයිජීරියා හමුදා කඳවුර | සිළුමිණ

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ නයිජීරියා හමුදා කඳවුර

බටහිර නයිජීරියාවේ හමුදා කඳවුරක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් හමුදා සෙබලු 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආසන්න වසර කිහිපය තුළ එරටට එල්ල වූ වඩාත් දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී තවත් හමුදා සෙබලු 12 දෙනෙකු තුවාල ලබා ඇත.

නයිජීරියා ආරක්ෂක අමාත්‍ය ඉස්සොවුෆෝ කටම්බේ කියා සිටියේ මෙම ප්‍රහරයට සම්බන්ධ ත්‍රස්තයන් විශාල පිරිසක් ප්‍රති ප්‍රහාරවලින් විනාශ කිරීමට හැකි වූ බවයි.

කෙසේ වෙතත් ඒ කොපමණ ප්‍රමාණයක්ද යන්න බලධාරීන් සඳහන් කර නැත.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නොතිබුණද, ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායම් මෙන්ම, නයිජීරියාව කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වන බොකො හරාම් ත්‍රස්තයන්ද මෙම කලාපයේ ක්‍රියාත්මක බව නොරහසකි.

මාලි රාජ්‍ය දේශසීමාවේ පිහිටි මෙම කඳවුර ආසන්නයේ අතිශය දරුණු සටනක් ඇති වූ බව පවසන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රහාරය සඳහා ත්‍රස්තයන් විශාල පිරිසක් සම්බන්ධව සිට ඇති බවද කියයි.

Comments